රජුන් පවා දුගියන් කරන කේමද්‍රම යෝගය

3607
රජුන්
රජුන්

මිනිසාගේ ජීවිතය වාසනාවන්ත වන්නේත් දුකට පත් වන්නේත් පෙර ආත්ම භාවයන්හි කරන ලද කුසලාකුසල කර්මයන්ගේ පල විපාකකම් අනුවය.

මනුෂ්‍යයා දුකට පත් කරවන එලෙසම සැපට පත් කරවන ග්‍රහයෝග රැසක්‌ ජ්‍යෙdතිෂ්‍යයේ සඳහන්ව ඇත. මෙම යෝග ජන්ම පත්‍රවලද සඳහන්ව ඇත. රජ කුලයක උපන්නත් මිනිසා හිඟමනට පත්කරවන ග්‍රහයෝගය කේමද්‍රeම යෝගය ලෙස මෙය හඳුන්වනු ලබයි. ජාතක රත්නය ග්‍රන්ථයේ මෙලෙස විස්‌තර කරයි.

“උපන් රැසත් සව්සත්දස පාඨ දැකා

එයින් නම ලැබෙයි කේමද්‍රeම යොගයෙකා

පවින් දුෂ්ට වෙයි ද්‍රසව ඉසුරු මකා

රජුන් කුලක උපතක්‌ යයි සිඟා කකා”

ලග්නය 4.7.10 යන හතර කේන්ද්‍රයේ ග්‍රහයන් නොමැතිවීම නිසා මෙම කේමද්‍රeම යෝගය යෙදේ. එය ප්‍රථම කේමද්‍රeම යෝග ක්‍රමයයි.

ගුරු හෝ කිවි 5 වැන්නේ හෝ 9 වැන්නේ යෙදීමෙන් පළමු කේමද්‍රeම යෝගය දුර්වල වී සැපයට පත් වේ.

චන්ද්‍රයාට 2 වැන්නේ හෝ 12 වැන්නේ කුජ, බුධ, ගුරු කිවි, ශනි යන ග්‍රහයන් සිටීමෙන්ද ප්‍රථම කේමද්‍රeම යෝගයයි. කේමද්‍රeම යෝගය යෙදෙන අයුරු විමසා බැලීමේදී සඳුගෙන් දෙවැන්නේ සහ 12 වැන්නේ කුජ, බුධ, ගුරු, කිවි, ශනි යන කිසිම ග්‍රහයෙක්‌ නොයෙදීමෙන් යෙදෙන බව පෙනේ.

නවාංශක කේන්ද්‍රයේ සඳුගෙන් 2 වැන්නේ සහ 12 වැන්නේ කුජ, බුධ, ගුරු, කිවි යන ග්‍රහයන්ගෙන් එක්‌ ග්‍රහයෙක්‌වත් නොයෙදීමෙන් කේමද්‍රeම යෝගය යෙදෙන බව වරාමිහිර, පරාශයර යන ග්‍රන්ථවල දෙවැනි කේමද්‍රeම යෝගය ගැන සඳහන්ව ඇත.

තුන්වැනි කේමද්‍රeම යෝගය 5 වැන්න හා 9 වැන්න යන දෙතැන ග්‍රහයන් නොයෙදීමේද මෙම යෝගය යෙදේ.

සඳුගෙන් 4 වැන්න 10 වැන්න යන දෙතැන ග්‍රහයන් නොමැතිවීම මෙම යෝගය යෙදේ.

සඳුට කිසිදු ග්‍රහයකුගේ බැල්ම නොලද විටද මේ යෝගය යෙදේ. කේමද්‍රeම යෝග

18 ක්‌ යෙදෙන බව සාරාවලිය ග්‍රන්ථයේ දැක්‌වේ. නිසි ලෙස මෙම යෝගය යෙදෙන්නේ 1.4.7.10 යන හතර කේන්ද්‍රයේ ග්‍රහයන් නොසිටීම, සඳුගෙන් 2 වැන්නේ සහ 12 වැන්නේ ග්‍රහයන් නොමැතිවීම, 5 වැන්නේ හෝ 9 වැන්නේ ගුරු හෝ කිවි නොසිටීමය. මෙම කේමද්‍රeම යෝග ගැන ජනප්‍රවාදයේ එන රජකථාද ඇත.

ලක්‌දිව රජ කළ කුමාරදාස රජතුමාට කේමද්‍රeම යෝගයෙන් උපන් සහෝදරයකු සිටි අතර ඔහු රජ මාළිගාවෙන් පලාගොස්‌ තැන තැන සිඟා කන්නට විය. රජතුමා ඔහු

රැගෙන විත් මුරකාවල් දමා සියලු සැප සහිතව ඔහුට වාසය කිරීමට කටයුතු සැලැස්‌විය.

නැවතත් ඔහු පලාගොස්‌ සිඟාකමින් රජ වාසල අසලින් ගමන් කර ඇත. රජතුමාගේ නියමය පරිදි රාජ පුරුෂයෝ මසුරන් පොදියක්‌ ඔහු යන පාර තුළ දමා සැඟවී බලා සිට ඇත. ඔහු මසුරන් පොදිය ළඟට ළඟාවෙත්ම ඔහුට අදහසක්‌ පහළ විය.

මා අද සිඟාකමින් ජීවත් වන්නේ මගේ දෙනෙත පෙනෙන නිසාය. මගේ ඇස්‌ අන්ධ වුණොත් මට ජීවත් විය හැකිවේද? මෙසේ සිතා ඇස්‌ පියාගෙන අන්ධයකු ලෙස ගමන් කළේය. මසුරන් පොදිය ඔහුගේ පයේ පැටලුණත් ඔහු ඒ දෙස නොබලා එය පසුකර ඉදිරියට ගියේය. ඔහු ටික දුරක්‌ ගොස්‌ ඇස්‌ ඇර බලා ගමන් කළේය.

රාජ පුරුෂයන් මසුරන් පොදිය රජතුමාට භාරදී මේ ගැන කරුණු පැහැදිලි කළේය. පසුව රජතුමා තම සහෝදරයා ගැන සොයා බැලීම නතර කළේය.

රජ කුලයක උපන් මිනිසා හිඟමනට පත් කරවන මෙම කේමද්‍රeම යෝගය අසුබ යෝගයක්‌ බව මින් පැහැදිලි වනු ඇත.

We found this article from Divaina on 2012/07/27.
Also Sinhala to English Google word to word translation can be found here