[ratings]
පදිංචිවීම සඳහා නිවසක් අලුතින් ගොඩනැගීමට කලින් ඊට සුදුසු ස්‌ථානයක් තෝරා ගත යුතුය. තමන් කැමැති විධියක සැලැස්‌මක් වාස්‌තුවිද්‍යානුකූලව අන් දවාගෙන ඉන්පසු නිවස ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළ යුතුය. අත්තිවාරම කපා, මුල්ගල් තැබීමේ සිට නිවස ගොඩනගා ගෙවැදීමද දක්‌වා සියලු කාර්යයන් සිදුකළ යුත්තේ නැකැත් වේලාවන්ට අනුකූලවය.
එසේ අලුතින් ගොඩනගා පදිංචි වූ නිවසට හෝ ඔබ දැනටමත් පදිංචිව සිටින නිවසට හෝ ශ්‍රියාකාන්තාවගේ ඇල්ම බැල්ම වැටෙන්නේ නිවැසියන්ගේ ක්‍රියාකාරකම් අනුවය. ශ්‍රියාකාන්තාව, නිවස පැත්ත පළාතකටවත් කිට්‌ටු නොවන්නේද නිවැසියන්ගේ ක්‍රියාකාරකම් අනුවය.
සමහර නිවෙස් ඉතාමත් සිත් ගන්නා ආකාරයට පවත්වාගෙන යන අතර සමහර ඒවාට ඇතුළු වන්නටවත් සිතෙන්නේ නැති තරම්ය.
“නිවසට සෞභාග්‍යය හා ධනය ලබා ගැනීමේ පහසු මාවත” යන නමින් ප්‍රකාශිත පොත් පිංෙච් නිවසට ශ්‍රියාකාන්තාව කැඳවා ගන්නා ආකාරය ගැන සඳහන්ය.
ශ්‍රියාකාන්තාව නිවසට කැඳවා ගන්නට කළයුතු දේවල් මොනවාද?
ෆ තමන්ගේ ආගමානුකූලව උදේ සවස මල් පහන් පූජා කිරීම.
ෆ රත් පැහැති ඝනකම් නූලක ගැට ගැසූ රන්වන් කුඩා සීනු කීපයක් ප්‍රධාන දොරටුව සමීපයේ එල්ලීම. සුළං පහරට නාදවන සීනු වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය. සීනු නාදය සෞභාග්‍යය ළඟාකරවන්නකි. නිවසට ධනය එක්‌රැස්‌කර දෙන්නකි.
ෆ දැකුම්කලු මාළුවන් සහිත ටැංකියක් ගෙතුල තබා ගැනීමෙන් ධන වාසනා ගුණය ඉහළ මට්‌ටමකට පත්කර ගත හැකිය.
ෆ නිවස පිහිටි ස්‌ථානයේ වම් කෙළවරෙහි සුළං පෙත්තක් සවි කිරීම ධනය ගලා ඒමට තුඩු දෙන්නකි.
ෆ සිදුරු කෙරුණු රන්වන් කාසි තුනක් ප්‍රධාන දොරටුව සමීපයේ එල්ලීමෙන් ධනය හා වාසනාවද ළඟාකරගත හැකිය.
ෆ සෞභාග්‍යය හා ධන තත්ත්වය ඉහළ මට්‌ටමකට පත්කර ගැනීමට මේසයක් මත ඇති මල් බඳුනක් යටින් රතුපාට කොළයක එතූ රත්රන් පාට කාසි තුනක් තබන්න.
ෆ වාසනාව විහිදුවා හරින පළතුරක් හැටියට සැලකෙන අන්නාසි ගෙඩියක් ලස්‌සනට මෙන්, මේසය මත තබන්න.
ෆ නිවසේ ප්‍රධාන දොරටුව ඇතුළතින්, බට නළාවක් රත් පැහැති පටියකින් එල්ලීමෙන් ධන වාසනාව වැඩිකර ගත හැකිය.
ෆ සුදු පැහැති හෝ නිල් පැහැති හෝ බල්බයක් රැය පහන්වනතුරු දල්වා තැබීමෙන් මිල මුදල් අතට පත්වීම වර්ධනය කර ගත හැකිය.
ෆ සෑම පැත්තකින්ම වාගේ සෞභාග්‍යය ළඟාකර ගැනීම සඳහා කුරුල්ලන් වෙනුවෙන් කෑමටත්, නෑමටත් ස්‌ථානයක් පිළියෙල කර තබන්න.
ෆ ප්‍රධාන දොරටුවේ සිට දිස්‌වන ආකාරයට, කුකුළකුගේ පින්තූරයක් එල්ලා තැබුවොත් ඇස්‌වහ, කටවහ දෝෂයක් හෝ අසල්වැසියනගේ ඊර්ෂ්‍යාවෙන් හෝ අඩපණව ගොස් ඇති මූල්‍යමය දියුණුවට ප්‍රතිකර්මයක් යෙදිය හැකිය.
ෆ නිවසට උතුරින් හා නැගෙනහිරින්ද පිහිටි ගස් තාප්පයට වැඩියෙන් උස ගස් නොවිය යුතුය. ඒ පැති දෙකේ උස් ගස් පිහිටා තිබුණොත්a ධනය ගලා ඒමට බාධා අවහිරතා මතුවිය හැකිය. සෞඛ්‍යයට එමගින් බාධාවක් මතුවිය හැකිය.
ෆ සමහරුන් නිවස ඉදිරිපිට යක්‌ෂ මුහුණු ඉල්ලා ගෙන ඇති අතර, එය යෝග්‍ය ක්‍රියාවකැයි කිව නොහැකිය. “මෙම නිවසට බුදු සරණයි, දෙවි පිහිටයි” හෝ “මෙම නිවසට ඡේසු පිහිටයි” වැනි වදන් පෙළක් දුර සිට පෙනෙන ආකාරයට එල්ලීම ඒ වෙනුවට යහපත්ය.
ෆ ගලා බස්‌නා ගංගාවක්, දියඇල්ලක් පෙන්නුම් කෙරෙන පින්තූර වැනි පින්තූර එල්ලා තැබීමෙන්, සෙත් සාන්තිය වාසනාව ළඟාකරගත හැකිය.
ෆ වෙහෙස දරා එක්‌රැස් කර ගත් ධනය තැන්පත්කර තබන පෙට්‌ටිය හෝ සේප්පුව හෝ අල්මාරිය හෝ පරාවර්තනය වී පෙනෙන පරිදි ඉදිරිපස බිත්තියක කණ්‌ණාඩියක් එල්ලා තැබීමෙන් එම ධනය ආරක්‌ෂා කරගත හැකිය.
ෆ නිවස නිරතුරුවම පිරිසිදුව තබා ගත යුතුය. මකුළු දැල් කඩා දැමීමද පුරුද්දක් කර ගත යුතුය. මකුළු දැල් තිබීමෙන් සිදුවන්නේ, මූල්‍යමය ශක්‌තිය එක තැන පල්වන තත්ත්වයක් මතු වීමය.
ෆ රතු මිශ්‍ර රන්වන් කෙඳි සහිත රිබන් පටියකින් පහළ කෙළවර එතූ කුඩා උණ පඳුරක් සහිත මල් පෝච්චියක් ගෙමිදුලේ හෝ සාලයේ හොA තැබීමද වාසනාව ළඟා කර ගන්නා උපක්‍රමයකි. වඩා සුදුසු මොටෙයියන් තිදෙනකු සහිත පඳුරකි. ප්ලාස්‌ටික් උණ පඳුරක් වුවද යෝග්‍යය.
ෆ රතුපාට කොළයක එතූ රන් පැහැති කාසි තුනක් මුදල් පසුම්බියේ තබා ගැනීමෙන් අතට මුදල් ලැබීම පිළිබඳව පවත්නා ප්‍රශ්නයට පිළියමක් යෙදිය හැකිය.
ෆ පිත්තල ලාම්පු වාසනාව, සෞභාග්‍යමත් භාවය හා ගම්භීරත්වයද මතුකර දෙන්නකි.
ෆ නිවස ඉදිරිපසින් කන්දක ආකෘතියක් තාප්පයේ හෝ සකසා ගැනීමද, සෞභාග්‍ය, වාසනාව මතුකර වන්නකි.
ෆ අලි ඇතුන්ගේ රූප, මූර්ති, ඇත්දළ, ඇත්දළ භාණ්‌ඩ නිවසේ තබා ගැනීමෙන් සෞභාග්‍යය, ධනය, වාසනාව සඳහා මංපෙත සලසාගත හැකිය.
ෆ මූල්‍යමය වාසනාව තෙතෙන් උරා ගන්නා හෙයින් නිවස තුළ තෙත රෙදිවැල් තබා ගැනීම නුසුදුසුය.
ෆ පැළ රහිත හිස් මල් පෝච්චි ගෙවත්තේ තබා ගැනීම අභාග්‍යයට හේතු වන්නක් වන හෙයින් ඒවායේ කිසියම් පැළයක් වගා කරන්න. නොඑසේ නම් මුනින් අතට හරවා තබන්න.
ෆ දොඩම් වට්‌ටියක පින්තූරයක් පෙනෙන තැනක තැබූ විට ධන වාසනාව වැඩිවන අතර දොඩම් පිරුණු දොඩම් ගසක පින්තූරය වාසනාව ළඟා කර දෙන්නකි.
ෆ පාරේ සිටින මිනිසකුට ගෙදර අංකය බලාගත නොහැකි නම් එය වාසනාවට බාධාවකි. ගෙදර අංකය ස්‌ථාන ගත කළ යුත්තේ එළියේ සිටියදී, හො¹කාර කියෑවිය හැකි අයුරකිනි.
ෆ නිදාගන්නා කාමරයේ ජනේලද ඇතුළු නිවසේ ජනේල උපරිම කාල වේලාවක් විවෘතකොට තබා ගැනීමෙන් ජීවයත්, නව ශක්‌තියත් නිවස තුළට ගලා එනු ඇත.
ෆ ධනෝපායනය සඳහා ක්‍රියාශීලී ගතියකින් යුතුව සිටීමට සුදුසු රූපය සාගර වෙරළක රූපයයි. එය සෞභාග්‍යය සඳහා ද බලපාන්නකි.
ෆ තරමක් බර ඝන ද්‍රව්‍යයක් තමන්ගේ කාමරයේ වම් පැත්තේ තබා ගැනීමෙන් මුදල් අතුරුදන් වන ස්‌වභාවය වළකා ගත හැකිය.
ෆ නිවසේ ජල කරාමවලින් ජලය කාන්දු වන්නේa නම්, ධනය අපතේ යා හැකි හෙයින්, ජල කාන්දු නොවන තාලයට කරාම තබා ගන්න.
ෆ නිවසේ ඇති ධනය වැඩිකර ගැනීම සඳහා අලංකාරයට යොදා ගත යුත්තේ. රන්වන් ඉරි හෝ කොත් සහිත රිදී පැහැති රෙදිය. රතු, දම් මිශ්‍ර පාටැති රෙදිවලින් තෝරාගත යුතුය.
ෆ බලු කූඩු ඉදිකළ යුත්තේ ඉඩමේ ප්‍රේත පාදයේය. නිවස අබියස හෝ නිවස තුළ හෝ බලු කූඩු තබා ගැනීම වාසනාව දුරස් වන්නකි.
We found this article from Divaina on 2012/05/11.
Also Sinhala to English Google word to word translation can be found here