විශ්ව භූත ගුණය රඳවන රාශි

2441
විශ්ව
විශ්ව

[ratings]

පොළොවේ ස්‌වභාව ධර්මයට ඇතුළත්ව ඇති භූත කොටස්‌ පහකි. පෘථිවියේ ගොඩනැගෙන හැම රසායනික ද්‍රව්‍ය මූලයකටම මේ භූත කොටස්‌ උපයෝගී වේ. මෙම ප්‍රධාන කොටස්‌ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ ලෙස නම් කෙරේ. මෙම කොටස්‌වල මූලිකත්වයෙන් ස්‌වභාවිකත්වයේ ඉදිවන ප්‍රධාන බලපෑම් ඇති වන්නේ අව්ව, වැස්‌ස, සුළඟ, ජලය, ගින්දර, පස්‌, ධූලි ආදීන් නිසාය.

ජ්‍යෙdතිර් විද්‍යාවේ රාශි කොටස්‌ 12 කට වෙන්කර තිබේ. මෙම රාශි 12 (මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන) මේෂ රාශියේ සිට මීනය දක්‌වා පවතින විපරිත ගුණය එකිනෙකට වෙනස්‌ය. රාශි 12 ආපෝ, තේජෝ, වායෝ, පඨවි යනුවෙන් කොටස්‌ හතරකට බෙදා වෙන්කර තිබේ. රාශියක්‌ ඇතුළත හිරු ගත කරන කාලය සූර්ය මාසයකි. සූර්ය වර්ෂය අවසානයේදී හිරු රාශි 12 ම පසුකරයි. මේ අනුව සූර්ය වර්ෂය නිමාවන්නේ හිරු මීනයෙන් මේෂ රාශියට පැමිණි දිනයේය.

ආපෝ ලෙස ගැනෙන රාශි වන්නේ කටක, වෘශ්චික සහ මීන රාශියයි. ආපෝ ජල රාශියකි. ජල රාශියක්‌ ලෙස ගැනෙන කටකයට වියළි ගතියක්‌ නැත. තෙත් ගුණයෙන් යුක්‌ත වායු මණ්‌ඩලයකින් මෙය නිර්මාණය වී තිබේ. මෙහි ඇති බලවේගය නිසා ආධ්‍යාත්මික ගුණය වැඩිකරයි. ගුප්ත ගතියක්‌ පවතී. මෙයට සාගර, ගංගා, වැව්, ජලාශ්‍ර ඇතුළත් වේ. වෘශ්චික රාශිය කීට රාශියක්‌ ලෙසද හැඳින්වේ. ඒනිසා තැන්පත් බවක්‌ ඇති නොවේ. වෘශ්චික රාශියේදී රවි, කුජ, ශනි වැනි ග්‍රහයන් සිටි විට අපල, විපත්, කරදර ඇති වන්නේය. මීන රාශියද ආපෝ ගුණයෙන් යුක්‌ත රාශියකි. මෙයට ස්‌වභාව දෙකක්‌ ගනී. දියුණුවීමේ ආශාව යටපත් කරයි. මොනම දේaකටවත් වැඩි උනන්දුවක්‌ හෝ උනන්දු නොවීමක්‌ හෝ සිදු කරයි.

තේජෝ රාශි – මේෂ, සිංහ, ධනු යන රාශි තුන තේජෝ රාශි ලෙස සැලකේ. මේ රාශිවල පවතින්නේ ගිනිකාර ගුණයකි. මේෂ රාශියේදී චංචල ගතියත්, කඩිසර ඉක්‌මන්කමත්, අලුත් අමුතු නිර්මාණ කෙරෙහි ආශාවත් ඇති කරයි. එහෙත් ස්‌ථිරතාවය අඩුයි. සිටින රාශියේදී ගිනි ගතිය වැඩී. ස්‌ථිරතාවයෙන් යුක්‌තය. කලබල ඉක්‌මන් ගතියක්‌ නැත. තේජාන්විත බවක්‌ දනවයි. නිහතමානී වේ. සෘජුයි. ධනු රාශියේදී ගිනිකාර ගතිය ස්‌වභාව දෙකකින් යුක්‌තය. ස්‌ථිර ගුණය අඩුකරයි. එහෙත් වේගවත් ලෙස අදහස්‌ පැතිරීමේ හැකියාව ලබයි. කොයි කාටත් සමසේ සලකයි. ධාර්මික හැඟීම් වර්ධනය කරයි. මානුෂික ගති සිරිත් යහපතට යොදවයි.

වායු රාශි – වායු ගුණයට අයත් වන රාශි ලෙස සැලකෙන්නේ මිථුන, තුලා, කුම්භ යන රාශි තුනයි. මෙම රාශි සැකසී ඇත්තේ සියුම් වායු තරංග රාශියකිනි. මේවා වේගයෙන් ගමන් කිරීම නිසා ප්‍රකෘති තත්ත්වය වෙනස්‌ වන්නේය. වියළි උණුසුම් තත්ත්වයක්‌ ඇතිවන හෙයින් ජන්මියාට වඩාත් උචිත න්‍යායධර්ම සකසා දෙයි. ශාස්‌ත්‍රීය කටයුතු වලින් දියුණුව උදාකරයි.

මිථුන රාශියේදී මෙම තත්ත්වය වඩාත් පතුරුවයි. සියුම් කල්පනා ශක්‌තියක්‌ ඇතිවන නිසා ශාස්‌ත්‍රීය අංශයෙන් ප්‍රබුද්ධ තත්ත්වයකට පමුණුවයි. එසේම කලාකාමී කටයුතු, සංගීත, චිත්‍ර කර්ම, ශෘංගාරය වැනි දේවල් කෙරෙහි හැඟීම් දියුණුවට පත්වේ. මෙම කාර්යයන් මගින් දැනීම්, ඉගෙනීම් දියුණු කරගනී.

තුලා රාශියේදී වායු තරංගවල ඉක්‌මන් වෙනස්‌ තත්ත්වයක්‌ ඇතිවන නිසා ස්‌ථිරතාව අඩු වුවත් අපක්‍ෂපාතීව කරුණු විසඳා ගැනීමට දක්‍ෂ වේ. හොඳ – නරක, උස්‌ – පහත් ආදී දේ කෙරෙහි නිසි අයුරින් සිතා මතා මනා තීන්දු – තීරණ ගනී. යුක්‌ති – අයුක්‌ති හරිහැටි තෝරා බේරා කටයුතු කරයි.

රාශි චක්‍රයේ 11 වැන්න වූ කුම්භයේදී ස්‌ථිර ගුණය බලවත් වෙයි. ලෝකයාට, සමාජයට උසස්‌ ගුණධර්ම බෙදා හදා දෙයි. මනුෂ්‍යයාගේ යහපතටම කටයුතු කරයි.

පඨවි රාශි – පඨවි රාශි ලෙස වෘෂභ, කන්‍යා, මකර යන රාශි 03 ගැනේ. පඨවියේ පවතින ධාතු ගුණය මීට අදාළ වෙයි. පඨවි ධාතුවෙන් නිර්මාණය වන්නේ ලෞකිකත්වයයි. තෙතමනයත් වායුවෙහි ධාතු ගුණයත් නිසා හිරුගේ තේජෝ ගුණය ලැබීමෙන් ලෞකික ගුණය ඇති කෙරේ. ගුණය උත්පාදනය සිදුවෙයි.

වෘෂභ රාශියේදී තද ස්‌ථිර ගතියක්‌ ඇතිවන අතර ලෞකික ආශා වැඩිවෙයි. ශාස්‌ත්‍රීය, කලා, සංගීත, ශෘංගාර වැනි අංශවලින් උසස්‌ තත්ත්වයකට පත්කෙරේ. නරක ගතිගුණවලින් තොරයි. ආදරය, කරුණාව ආදී ගුණාංගයන් මෙම රාශියේදී ඇති කරයි.

කන්‍යා රාශියේදී පඨවි හා වායු ගුණය වැඩිව පැවැතීම නිසා වැඩි ස්‌ථීර බවක්‌ ඇති නොකෙරේ. ස්‌ත්‍රී ගතිගුණවලට හිමිකම් කියයි. ඥානය මෙහෙයවා කරන කටයුතුවලට ඉතා හොඳයි. ගණිත මිණිත කටයුතුවලටද, ශාස්‌ත්‍රීය වැඩවලට ද, චින්තන ශක්‌තියටද මෙම රාශිය බල පවත්වයි.

පඨවි ගුණය ඉතා වැඩි රාශිය ලෙස මකර රාශිය හැඳින්වේ. මෙහි ඝන වායු පටලයක්‌ පවතී. ඇතැම්විට වායු පටලය තුනී වී ගමන් කරයි. ඒනිසා මකර රාශියේදී ස්‌ථිර ගතිය අඩුවේ. මෙයින් වටහාගත හැක්‌කේ ආත්මාර්ථකාමී බවකි. ලෞකික වශයෙන් තම දියුණුව ගැනම සිතයි. තමාටම හරි හම්බ කර ගැනීමට වෙහෙස දරයි.

We found this article from Divaina on 2012/03/23.
Also Sinhala to English Google word to word translation can be found here