ශුභඵල ගෙනදෙන විරින්චි යෝගය

0
473
විරින්චි
විරින්චි

ගුරු, ශනි සහ පස්‌වැන්නාධිපති යන ග්‍රහයින් කේන්ද්‍රස්‌ථානවල හෝ ත්‍රිකෝණස්‌ථානවල තැන්පත් වෙතොත් ඒ විරින්චි යෝගයයි. ඉහත කී ග්‍රහයින් තිදෙනා මිත්‍ර, ස්‌වක්‍ෂේත්‍ර හෝ උච්ච රාශිගතව සිටීමෙන්ද මෙම යෝගය පැන නගී.

මින් උපන් තැනැත්තා නොකැළැල් කීර්ති නාමයක්‌ දරන්නේය. පුණ්‍යාකාමීය. මනා චරිතවත් වන අතර පහත් ක්‍රියා පිළිකුල් කරයි. ධර්මයට අතිශයින් ලැදිය. නායක පාලකාදීන්ගෙන් ගරු සැලකිලි ලබයි. සැවොම ප්‍රිය කරනු ලබන්නෙකි. ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙනුමෙහි ශූරයෙකි. පැහැදිලි නිරවුල් බුද්ධියකින් හෙබිය. සිය සතුරන් මැඩලමින් ජයග්‍රහණ ලබයි. ආත්ම ශක්‌තිය ප්‍රබලය. ජීවිතයේ ක්‍රමවත්ව දියුණුවට පැමිණේ. කිසිවකින් පසුබට නොම වන්නේය. පාලකයෙකු වීමේ භාග්‍යය ඇත්තෙකි. සුඛ විහරණ ඉහළ මට්‌ටමින් අත්වේ. සැප සම්පත් හා විසිතුරු බඩු භාණ්‌ඩ යනාදියට හිමිකම් කියයි. මාපියනට ගරු සත්කාර කරයි. ත්‍යාගශීලී සානුකම්පිත හදවතකි, මිනිසුන්ගේ සිත්සතන් තුළින් සිය නාමය බොහෝ කාලයකට ඈත් නොවන්නේය. සිය පවුල මැනවින් රැක බලාගනී. සෑම කටයුත්තක්‌ම කාර්යක්‍ෂමව, දක්‍ෂව ඉටු කරන්නෙකි. යහපත් කර්මාන්තවලින් ධනය උපයයි. පරහිතකාමීය. සුව පහසු ජීවිතයක්‌ සඳහා කටයුතු කෙසේ හෝ සම්පාදනය කරගත හැක.

We found this article from Divaina on 2013/03/08.
Also Sinhala to English Google word to word translation can be found here