වාස්‌තු නිර්මානයේදී කඳු සිඛර ආදිය ගැනද සැලකිලිමත් වියයුතුයි

1525
වාස්‌තු
වාස්‌තු

[ratings]

වාස්‌තු පිණ්‌ඩයට සාපේක්‌ෂව පිහිටන මාවත් බෑවුම් කඳු සිඛර ආදිය ගැනද වාස්‌තු නිර්මානයේ දී සැලකිල්ල දැක්‌විය යුතුය. මෙම වස්‌තූන් අතර තිබෙන ඇතැම් භෞතික දේවල් ස්‌වභාවිකවම පිහිටයි. එම අවස්‌ථාවලදී ඒවා මග හැර නිවස ඉදිකරලීමට උත්සාහ ගත හැකිය. නමුත් පාරක්‌ හෝ මහා මාවතක්‌ එලෙස ලෙහෙසියෙන් මග හැරිය නොහැකිය. ඉඩම් කැබලි කිරීමේ දී හාත්පස වටකර පාරවල් දැමීම සිරිතයි. වාස්‌තු පිහිටීම ගැනමෙහිදී වෙන්දේසි කරුවන් අවධානයක්‌ යොමු නොකළහොත් ඉඩම් මිළදී ගන්නන්ට අපහසුතා පැමිණිය හැකිය.

මහ පාරක්‌ නිර්මාණය වූ විට එම පෙත දිගේ ගමන් කරන්නේ මනුෂ්‍යයින් පමණක්‌ නොවේ. අපට ඇසට නොපෙනෙන බූත වස්‌තූන්ගේ ද චලනයන් එහිදී දක්‌නට ලැබේ. මාගේ මිත්‍රයෙකුගේ නිවස ඉදිරිපස ඇත්තේ කුඹුරු යායකි. එයට ඔබ්බෙන් රබර් වත්තයි. එහි මැද්දෙන් දැන් පාරක්‌ කපා ඇත. බ්‍රිතාන්‍ය සමයේ ඉදි කළ මේ මහා මාර්ගය දැන් නම් විශාල වශයෙන් දියුණුට පත්ව ඇත. මේ ප්‍රදේශය කෝට්‌ටේ යුගයේ දී වීදිය බණ්‌ඩාර සෙනවියාගේ රාජධානිය විය. ඔහු මේ ගිරි දුර්ග වල සිට දකුණ බලා යන මාවත වැටී තිබුණේ යථෝක්‌ත ප්‍රදේශය හරහාය. එම නිසා අදත් එම පෙදෙස මාවත වත්ත යනුවෙන් හඳුන්වති. ඇතැම් පුර හඳ කාලවලදී අශ්වයෙකු ගේ කුර හඬ මේ ප්‍රදේශයෙන් ඇසුන බව පැරණියන් දක්‌වති. මහා මාර්ගය කැපූ විට මේ කුර හඬ මාර්ගය දිගේ වඩා තීව්ර ආකාරයෙන් ඇසුණු බවද ඔවුහු පවසති. මේ අනුව අපට කිව හැක්‌කේ මාර්ගයන්හි තිබෙන විශේෂතාවයන්ය. යම් විදියකින් සියලුම දිශාවන් වලට දිවෙන පරිදි පාරවල් පිහිටා තිබුණු ඉඩම් කැබැල්ලක්‌ දක්‌නට ලැබුණහොත් එය සුමංගල යනුවෙන් හඳුන්වනු ලැබේ මෙම පිහිටීම වාස්‌තු ශාස්‌ත්‍රයේ බ්‍රහ්ම ස්‌ථායි වශයෙන් ද දක්‌වා තිබේ. මෙය නිවසකට සුදුසු තැනක්‌ නොවේ. එයට හේතුව මහා මාර්ගයෙන් නැගෙන අධික ශබ්දයන් සහ වාත දූෂණයන්ය. නමුත් එය වෙළෙඳ ව්‍යාපාරයකට බෙහෙවින්ම සුදුසු තර යයි කිව හැකිය.

උතුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ යම් විදියකින් පාරවල්වලින් සමන්විතව තිබුණහොත් එය වාසයට සුදුසු ස්‌ථානයකි. ධනය සතුට ලබා දීමට එය හේතුවකි. මෙම පිහිටීමේ ප්‍රධාන පිවිසුම උතුරට බරව තැබීම වඩාත් සුදුසු වෙයි. බටහිර පමණක්‌ නොමැතිව අනෙක්‌ දිශාවන්ට පාරවල් පිහිටා තිබීම මගින් යම්කිසි යහපතක්‌ දක්‌නට තිබේ. එහි ප්‍රධාන පිවිසුම නැගෙනහිර තිබිය යුතුය. යම් කිසි විදියකින් මෙම පිවිසුම දකුණේ හෝ උතුරේ තිබුණහොත් ආර්ථිකය දුර්වල වන අතර දරුවන්ගේ විනාශය ද සිදු වේ. උතුර ප්‍රදේශය නිදහස්‌ව අනෙක්‌ ප්‍රදේශවල පාරවල් පිහිටා තිබෙන ස්‌ථානයන් වඩාත් සුදුසු වන්නේ වෙළෙඳ ව්‍යාපාරයන්ටය. එහි දකුණට බරවන්නට බෑවුම් සහගත ව තිබීමත් පිවිසුම ද එම දිශාවට තිබීමත් වඩාත් සුදුසුය. නැගෙනහිර විවෘතව අනෙක්‌ ප්‍රදේශ වල පාරවල් පිහිටා තිබීමද සුදුසුය. එහි ප්‍රධාන පිවිසුම බටහිර ට යෙදීම අනුමත කර ඇත. මෙහි දී උතුර හා දකුණ ප්‍රදේශ වල දොරටු තැබීමෙන් ධනය විනාශ වන අතර දරුවන්ගේ විනාශය ඇති වේ. උතුර හා නැගෙනහිර ප්‍රදේශ පමණක්‌ ආවරණය වන පරිදි පාරවල් පිහිටා තිබීම ඉතාමත් යහපත්ය. මෙහි ප්‍රධාන දොරටුව නැගෙනහිරට තැබීම සුදුසුය. මෙහිදී දකුණට වන්නට බෑවුම් විලසට තිබීම ද උතුරට වඩා ඉඩ කඩක්‌ තිබීමද වඩා යහපත්ය. එහිදී ප්‍රධාන පිවිසුම උතුරට වන්ට ද තැබිය හැකිය. එවිට බටහිර ට වන්නට බෑවුමත් නැගෙනහිරට වන්ට වඩා ඉඩකඩක්‌ ද පැවතීම මගින් ඉඩමේ අයිතිකරුවාගේ දියුණුව ඇති වේ. යම් ඉඩම් කැබැල්ලක දකුණෙන් සහ නැගෙනහිරෙන් පාරවල් තිබෙන විට ප්‍රධාන පිවිසුම ද නැගෙනහිරට තැබිය යුතුය. එහිදී බෑවුම දකුණටත් වඩා ඉඩකඩ ඇති ප්‍රදේශය නැනෙහිරටත් තැබිය යුතුය. මෙහිදී ප්‍රධාන පිවිසුම දකුණට අනුමත නොවේ. මේ භුමිය තුලින් සතුට වර්ධනය වේ.

We found this article from Divaina on 2012/05/18.
Also Sinhala to English Google word to word translation can be found here