ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්රයේදී රාහු ග්‍රහයා හඳුන්වන්නේ ඔලුව නැති ග්‍රහයා නමිනි. ඊට හේතුව නම් දැකීම, සවන්දීම හා කථාව යන සියලු දේ කෙරෙහි ඇති අදූරදර්ශී භාවය වේ. හිස නයි පෙනයක ආකාරයෙන්ද ඉනෙන් පහළ මනුෂ්‍ය සිරුරක ආකාරයෙන්ද පෙන්නුම් කෙරෙන රාහු අපලයට ගොදුරු වූවන් නයෙකුට මෙන් ඉතා ඉක්මනින් කේන්ති යැම මත්ද්‍රව්‍යවලට ගිජුවීම හා ඇබ්බැහිවීම නොගැලපෙන අය හා ආශ්‍රයට යොමුවීම සිත එකඟකර ගනිමින් කිසිදු වැඩක් කරගත නොහැකිවීම මෙන්ම හේතුවක් තේරුමක් නොමැතිව නිස්කාරණයේ ඇවිදීම කල්ගෙවීම ආදී ලක්ෂණ පෙන්නුම් කරයි.
ජන්මීන් පෙර ආත්මභාවයන්හි සිදුකරන ලද සර්පයන් බල්ලන් ආදී සතුන් මරා දැමීම, එවැනි සතුන්ට හිංසා පීඩා සිදුකිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, අන්‍යයන් මතට පොළඹවා ගැනීම, සර්පයන් ඝාතනයට උපදෙස් දීම ආදී අකුසලකර්මවලට විපාක වශයෙන් මේ ආත්මයේ රාහු අපලයට ගොදුරුවීමට සිදුවන අතර පහත දැක්වෙන ශාන්ති කර්ම නියමාකාරයෙන් සිදුකිරීමෙන් රාහු අපල මගහැරගනිමින් සතුටින් ජීවිතයට මුහුණදීමේ හැකියාව ඇතිවන්නේය.

රාහු අපලයට වත්පිළිවෙත්
බදාදා දිනවල පෙ.ව. 6.00 – 7.00 අතර හෝ රාත්‍රි 8.00 – 9.00 අතර කාලය රාහු අපලයට පූජා පැවැත්වීමට හොඳම කාලය වේ. බෝධියේ නිරිත දිශාවේ පස්තෙල් පහන් දල්වා වැටකෙයියා මල් පූජා කරන්න. රාහු අපල දුරුවේවා යනුවෙන් ලියූ අළු පැහැති කොඩියක් සහ නිල් පැහැති මල් මාලයක් බෝධියේ නිරිත දිශාවේ එල්ලන්න.
පෙරාගන්නා ලද පැන් කළයක් ඛන්ද පිරිතෙන් 27 වරක් පිරිත් කර බෝධිය නහවා ලාකඩ දුම් අල්ලන්න. රාහු අධිපතියම දේවතාවාට හා අපලකරුගේ ඉෂ්ට දේවතාවාට පිං අනුමෝදන් කරන්න. රාහු අපලයට රාහු පීඩාහර ස්තෝත්‍රය 9 වරක් ගායනා කරමින් දක්ෂිණාවෘතව 9 වරක් බෝධිය වටා ගමන් කරමින් අපල දුරුකර දෙන මෙන් ඉහත දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටින්න.
රාහු පීඩාහර ස්තෝත්‍රය
රාහුර්දානව මන්ත්‍රීව – සිංහිතා චිත්ත නන්දනඃ අර්ධකායඃ සදා ක්‍රෝධී – චන්ද්රදිත්ය විමර්ධනඃ
රෞෙද්ර රුද්‍ර ප්‍රියෝ දෛත්යඃ – ස්වභ_නු භ_නු භීතිදඃ
ග්රහරාජා සුධාපායී – රාකාතිථ්යලාෂුකඃ
කාලා දෘෂ්ටිඃ කාල රූපඃ – ශ්රීකන්ඨ හෘදයා ශ්රයඃ
විධුඃ තුදඃ සෛංහිතේයෝ – ඝෝර රූපෝ මහාබලඃ
ග්‍රහ පීඩාකරෝදංෂ්ටි්ර – රක්තනේත්රො මහෝදරඃ
පංච විංශති නාමානි – ස්මෘත්වා රාහුං සදානරඃ
අර්ධකායන් මහා වීර්යන් – චන්ද්රදිත්ය විමර්ධනම්
සංහිතා ගර්භ සම්භූතං – තං රාහුං ප්රණාමාම්යහම්
නමෝමයේ මහා ත්රැරේ – රුද්‍ර සර්පානු ගාමිනඃ
සර්ව වේද හරං දේවා – තං රාහුං ප්රණමාම්යහම්
රාහුර්දානව මංත්රීච – සිංහිකා චිත්ත නන්දනඃ අර්ධකායං සදා ක්‍රෝධි චන්ද්රදිත්ය විමර්ධනඃ
දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව පහත සඳහන් රාහු ස්තෝත්‍රය හා සෙත්කවිය 27 වර බැගින් ගායනා කරමින් සෙත ප්‍රාර්ථනා කරන්න.

ස්තෝත්‍රය
මහා ගිරා මහා චක්ත්රො
දීඝ දෘෂ්ට්රො මහබල
අතද්රගේ චාර්ධවා කේශ්ව
පීඩා හරතු මේ ශි‚
සෙත් කවිය
සුරනර සැමටම ගුරු වූ මුණි¹
දෙසූ අමා සදහම් රස වළ¹
සත්ථා බුදුගුණ තෙද බල විහිදු
රාහු අසුර දොස දුරලන් සැමදා

මැණික් හා යන්ත්‍ර පැළඳීම
නාග රූපයක හැඩයට සාදාගත් රිදී මුදුවක් දකුණු අතේ සුළඟිල්ලේ පළඳින්න. නැතහොත් වැටකේ කොළයක අකෘතියකට සවිකර ගෙල පළඳින්න. ශාස්ත්‍රානුකූලව සකසාගත් නාගර්ජුන යන්ත්‍රය පැළඳීමෙන් අපල දුරුකරගත හැකිය.
ඖෂධ පැන් ස්නානය
ඉරිවේරිය, කළාඳුරු අල, බෙලිකොළ, රත් හඳුන්, ලොත් සුබල, කස්තුරි, ඊතණ යන ඖෂධ වර්ග අඟහරුවාදා දින නැවුම් කලයකට දමා එයට පැන් පුරවා පැය 12 ක් ගතවූවාට පසු බදාදා දින උදෑසන සාමාන්‍ය ස්නානයෙන් පසු ඖෂධ පැන් කළය පෙරා ස්නානය කරන්න.
ගෙවත්තේ නිරිත දිශාවේ වැටකෙයියා පැළයක් හා නිල් මල් වර්ග රෝපණය කර ජලය වක්කරමින් සාත්තු කරන්න.
“විෂඝෝර සර්පයා දැකනෑර මෝඩයා” යන පැරණි කියමනෙන් බැහැරව සර්පයන්ට අභයදානය දෙන්න. සත්ව හිංසාවෙන් සම්පූර්ණයෙන් වළකින්න. හැකි සෑම අවස්ථාවකම විහාර මළුව, චෛත්‍ය මළුව බෝ මළුව අමදින්න. අසාධ්‍ය රෝගීන්ට උපස්ථාන කරන්න. කරුණාව දක්වන්න. අංගවිකල අයට ආහාරපාන ලබාදෙන්න. ආවතේව කරන්න.
We found this article from Divaina on 2013/11/24.