යෝග බල නසන ග්‍රහයා

1939
සිටි නැකැත
සිටි නැකැත

සිටි නැකැත

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේදී පලාඵල කථනයට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. පලාඵල කීමත් නඩු ඇසීමත් එක සමාන යෑයි පැරැණි ජ්‍යෙතිෂඥයන් පවසා ඇත්තේ යම් කිසි තේරුමක්‌ ඇතිවයි. ඒ කියන්නේ පලාඵල වැරදුනොත් එය තමාට මෙන්ම ශාස්‌ත්‍රයට ද සිදුවන බලවත් පාඩුවක්‌, පහරක්‌ වන්නට හේතු විය හැකි හෙයිනි. ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රීය ක්‍රමයක්‌ අතුරින් වඩාත්ම නිවැරැදිව පලාඵල කීමට ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය තුළින් හැකියාවක්‌ ඇතැයි විශ්වාස කරති. එසේ වුවද ක්‍රිෂ්ණ මුහුර්ති ක්‍රමය පිළිබඳව සමහර දෛවඥයන් හදාරා නොතිබෙන්නට පුළුවන. පාඨක ඔබට එහි සිද්ධාන්ත පිළිබඳව එතරම් වැටහීමක්‌ නැති වන්නට ද පුළුවන.

දළ කේJද්‍ර සහ භාවකේන්ද්‍ර ක්‍රමය භාවිත කරන බොහෝ දෙනෙකුට ක්‍රිෂ්ණ මුහුර්ති ක්‍රමයට වුවද පලාඵල කීම එතරම් අපහසු නොවෙන්නට පුළුවන. ප්‍රථමයෙන් කළ යුතුව ඇත්තේ භාව කේන්ද්‍රය සකස්‌ කරගෙන ග්‍රහයන්ගේ ස්‌ඵුට ගණන යොදාගෙන කේන්ද්‍ර පළමුව සකස්‌ කර ගැනීමයි. ඉන් පසුව දළ වශයෙන් භාවිත කරන ක්‍රමයට අනුව කේන්ද්‍රයක 1 – 4 – 5 – 2 – 10 – 11 යන භාවයන් සුබඵල උදා කරන සුථාන වශයෙන් 2 – 7 මාරක ස්‌ථාන වශයෙන් ද 6 – 8 – 12 අසුබඵල දෙන ස්‌ථාන වශයෙන් ද සලකා පලාඵල බැලීම සාමාන්‍ය ක්‍රමය වෙයි.

එසේ වුවද පලාඵල ප්‍රකාශ කිරීමේදී එම ස්‌ථානයන්ට අධිපති ග්‍රහයන් සිටින සුබ අසුබ ස්‌ථාන සහ සතුරු, මිතුරු, උච්ච, නීච, වක්‍ර, අස්‌ත උදා නිවෘත ආදී තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙයි. බොහෝ දෙනෙක්‌ විශ්වාස කරන සුබඵල උදාකරන ග්‍රහයෝග ලෙස පරිවර්තන යෝග සහ ධර්ම කර්මාධිපති රාජයෝග ද සමහර කේන්ද්‍රවල පිහිටා ඇතත් ඒවායින් නිසි ප්‍රතිඵල උදා වී තිබෙන්නේ කීයෙන් කීදෙනාටද යන්න කවුරුන් වුවද පිළිගත යුතු සත්‍යයකි. සුබ හෝ අසුබ ඵල ප්‍රකාශ කිරීමේදී මා ඉහතින් සඳහන් කළ කරුණු සමඟ යම් අයෙක්‌ උපත ලබන අවස්‌ථාවේදී ඒ ඒ ග්‍රහයන් ගමන් කළ නැකැත් සහ එම නැකැත් අධිපතියන්ට කේන්ද්‍රයේ අයත්වන භාව ස්‌ථාන පිළිබඳව අප ඉතා හොඳින් විමසිලිමත්ව බැලිය යුතුය.

තවදුරටත් විග්‍රහ කර බලන විට යම් කිසි රාශියක සිටි ග්‍රහයාට වඩා එම ග්‍රහයන් ගමන් කළ නැකැත්වල අධිපතියන් සිටින ස්‌ථාන අනුව බලවත් ලෙස සුබ අසුබ ගෙන දෙන්නට හේතු වෙයි. ග්‍රහයන් බලවත් වන ආකාරය පිළිබඳව විග්‍රහ කර බැලුවහොත් යම් භාවයක සිටින ග්‍රහයන්ගේ නැකැත්වල උපතේදී ගමන් කළ ග්‍රහයන් කේන්ද්‍රයක සිටීම වඩාත් බලගතු වීමකි. මෙම ග්‍රහයන් යම් භාවයක ගමන් කර සිටියද එම රාශියට අධිපතියාගේ නැකැතක ගමන් කළ රාහු – කේතු වැනි ග්‍රහයන් වුවද වඩාත් බලවත්වන අවස්‌ථා කොතෙකුත් ඇති බව මා දැක ඇත. කේJද්‍රයක දෙවනුව බලවත් වන ග්‍රහයා ලෙස භාවගතව සිsටින ග්‍රහයන් සැලකේ. භාවයක ගමන් කළ ග්‍රහයකුගේ නැකැත ගමන් කළ ග්‍රහයාට සැලකිය යුතු බලයක්‌ ඇති කරන්නට සමත් වෙයි.

පලාඵල කථනයේදී ප්‍රධානත්වයක්‌ හිමි වනුයේ ලග්නාධිපතියාටයි කිවහොත් සත්‍යයකි. ඒ අනුව ලග්නාධිපති සහ ඒ ඒ රාශි අධිපතීන්ගේ බලයද නිසි අයුරින්ම තේරුම් ගැනීමට නිවැරැදිව පලාඵල කථනයට හේතු වෙයි. කේන්ද්‍රයක බලගතු ග්‍රහයන් සමඟ යෝග වූ ග්‍රහයන් ද බලවත් සේ සලකන අතර එම යෝග කාරක ග්‍රහයා එම ලග්නයට සුබ ග්‍රහයෙක්‌ වීමෙන් වඩාත් සුබඵල උදා කරයි. අසුබ හෝ අසුබව ගමන් කරන ග්‍රහයකුගේ නැකැතක ගමන් කළ ග්‍රහයෙක්‌ නම් ප්‍රතිඵල හීන කරන්නට හේතු වෙයි.

ජන්ම පත්‍ර පරීක්‍ෂාවේදී ග්‍රහයන් දෙදෙනෙක්‌ හෝ කීපදෙනෙක්‌ එක්‌ වී බලගතු රාජ යෝගයක්‌ කේන්ද්‍රයක යෙදී තිබේ යයි ඔබට දකින්නට ලැබෙන්නට පුළුවන. යම් හෙයකින් එම ග්‍රහයෝගයට සම්බන්ධ ග්‍රහයන් කේන්ද්‍රයේ දුෂ්ඨ අසුබ ස්‌ථානයක්‌ හිමි පාපීන්ගේ නැකැත්වල ගමන් කර තිබේ නම් එම රාජ යෝගයේ බලය හීන වෙයි. සුබඵල වෙනුවට සමහර අවස්‌ථාවලදී අසුබඵල උදා වෙයි. යම් හෙයකින් එම පාපීන් ලග්නාධිපතිට සතුරු ග්‍රහයන් වුවහොත් වඩාත් තදින් අසුබඵල පවා ගෙන දෙන්නට ඉඩ ඇත.

නිවැරැදි පලාඵල ප්‍රකාශ කිරීමේදී තවදුරටත් අප විමසිලිමත් විය යුත්තේ දශාව අධිපතියා සිටි රාශියත් නවාංශකයත් අනුව එම ග්‍රහයා ගමන් කළ කැතැත සොයා ගැනීමයි. කේන්ද්‍රයට අසුබ ස්‌ථාන අධිපතියෙක්‌ හෝ නෛසර්ගික අසුබ ග්‍රහයෙක්‌ වූ පමණින් ම අසුබ ගෙන දෙන අතර ඔවුන් ගමන් කළ නැකැත අධිපතියාගේ බල දුබලතාව අනුව ප්‍රතිඵල ගෙන දෙයි. උදාහරණයක්‌ ලෙස පෙන්වා දුන්නහොත් කේන්ද්‍රයක 6 – 8 – 12 අසුබ ස්‌ථාන ලෙස පෙන්වා දී ඇතත් එම ස්‌ථානවල සිටි ග්‍රහයන් සුබ භාවවල ගමන් කළ ග්‍රහයන්ගේ නැකැත්වල ගමන් කර තිබේ නම් අසුබ ඵල නසා සුබ ඵල උදා කර ඇති බව මා කරන ලද පරීක්‍ෂණ අනුව පෙනී ගොස්‌ ඇත.

දශා පලාඵල ප්‍රකාශ කිරීමේදී පොදුවේ පිළිගන්නා ක්‍රමයක්‌ ක්‍රිෂ්ණ මුහුර්ති ක්‍රමයන් අතර බොහෝ දුරට සමාන තත්ත්වයක්‌ ඇති බව පාඨක ඔබට වුවද අවබෝධ වීමට වැඩි කලක්‌ ගත නොවනු ඇත. නොයෙකුත් ජ්‍යෙdතිෂ මතිමතාන්තරවලට ගැති නොවී ග්‍රහයන් රාශිවල සිටි පමණින් ම සුබ අසුබඵල තීරණය නොකරන එම ග්‍රහයන් උපතේදී ගමන් කළ නැකැත අධිපත්‍ර ග්‍රහයන්ගේ දුබලතාව අනුව පලාඵල කීම තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල දීමට හැකිවන බව ද සඳහන් කරමි.

We found this article from Divaina on 2013/03/08.
Also Sinhala to English Google word to word translation can be found here