රාජ යෝග වලට වඩා බලවත් වාස යෝග

0
784
රාජ යෝග
රාජ යෝග

යකාගේ තරමට තමයි විමානය යන කියමන අපගේ ජන සංස්‌කෘතික වහරේ ඉතා ජනප්‍රිය කියමනකි. මෙය හුදෙක්‌ කියමනක්‌ පමණක්‌ නොව අන්තර්ගතය ඉතා බලවත් කියමනකි. අතීතයේ රජවරු අමාත්‍ය හා ප්‍රභූවරු තමන්ගේ වාසස්‌ථානය සකස්‌කර ගනු ලැබුවේ තම තමන්ගේ බල සම්පන්න භාවය හා විරාජමාන බව තව තවත් ත්‍රීව්‍ර කර ගැනීමට අවශ්‍ය පිටිවහලක්‌ ලබා ගැනීම පිණිසයි.

මේ සඳහා මහෝපකාරී වූයේ වාස්‌තු විද්‍යාවයි. වාස්‌තු විද්‍යාව තුළ රජවරුන්ගේ වාසස්‌ථාන අමාත්‍යවරුන්ගේ වාසස්‌ථාන යුද ශිල්පයන්ගේ නියෑළුණු අයගේ වාසස්‌ථාන, මහාමාත්‍ය වැනි ඇමැතිවරුන්ගේ වාසස්‌ථාන මෙන්ම ඒ ඒ කුලගොත් අනුව සකස්‌විය යුතු වාසස්‌ථාන පිළිබඳව වෙන වෙනම පෙන්වාදී ඇත. ඒ ඒ වාසස්‌ථානවලට අනුකූලව වඩු රියන් ප්‍රමාණය, ද්වාර පිහිටුවනු ලබන ආකාරය මෙන්ම ගෘහය දිශානුගතකරණය පමණක්‌ නොව ගෘහය සඳහා යොදාගත යුතු ගොඩනැඟිලි ද්‍රව්‍ය පිළිබඳව පවා වෙන් වෙන් වශයෙන් දක්‌වා ඇත.

විශේෂයෙන් අත්‍රි නමැති සෘෂිවරයා විසින් රජ මැතිඳුන් සඳහා වාසස්‌ථාන සාදාගැනීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත මොනවාද යන්න පිළිබඳව ලෝකයාට උපදෙස්‌ ලබාදී ඇත. මෙම වාස්‌තු සිද්ධාන්ත ඉතා සක්‍රීය වාස්‌තු සිද්ධාන්ත ලෙස නූතනයේදීද භාවිත කළ හැකි වාස්‌තු සිද්ධාන්ත වේ.

රාජයෝග වඩා බල ගන්වන ලෙස තම වාසස්‌ථාන සකස්‌ කර ගැනීම තුළින් වඩා වැඩි මහජන ප්‍රසාදයක්‌ දිනා ගැනීම සඳහා හේතු වේ. තමාගේ ගෘහය තමාගේ ජීවිතය සාර්ථක වීම හෝ අසාර්ථක වීම කෙරෙහි සෘජුවම බලපානු ලබයි. පුද්ගලයකු විසින් ගනු ලබන සෑම තීරණයක්‌ කෙරෙහිම තමා වාසය කරනු ලබන පරිශ්‍රය විශාල බලපෑමක්‌ සිදු කරනු ලැබේ. විශේෂයෙන් වාස්‌තු සිද්ධාන්ත ගැලපීම හෝ නොගැලපීම තමන්ගේ පෙර කුසල් හෝ අකුසල් මත සිදුවන දෙයක්‌ ලෙස හැඳින්විය හැක. දැනට තමාගේ ගෘහය තුළ වාස්‌තු දෝෂ තිබුණද තමාගේ කුසල් බලවත්ව වන කාලවලදී එම දෝෂ හඳුනාගෙන ඒවා ඉවත් කර ගැනීමට සිත් පහළ වේ. අකුසල් බලවත් වන විට ඒ සඳහා සිත් පහළ නොවන අතර දෝෂවල වැරදි ප්‍රතිඵල භුක්‌ති විඳීමට සිදුවේ.

සෑම පුද්ගලයකුටම ජනප්‍රසාදය ලබා ගැනීමට නොහැකි බව අප දන්නා කරුණකි. ඒ සඳහා එම පුද්ගලයාට ඊට ආවේණික අවශ්‍ය ශක්‌තීන් සක්‍රීය වී තිබිය යුතුය. මෙම ශක්‌තීන් සක්‍රීය වන කාලවල දී ඉතා ජනප්‍රිය මහජන ප්‍රසාදයක්‌ ලබාගන්නා අතර තවත් කාලවල මහජන අප්‍රසාදය ඇතිවේ. මෙහිදී පුද්ගලයා ජීවත්වන පරිශ්‍රයේ පවතින වාස්‌තු මූලධර්මයන්ගේ සක්‍රීSය වීම ඉතා ප්‍රබල සාධකයක්‌ ලෙස ඉස්‌මතු වේ.

පුද්ගලයකුගේ රාජයෝග මතුවී මහජන ප්‍රසාදය බලවත්වීම සඳහා ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත ගලපා ගැනීම පහත ආකාරයටම සිදු කළ යුතුය.

ගෘහ පිණ්‌ඩය තිබීම – සම්පත් මෛත්‍රී පරම මෛත්‍රී යන නැකැත් වලින් එක්‌ නැකතකට බල ගැන්වී තිබිය යුතුවේ. මේ සඳහා කළ යුතු වන්නේ ගෘහහිමියාගේ ජන්ම නැකත සහ නිවසේ නැකත ගලපා එම නැකැත් දෙක අතර ඇති වන සම්බන්ධය සම්පත්, මෛත්‍රී පරම මෛත්‍රී යන නැකැත් තුනෙන් එක්‌ නැකතකට බල ගැන්වීමයි.

ද්වාර සටහන – ජන ප්‍රධානීන්ට සාදනු ලබන වාසස්‌ථානවල ද්වාර සටහන ඉතාමත් වැදගත් වාස්‌තු මූලධර්මයක්‌ වේ. ඒ අනුව පහත ද්වාර සටහන් යොදාගත යුතුයි.

විජය ද්වාර සටහන – උතුර + දකුණ + නැගෙනහිර – බටහිර (ප්‍රධාන ද්වාරය දකුණ)

සුමුඛ ද්වාර සටහන +බටහිර +නැගෙනහිර +දකුණ (ප්‍රධාන ද්වාරය නැගෙනහිර)

ප්‍රධාන ද්වාර සටහන – උතුර +දකුණ +බටහිර –

(ධනද ද්වාරය බටහිර)

විපුල ද්වාර සටහන – උතුර බටහිර + දකුණ – (ප්‍රධාන ද්වාරය උතුර)

ඉහත ද්වාර සටහන් ගැලපීමේදී සෑම විටම ගෘහ හිමියාගේ ජන්ම නැකැත් සමග ගලපා ජන්ම නැකතට ගැලපෙන ද්වාර සටහන තෝරා ගැනීම සිදු කළ යුතුය. එසේම නිවසේ දකුණු දිශා ද්වාරය අනිවාර්ය බව සඳහන් කළ යුතුයි. දකුණු දිශාවට ද්වාරයක්‌ ප්‍රායෝගිකව යෙදිය නොහැකි අවස්‌ථා ඇතිවේ. විශේෂයෙන් අන්ධ බිත්ති ඊකසබා උaකක එහිදී “උර්දුමුඛ ද්වාරය” යෙදීම සිදුකළ යුතුවේ ඤරඑ ශ්රාග

බ්‍රහ්ම පාදය – බ්‍රහ්ම පාදය යනු නිවසේ මධ්‍ය ලCෂ්‍යයයි. විශ්ව ශක්‌තිය ඊශාන දිශාවෙන් ගෘහයට ඇතුළුවී නිරිත දිශාවෙන් පිටවී යයි. එම විශ්ව ශක්‌තිය උපරිම වන ස්‌ථානය බ්‍රහ්ම පාදය වේ. ජන ප්‍ර්‍රධානීන් මෙම බ්‍රහ්ම පාදය නිසි ලෙස හඳුනාගෙන ආරක්‍ෂා කොට සක්‍රීය කිරීම සිදු කළ යුතුම වේ. ගෘහයේ බ්‍රහ්ම පාදය නිදහස්‌ව හා පිරිසිදුව පවත්වාගෙන යා යුතුම අතර එය වඩාත් සක්‍රීය කිරීම සඳහා ගෘහහිමියාගේ ජන්ම නැකතට අනුව එම ස්‌ථානය තුළ ස්‌ථාන ගත කළ යුතු දැ පහත දක්‌වා ඇත.

බ්‍රහ්ම පාදය සක්‍රීය කිරීම

අස්‌විද, බෙරන, කැති, රෙහෙන, මුව සිරස, අද, පුනාවස, පුෂ, අස්‌ලිස.

කොහොඹ ලීයෙන් සාදන ලද කනප්පුවක්‌ තබා ඒ මත පූජනීය පාත්‍රය වඩා හිඳුවන්න. පාත්‍රය තුළට පාෂාණ කැබැල්ලක්‌ (රෝස තිරුවාණා) බහා තැබීම ඉතා යහපත්ය.

මා, පුවපල්, උත්‍රපල්, හත, සිත, සා, වීසා, අනුර, දෙට.

මැටි පාත්‍රයක්‌, මැටි මල් බඳුනක්‌ තුළට සජීවි මල් යොදා මුහුදු වැලි හා සිප්පිකටු බහා බ්‍රහ්ම පාදය මත ස්‌ථානගත කිරීම.

පුල, පුවසල, උත්‍රපල, සුවන, දෙනට, සියාවස, පුවපුටුව, උතුරුපුටුප, රේවතී.

දැවමයෙන් සාදන ලද පාත්‍රය, දැවයෙන් සාදන ලද මල් බඳුනක්‌ තුළට සජීවී මල් යෙදීම හා සුදු හඳුන් කැබැල්ලක්‌ බහා තැබීම.

දිශානුගතකරණය – අතීතයේ රාජමාලිගාවල රජතුමා වාසය කළ රාජකුටිය සෑම විටම පිහිටුවා තිබුණේ නිරිත දිශාවේ ඊශාන දිශාව බලා සයනය කළ හැකි ආකාරයට බව දැක්‌වේ. එසේම මහජන නියෝජිතයන් තම කටයුතු ඉටුකර ගැනීම නිසි ස්‌ථානයේ නිසි දිශාව තුළ කල් ගෙවීම කළ යුතුවේ. එසේම තමාගේ නිරිත දිශාවේ ප්‍රධාන නිදන කාමරය යොදා ගත හැකිනම් එය ඉතා ප්‍රශස්‌ත වේ. එසේ නොහැකිනම් බටහිර, නැගෙනහිර හෝ දකුණු දිශා ඒ සඳහා සුදුසුවේ. එසේම ඊශාන, ගිනිකොණ වැනි දිශා කිසිසේත්ම භාවිත නොකිරීමට වගබලා ගත යුතුවේ.

මේ ආකාරයට මහජන ප්‍රසාදය දිනා ගැනීම සඳහා තමා විසින් නිතර පරිහරණය කරනු ලබන තම වාසස්‌ථානයේ දිශා බලවත් කිරීම හා දෝෂ අවම කිරීම කළ යුතුවේ. දිශා උද්දීපනය කිරීම සඳහා ඉතා බලවත් සාධකයක්‌ ලෙස වර්ණ සංයෝජනය දැක්‌විය හැක.

වර්ණ රටාව

උතුරු දිශාව – ජල ධාතුව – සුදු සිට නිල් දක්‌වා වර්ණ

දකුණු දිශාව – තේජෝ ධාතුව සුදු රතු, කහ අතර වර්ණ

නැගෙනහිර දිශාව – වෘක්‍ෂ ධාතුව සුදු, කොළ අතර වර්ණ

බටහිර දිශාව – සුදු ගුරු, අළු කහ වැනි වර්ණ

ඉහත වර්ණ යෙදීම කළ යුතු වන්නේ නිවසේ මුහුණත පිහිටා ඇති දිශාව ප්‍රධාන දිශාව ලෙස සලකාගෙන වේ. නිවසේ මුහුණත ලෙස යොදා ගන්නේ නිවසේ මංගල ද්වාරය පිහිටා ඇති දිශාවයි.

දිශාව උද්දීපන වන කැටයම් වර්ග – නිවසේ ප්‍රධාන ද්වාර පිහිටා ඇති දිශාව අනුව එම ද්වාර සඳහා බලවත් වන කැටයම් යෙදීම සහ සෑම විටම ප්‍රධාන ද්වාරයේ පියන එළියේ සිට අරින විට දකුණු දිශාවට ඇරීම කළ යුතුයි. වාස්‌තු සිද්ධාන්තවලට අනුව මංගල ද්වාරය පියන් දෙකකට තිබීම ඉතාමත් ප්‍රතිඵල දායකවේ.

උතුරු දිශාව – ලියවැල/හංස ජෝඩුව

දකුණු දිශාව – මිදි වැල/අන්නාසි මල

නැගෙනහිර දිශාව – ලිය වැල/පුන්කලස

බටහිර දිශාව – ඇත් රූපය /පුන්කලස

නිවසක වාස්‌තු දෝෂ නොමැති විට එම නිවස තුළ ජීවත්වන්නන්ගේ සෞඛ්‍ය, ධනය සමාජ පිළිගැනීම, සාමය සහජීවනය, පරම්පරාව යාවත්කාලීන වීම (දරුඵල) ඉතා යහපත්වේ. සෑම විටම ගෘහ හිමියාගේ ජීවනෝපාය සමාජ තත්ත්වය හා අනාගත අපේක්‍ෂාවන්ට ගැලපෙන ලෙස ගෘහය වාස්‌තු සිද්ධාන්තවලට එකඟ කිරීම කළ යුතුයි.

We found this article from Divaina on 2012/09/07.
Also Sinhala to English Google word to word translation can be found here