[ratings]
හින්දු සංස්‌කෘතික අංගයන්ගෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකික සංස්‌කෘතිය තුළ එදිනෙදා කටයුතුවලදී ජ්‍යෝතිෂයට ප්‍රමුඛ ස්‌ථානයක් හිමි වේ. මේ අතරින්ද විවාහයේදී විශේෂයෙන්ම කේන්ද්‍ර ගැළපීම අනිවාර්යය අංගයක් වී තිබේ. බොහෝවිට විවාහයට පෙර ජ්‍යෝතිෂවේදීන් දෙදෙනකුගේ අනුමැතිය එයට ලැබිය යුතුය. ඒ මනාල මහතාගේ හා මනාල මහත්මියගේ පාර්ශ්වය වශයෙනි. මේ දෙපැත්තෙන්ම අනුමැතිය නොමැති නම් විවාහය සිදු නොවේ.
මෙහිදී ගැටලු කිහිපයක් මතු වේ. පොරොන්දම් පරීක්‍ෂණයකදී ජ්‍යෝතිෂවේදීන් පරස්‌පර මත ප්‍රකාශ කරන අතර පොදු එකඟතාවකට පැමිණීමට ඔවුහු අසමත් වෙති. එක් අයකු ගැළැපේ යෑයි කියන කේන්ද්‍ර වෙනත් අයකු කුමන හෝ හේතුවක් දක්‌වා ප්‍රතික්‍ෂේප කරනු ලැබේ. පාප කේන්ද්‍ර හිමි වුවහොත් තත්ත්වය වඩාත් බරපතළ වේ. ගැළපෙන කේන්ද්‍ර සොයාගැනීම ඉතා අමාරු වේ. එසේ ලැබුණත් වෙනත් හේතු නිසා විවාහය සිදු කරගත නොහැක. බොහෝදෙනා මේ නිසා දැඩි කලකිරීමට පත්ව සිටින අතර විසඳුමක් ලෙස බොරු කේන්ද්‍ර හදා ගැනීමට පවා පෙළැඹෙති. එම නිසා මේ පිළිබඳ ජ්‍යෝතිෂයේ සැබෑ තත්ත්වය විමසා බැලීම වැදගත් වේ.
ජ්‍යෝතිෂය නිර්මාණය වී ඇත්තේa අතීතයේ වාසය කළ සෘෂිවරුන් හා පඬිවරුන් අනාවරණය කරන ලද කරුණු වලිනි. වර්තමානයේ ඉන්දියාව ප්‍රධානව අප භාවිත කරන හින්දු ජ්‍යෝතිෂය මහා බ්‍රහ්මයා විසින් සප්ත සෘෂින්ට දේශනා කරන ලද වේදයෙහි එක් අංගයකි. මේ සම්බන්ධව බොහෝ කරුණු සෘෂි භාෂිතයේ පවතී. සප්ත සෘෂින්ගේ සිද්ධාන්ත බොහොමයක් මේ වනවිට අතුරුදන්ව ගොස් ස්‌වල්පයක් ඉතිරිව ඇත. එයිනුදු වර්තමානයේ භාවිත වන්නේ මහර්ෂි පරාශර මුනිවරයන්ගේ බෘහත් පරාශර හෝරා ශාස්‌ත්‍රයයි. එයට අනුගතව පසුකාලීනව රචනාවූ බෘහන් ජාතක ආදී ජ්‍යෝතිෂ ග්‍රන්ථ රැසක් පවතින නමුත් ඒ සියල්ලම පරාශර මතයන් අනුමත කරන ග්‍රන්ථයෝය. නරද සෞතක ආදී මුනිවරුන්ගේ මතද ඒ තුළට එකතු වී ඇත.
හින්දු ජ්‍යෝතිෂය තුළ විවාහයට විශේෂ ස්‌ථානයක් හිමි වේ. ඒ නිසා පරාශර මුනිවරයෝ මේ පිළිබඳ කරුණු රැසක් අනාවරණය කර ඇත. පසුකාලීන පඬිවරු මේවා පුළුල් ලෙස විග්‍රහ කර තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් වාසනාවන්ත ස්‌ත්‍රී කේන්ද්‍රයක ලක්‍ෂණ හා අවාසනාවන්ත ස්‌ත්‍රී කේන්ද්‍රයක ලක්‍ෂණ වෙන් වෙන්ව දක්‌වා තිබේ. මෙහිදී ස්‌ත්‍රී කේන්ද්‍රයක 7 වැනි හා 8 වැනි ස්‌ථාන කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත. මෙම රාශිවල ශුභ දෘෂ්ටි ලබා ශුභ ග්‍රහයන් සිටීමෙන් ශූභ ඵලද අශුභ දෘෂ්ටි ලබා අශූභ ග්‍රහයන් සිටීමෙන් අශුභ ඵලද ලැබෙන බව කියා ඇත. මේ එවැනි අවස්‌ථා කිහිපයකි.
ජනුඃකාලෙ යස්‌සං මදන සදනෙ දානවගුරෞ
ශුභාභ්‍යා මාත්‍රානෙත ගතවති තදා සා විධුමු‚
ගජෙන්ද්‍රණං මුක්‌තා ඵල විමල මාලා වෘතකුචා
ප්‍රියා පත්‍යqර්නිත්‍යාංග ප්‍රභවති ශඩ්වක්‍ෂිතිතලෙ
ශුභයන් දෙදෙනකු විසින් දක්‌නා ලද හෝ ශුභයින් දෙදෙනකු සමඟ වූ සිකුරු 7 වැන්නේ සිටියදී උපන් කාන්තාව රජ බිසවක් හෝ ඒ හා සමාන සැප ඇත්තියක් වේ. මනා රූ ඇත්තී ගජමුතුමාලා පැළඳීමට වාසනා ඇති වේ.
සමාක්‍රා නෙන ලගෙන ත්‍රිදශගුරුවරාවාථ භෘගුණා
චුධෙ කන්‍යාරාශෙන මදන භවනෙ භූමිතනයෙ
මෘගෙ කකෙ_ චෙJද්‍ර සති භවතිලාවන්‍යලතිකෙ
තපොරෙඛා යොෂං ප්‍රභවති විශෙෂාන් ක්‍ෂිතී පතෙඃ
ගුරු හෝ සිකුරු ලග්නය දකිමින් සිටියදී බුධ කන්‍යාවේ හෝ හතේත් නොහොත් බුධ උච්චව හතේත් කුජ මකරයේත් සඳු කටකයේත් සිටි කල උපන් කාන්තාව සුන්දර දැකුමැති සැපැති රජ බිසවක් වැනි අයකු වේ.
මෙවැනි අතිශය වාසනාවන්ත පින්වත් කතුන්ගේ ග්‍රහ පිහිටීම් මෙන්ම විනාශයට හේතුවන කාන්තා ග්‍රහ පිහිටීම්ද පැරැණි ජ්‍යෝතිෂ ග්‍රන්ථවල දැක්‌වේ. මේ එවැන්නකි.
අංගාරකේ මදන මන්දිර මිJදාභාවං
මන්¯Jවිතෙ හරිභගෙ ජනනෙඛගනායාඃ
වෛධව්‍ය මෙත්‍ය නියතං කපට ප්‍රබනධාන්
වාරාංගනා භවති සෛව වරාංගනාපි
අඟහරු හතේ නීචව සිටියදී හෝ සෙනසුරු සමග සිංහයේ සිටියදී යම් කතක් උපන්නොත් ඕතොමෝ විනාශයට පත් වේ. වැන්දඹු වේ. ගර්හිත වේ.
මෙවැනි අශුභ ලක්‍ෂණ පාදක කරගෙන ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙවර්ගයටම බල පැවැත්වෙන අශුභ දෝෂ රැසක් ජ්‍යෝතිෂය දක්‌වා ඇත. පොරොන්දම් දෝෂවලට අමතරව කුජ දෝෂය, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝග, පාපකර්තරී යෝග, කඩහන්දි දෝෂ, නාශාංශක දෝෂ, බහු විවාහ දෝෂ, සරාගි දෝෂ, අභිචාරිකා දෝෂ, විකෘති කාමාශා දෝෂ, අවිවාහක යෝග, වඳ යෝග ශ්‍රමණ යෝග හා පවුල් අවුල් වන යෝග ආදිය ගැන විවාහයකදී විමසා බලනු ලැබේ.
එහෙත මේවා පරික්‍ෂා කර බැලීමේදී පුරාණ සෘෂිවරුන් හා පඬිවරුන් පවසා ඇති ආකාරයට කටයුතු කළ යුතුය. කුජ ග්‍රහයා 12, 4, 7, 8 රාශියක සිටි කල ඇය වැන්දඹුවක වන බව පරාශරයේ දක්‌වා ඇතත් එසේ වන්නේ ශුභ ග්‍රහ සංයෝගයක් හෝ දෘෂ්ටියක් නොමැති නම් පමණක් බව ඉතා පැහැදිලිව දක්‌වා තිබේ. එපමණක් නොව කිසියම් ග්‍රහයකු නිසා ශුභ ඵලයක් හෝ අශුභ ඵලයක් ලැබේද යන්න පුළුල් පරික්‍ෂාවට ලක් කළ යුතු බවත් ප්‍රතිඵල කිව යුත්තේ ඉන්පසුව බවත් පවසන පරාශර මුනිවරයා ග්‍රහයන්ගේ ශුභාශුභ පරීක්‍ෂණය සඳහා සුදර්ශන චක්‍රය ද ඇතුළු තවත් ක්‍රමවේද රැසක් දක්‌වා තිබේ.
මේ නිසා ස්‌ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක කුජ ශනි රාහු කේතු රවි වැනි පාපග්‍රහයකු 1, 2, 4, 7, 8, 12 රාශියක සිටි පමණින් වැන්දඹු දෝෂ හෝ විවාහ විනාශ වන යෝග සේ සලකා කලබල වියයුතු නැත. විෂ කන්‍යා යෝග හෝ වෙනත් එවැනි යෝග ගැනද එසේමය. මේ ගැන ඉතා හොඳින් පරීක්‍ෂා කර බැලිය යුතු අතරම මෙවැනි අශුභ ග්‍රහ පිහිටීම් සහිත වෙනත් කේන්ද්‍රවලට ගැළපීමද වැරැදි සහිතය. එසේ ගළපන ලෙසට පරාශරයේ සඳහන් වන්නේ එහි ඇතුළත් අනෙකුත් පරීක්‍ෂණ කිරීමෙන් පසුවය.
මෙවැනි අශුභ ග්‍රහ පිහිටීම්වල දෝෂ නැති කර යහපත උදාකරන පිහිටීම් රාශියක් ජ්‍යෝතිෂයේ දක්‌වා ඇත.
භවතීන්ද්‍ර රථො ශුභා නත රාලෙ
පරිපූර්ණ ඃ කිරණෙන ජන්ම කාලෙ
විනිහනති තදාශු දෝෂ සඛ්‍යා
නිභස ඛඝානිව කේශරී බලිෂ්ඨඃ
ජන්ම කාලයේ පුරසඳු සෞම්‍යයන් දෙදෙනකු අතර සිටියොත් සිංහයකු ඇතුන් නසන්නාක් මෙන් සියලු අපල දෝෂ නසයි.
බලවානපි කෙෙJද්‍රගො විශෙෂා
දිග සෞෙම්‍යා යදිලාභගො දිනෙශඃ
ගමයත්‍ය ‚ලා මරිෂ්ටමාලා
මපිගාඛගංහි ජලං යථාසජාලම්
බලවත්වූ ශුභ ග්‍රහයන් අතුරෙන් එකෙක් ලග්නය 4, 7, 10 යන මේ තැනක සිටියත් හිරු එකොළහේ සිටියත් ගංගා නම් ගඟේ ජලය පව් සෝදා හරින්aනා සේ සියලු අරිෂ්ට දෝෂ නසයි.
සුරපතිගුරු රඛගධාමගාමි
නිප්පද ගෝපිච තුඹගතාමුපෙතඃ
බහුතර ඛගජං නිහන්තිදෝෂං
හරිරභයුථමුපාංග තං හියළුන්
බලවත් ගුරු ලග්නයේ හෝ ස්‌වක්‍ෂේත්‍රයේ ස්‌වකීය අංශකයේ හෝ උච්චයේ සිsටියොත් බොහෝa ග්‍රහයන් ගෙන් වන අරිෂ්ට භංග කරයි. සිංහයා ළඟට පැමිණි ඇතුන් නසන්නාක් මෙනි.
සහජරිපුගතෙයථලාභගොවා
සකලශු භෛරව ලොකිතෝ යුතොවො
අගුරිභවිනිහත්ති රිෂ්ටජාලං
නගජාධිශ ඉවාධිතාපරාශිම්
සෞම්‍යයන් විසින් දක්‌නා ලද හෝ ඔවුන් සමග සිටියා වූ රාහු 3, 6, 11 රාශියක සිටියොත් ඊශ්වරයන් අධික තාප නසන්නාක් මෙන් සියලු අරිටු සමූහය නසයි.
සප්තමේ සපතමාධීශඃ
ශුභෝවාලගන චන්ද්‍රයොඃ
විෂයොගමලාහන්ති
සෙද්‍යාං හරිරිභංයථා
හත්වැන්න අධිපතියා හතේත් ලග්න චන්ද්‍ර රාශි දෙකින් එකක ශුභයකුත් සිටියදී උපන්නියගේ විශයෝග භංග වේ.
කාන්තා හෝ පුරුෂ කේන්ද්‍රයක කුජ ශනි රාහු වැනි අශුභ ග්‍රහයකු 7, 8 වැනි රාශියක සිටීම හෝ දැකීම සිදුවූ පමණකින් ඒවා පාප කේන්ද්‍ර නොවේ. එවැනි අහපත් පිහිටීම් තිබුණත් පෙර දැක්‌වූ පරිදි අරිෂ්ට භංගවන යෝග එම කේන්ද්‍රවල පිහිටා තිබීමෙන් මේ අශූභ ඵල නැති වේ. ඒ නිසා පාප කේන්ද්‍ර ඉතා ප්‍රවේසමෙන් හඳුනාගත යුතුය. එසේ නොමැතිව පාප කේන්ද්‍රවලට පාපකේන්ද්‍ර ගැළපීමද නොකළ යුතුය. එයින් පවුල් ජීවිත විනාශ වේ.
කුජගෙන් වන දෝෂ භංගවන ක්‍රම රාශියක් ජ්‍යෝතිෂයේ ඇත. දෝෂයට පත් කුජ ගුරු හෝ සඳු සමග සිටීම හෝ දැකීම 4, 7 රාශියක සිටි කුජ සිකුරු සමග යෝග වීම එම ස්‌ථාන මේෂ වෘශ්චික මකර හෝ කටක රාශියක් වීම 1, 2, 4, 7, 8, 12 රාශියක කුජ සිටියත් එය මේෂ, මකර, තුලා කටක වැනි චර රාශියක් වීම 2 වැන්න කුජගේ හෝ සිකුරුගේ රාශියක් වීම 7 වැන්නේ කුජ බලවත්ම පිහිටීම 8 වැන්න මකර, කටක, ධනු, මීන රාශියක්‌ව කුජ සිටීම 12 වැන්න මිථුන, කන්‍යා, වාෂභ, තුලා රාශියක්‌වීම ආදිය නිසා කුජගේ දෝෂ නැතිවේ.
මෙවැනි දෝෂ සහිත කේන්ද්‍ර නිවැරැදිව හඳුනා ගැනීමෙන් පසුව ඒවා ගැළපිය යුතුය. ඉහත කී ආකාරයට දෝෂ භංග නොවූ කේන්ද්‍රයක කුජ සිටි ස්‌ථානයේ අනෙක් කේන්ද්‍රයේ පාප ග්‍රහයකු සිටී නම් හෝ කේන්ද්‍ර දෙකේම එකම රාශියක හෝ ස්‌ථානයක කුජ සිටී නම් ඒවා ගැලපිය හැක.
කේන්ද්‍රÊගැළපීමේදී දෝෂ නැති කේන්ද්‍රවලට දෝෂ නැති කේන්ද්‍ර ද දෝෂ භංග කේන්ද්‍රවලට දෝෂ සහිත කේන්ද්‍ර ද ගැළපිය හැක. දෝෂ නැති කේන්ද්‍රයකට දොaෂ භංග කේන්ද්‍රය ගැළපිය හැකි වුවද දෝෂ නැති කේන්ද්‍රය බලවත් එකක් විය යුතුය. ස්‌ත්‍රී කේන්ද්‍රවල බුධ, කිවි, ගුරු, සඳු බලවත්වීමෙන් ශුභ ඵල උදාවේ. දෝෂ නැතිවේ. බලවත් යෝග යෙදීමෙන් හා ඉහත ග්‍රහයන් හා කුජ බලවත්වීමෙන් පිරිමි කේන්ද්‍ර බලවත් වේ. ස්‌ත්‍රී පුqරුෂ කේන්ද්‍රවල එකිsනෙකාට මාරක අපල උදාකරන ග්‍රහ පිහිටීම් දුටු කල ඒවා ඉතා ප්‍රවේශමෙන් ගැලපිය යුතුය.
ග්‍රහ පිහිටීම් හා විවාහය හා විවාහයට අහිතකර යෝග ගැන විවාහ පරීක්‍ෂණයේදී මුල්තැන දිය යුතුය. පොරොන්දම් ගැළපීමට හිමිවන්නේ එයට වඩා අඩු වටිනාකමකි. ජ්‍යෝතිෂයේ මුල් කාලයේ නැකැත් හා රාශි දෙක ගළපා බැලීමක් මිස විසි පොරොන්දම් ගැළපීමක් සිදු කර නැත. මුල්ම පොරොන්දම් ක්‍රමය අෂ්ටකූටය හෙවත් පොරොන්දම් අටක් පරීක්‍ෂා කිරීමයි. එය ද නැකත හා රාශි පුළුල් කර හදාගත් එකකි. මෙය කාලයත් සමග පොරොන්දම් දහය දොළහ දහඅට විස්‌ස බවට පත්වූ අතර ඒවා බැලීම වඩා පහසු බැවින් කේන්ද්‍රවල ශුභා ශුභ බැලීම අමතක කර දමා ඇත. එය අසාර්ථක හා ප්‍රතිඵල රහිත ක්‍රමයකි. මෙම පොරොන්දම් ගැළපීමේදී ද සුපරීක්‍ෂාකාරී විය යුතුය. ග්‍රහ පිහිටීම් යහපත් නම් ඇතැම් පොරොන්දම් ගැළපීම නොසලකා විවාහ විය හැක. පොරොන්දම්වලින් විවාහ ජීවිතයක ඇතිවන ගැටලු පරීක්‍ෂා කළ හැකි නම් විවාහයෙන් පසු කේන්දර බැලීම පසෙක තබා පොරොන්දම් කොළය බලා පලාපල කිව යුතුය. එහෙත් එය විවාහයෙන් පසු අවලංගු වූ ලියෑවිල්ලක් බවට පත් වේ. ඒ නිසා විවාහයේදී ද ප්‍රධාන වන්නේ කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් මිසක පොරොන්දම් නොවේ. සම්ප්‍රදායක් ලෙසට පවතින නිසා පොරොන්දම් බැලීමේ වරදක් නැත. එහෙත් එය විවාහයට බාධාවක් කරගත යුතු නොවේ.
යම් පොරොන්දමක් නොගැළපුණ ද එහි දෝෂ වෙනත් පොරොන්දම්වලින් නැතිවේ. කේන්ද්‍ර දෙකේ චන්ද්‍රයා බලවත් නම් නැකැත් පොරොන්දම් දෝෂ නැතිවේ. අව පක්‍ෂයේ සඳු සිටියත් ගුරු සමග සිටීම හෝ දැකීමෙන් සඳු බලවත් වේ. රාශි රාශ්‍යාධිපති නාඩි රඡ්ජු පොරොන්දම් ශුභ නම් ගණ පොරොන්දම් දෝෂ නැති වේ. නැකැත් හා රාශි පොරොන්දම් ශුභ නම් රාශ්‍යාධිපති පොරොන්දම ශුභ වේ. රාශ්‍යාධිපති පොරොන්දම ශුභ වීමෙන් වශ්‍ය, වර්ණ, නක්‍ෂත්‍ර දෝෂ භංග වේ. රාශි, රාශ්‍යාධිපති, මහේන්ද්‍ර පොරොන්දම් ශුභ වීමෙන් රඡ්ජු දෝෂ භංග වේ. රාශි හෝ රඡ්ජු පොරොන්දම් ශුභ නම් නාඩි දෝෂ භංග වේ.
මෙවැනි ප්‍රතිපාදනයන් ජ්‍යෝතිෂය තුළ තිබෙන නිසා කිසියම් පොරොන්දමක් නොගැළපීම විවාහයට බාධාවක් නොවේ. එම දෝෂ භංග වී ඇත්නම් හා කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් යහපත් නම් දෝෂ බලපාන්නේ නැත. මේ කුමන දෝෂ තිබුණත් ඒ සියලු දෝෂ වේදයේ කියන ලද ශාන්තිකර්ම කිරීමෙන් නැතිවන බව ජ්‍යෝතිෂ මතයයි.
වෛධව්‍යයෝග යුකතායාඃ කන්‍යායඃ ශාන්ති පූර්වකම්
වේදොතන විධිනොවාහං කාරයේච චිරංජිතා
වෛධව්‍යයෝග විෂ යෝග ඇති ස්‌ත්‍රියගේ විවාහය වේදයේ සඳහන් පරිදි ශාන්තිකර්ම පූව_කම් කිරීමෙන් සියලු දෝෂ නැති වන බව මෙයින් කියෑවේ. පරාශරයට අනුව මහා බ්‍රහ්මයා තමන්ට පූජා නමස්‌කාර කරන අය ආරක්‍ෂා කරන මෙන් නවග්‍රහයන්ට නියෝග කර තිබේ. එසේම බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර, ඉන්ද්‍ර වැනි දෙවියන්ට ස්‌තෝත්‍ර මන්ත්‍ර ගායනා කර පූජා තැබීමෙන් සියලු යහපත ආරක්‍ෂාව ලැබෙන බවද එහි පවසා ඇත. ඒ නිසා ග්‍රහ අපල සඳහා නියමිත ශාන්තිකර්ම විධි ද ජ්‍යෝතිෂය සමගම තිබෙන බැවින් ඒවා භාවිත කර අපල නැති කර ගත හැක. මේ අනුව බලන විට කේන්දරය විවාහයට බාධාවක් වීමට කිසිදු ඉඩක් නොමැති බව කිව යුතුව ඇත.
We found this article from Divaina on 2011/12/23.
Also Sinhala to English Google word to word translation can be found here