[ratings]
සමස්‌ත බොදු බැති ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මුල්කොට ගෙන පවත්වන ඇසළ මහා පෙරහැර සමාජීය වශයෙන්ද අපේ ඓතිහාසික ස්‌ථාවරයක්. ඒ ආකාරයෙන් ජීවමාන ලෙස නිරූපණය කරන ජාතික සංදර්ශනයක් වශයෙන් සැලකෙන මහනුවර ශ්‍රී දළදා පෙරහැර නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දේවාල සතර හා සම්බන්ධයි. මේ පිළිබඳ රසවත් කතා නා නා අයුරින් ජනප්‍රවාදයේ සඳහන් වේ.
සෙංකඩගල පුරවරයේ ඉතා පැරැණිම දේවාලය නාථ දේවාලයයි. ඒ ගැන ජනප්‍රවාදයේ රසවත් කතාවක් මෙසේය. දුම්බර යක්‌ගහ පිටියේ විසූ නාථ දෙවියෝ එකල සොළීරටින් පැමිණ පිටියේ දෙවියන් විසින් මහවැලි ගඟෙන් එතරට පළවා හැරීමෙන් පසු ඔහු ධර්මරාජ කන්දෙහි වාසය කළේය. එසේ සිටින අවදියේ දිනක් ගස් බෙනයක සිටි සුදු හාවෙකු පසුපස හිවලෙකු පන්නා යන සැටිත් පසුව හාවුන් හිවලා පිටුපස පන්නා යන සැටිත්, ඒ අතර කොටියකු මුවකු පිටුපස ලුහුබැඳ යන සැටිත්, පසුව මුවත් කොටියා පසුපස ලුහුබැඳ යන සැටිත් දුටුවේය. මේ ආශ්චර්යමත් සිදුවීම දුටු සෙංකඩ නම් බමුණා මේ ස්‌ථානයෙහි මහා බල ඇති හාස්‌කම් ඇති ස්‌ථානයක් ලෙස සලකා ඔහු කුටියක් ඉදි කළේය. මේ අවධියේ ගම්පොළ රාජ්‍ය කළ ෂෂෂ වැනි වික්‍රමබාහු රජු නගරයක් ඉදිකිරීම සඳහා භූමියක් සොයද්දී මේ ආශ්චර්යමත් සිදුවීම ගැන දැන මෙම ස්‌ථානයේ නාථ දේවාලය ඉදි කළේය. ඒ නිසා පළමුව මේ ස්‌ථානයේ වාසය කළ බමුණා සිහිවීම සඳහා මෙම නුවරට සෙංකඩගල යන නාමය තැබුවේය.
නාථ දේවාලය පිළිබඳ තවත් මතයක් නම් ශ්‍රී වික්‍රම රාජ්‍ය සමයේ ඇහැලේපොල කුමාරිහාමි ලවා තම දරුවන් වංගෙඩියක ලා කෙටුව ස්‌ථානය මේ ස්‌ථානය බවයි.
නාථ දේවාලය පිළිබඳ තවත් මතයක් නම් නාථ නම් බමුණකු මෙහි රෝපණය කළ දෙතිස් බෝ අංකුරයක් නිසා මේ ස්‌ථානය නාථ දේවාලය නමින් හැඳින්වූ බව. එය මූලබෝධි වංශය ග්‍රන්ථයේ සඳහන් වේ. බෝධි වහන්සේ අසල ඇති චෛත්‍ය දෙකෙන් එකක බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව තැන්පත් කර ඇත යෑයි සැලකේ. වර්ෂ 1705 – 1738 වකවානුවේ මහනුවර රජකළ වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මෙම චෛත්‍ය දෙකෙත්, බෝධියේ ආරක්‍ෂාව සඳහාත් බෝධිය වටා ප්‍රාකාරයක් ඉදිකළ බවට ඓතිහාසික සාක්‍ෂිවලින් ඔප්පුවේ. පැරැණි රජවරු නමක් තෝරා ගැනීමේ මංගල උත්සවයන් පවත්වා ඇත්තේද මෙම නාථ දේවාලයේදීය. නම් ලියූ තල්පත් කැබලි බඳුනක් මෙම දේවරුව ඉදිරියේ තැබිමෙන් පසු සෙසු පිරිවර සමඟ මහ රජු පැමිණි කල තල්පතක් තෝරා අතට ගත් පසු මහා අදිකාරම්තුමා විසින් එය අතට ගෙන බලා එහි සඳහන් නම හඬ නගා කියයි.
මීළඟට මෛත්‍රී නමින් බුදුවන්නේ නාථ දෙවියන් යෑයි විශ්වාශය මත මහනුවර යුගයේ මුල් කොටස හිමිවී ඇත්තේ නාථ දේවාලයට බැවින් පෙරසිට පැවත එන චාරිත්‍රයක් වශයෙන් එදා සිට අද දක්‌වා ශ්‍රී දළදා පෙරහැරහි දෙවනුව ගමන් කරන්නේ නාථ දේවාලයේ පෙරහැරයි.
තෙවනුව ගමන් කරන්නේ ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැරයි. මෙම දේවාලය ක්‍රි.ව. 1947 කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් විසින් ඉදි කළේය. එදා සිට මහා රාජවරු තම අභිෂේක මංගල්‍යයන් පැවැත්වූයේ මෙම දේවාලයේය. විෂ්ණුගේ උපත සිදුවීම සඳහා මෙම දේවාල පෙරහැර පවත්වන බවට මතයක් ඇත. තවත් තැනෙක සෝළීන් දොළොස් දහසක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සිද්ධිය සිහිවීමට මේ උත්සවය පවත්වන බවට මතයක් ද ඇත. ඇසළ පෙරහැර ආරම්භයේදී පළමුව කප්සිටුවීම සඳහා නෑඹුල් කොස් ගසක් හෝ ඇසළ ගසක් මෙම දේවාලයේ ගස් කපන්නා විසින් කැපීමේ චාරිත්‍රය ද කෙරෙයි. පෙරහැර අවසන් වූ සත් දිනකින් බලියාගයන් හා නැටුම් රංගනයක්‌ද මේ දේවාලයේ කරයි. ඉහළ කෝට්‌ටේ, අළුත්නුවර, අම්බලකන්ද, අරන්දර, තාඹුqගල යන ගම් පෙර රජවරු විසින් මෙම විෂ්ණු දේවාලය වෙත පවරාගෙන තිබිණි.
ඇසළ පෙරහැරේ හතර වැනි ස්‌ථානය හිමිවන්නේ කතරගම දේවාලයටය. මෙහි තතු පිළිබඳ පැහැදිලි කාල වකවානුවක් නැත. පසු කලක නායක්‌කාර් වංශික දෙමළ රජවරු පැමිණීමෙන් පසු කතරගම දේවාලය උතුම් ස්‌ථානයක් ලෙසින් පවත්වා ඇතැයි සිතන්නට හැකිය. අපට එසේ සිතිය හැක්‌කේ ස්‌කන්ධ කුමරුගේ උපත ද ඉන්දියාවේ සිදුවී ඇති නිසාය. ඉන්දියාවේ මැණික් ගඟ අසබඩ වනයේ විසූ වැදි රජකුගේ දියණියක් වන වල්ලි අම්මා සමඟ කතරගම දෙවියෝ ජීවත්වුණු අයකු ලෙස සලකන හෙයින්දෝ, වැඩි වශයෙන් කතරගම දෙවියන් අදහන්නේ ද්‍රවිඩ පිරිස්‌ය. මෙම දේවාලයේ කපු මහතාද ද්‍රවිඩ අයෙකි. සිංහල රාජ්‍ය සමයේ මෙම දේවාලයේ කපු මහතුන් වූයේ බ්‍රාහ්මණයන් බවට මතයක් ඇත. මෙහි පුද පූජා විධි අනිකුත් දේවාල වලට සමය.
අවසාන වශයෙන් පස් වැනිව ගමන් කරන්නේ පත්තිනි දේවාලයේ පෙරහැරයි. තම පතිවෘත්තය උතුම් අයුරින් ආරක්‍ෂා කළ එකට භාරතීය කාන්තාව පත්තිනි දේවියයි. ගජබා රජ සමයේ සොළීන් පරාජය කර සිරිලකට පැමිණීමේදී “පත්තිනි සළඹ” ගෙන ආ බව මහාවංශය කියයි. පත්තිනි දේවාලවල ආරම්භයද මෙකල සිදු වූ වකැයි සිතිය හැක. පුද පූජාවන් අනිකුත් දේවාල හා සමවේ. රෝග උපද්‍රවයන්ගෙන් වැළකීමට, දරු සම්පත් ලැබීමට, බිළඳු දරුවන්ගේ ආරක්‍ෂාවට පත්තිනි දේවියට භාරහාර වෙති. පත්තිනි දේවිගේ ගුණ හාස්‌කම් එමටය.
එබැවින් සතර මහා දේවාල එකතුව පවත්වන ශ්‍රී දළ¹ පෙරහැර සිංහලයන්ගේ විභූතිමත් සංස්‌කෘතියත්, අනභිබවනීය වූ ජාතිකාභිමානයත්, විචිත්‍ර වූ කලා කෞශ්‍යල්‍යයත් ප්‍රදර්ශනය කරන ජාතික කලා සංදර්ශනයක් ලෙසින් එදා සිට අද දක්‌වාම බොදුනු සිත් සතන් පුබුදු කරවමින් පවත්වනු ලබයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here