ව්‍යාපාරය හා බැඳුණු වාස්‌තු

101
ව්‍යාපාරය
ව්‍යාපාරය

මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ පොදු හා ව්‍යාපාරය හා බැඳුණු වාස්‌තු ක්‍ෂේත්‍රය පිළිබඳව පාඨක ඔබව දැනුවත් කිරීමයි.

වාස්‌තු…. යන වචනය ඇසූ සැනින් අපට සිහියට නැගෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය යන්නයි. එසේ වූවද ගෘහ නිර්මාණ ශිල්පයට පමණක්‌ සීමා වූ විෂයක්‌ ලෙස වාස්‌තු විද්‍යාව ලඝූ කළ නොහැකි බව පෙන්වා දෙමි. එනම් වාස්‌තු විද්‍යාවෙන් මෙම භූමිය මත සිදුකරනු ලබන ඕනෑම ඉදිකිරීමක්‌ සැලසුම් කිරීමේ සිට එය පරිහරණය කිරීමේ ක්‍රියාවලිය දක්‌වා මෙන්ම එතනින් එහාටද විහිදී ගිය ඉතා ගැඹුරු විෂය ධාරාවකි. එහිදී කුඩා පරිමාණයේ, මධ්‍ය පරිමාණයේ මෙන්ම මහා පරිමාණයේ සියලු ඉදිකිරීම් මෙම වාස්‌තු ශිල්ප ක්‍රම මත පිහිටා සිදුකිරීම කළ යුතුවේ. වාස්‌තු ශිල්පයේදී නූතනයේ බොහෝ විට අවධානය යොමු කරනු ලබන්නේ ගෘහ වාස්‌තු කර්ම පිළිබඳව බව පෙනේ. එසේ වුවද වාස්‌තුවේදී අවධානය යොමු කරනු ලබන ප්‍රධාන ක්‍ෂේත්‍රයන් 03 ක්‌ පිළිබඳව පෙන්වාදිය හැක.

  1. ගෘහ වාස්‌තු
  2. ආගමික වාස්‌තු
  3. පොදු හා ව්‍යාපාර වාස්‌තු
ව්‍යාපාරය

ව්‍යාපාරය අතරමග කඩා වැටීම

ව්‍යාපාර යනු රටක අර්ථිකයේ මෙන්ම රටේ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි සෘජුවම බලපානු ලබන ප්‍රධානතම පැතිකඩකි. රටේ අර්ථිකය ඉදිරියට ගමන් කිරීම තුළින් එම රටේ ජනතාවගේ ජීවන තත්ත්වයද උසස්‌ වනු ලබේ. මේ සඳහා රටේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ දායකත්වය සුළු පටු නොවේ. එසේ වුවද ආරම්භ කරනු ලබන සෑම ව්‍යාපාරයක්‌ම බලාපොරොත්තු වන ලෙස සාර්ථක වන්නේ නැහැ. සුළු පරිමාණ ව්‍යාපාරවල සිට මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපෘතිද අතරමග නතර වී තිබෙනු අපට දැකගත හැකියි. එසේම ඉතා සුළුවෙන් ආරම්භ කරනු ලබන සමහර ව්‍යාපාර ඉතා කෙටි කාලයකදී සීඝ්‍රයෙන් දියුණු වි ඇති බවට ද උදාහරණ ඕනතරම් සොයා ගත හැකි අතර තවත් සමහර ව්‍යාපාර ඔහේ ඇදගෙන යන අවස්‌ථා තිබේ. එසේනම් මෙම වෙනස්‌වීම්වලට හේතු විමසා බැලීම වටී.

ඕනෑම කටයුත්තක්‌ සාර්ථක කර ගැනීම සඳහා අප එම කාර්යය පිළිබඳව ඉතාමත් සැලසුම් සහගත ලෙස පෙළ ගැස්‌වීම කළ යුතුය. ලෝකයට සම්මා සම්බුද්ධවරුන් පහළ වන්නේ ආවාට ගියාට නොව ඒ සඳහා සුදුසු කාලවලදී සියලු සාධක ගැලපුන විටදීය. බෞද්ධ ඉතිහාසයේ පස්‌මහ බැලුම් ලෙස හඳුන්වා තිබෙන්නේ එම ගැලපුම් ක්‍රියාවලියයි. කාලය, දීපය, දේශය, කුලය, මව් ලෙස මෙම ප්‍රශස්‌ථ කාලය නිශ්චය කර ඇත. ඒ ආකාරයටම සෑම සාර්ථක කටයුත්තක්‌ පසු පසම මෙම සැලසුම්කරණයේ ප්‍රශස්‌ථ ක්‍රියාවලිය සම්පූර්ණ වීම විය යුතුයි. සමහර අය මෙය සිතා මතාම ඉටුකර ගන්නා අතර සමහරක්‌ අය නොසිතාම මෙම ක්‍රීයාවලිය තුළ ගමන් කිරීම ඔහුගේ කුසල්වල යහපත් බලපෑම තුළ සිදුවන දෙයකි. එසේ නම් වාස්‌තු ශිල්පය මෙම සැලසුම් කරන ක්‍රියාවලියේ දී අපට මග පෙන්වන මූලික විද්‍යාවක්‌ ලෙස එහි ඵල ප්‍රයෝජන ලබාගත හැකි බව සිතන්න.

ව්‍යාපාරික භූමිය තෝරා ගැනීම

ව්‍යාපාරය ක්‌ ආරම්භ කිරීම සඳහා පළමුව ස්‌ථානයක්‌ තෝරාගැනීම කළ යුතුව ඇත. මේ සඳහා ප්‍රධාන ක්‍රම කිහිsපයක්‌ අනුගමනය කිරීමට සිදුවේ.

  1. තමා දැනට පදිංචි ගෘහය තුළ
  2. තමාගේ පදිංචි ඉඩමේ නව ඉදිකිරීමක්‌ තුළ
  3. මිලදී ගනු ලබන ඉඩමකට නව ඉදිකිරීමක්‌ ලෙස
  4. ඉදිකර ඇති ව්‍යාපාරික ගොඩනැගිල්ලක්‌ යොදාගැනීම (කුළියට හෝ බද්දට හෝ සින්නක්‌කර)

මේ ආකාරයට කුමන ලෙසින් හෝ තමා විසින් ආරම්භ කරනු ලබන ව්‍යාපාරික කටයුත්ත ස්‌ථාන ගත කරනු ලබන ගොඩනැගිල්ල පිළිබඳව මූලිකවම විමර්ශනය කිරීම කළ යුතුයි. සමහර අවස්‌ථාවල කුළියට හෝ බද්දට ලබා ගැනීමේ දී ඒවාගේ වෙනස්‌කම් සිදු කිරීමට නොහැකි තරමට සීමාසහිත වේ. එසේ වුවද ඔබ විසින් ව්‍යාපාරියක ස්‌ථානයක්‌ සෙවීමේ දී පහත සඳහන් ව්‍යාපාරික ගොඩනැගිලි කුළියට හෝ බද්දට ලබා ගන්න එපා.

  • ඊශාන දිශාවේ හෝ ගොඩනැගිල්ලේ මැද වැසිකිළි පිහිටා ඇති ස්‌ථාන
  • නිරිත දිශාවේ වැසිකිළි වළ හෝ ගොඩනැගිල්ලට ඇතුල්වන ස්‌ථානයේ වැසිකිළි වළ පිහිටා ඇති ස්‌ථාන
  • ගොඩනැගිල්ලේ ඊශාන දිශාවේ පඩිපෙළ පිහිටා ඇති ස්‌ථාන
  • ගොඩනැගිල්ලේ මධ්‍ය ලක්‍ෂයේ කණු හෝ බිත්ති පඩිපෙළ යෙදී ඇති ගොඩනැගිලිs

ඉහතින් සඳහන් කළ මූලික කරුණු නොමැති ව්‍යාපාරික ස්‌ථාන සෑම විටම යොදාගන්න උත්සහ කළ යුතුයි. එවැනි පිහිටීම් වෙනස්‌ කිරීම් කළ නොහැකි බැවින් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය.

ව්‍යාපාරය

ඔබගේ ව්‍යාපාරය කරන ස්‌ථානයේ ඔබ විසින් සැලකිලිමත් විය යුතු අනෙකුත් වාස්‌තු සිද්ධාන්ත පිළිබඳව පහතින් සඳහන් කරමි.

ව්‍යාපාරික පිණ්‌ඩය – ව්‍යාපාරික පිණ්‌ඩය යනු ව්‍යාපාරයේ අයිතිකරුගේ ඡන්ම ශක්‌තියට ගැලපෙන ලෙස ව්‍යාපාරික වර්ග ක්‍ෂේත්‍රය බල ගැන්වීමයි. මෙයද ඕනැම ගොඩනැගිල්ලක කැඩීම් බිඳීම්වලින් තොරව එකඟ කිරීමේ හැකියාවක්‌ පවතී. විශේෂයෙන් ඔබ විසින් මිලදී ගෙන ඇති ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ඔබට වධ නැකතකට බල ගැන්වී ඇත්නම් එය සම්පත් නැකතකට බල ගැන්වීමේ හැකියාවක්‌ පවතී. ඒ සඳහා කළ යුතු වන්නේ ව්‍යාපාරික පරිශ්‍රයේ ව්‍යාපාරික හිමියා විසින් පරිහරණය කරනු ලබන යහපත් ක්‍ෂේත්‍රයක්‌ යොදාගෙන එය සලකුණු කර ගැනීමයි. මෙය අවශ්‍ය වන්නේ කුළී/බදු හෝ දැනටමත් මිලදී ගෙන ඇති ස්‌ථාන සඳහා පමණි.

We found this article from Divaina on 2014/02/16.