ලග්නයට අනුව සහකරු සහකාරිය හඳුනාගන්න

0
1411
ලග්නෙන්
ලග්නෙන්

[ratings]

ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව කේන්ද්‍රයක හත්වැන්න විවාහය සම්බන්ධයෙන් බලවත්ම ස්‌ථානයයි. එම ස්‌ථානය මුල්කර ගනිමින් තමාට හිමි ලග්නයට අනුව මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්‌වා වූ ලග්න දොළහට අනුව දෛවය විසින් අපට හිමිකර දෙන ජීවන සහකරු හෝ සහකාරිය පිළිබඳව විවාහයට පෙර යම් තොරතුරක්‌ දැන ගැනීමට විවාහවීමේ අපේක්‍ෂාවෙන් පසුවන හැම කෙනෙක්‌ම කැමති වනවා සේම එම තොරතුරු මත විවාහ වන්නාගේ ගති ලක්‍ෂණ කලින් හඳුනා ගෙන ඒ අනුව හැඩගැසීම තුළ සාර්ථක විවාහ දිවියක්‌ ගත කිරීමේ අවස්‌ථාවද හිමිවේ.

මේෂ ලග්නයට අනුව

මේෂ ලග්නයෙන් උපත ලබා ඇත්නම් හත්වැන්න තුලා රාශියට අයත් වන බැවින් හත අධිපති ග්‍රහයා වන්නේ සිකුරුය. හත්වැන්නේ සිකුරු සිටීනම් ඉතාමත් යහපත් පිරිසිදු ගති පැවතුම් වලින් හෙබි ප්‍රියමනාප අයකු වේ. විනෝදයට බර විනෝදය ප්‍රියකරන සහ ඒ සඳහා මුදල් බොහෝ ලෙස වැයකරන අයකු වනු ඇත. විවාහ සහකරු හෝ සහකාරිය දෙදෙනා එකිනෙකාගේ දියුණුව සඳහා අතහිත දීම විශේෂ ලක්‍ෂණයකි.

වෘෂභ ලග්නයට අනුව-

වෘෂභ ලග්න හිමියන්ගේ හත්වැන්නාධිපති කුජ හෙවත් අඟහරුය. අලස නොවී ඉතා කඩිසර ලෙස කටයුතු කරන තීක්‍ෂණ බුද්ධිය මෙහෙයවා සෑම ප්‍රශ්නයක්‌ම විස¹ ගන්නා මෙවැන්නන්ට ධනය උපයා ගන්නා මාර්ග විවර කර ගැනීමට විශේෂ දක්‍ෂතා ඇත. ව්‍යාපාර කටයුතු දියුණුකර ගනිමින් ධනවතුන් බවට පත්වීමට මෙකී සහකරුවන්ට සහකාරියන්ට පුළුවන.

මිථුන ලග්නයට අනුව

හත්වැන්නාධිපති “ගුරු” හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයායි. ගුරු ග්‍රහයා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම කඩවසම් සිරුරකට හිමිකම් කියන සහකරුවකු හෝ සහකාරියක ලැබීමට හේතුවේ. මහජන ගෞරවයට තිතැතින්ම පාත්‍රවන සමාජයේ කැපී පෙනෙන, උසස්‌ ආර්ථික මට්‌ටමකට හිමිකම් කීමේ හැකියාව ලැබෙනා අතර දීර්ඝායුෂ විඳීමේ භාග්‍යයද මෙම සහකරුවන්ට සහකාරියන්ට තිබේ.

කටක ලග්නයට අනුව

හත අධිපති ග්‍රහයා “ශනි” හෙවත් සෙනසුරු ග්‍රහයා වේ. සෙනසුරු ග්‍රහයා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම තුළින් ධෛර්යයෙන් කටයුතු කොට හඬ දියුණුව ළඟාකර ගන්නා ස්‌වභාවය පෙන්නුම් කරයි. අන්සතු ධනයෙන් බලවත් වීමේ හැකියාවද ඇති අතර සමාජ සේවා කටයුතුවලට ලැදි හෝ එවැනි දේවල්වල නිරත ආගමට දහමට ලැදි ගුණ ගරුක සහකරුවන් සහකාරියන් ලැබීමට හේතුවේ.

සිංහ ලග්නයට අනුව

හත්වැන්නාධිපති ග්‍රහයා “ශනි” හෙවත් සෙනසුරු ග්‍රහයා වන අතර සෙනසුරු ග්‍රහයා හත්වැන්නේ සිටීම, හත්වැන්න දැකීම තුළින් බාධක කම්කටොලු හැල හැප්පීම් මැද ජීවිතය ඉදිරියට ගෙන යැමේ “ස්‌වභාවය පෙන්නුම් කෙරේ. ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල නිරත හෝ ව්‍යාපාරික පවුල්වලට අයත් සහකරුවන් සහකාරියන් විවාහය සඳහා තෝරා ගැනීමට හේතුවේ.

කන්‍යා ලග්නයට අනුව

හත්වැන්නාධිපති ග්‍රහයා “ගුරු” හෙවත් බ්‍රහස්‌පතිය. බ්‍රහස්‌පති ග්‍රහයා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම තුළින් කරුණා මෛත්‍රී ගුණාංගවලින් හෙබි උගත් අයකු වේ. ශාස්‌ත්‍රීය කටයුතුවලට මුල්තැනදී කටයුතු කරන මොවුන්ට රජයේ උසස්‌ නිලතල දැරීමට පවා වාසනාව ඇත. අෙන්‍යාන්‍ය සුහදතාවය මත තම සහකරු සහකාරිය සමග යුගදිවි ඇරඹීමේ වාසනාව ඇති අතර භාග්‍යවන්ත ජීවිතයකට හිමිකම් කියයි.

තුලා ලග්නයට අනුව

හත්වැන්නාධිපති ග්‍රහයා “කුජ” හෙවත් අඟහරු ග්‍රහයාය. අඟහරු ග්‍රහයා හත්වැන්නේ සිටීම හෝ දැකීම තුළින් කොතරම් වයස්‌ගත වුවද නිතරම තරුණ භාවය පෙන්නුම් කිරීමට සමත් ශරීරයකට හිමිකම් කියයි. කාර්ය ශූර ප්‍රියමනාප වාණිජ කටයුතුවලින් ලාභ ලබන මෙම සහකරු හෝ සහකාරිය අලංකාරයට ප්‍රිය මෘදු ගති පැවතුම් ඇත්තන් වේ.

වෘශ්චික ලග්නයට අනුව

හත්වැන්නාධිපති ග්‍රහයා “සිකුරු” ග්‍රහයා වේ. කිවි ග්‍රහයා හත්වැන්නේ සිටීම හත්වැන්න දැකීම යහපත් පිහිටීමකි. බොහෝවිට කලා ක්‍ෂේත්‍රය ජීවනෝපාය වන මෙවැන්නන් විනෝදයට බරය. වැඩි වගකීම් නැතිව ජීවත් වීමට ප්‍රිය අතර විනෝදකාමී බව නිසා යුගදිවි ගමනට බාධා පමුණුවා ගනී. මෙවැනි සහකරුවන් සහකාරියන්ගේ ජීවිත සාර්ථක වන්නේ දෙදෙනා දෙදෙනාට අවංකව ක්‍රියා කිරීමෙන් හා විශ්වාසය කඩ නොකිරීමෙනි.

ධනු ලග්නයට අනුව

හත්වැන්නාධිපති ග්‍රහයා “බුධ” ග්‍රහයායි. බුධ ග්‍රහයා හත්වැන්නේ සිටීම හා හත්වැන්න දැකීමෙන් නිතරම තම ආත්ම ගෞරවය රැක ගන්නා කඩවසම් සිරුරකට හිමිකම් කියන අයකු වේ. උසස්‌ අයගේ ඇසුරට ප්‍රියකරන අතර සමාජයේ කැපී පෙනෙන අයකු වේ. නිතර වෙනස්‌වන සුළු චංචල ගති පැවතුම් ඇති සහකරුවන් සහකාරියන් වුවත් වාසනාවන්ත ජීවිතයකට හිමිකම් කියයි.

මකර ලග්නයට අනුව

හත අධිපති ග්‍රහයා සඳු ග්‍රහයාය. හත්වැන්නාධිපති ග්‍රහයා සඳු වීම හෝ හත්වැන්නේ සිටීම හත්වැන්න දැකීම තුළින් ධනය රැස්‌කිරීමට එතරම් රුචිකත්වයක්‌ නොදක්‌වයි. සෞම්‍ය ගති පැවතුම් වලින් හෙබි මෙකී අය කලා ක්‍ෂේත්‍රයට දැඩි නැඹුරුවක්‌ දක්‌වන නිසාම සහකරු සහකාරිය තෝරා ගැනීමේදී ද කලාවට ලැදි අයට විශේෂත්වයක්‌ දක්‌වති.

කුම්භ ලග්නයට අනුව

හත්වැන්නාධිපති ග්‍රහයා “රවි” ග්‍රහයා වේ. රවි ග්‍රහයා හෙවත් හිරු ග්‍රහයා බල සහිතව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම තුළින් තේජවන්ත පිරිපුන් කාර්ය ශූරත්වයෙන් යුතු අයෙකු වේ. ප්‍රභූ ඇසුර ප්‍රියකරන අතර සහකරු සහකාරිය හැම අවස්‌ථාවකදීම තනි තීරණ ගන්නා හිතුවක්‌කාර අහංකාර ගති නිසා යුග දිවියට බාධා පමුණුවා ගනී.

මීන ලග්නයට අනුව

හත්වැන්නාධිපති බුධ ග්‍රහයා වනු ඇත. බුධ ග්‍රහයා හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම තුළින් ගුරු වෘත්තියට යොමුවේ. ලේඛන කලාව, සංගීත, නාට්‍ය ශිල්පයන්ටද ප්‍රිය කරයි. සමාජ සේවා කටයුතුවලටද දැඩි නැඹුරුවක්‌ දක්‌වන අතර මෙකී අංශයන්ගේ නියෑළුන සහකරුවකු සහකාරියක තෝරා ගැනීමට දැඩි කැමැත්තක්‌ දක්‌වයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here