ශුභ ඵල මෙන්ම අශුභ පලද ලබාදෙන ග්‍රහ ලොව මනාලිය

1691
ශුභ
ශුභ

ග්‍රහ ලොව මනාලිය වශයෙන් හැඳින්වෙන ශුභ ග්‍රහයකු වූ සිකුරු ගැන බොහෝ දෙනා බොහෝ දේ දනිති. සිකුරු සැප සම්පත් ලබාදෙන ග්‍රහයකු නිසා, බොහෝ ආශාවෙන් සිකුරු ගැන කතා කරති. විනෝදයට යොමු කරවන, සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන, ආදරය, ප්‍රේමය, හඳුන්වා දෙන කලාවට, සංගීතයට, නැටුමට යොමු කරන ග්‍රහයකු ලෙස බොහෝ දෙනා අතර සිකුරු ප්‍රසිද්ධය.

කෙනෙකුට සැප සම්පත් ලබාදෙන සිකුරු තවත් කෙනෙකුට දුක්‌ කරදර, ලෙඩ රෝග, විවාහ කරදර ලබාදෙන බව දන්නේ ජ්‍යෙdතීර්වේදීන් පමණකි. ඉතා සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවිතය ගත කරන කෙනෙකු දැන හෝ නොදැන හෝ ප්‍රකාශ කරනනේ මට සිකුරු මහා දශාව ලබා තිබෙනවා. සිකුරු මගේ කේන්දරයේ හත්වැන්නේ සිටිනවා කියාය. එහෙත් සෙම් බහුල අසනීපයෙන් පෙළෙන විවාහ ජීවිතය කරදරවලට යොමු වී තිබෙන, නරක ක්‍රියාවලින් මුදල් නිකුරුණේ නාස්‌ති කරගත් බොහෝ දෙනකු තමන්ට මෙවැනි දේ සිදු වී තිබෙන්නේ සිකුරු නිසා බව නොදනී.

නව ග්‍රහයන් අතුරෙන් සිකුරු සෞම්‍ය ග්‍රහයා ය. ගුරුගේ පුත්‍රයා හැටියට ද හැඳින් වේ. රූමත් පැහැපත් තරුණ කාන්තාවකගේ රූපය සිකුරුට ලබා දී තිබේ. ඉතා වටිනා අලංකාර ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටියි. සමහර විට කෙනෙකු ප්‍රීතියෙන් විනෝදයෙන් සිටින විට බොහෝ දෙනකු කියන්නේ මෙයාට සිකුරු ලබලා තියෙනවා කියාය. මෙහි සත්‍යතාවක්‌ ඇත.

ජන්ම පත්‍රයේ ශුභ ස්‌ථානයක (කේන්දර ස්‌ථානයක හෝ ත්‍රිකෝණ ස්‌ථානයක) සිකුරු බලවත්ව සිටී නම්, ඔහුට සිකුරු මහ දශාව ලැබූ විට බොහෝ සැප සම්පත් ලබා දෙයි. ජන්ම පත්‍රයේ දුර්වල ස්‌ථානයක (හය, අට, දොළහ) සිකුරු දුර්වල වී සිටි විට ඔහුට සිකුරු මහ දශාව ලැබූවත් සැප සම්පත් නොලැබී යයි. පෙම් සබඳතා බිඳ වැටේ.

සිකුරු ලෞකික ඉෂ්ට ග්‍රහයෙකි. ස්‌වක්‍ෂෙත්‍රව, උච්චව, යෝග කාරක ග්‍රහයා වී සිකුරු ශුභ ස්‌ථානයක සිටීමෙන් ලෞකික ජීවිතය සැපවත් කරයි. ජන්මියා සැපෙන් ප්‍රීතියෙන් තැබීම සිකුරුගේ ප්‍රධාන කාර්යය වේ. වෘෂභ, තුලා, මකර, කුම්භ, මීන යන ලග්න හිමියන්ගේ ජන්ම පත්‍රවල සිකුරු ලග්නගත වීමෙන් ප්‍රිය මනාප ලක්‍ෂණ පෙනුමක්‌ ලබා දෙයි. නිතරම ප්‍රීතියෙන් කල් ගෙවයි. කටක, කුම්භ, ධනු ලග්න හිමියන්ගේ සතර වැන්නේ සිකුරු සිටීමෙන් ඉතා ලක්‍ෂණ වාසනාවන්ත නිවසක්‌ ලබා දෙයි පදිංචි ස්‌ථානය බොහෝ ශුභඵල ලබා දෙයි. මවට ඉතා ශුභයි.

මේෂ, වෘශ්චික, කන්‍යා ලග්න හිමි අයට සිකුරු සත්වැනනේදී ඉතා බලවත් වෙයි. සත්වැන්න විවාහය, හවුල් ව්‍යාපාර ආදිය ගැන කියෑවෙන ස්‌ථානයයි. සත්වැන්නේ සිකුරු බලවත් වීමෙන් අඩු වයසේ දී විවාහ ජීවිතයට ඇතුළත් වේ. ප්‍රිය මනාප යහපත් සහකරුවකු හෝ සහකාරියක හෝ ලබා දෙයි. විවාහයෙන් පසුව ජීවිතය සාර්ථක වේ. දෙදෙනාම සමගියෙන් කල් ගෙවති. කාමාශාව අධික වේ. ව්‍යාපාර වලින් විශේෂයෙන් හවුල් ව්‍යාපාරවලින් විශාල ලෙස ලාභ ලබයි.

ජන්ම පත්‍රයක අටවැන්න ග්‍රහයන්ට ශුභ ස්‌ථානයක්‌ නොවේ. එහෙත් සිකුරු එම ස්‌ථානයේ බලවත්ව සිටීම දොaෂ රහිතය. සිංහ, තුලා සහ මීන ලග්න හිමියන්ගේ අටවැන්නේ සිකුරු බලවත් වීම ශුභපල ලබා දෙන කරුණකි. විවාහයෙන් විශාල දායාද හිමිකර දෙයි. ශාන්ත මරණයක්‌ අති වේ. තමාටත් නොදැන මරණය සිදුවෙයි.

පුණ්‍ය ස්‌ථානය වූ නව වැන්නේ සිකුරු බලවත්ව සිටීමෙන් ජන්මියා දැහැමි අයකු කරයි. උසස්‌ අධ්‍යාපනයකට වාසනා ගුණය ඇත. ආගම දහමට ලැදි කෙනෙකු වේ. පියාට ශුභඵල ලබා දෙයි. පියාගේ රැකී රක්‍ෂා කටයුතු දියුණු කරයි.

කර්ම ස්‌ථානය වූ දසවැන්න සිකුරුට ශුභ ස්‌ථානයකි. එහිදී සිකුරු බලවත් වීමෙන් රැකියා කටයුතුවල, වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල දියුණුව ඇති කරයි. වැඩි මහන්සි නොවී, මුදල් උපයා ගත හැකිය. විසිතුරු බඩු, තෑගි භාණ්‌ඩ, සුවඳ විලවුන් රෙදිපිළි වෙළෙ¹ම ආදියෙහි දක්‍ෂයෝ වෙති.

කටක, සිංහ, කන්‍යා රාශිවලදී සිකුරු දුර්වල වේ. දුර්වල වූ සිකුරු ජන්මියාට අශුභපල ලබා දෙයි. සිකුරු චJද්‍රයා මෙන් සිසිල් ග්‍රහයෙකි. සිකුරු දුර්වල වීමෙන් කුඩා දරුවන්ට සෙම අධික වූ අසනීප ඇති කරයි. සීතල ආහාරපාන ගැනීම අගුණ විය හැකිය. ශරීරයේ ශුක්‍ර ධාතුවට අධිපති ග්‍රහයා බැවින් සිකුරු දුර්වල වීමෙන් ලිංගික රෝග, සමාජ රෝග සාදයි. සෙම් ගෙඩි, බෙල්ල මහත්වීම, මුත්‍රා රෝග, දියවැඩියාව වකුගඩු නරක්‌වීම වැනි රෝග ද සෑදේ.

සිකුරු ලග්නයේ දුර්වල වීමෙන් හිසේ කල් පවතින කෑල්ලක්‌ සහිත තුවාලයක්‌ සාදයි. සිකුරු හයවැන්නේ දුර්වල වීමෙන් ආහාරපාන අගුණ වීමෙන් ඇතිවන රෝග සෑදේ. සිකුරු ජන්ම පත්‍රයක දොළොස්‌වැන්නට ශුභ නැත. දොළොස්‌වැන්න වැය ස්‌ථානයට වේ. සිර බන්ධන, නඩුහබ, ණය තුරුස්‌ ගැන ද දොළොස්‌වැන්නෙන් කියෑ වේ. සිකුරු දොළොස්‌වැන්නේ දී දුර්වල වූ විට, නිශ්ඵල අලංකාරයට මුදල් වැය කරයි. හොරෙන් වැරදි ක්‍රියාවලට පෙළඹේ. ස්‌ත්‍රීන් ඇසුරු කිරීමට, මත් ද්‍රව්‍ය භාවිතය, සූදු ක්‍රීඩා කිරීම ආදිය නිසා නඩු හබවලට පැටලී සිරගත වීමට සිදුවේ. කාමයෙහි ඇලී ගැලීම නිසා සමාජ රෝග සෑදීමට ඉඩකඩ ඇත.

සිකුරුගේ මහ දශා කාලය අවුරුදු විස්‌සකි. නව ග්‍රහයන්ගෙන් වැඩිම කාලය වෙන් කර ඇත්තේ සිකුරු ග්‍රහයාටය. මෙම අවුරුදු විස්‌සම එක්‌ කෙනෙකුට ශුභඵල හෝ පමණක්‌ ලබා නොදෙයි. ශුභ, අශුභ ග්‍රහයින්ගේ අතුරු දශා අනුව පලාඵල වෙනස්‌ වෙයි.

We found this article from Divaina on 2012/08/31.
Also Sinhala to English Google word to word translation can be found here