[ratings]
කෙනෙකුගේ ජන්ම පත්‍රයෙහි 10 වැනි භාවය සහ 10 අධිපති ග්‍රහයාද 10 වැන්නේ සිටින ග්‍රහයින්ද 10 වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයින්ද 10 අධිපති ග්‍රහයන්ගේ බල දුබල ආදී ග්‍රහ තත්ත්වයන් සැලකිල්ලට භාජනය කරමින් ප්‍රධාන කොට අදාළ පුද්ගලයාට ලැබෙන රැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් තොරතුරු පැවසීමේ හැකියාව ඇති නිසා “රැකියා ස්‌ථානය” ලෙස හඳුන්වනු ලබන 10 වැනි භාව ඉතා අවධානයෙන් පිරික්‌සීමෙන් කෙනෙකුට ලැබෙන්නේ කුමන අංශයේ රැකියාවක්‌ද යන්න පවා නිවැරදිව ප්‍රකාශ කිරීමට හැකිවීම 10 වැනි භාවයේ ඇති විශේෂිතම ලක්‍ෂණය වේ.
පුද්ගලයකු සතු උත්සාහවන්ත බව කාර්ය ශූරත්වය ධෛර්යය වැනි ගුණාංග පිළිබඳවද පෙන්නුම් කෙරෙන මෙකී 10 වැනි භාවයෙන් තම පියා කුමන ආකාරයේ කෙනෙක්‌ද පියාගේ තත්ත්වය තරාතිරම කෙසේද අදාළ දරුවා නිසා පියාට කෙසේද යන වග පිළිබඳවද යම් යම් අනාවැකි පැවසීමේ ඇති හැකියාව නිසා මෙම භාවය “පීතෘ ස්‌ථානය” ලෙසද ජ්‍යෙdතිෂයේදී හැඳින්වේ.
ජන්මීන් සතු කඩිසර බව හා කාර්ය ශූරත්වය පෙන්නුම් කළද ශනි ග්‍රහයා වැනි ග්‍රහයකු 10 වැනි භාවය තුළ තැන්පත් වීමෙන් එකී පුද්ගලයා හෙමින් වැඩකරන මන්දගාමී පුද්ගලයෙක් වේ.
ශනි යනු ග්‍රහ ලෙස ඉතාම හෙමින් ගමන් කරන ග්‍රහයා වන අතර ශනිට එක රාශියකින් තවත් රාශියක් වෙත ගමන් කිරීමට වසර දෙකහමාරක කාලයක් ගතවේ. ඒ අනුව මෙකී ශනි නොහොත් සෙනසුරු ග්‍රහයාට සූර්යයා වටා එක් වරක් පරිභ්‍රමණය වීමට වසර 30 ක කාලයක් ගතවේ.
තම සහකරුගේ හෝ සහකාරියගේ දේපළ පිළිබඳවද බැලිය හැක්‌කේ 10 වැනි භාවයෙනි.
ශරීරයේ ස්‌ථාන වශයෙන් ගත් කළ ජන්මීන්ගේ දණහිස් හා ඒ ආශ්‍රීත රෝගාබාධ ගැනද මෙකී ස්‌ථානයෙන් කරුණු පැහැදිලි කරගත හැකිය.
ජ්‍යෙdතිෂයට අනුව මූලික වශයෙන් 10 වැනි භාවයේ ගුරු ධර්මිෂ්ඨ බවද කුජ කඩිසර හා දබර කරන බවද සිකුරු කලාත්මක හැඟීම් ඇති කරන බවද රවි තේජාන්විත හා මනා පෞරුෂය ද සඳු ලාමක ගති පැවතුම්ද, රාහු එකතැන නොසිටින ගමන් බිමන් ඇති කරවන බවද කේතු පණ්‌ඩිත එහෙත් ස්‌ථිර ගතිපැවතුම් නැති වශයෙන්ද ජන්මියකුගේ ගති ලක්‍ෂණ ලඝූකොට ගෙනහැර දැක්‌විය හැකි අතර විස්‌තරාත්මකව දක්‌වන කල 10 වැනි භාවයේ ග්‍රහයින් තැන්පත්ව සිටින කල ජන්මීන් සතු ලැබීම්, ක්‍රියාකාරකම් හා ගති ලක්‍ෂණ මෙසේය.
රවි 10 වැනි භාවයේ සිටින විට
රජයේ රැකියා හා පරිපාලන සේවයේ රැකියා අවස්‌ථා ගෙනදේ. ගරු නම්බු ලාභ ලබන කෙනෙක් වන අතර රජග්‍රහයා 10 වැනි භාවයේ සිටින කල අරටු යෝග භංග වන අතර මෙකී භාවයේ රවි සිටීමෙන් බලවත් කේන්ද්‍රයක් බව කිව හැකිය.
සඳු 10 වැනි භාවයේ සිටින විට
පරිගණක අංශයේ රැකියාවලට හිමිකම් කියයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් දියුණුව ලබයි. ඉඩ කඩම් ලාබ හිමිය. ඕනෑම බැරෑරුම් කටයුත්තක් සාර්ථකව නිමකර ගැනීමේ හැකියාව ඇත. ජලය සම්බන්ධ ව්‍යාපාරවලින් සුබ ඵල අත්වේ.
ගුරු 10 වැනි භාවයේ සිටින විට
උසස් රැකියා ලාභ ගෙන දේ. ගුරු උපදේශක තනතුරු විශේෂ වේ. තම ඉපදීම පියාට අසුබ ඵළ ගෙනදෙන සිදුවීමක් වේ. ව්‍යාපාර තුළින් ඉහළ මට්‌ටමකට පැමිණේ. ධනය අතින් දියුණුවට පත්වේ.
බුධ ග්‍රහයා 10 වැනි භාවයේ සිටින විට
තැපැල් හා ජනමාධ්‍ය අංශයේ රැකියාවලට හිමිකම් කියයි. උපදේශක තනතුරු හිමිවේ. බොහෝවිට රාජ්‍ය අංශයේ රැකියා ලැබීමේ වාසනා ගුණය ඇත. කට වචනයෙන් ධනය උපයන අයෙක් වේ.
කුජ ග්‍රහයා 10 වැනි භාවයේ සිටින විට
ආරක්‍ෂක අංශයේ රැකියා ලාභ හිමිය. බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාද සුබ ඵල ගෙන දේ. ව්‍යාපාරවලට ඉතා ශූර අයෙක් වේ. ඉඩකඩම් දේපළ ලාබ හිමිවන අතර පියාට අසුබ ගෙනදෙන පිහිටීමකි.
සිකුරු 10 වන භාවයේ සිටින විට
විසිතුරු දේ ආශ්‍රිත රැකියා හිමිවේ. පිළිගැනීමේ නිලධාරී තනතුර සඳහාද සුදුසුකම් ලබයි වෙහෙස මහන්සියකින් තොරව ධනය උපයන කෙනෙක් වන අතර රූපලාවන්‍ය කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබයි. කලා කටයුතුවලින් ඉහළ ප්‍රගතියක් ලබයි.
සෙනසුරු 10 වැනි භාවයේ සිටින විට
යකඩ ලෝහ ආශ්‍රීත බර වැඩ රැකියාව වශයෙන් සුදුසුවේ. පස්, ගල්, වැලි වැනි ව්‍යාපාර සුබ ඵල ගෙන දේ. විශාල වැටුප් ලබන බර වාහන රියෑදුරු රැකියා ලැබේ. රැකියාව නිතර වෙනස් වන ගති මතුවේ.
රාහු 10 වැනි භාවයේ සිටින විට
විදේශයන්හි රැකියා ලැබීමේ වාසනාව ඇතත් තැනින් තැන ඇවිදිමින් කරන රැකියාවලින් උසස් ජය ලබයි. දේශපාලන තනතුරුවලට හෙබවීමට හැකි අය වේ.
කේතු 10 වැනි භාවයේ සිටින විට
එක තැන රැඳෙමින් නියෑළෙන කටයුතු බොහෝදුරට ගැලපේ. රැකියාවේදී රහස් සතුරු කරදරවලට මුහුණදීමට හේතුවේ. විවාහ දිවිය සම්බන්ධව බොහෝ කරදර ඇතිවේ. රැකියාව නිතර මාරු කිරීමට හේතුවේ.
We found this article from Divaina on 2012/03/30.
Also Sinhala to English Google word to word translation can be found here