රාහුට බයද?

0
904
රාහු කේතු
රාහු කේතු

[ratings]

නයි පෙනයක්‌ සහිත වන කැළැල්වලින් යුත් මිනිස්‌ සිරුරකින් රාහු හඳුන්වනු ලබයි. තාරකා ශාස්‌ත්‍රය හැර ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයේ රාහු කේතු ගැන පැහැදිලි වේ. ස්‌කන්ධයක්‌ රහිත භූත බලවේගයක්‌ ලෙස රාහු ක්‍රියාත්මක වෙයි. ඡායා ග්‍රහයකු වශයෙන්ද පිළිගැනේ. මොහු ඉතා බලසම්පන්නයි. රාහු සහ කේතුගේ ගමන අනෙක්‌ ග්‍රහයන් ගමන් ගන්නා පැත්තට දිසාවට විරුද්ධව ගමන් ගනී. එසේම මේ දෙන්නා ප්‍රතිවිරුද්ධ වන්නේය. උදාහරණයක්‌ ලෙස කේතු 01 නම් රාහු 07 වැන්නේය. රාහු 04 නම් කේතු 10 වැන්නේය.

මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන් ලග්න ස්‌ථානයේ සිට වමට අනෙක්‌ ග්‍රහයන් ගමන් ගන්නා ක්‍රමයට නොව මේෂ, මීන, කුම්භ, මකර ආදී වශයෙන් ගමන් කරයි. ආපස්‌සට යන ගමනකි. (කේතුද මේ අයුරිනි) රාහු ගේ බල තත්ත්වය අනෙක්‌ ග්‍රහයන්ගේ දෘෂ්ටි සංයෝගවලින් තහවුරු කෙරේ. බලවත් ශුභ ග්‍රහයන් සමග සිටීමෙන් හෝ දෘෂ්ටි ලැබීමෙන් හෝ යහපත් ස්‌ථානයක රාහු සිටි විට සෙසු ග්‍රහයන්ට වඩා කාර්ය ශූරතාවයත්, ඉක්‌මන්කමත් ඇති වේ. කේන්ද්‍රයේ 03 – 06 – 10 – 11 යන ස්‌ථානවල රාහු යෙදීමෙන් ලෞකික සැප සම්පත් විඳීමේ භාග්‍ය සැලසේ.

රාහු කන්‍යා රාශියට ස්‌වක්‍ෂෙත්‍ර වෙයි. වෘෂභ, මිථුන රාශි දෙකට උච්ච වන්නේය. මකර, කුම්භ යන රාශි දෙක මිත්‍ර රාශි ලෙස සැලකේ. මේෂ, කටක, තුලා යන රාශි 03 සම රාශි වේ. සිංහ සහ මීන රාශි දෙක සතුරුයි. වෘශ්චික සහ ධනු රාශි දෙක නීච වේ.

කන්‍යා ලග්න හිමියන්ගේ රාහු (01) ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටීම නිසා අධ්‍යාපන කටයුතු මැනවින් කර ගෙන යැමට හැකිවේ. ඉගෙන ගන්නා දරුවන්ට මෙය යහපත් පිහිටීමකි. ශාස්‌ත්‍රීය කටයුතුවලට දක්‌ෂතා දක්‌වයි. මේෂ ලග්න හිමියන්ගේ 06 වැන්න කන්‍යා රාශිය වේ. වෘෂභ ලග්න හිමියන්ගේ 05 වැන්නයි. මිථුන ලග්න හිමියන්ගේ සිව්වැන්නයි. කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්නවලට රාහු ස්‌වක්‍ෂේත්‍ර වන්නේ පිළිවෙළින් 03, 02, 12, 11, 10, 9, 08, 07 යන ස්‌ථානවලටයි.

වෘෂභ රාශියේ දී රාහු උච්චවීම නිසා වැඩ කටයුතුවල ක්‍රමානුකූලතාවක්‌ ඇති වේ. මිථුනයේ දී උසස්‌ ගති පැවතුම් හා දැනුම, අවබෝධය ලබයි. යහපත් පරිසරයක ජීවත් වීමට භාග්‍ය උදාවේ. රාහුට සිකුරු සහ සෙනසුරු මිත්‍රයන් නිසා තුලා, මකර, කුම්භ රාශි 03 මිත්‍ර රාශි ලෙස සැලකෙයි. තුලා රාශිගතව රාහු සිටීමෙන් සමාජයට ඉතා හිතවත් වේ. අපක්‌ෂපාතීව කටයුතු කරයි. කථාවෙන් අන් අයගේ සිත් දිනාගනී. දේශපාලනඥයන්ට රාහු තුලා රාශිගතව සිටීම හොඳයි. මකර රාශිගත වූ රාහු ස්‌ථිර වැඩ කටයුතු මගින් හා උත්සාහයෙන් හරි හම්බ කරගනී. කුම්භ රාශියේදී පරාර්ථකාමී ලෙස කටයුතු කරයි. ජනතා අභිවෘද්ධියට කැපවේ. රාහු මේෂ රාශිගතව සිටි විට නිර්භීත ක්‍රියාවල යෙදේ. කටක රාශියේ දී තත්ත්වය රැකගෙන කල්පනාකාරීව කටයුතු කරයි. බුද්ධිමත් අයකු ලෙස පිළිගැනීමක්‌ ඇති කෙරේ¾ තුලා රාශිගතව සිටින රාහු සමාජයේ කැපී පෙනී සිටීමට කටයුතු කරයි. ආලය මත විවාහය සිදු වේ.

සතුරු රාශියක්‌ ලෙස සැලකෙන මීන හෝ රාහු සිටි විට අන් අයට පෙනෙන යම් දුර්වලතාවක්‌ ඇති වේ. දරුවන්ටද මෙය බලපානු ඇත. මීන රාශියේදී රාහු නිතර නිතර අදහස්‌ ක්‍රියා වෙනස්‌ කරයි. ඇවිදිලි අධිකයි. ඒ ගමන්වලින් ඵල ප්‍රයෝජන අඩුයි. රාහු ලග්නගතව සිටීමෙන්ද ඇවිදිලි අධික වේ.

කේන්ද්‍රයේ රාහු 03 සිටීම හොඳයි. කීර්තියට පත්වේ. ධනය ලබයි. 10 රාහු සිටීම දෙමාපියන්ට අගුණයි. එහෙත් මහජන කටයුතුවලින් ඉහළ තත්ත්වයක්‌ ලබයි. රාහු 11 වැන්නේ අයස්‌ථානයේ සිටීමෙන් හදිසි ධන ලාබ ලැබේ. වස්‌තුව ලබයි.

රාහු-කේතු ගැන විමසන විට ඇතැම්හු බියට පත්වෙති. එකරාශියක වර්ෂ 1 1/2 ක්‌ පමණ සිටින මේ ග්‍රහයන් දෙන්නා කේන්ද්‍රයේ ශුභ තැනක සිටිවිට යහපත් ප්‍රතිඵල උදාකර දෙයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here