විවාහ පමාවට අත්දුටු පිළියමක්‌

2065
කුජ
කුජ

[ratings]

තම දරුවන්ට උගන්වා නිසි රැකියාවකට යොමු කර නිසි වයසට එළඹි පසු ඔවුන්ට සුදුසු විවාහයක්‌ කරදීමේ වගකීම නිසිලෙස ඉටු කිරීම දරුවන් සිටින සෑම දෙමාපියෙකුගේම බලාපොරොත්තුවකි.

එහෙත් සමහර අවස්‌ථාවලදී තම දරුවන්ගේ විවාහ කටයුතු නොයෙක්‌ බාධක නිසා ප්‍රමාද වීම හේතුවෙන් කනස්‌සල්ලෙන් පසුවන දෙමාපියන්ද බොහෝ සිටිති.

පසුතැවිලි නොවී තම දියණියගේ පුතණුවන්ගේ විවාහයට ඇති බාධාව ඉවත් කර ගෙන එය නිසියාකාරව ඉටු කර ගත හැකි අත්දුටු ශාන්තිකර්මයකි මේ.

විවාහය පමාවී ඇති දරුවාගේ මව හෝ පියා විසින් භක්‌තිමත්ව පළමුව බුදුන් වැඳ දෙවියන්ට පිං දී දුර්ගා මෑණියන්ගේ රූපයක්‌ ඉදිරිපිට ගිතෙල් පහනක්‌ දල්වා රතුමල් සුවඳ දුම් පූජා කර පහත දැක්‌වෙන ස්‌තෝත්‍රය දින 90 ක්‌ පුරා දිනකට 108 වාරය බැගින් කියා තම දරුවාගේ විවාහය සඳහා බලපාන්නා වූ බාධාව ඉවත් කර දෙන මෙන් ඉල්ලන්න.

සදේවි නිත්‍යං පරිතප්‍යමාන

ධ්‍යාමේව සීතේත්‍යම් මාෂ මාණඃ

දාඪං වුතෝ රාජ සුතේ මහත්මා

තවෛව ලාභාය කෘත ප්‍රයත්තඃ

මෙම අත්දුටු අති ප්‍රබල මන්ත්‍රය ගෝධුලි වේලාව නම් ඉතා ශුභ වේලාවෙහි ගායනා කිරීම අරඹන්න.

(එය සෑම දිනකම ඉර බසින්නට විනාඩි 12 කට පෙර සිට ඉර බැස ගොස්‌ විනාඩි 12 ක්‌ යනතුරු පවතී.)

පන්සිල් රකිමින් නිර්මාංශව ඉතා භක්‌තිමත්ව කැපවීමෙන් මෙම ශාන්තිකර්මය සිදු කිරීමෙන් ඉක්‌මන් ප්‍රතිඵල ලැබිය හැකිය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here