රාශිවලට හිමි රෝග

2096
රාශි
රාශි

[ratings]

මේෂ වෘෂභ ආදී රාශීන් දුබල වූ විට සෑදෙන රෝගාබාධයන් පිළිබඳ වෙන වෙනම සටහනක්‌ පහත දැක්‌වෙයි.

මේෂ – ඇස්‌ රෝග, මොළය ආශ්‍රිත රෝග, උෂ්ණ, දැවිලි රෝග, හිසේ කැක්‌කුම, උණ, මැලේරියාව, සිහි නැතිවීම, විදුරුමස්‌ දියවීම, අපස්‌මාරය, ක්‌ලාන්තය, නින්ද නොයැම, බඩේ කැක්‌කුම, අකලට කෙස්‌ වැටීම, කුරුලෑ, තොල් පැලීම, පීනසය, දත්වල ආබාධ, දද, පැපොල, ලේ දූෂ්‍ය වීමෙන් සෑදෙන රෝග මේෂ රාශිය දුබල වීමෙන් සෑදෙන රෝගාබාධයන්ය.

වෘෂභ – කම්මුල්ගාය, සෙම් ගෙඩි, ගලගණ්‌ඩය, මුඛ රෝග, හුස්‌ම ගැනීමේ අපහසුතා, පීනස, ඇදුම, පපුව සම්බන්ධ රෝග තරබාරුකම, ඉදිමීම, අපස්‌මාරය, බෙල්ල සහ උගුරේ සෑදෙන සියලුම රෝග වෘෂභ රාශිය දුබලවීමෙන් සෑදෙයි.

මිථුන – ක්‍ෂය රෝගය, පෙනහලු ඉදිමීම, සෙම්ප්‍රතිෂ්‍යාව, ඇදුම, පපුව ආශ්‍රිත රෝග, උමතු රෝග, හන්දිපත් ඉදිමීම, නහර සම්බන්ධ රෝග, හතිය, ලේ දුෂ්‍ය වීමෙන් සෑදෙන රෝග ආදිය මිථුන රාශිය දුර්වලවීමෙන් හට ගන්නා රෝගයන්ය.

කටක – පිළිකා, ඇදුම, ජලෝදර, කැස්‌ස, පැපොල, සරම්ප, බඩ පිපුම, උදරයේ අසනීප, අර්ශස්‌, ග්‍රහණිය, අක්‌මාවේ රෝග, සෙංගමාලය, පියයුරු පිළිකා වැනි රෝග කටක රාශිය දුබල වීමෙන් ඇති වන්නට පුලුවනි.

සිංහ – දියවැඩියාව, අජීර්ණය, ඇස්‌වල රෝග, අපස්‌මාරය, හෘද රෝග, මුඛ රෝග, ක්‌ලාන්තය, සෙංගමාලය, රත්තවාතය වැනි රෝග සිංහ රාශිය දුබලවීමෙන් හට ගනී.

කන්‍යා – මළබද්ධය, අර්ශස්‌ රෝග, ආමාශයේ රෝග, වාත රෝග, පණු අමාරුව, අයථා ශුක්‍ර මෝචනය, ශරීරය කෘෂ වීම වැනි රෝග කන්‍යා රාශිය දුබල වීමෙන් හට ගනී.

තුලා – මුත්‍රාශයේ ආසාදන, ගුදයේ රෝග, සමාජ රෝග, කොන්දෙ අමාරුව, ලිංගික අප්‍රාණිකත්වය, ක්‍ෂණික මෝචනය, යටි බඩේ වේදනාව, වඳ භාවය, හන්දි ඉදිමුම, ලේ දූෂ්‍ය වීමෙන් හැදෙන රෝග, වකුගඩු සම්බන්ධ රෝග වැනි රෝගාබාධයන්ට ගොදුරු විය හැක්‌කේ තුලා රාශිය දුබල වීමෙන්ය.

වෘශ්චික – මුත්‍රා ගල්, ගර්භාෂයේ රෝග, අශ්මරී, අර්ශස්‌, පීනසය, බඩවැල්වල තුවාල, ගුදයේ පීඩාවන්, ගැබ්ගෙල පිළිකාවන්, ගුද මාර්ගය පහත්වීම, හැකිලීම වැනි රෝග වෘශ්චික රාශිය දුබල වීමෙන් සෑදෙයි.

ධනු – තුනටියේ ආබාධ, රක්‌තවාතය, අර්¨ශස්‌ ගෙඩි, උගුරේ රෝග, ඌෂ්ණ රෝග, පක්‍ෂඝාතය, පාදවල ආබාධ යන මේවා හටගන්නේ ධනු රාශිය දුබල වූ විටය.

මකර – සමෙහි හටගන්නා රෝග, දණහිස්‌ කැක්‌කුම, හෘද්‍යාබාධ, අජීර්ණය, පිළිකා, බගන්ධරා, දද, කුෂ්ඨ, කබර, දත් කැක්‌කුම යනාදිය මකර රාශිය දුබලවීමෙන් සෑදෙයි.

කුම්භ – නේත්‍ර ආබාධ, නහරගත රෝග, දන්ත රෝග, උගුර ආශ්‍රිත රෝග, පිටගැස්‌ම, පාදවල පහළ කොටසේ සෑදෙන රෝග, වාත රෝග, හෘද රෝග, හමේ රෝග, මළබද්ධය, කෙණ්‌ඩා ප්‍රදේශයේ පිළිකා යන මේ රෝගාබාධයන් කුම්භ රාශිය දුබල වූ විට සෑදේ.

මීන – පාදවල වළලුකරට පහළින් හට ගන්නා රෝග, හොරි, දද, වණ, පෙනහලු සම්බන්ධ රෝග, ආමාශයේ රෝග, ඇස්‌වල, කන්වල රෝග, සෙම් රෝග, ඉදිමුම්, රෝග, හෘද රෝග, මීන රාශිය දුබල වීමෙන් සෑදේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here