ලියන් අභිසරුලියන් කරන අසුබ ග්‍රහයෝග

0
712
ලියන්
ලියන්

[ratings]

ලොව පැරණිතම රැකියාව වශයෙන් සැළකෙන ගණිකා වෘත්තිය ජීවනෝපාය කරගත් කාන්තාවෝ එදා මෙන්ම අදද අප සමාජයේ බොහෝ අවස්‌ථාවල දැකිය හැක. කිසිදු වෘත්තීය සුදුසුකමකින් තොරව නියෑලිය හැකි එක වෘත්තිය වශයෙන් ද මෙම වෘත්තිය සැලකිය හැකිය.

රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවෝ අද සමාජයේ බොහෝ සිටියත් ඔවුන් ගණිකාවන් ලෙස හැඳින්වෙන්නේ නැත. අග හිඟකම් කොපමණ තිබුණත් මේ සඳහා යොමු නොවන කාන්තාවන් ඕනෑ තරම් සිටින අතර උගත් වැදගත් පොහොසත් සමහර කාන්තාවෝ තම ස්‌වාමියාට පිටස්‌තරව තමන්ගේ දාසයන් සහ පහත් පුද්ගලයන් සමග රතියෙහි යෙදෙන අවස්‌ථාද ඇත.

පෙර කරන ලද කුසල් අකුසල් මත දෛවය හිමිකර දෙන හොඳ නරක අතර අපකීර්තියට ලක්‌වන මෙවැනි රැකියා ජීවන වෘත්තිය වශයෙන් තෝරා ගැනීමට සිදුවීම කාන්තාවකට අභාග්‍ය සම්පන්න සිදුවීමක්‌ වුවත් දෛවයට පිටුපෑමට නොහැකි වීම මත ඊට අවනතව එම වෘත්තීන්වල යෙදීමට සිදුවේ.

ලග්නාධිපති හෝ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වැඩිවශයෙන් ශක්‌තිමත් ග්‍රහයා සෙනසුරුට චතුරශ්‍රව හෝ සම සප්තවම හෝ සිංහ රාශිගතව සිටින විට සහ ඔවුන් පාප ග්‍රහයකු විසින් දුර්වලත්වයට පත් කරනු ලැබ යහපත් ග්‍රහයකුගේ බලපෑමක්‌ නොලබන විට එකී කාන්තාවෝ ජීවන වෘත්තිය ලෙස බොහෝ විට තෝරා ගන්නේ ගණිකා වෘත්තියයි.

එවැනිම ප්‍රතිඵල ගෙන දෙන තවත් ග්‍රහ පිහිටීමක්‌ නම් ලග්නාධිපති සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් ශක්‌තිමත් ග්‍රහයා සෙනසුරුට ත්‍රිංශාංශකව මකර හෝ කම්භ රාශිගතවී යහපත් ග්‍රහයකුගේ බලපෑම නොමැතිව දුර්වල තත්ත්වයට පත්වීමය. එවැනි ග්‍රහ පිහිටීමකදී ද සමාජයේ උසස්‌ නිලතල දරමින් වැජඹෙන කාන්තාවන් පවා තමන්ට නොගැලපෙන පහත් පුද්ගලයන් සමග ලිංගික සබඳතා පවත්වති.

අඟහරුට හෝ සෙනසුරුට හෝ අයත් ලග්නයේ එනම් මේෂ, වෘශ්චික මකර හෝ කුම්භ යන රාශිවලින් එකක්‌ වූ විට සහ කිසිම යහපත් බලපෑමකින් තොර වූ විටද බලවත් පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට හසු වූ විටද චන්ද්‍රයා සහ සිකුරු එම ලග්නගතව සිටින විටද එකී කාන්තාවන් ගේ රැකියාව ගණිකා වෘත්තිය ලෙස දැක්‌විය හැක.

මෙවැනි ග්‍රහ පිහිටීමක්‌ ඇති කේන්ද්‍රයක්‌ හිමි කාන්තාවද බොහෝ විට ගණිකාවකගේ කුසින් උපන් තැනැත්තියක්‌ වේ.

ලග්නය අඟහරුට හෝ සෙනසුරුට අයත් රාශියක්‌ වූ විට සහ බලවත් පාප ග්‍රහයකු විසින් දුර්වලත්වයට පත් කරන ලද චන්ද්‍රයා සහ සිකුරු කිසිදු ශුභ ඵල බලපෑමක්‌ නොලැබ ලග්නයෙන් සත්වැන්නෙහි පිහිටි විට පෙන්නුම් කරන තත්ත්වයද එයම වේ.

චන්ද්‍රයා සහ සිකුරු සය වැන්නෙහි සිටියදී පාපී ග්‍රහයකු විසින් දුර්වලත්වයට පත්කරනු ලැබ යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොරවූ අවස්‌ථාවලදී කාන්තාවන් ගණිකාවන් බවට පත්වීම නොවැළැක්‌විය හැක්‌කකි. ලග්නාධිපති හෝ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩා ශක්‌තිවන්ත ග්‍රහයා අඟහරුට හිමි රාශියක එනම් මේෂ සහ වෘශ්චික යන රාශි දෙකින් එකක සිටියදී පාප ග්‍රහයකු විසින් දුර්වලත්වයට පත් කරනු ලැබූ අඟහරු යහපත් ග්‍රහයකුගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් හෝ තොර වු විට ද ස්‌ත්‍රියක්‌ ගණිකාවක්‌ බවට පත්වේ. දුර්වලව නොසිටියද එවැනි ලග්නාධිපතියෙක්‌ හෝ චන්ද්‍රයා කාන්තාවන්ට විවාහයට පෙර ද රති කෙලියෙහි නිරත වීමට අවශ්‍ය පසුබිම සකසයි.

රවි අඟහරු සහ සෙනසුරු යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොරව ලග්නයෙන් සත් වැන්නෙහි සිටින කල්හිද එකී කාන්තාව ගත කරනු ඇත්තේ ගණිකා ජීවිතයකි. චන්ද්‍රයාගේ සත්වැන්නෙහි සිදුවන රවි, අඟහරු, සෙනසුරු සංයෝගයට යහපත් ග්‍රහ බලපෑමක්‌ නොමැති කල්හිද එවැනි ප්‍රතිඵල අත්වීම නොවැළැක්‌විය හැකිය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here