යුග දිවිය වනසන පීඩාකාරී ග්‍රහයෝග

1805
ශ්‍රේෂ්ඨ
ශ්‍රේෂ්ඨ

[ratings]

සාරධර්ම තුළින් ජනසමාජය නිරතුරුවම පෝෂණය වන්නේය. ලොව ඇති සංෙච්තනික, අෙච්තනික සියලු වස්‌තූන් එහි ස්‌වභාවය අනුව නිරතුරුවම තම පැවැත්ම ඉදිරියට විකාශය වෙමින් පවතින්නේය.

එහිදී මිනිස්‌ලොව ඉදිරි පැවැත්මද එහි සුවිශේෂ අවස්‌ථාවන් වනු ඇත.

මිනිස්‌ වර්ගයාගේ මූලික අවශ්‍යතාවය තම වර්ගයා නොබිඳී ඉදිරියට පවත්වාගෙන යාමය. මෙය එකම මිනිස්‌ පරපුරක නොබිඳී පවත්නා ක්‍රියාවලියකි. එහිදී සදාචාරසම්පන්න මිනිස්‌ පරපුරක්‌ ගොඩනැගීම සඳහා ස්‌තීS්‍ර පුරුෂ විවාහය අත්‍යවශ්‍යම අංගයක්‌ වනු ඇත.

ඉපැරණි ජනසමාජය තුළින්ද සදාචාරාත්මක මතු පරපුරක අනාගත පැවැත්ම උදෙසා ස්‌ත්‍රී පුරුෂ විවාහය උත්තරීතර මානව උරුමයක්‌ ලෙස හඳුන්වාදී ඇත්තේ මේ හේතුව නිසාය.

එසේ හෙයින් වත්මන් තරුණ පරපුර තම අනාගත අභිවෘද්ධිය හා පැවැත්ම උදෙසා විවාහය කෙරෙහි දක්‌වන්නේ බලවත් උනන්දුවකි. එහිදී ආදරය ආලය හෝ ප්‍ර්‍රථම ප්‍රේමය බොහෝ තරුණ තරුණියන්ගේ විවාහයේ මූලික පදනම වන අතර, ඇතැමුන් එය ස්‌ථිර යෝජනාවකින් සම්මත කර ගත්තේය.

විශේෂයෙන් එහිදී ස්‌ත්‍රී පුරුෂ විවාහය මූලික කරගත් පවුල් ඒකකය තුළින් සුබ පල මෙන්ම අශුභවාදී හේතු පලද තම ජිවිතයට හිමිකර දෙන්නේය. සමහරෙක්‌ තම විවාහයෙන් පසුව කාලය සියලු සැප සම්පත් භුක්‌ති විඳිමින් ඉහළම තලයේ වැජඹෙන අතර තවත් සමහරෙක්‌ තම විවාහයෙන් පසුව කාලය පෙර පැවති සියලු තත්ත්වයන් අහිමි කරගෙන ඉතා දුඃත තත්වයකට ඇද දමන්නේය. එහිදී ඇතැමෙක්‌ තම ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නේය.

බෞද්ධ චින්තනය අනුව පෙර පැවති කුසල් අකුසල් හේතුකොට ගෙන සත්වයා මෙලොවදී ආසන්න කර්ම පල විපාක භුක්‌ති විඳිමින් සිටින්නේය. එසේ හෙයින් පෙර කුසල් හේතු කොට ගෙන ඇතැමෙක්‌ විවාහයෙන් පසු තම යුග දිවිය සුරපුරක්‌ කරගන්නේද තවත් සමහරෙක්‌ එය අපායක්‌ කර ගන්නේද ඉහත කර්ම විපාක හේතු කොටගෙනම වනු ඇත.

මෙම ලිපියේ මූලික අරමුණ ද වර්තමානයෙහි බොහෝ තරුණ තරුණියන් බොහෝ බලාපොරොත්තු සිතුම් පැතුම් පෙරදැරිව විවාහ දිවියට ඇතුළත් වී ඉතා කෙටි කාලයකින් තම යුගදිවිය අහිමි කර ගත් ස්‌ත්‍රී පුරුෂාදීන් උදෙසා මූලිකව දිග හැරෙන ජ්‍යෙdතිෂ විග්‍රහයෙකි.

ජ්‍යෙතිෂයට අනුව අසාර්ථක විවාහයන් කෙරෙහි බල පවත්වන බොහෝ කරුණු කාරණා ග්‍රහ විෂයන් කෙරෙන් විග්‍රහ කිරීමට හැකි වුවද, වත්මනෙහි සුලබව මුහුණ දීමට සිදුවන එවැනි අමිහිරි අත්දැකීම් උරුම කරන සරල ග්‍රහ යෙදුම් කීපයක්‌ මෙහිදී නැකත පාඨකයන්ගේ අවබෝධය පිණිස විග්‍රහ කරන්නෙමි.

මෙලෙස උපන් සෑම ස්‌ත්‍රි පූරුෂයෙකු කෙරෙහිම ආලය ආදරය හා විවාහය පිළිබඳව ප්‍රධාන වශයෙන් අධිපතීත්වය ගෙන කටයුතු කරන ග්‍රහයෙකු වශයෙන් මූලිකත්වය දරන්නේ සිකුරු තරුවයි.

සෞම්‍ය හා ඕජස්‌ ගති ස්‌වභාවයන්ගෙන් යුක්‌ත වූ සිකුරු ග්‍රහයා මිනිස්‌ සිතුවිලි තුළ ලෞකික හැඟීම් ඇති කිරීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කරයි.

එසේ හෙයින් ස්‌ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් කෙරෙන් යහපත් හෝ අයහපත් පල ලබා දීමට zසිකුරු ග්‍රහයාට සෘජුවම බලපෑම් ඇති කිරීමටද බොහෝවිට හැකියාව ඇත්තේය. එසේ හෙයින් ඔබගේ ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා යහපත්ව පිහිටා ඇත්නම් විවාහ ආදී කටයුතු වලදී ඉතා උසස්‌ පලද අයහපත්ව පිහිටා ඇත්නම් බොහෝ කටුක විපාක වලටද ආලය ආදරය හා යුගදිවිය වැනි කටයුතු වලදී මුහුණ පෑමට සිදුවන්නේය.

තවද සෑම ස්‌ත්‍රී පුරුෂ ජන්ම පත්‍රයකම සිකුරු ග්‍රහයාට තනිව සිට විවාහය හා යුගදිවිය කෙරෙහි අසුබ බලපෑම් ඇති කළ නොහැක. ඒ සඳහා රවි කුජ රාහු කේතු ශනි හා අවපස සඳු යන පාපග්‍රහයන්ගේ සංයෝගවීම හෝ දෘෂ්ටි දීම ආදිය ඇති විය යුතු වන්නේය. එසේ පාප සම්බන්ධතා හා සංයෝගවලින් යුක්‌ත වූ කල ප්‍රේමය හා විවාහයෙන් පසුව ඉතා කෙටි කලක්‌ තුළදී විවිධ කටුක අමිහිරි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවන්නේය.

මෙසේ උදාහරණයක්‌ ගෙන දැක්‌වීමේදී වර්ෂ 1982.11.12 වැනි සිකුරාදා දින 08.05 ට කොළඹදී උපන් ස්‌ත්‍රියකගේ ජන්ම පත්‍රයක්‌ ඔබගේ වැඩි අවබෝධය සඳහා පහත දැක්‌වෙනු ඇත.

උපදින විට වර්ෂ 02 ක්‌ ගතවන තුරු සඳු මහ දශාව තිබිණි. මැය අගනුවර ප්‍රධාන පාසලක යහපත් අධ්‍යාපනයක්‌ ලබා උසස්‌ රැකියාවක නිරත වූවාය.

වයස අවු( 22 දී ඇයගේ ප්‍රථම ප්‍රේමය මුල්කරගෙන ඉතා උසස්‌ ලෙස විවාහ දිවියට ඇතුළත් විය. විවාහවී මුල් කාල සීමාවේදී ඉතා සතුටින් කල් ගෙවුවද වර්ෂ 3 ක්‌ වැනි ඉතා කෙටි කාලසීමාවකදී විවාහය දෙදරා ඉරිතලා ගියේය. දෙදෙනා අතර ඇතිවූ සැකය. හේතු කොට ගෙන එසේ සිදු විය.

ඉහත ජන්ම පත්‍රය හොඳින් පරීක්‍ෂා කිරීමේදී 7 වැන්නේ පිහිටි කුජ, කේතු පාප ග්‍රහ සංයෝගයද, දෙවැන්න අධිපති අව පස සඳුට යාබදව පස්‌වැන්නේ පිහිටි රවි, ශනි, බුධ, ගුරු, ශුක්‍ර වැනි ග්‍රහ සංයෝග හේතුකොට ගෙන ඉහත තත්ත්වය උදාවිය. මේ හේතුවෙන් ඕනෑම ජන්ම පත්‍රයක 2, 8, 5,11, 6,12 හා 7 වැන්න අධිපතින් එහි 2 වැනි භාවය 05 වැනි භාවය, 7 වැනි භාවය, 08 වැනි භාවය හා 12 වැනි භාවය යන ස්‌ථානවල පාප සංයෝගව තැන්පත්වීමෙන් ඉහත අමිහිරි අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවන්නේය. ඇයගේ විවාහය දෙදරා යැමට ප්‍රථම ඇය අනියම් සබඳතා කීපයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

තවද ඔබගේ ජන්ම පත්‍රයේ 2 වැන්නෙන් යුග දිවියෙන් පසුව ජීවිතයේ ස්‌වභාවය ද හා ආර්ථික තතත්වය ද, 5 වැන්නෙන් ආදරය ස්‌ථිර ප්‍රේමය හා දරුපල සම්බන්ධ කරුණු ද, 7 වැන්නෙන් සහකරු හෝ සහකාරියගේ ස්‌වභාවය ද 08 වැන්නෙන් රහස්‌ සබඳතාවයන් හා යුගදිවියේ ස්‌ථිර හෝ අස්‌ථිර භාවය ද 12 වැන්නෙන් සහකරු හෝ සහකාරියගේ හදිසි අභාවය හෝ හදිසි අනතුරු හා විදේශ ගතව දුරස්‌ව සිටීම ද පෙන්වා දෙයි.

තවද ඔබේ ජන්ම පත්‍රයේ 05 වැන්නේ හෝ විවාහය ස්‌ථානය වන 7 වැන්නේ රාහු ශුක්‍ර ශනි චන්ද්‍ර වැනි පාප ග්‍රශ සංයෝග වලින් පාප පීඩිත වී ඇත්නම් ඔබ පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ නම් එහිදී ඔබගේ ආදරය හෝ යුගදිවිය කෙරෙහි කටුක අත්දැකීම් නින්දා අපවාද ගෙනදීමට හේතුවනු ඇත.

එය විවාහයෙන් පසු කාල සීමාව තුළද මානසික පීඩනයට ලක්‌වීමට ද සිදුවන්නේය. නැතහොත් මුලාවට පත්වන්නේය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here