උපත ලබන සෑම කෙනකුටම, මහ දශා කාල, අතුරු දශා කාලද වශයෙන් බලපාන දශා කාල වකවානු ගණනාවක් ඇත. එම දශා කාල වකවානු විංශෝත්තරී හා අෂ්ටෝත්තරීද වශයෙන් දෙකොටසකි.
පෞරාණික ජ්‍යෙdතිෂ ග්‍රන්ථයක් වන මානසාගරියෙහි මේ පිළිබඳ විස්‌තර සඳහන්ව ඇත. විංශෝත්තරී කොටසට අදාළව, හිරු, සදු, කුජ, බුධ ආදී මහ දශාවක් හා අතුරු දශාවන්ද පවතින කාලවකවානුවලදී, කෙනකුට මුහුණපාන්න සිදුවන, යම් යම් පලවිපාක පිළිබඳ විස්‌තර මේ ලිපියට ඇතුළත්ය.
විංශෝත්තරී හිරු මහ දශාව – දුක් කරදර, රෝගපීඩා, ධන හානි, කලකිරීම්, අවි ප්‍රහාරවලට ගොදුරුවීම්, කැළඹුණු ස්‌වභාවය, නෑ සියන්ගෙන් දුරස්‌වීම යනාදිය.
හිරු අතුරු දශාව – රජයෙන් ලාභ ප්‍රයෝජන, පිතෙන් ඇති වන රෝග පීඩා, නෑසියන්ට කරදර විපත්, වියහියදම් අධික වීම.
සඳු අතුරු දශාව – සතුරු පුද්ගලයන් හා සමඟ සම්බන්ධතා, ධන ලාභ සැප ලැබීම.
කුජ අතුරු දශාව – රජයෙන් අත්වන ලාභ ප්‍රයෝජන, රන්රුවන් ලාභ, යාන වාහන ලාභ
රාහු අතුරු දශාව – විවිධ දේවල් පිළිබඳව සැක සහගත ගතිය, නින්දා අපහාස, රෝග පීඩාවන්, කෝප ගතිය, ධන සම්පත් හානිය යනාදිය.
ගුරු අතුරු දශාව – සිරුරේ නිරෝගී භාවය, ධන සම්පත් ලාභ, ධර්මයෙහි ඉහළම ස්‌ථානයට පත්වීම.
ශනි අතුරු දශාව – රජයෙන් හිමි වන පදවි තානාන්තර ලාභ යනාදිය අහිමිව යන තත්ත්වයක් මතුවීම. ශක්‌තියේ හානිය, නෑදැ වියෝව, විකලංතා යනාදිය.
බුධ අතුරු දශාව – දුක් කරදර, දුප්පත් ස්‌වභාවය, කුෂ්ට රෝග යනාදිය තුළින් ධනධාන්‍යයට හානිය.
කේතු අතුරු දශාව – රටින් පිටව යැම, නෑදැයන් හා ධනයද විනාශ වීම, කුලය ක්‌ෂය වීම.
සිකුරු අතුරු දශාව – දුක් පීඩාවලට හේතුවන ලෙඩ රෝග හටගැනීම.
විංශොත්තරී සඳු මහ දශාව – සම්පත් හැමෙකක්‌ම වාගේ ලැබීම, යානවාහන ලැබීම, ආරක්‍ෂාදායක බව, ප්‍රතාපවත් ස්‌වභාවය, බලය හා වීර්යයද සහිත බව, ශරීර සනීපය, ආහාරපානදිය සහිත බව සඳු මහ දශා කාල වකවානුවේදීය.
සඳු අතුරු දශාව – ස්‌ත්‍රීන්ගේ හා පුත්‍රයන්ගේ ලාභ, වස්‌ත්‍රාභරණ ලාභ, නෑදැ හිතමිතුරන්ගෙන් සිදුවන යහපත මැනවින් නින්ද යැම.
කුජ අතුර දශාව – බඩ ගින්නෙන් හා පිතෙන්ද මතුවන රෝග පීඩා, සොරසතුරු බිය හා ගිනිබිය, සිටින තැනින් පහවීම.
රාහු අතුරු දශාව – සතුරු බිය, ගිනි බිය, නෑයන් සතු ධනයේ විනාශය.
ගුරු අතුරු දශාව – ධර්මය හා අධර්මයද විචාරණය තුලින් වස්‌ත්‍රාභරණ ආදිය ලැබීම.
ශනි අතුරු දශාව – නෑයන් නිසා ඇතිවන කලකිරීම්, ශෝක, බිය, හානි, විපත් සැක සංකා ගතිය.
බුධ අතුරු දශාව – ඇතුන්, අසුන්, ගවයන් ලාභ, ධන ලාභ.
කේතු අතුරු දශාව – චපල ගතිය, කලකිරීම, නෑදැ හානි, ධන හානි.
සිකුරු අතුරු දශාව – ස්‌ත්‍රීන් බොහොමයක් හා සමඟ ආශ්‍රය, ගැහැණු දරු උපත්, මුතුමැණික් ලාභ.
රවි අතුරු දශාව – ජනකාන්ත භාවය, මනා සෞඛ්‍ය තත්ත්වය, සතුරන්ගේ විනාශය, වස්‌තු ලාභය.
විංශොත්තරී කුජ මහ දශාව
අවි ආයුධ ප්‍රහාරවලට ගොදුරුවීම, රජයෙන් සිදුවන පීඩා, සොර සතුරු බිය, ගිනිබිය, රෝග පීඩා, ධන විනාශය, කරන කටයුතු ඉෂ්ට සිද්ධ නොවීම, දීන ගතියක් ඇතිවීම.
කුජ අතුරු දශාව – සතුරන් හා සමඟ ගැටීම් ඇතිවීම, නෑසියන් සමඟ කලකෝලාහල, රත්පිතෙන් සිදුවන රෝග පීඩාදිය, පරස්‌ත්‍රීන් කරා යැම.
රාහු අතුරු දශාව – අවි ආයුධ වලින්, ගින්නෙන්, සොරසතුරන්ගෙන් සිදුවන අනතුරු, ධනහානි, රුජාවන්, පීඩාවන් ඇතිවීම.
ගුරු අතුරු දශාව – වෙහෙර විහාරස්‌ථාන, දාගැබ් හා පින්දහම් කරන ස්‌ථානද වෙත යැමට දක්‌වන කැමැත්ත, දෙවිබඹුන් හා ශ්‍රමණයන් වහන්සේලාද පිදීමට ඇති කැමැත්ත, රජයෙන් යම් තරමට හෝ ඇතිවිය හැකිය.
ශනි අතුරු දශාව – එක් දුකක් නිම වූ පසු තවත් දුකක් ඇතිවීම. තම ජනයාගේ හීනතාවය යනාදිය.
බුධ අතුරු දශාව – සොර සතුරු බියකින් හෝ ගින්නෙන් හෝ විනාශ වන ස්‌වභාවය, තදබල විපත් සහගත තත්ත්වය.
කේතු අතුරු දශාව – හෙණ වලින්, සොර සතුරන්ගෙන්, අවි ආයුධ වලින්, ගින්නෙන් ඇතිවන බිය, බොහෝ දුක් විදීමට ඇති ඉඩකඩ.
සිකුරු අතුරු දශාව – අවි ආයුධ වලින් ඇතිවන බිය, ලෙඩ රෝග, ධන හානි, උපද්‍රව, පිටරටට ඇදී යන ගතිය.
රවි අතුරු දශාව – ප්‍රචණ්‌ඩකාරී අණ දෙන ස්‌වභාවය, ජයග්‍රහණය අත්කර ගන්නා ස්‌වභාවය, අනර්ථකාරී ක්‍රියාවලට යොමුවන ස්‌වාභාවය.
සඳු අතුරු දශාව – විවිධාකාර ධන ලාභ, මිතුරු මිතුරියන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය, මුතුමැණික් ලාභ.
We found this article from Divaina on 2012/08/17.
Also Sinhala to English Google word to word translation can be found here