සබ්බපාපස්‌ස යන්ත්‍රයයෙන් ලැබිය හැකි ආනිසංස

0
371
විජයරාජ යන්ත්‍රය
විජයරාජ යන්ත්‍රය

[ratings]

පුද්ගලයන්ට ඇතිවන්නා වූ ග්‍රහ දොaෂවලදී ප්‍රබල සබ්බපාපස්‌ස යන්ත්‍රයෙන් හා එම ගාථා රත්නයෙන් මහත්ම වූ ඵල සහ ආනිසංසයන් ලබා ගතහැකි අතර විශේෂයෙන් ප්‍රේත, පිසාච ආදී පියවි ඇසට නොපෙනෙන්නාවූ බලවේගයන් සඳහාද ඇස්‌වහ කටවහ දෝෂද, අණ විණ, කොඩිවිණ සඳහා ද විශේෂ ලෙස ගුණ ලැබිය හැකි මෙම යන්ත්‍රයට කිලි කුණු බලපාන්නේ නැත. මෙම බුදුගුණ යන්ත්‍රය සකස්‌ කරන ඇදුරුතුමා ඉතා සිල්වත් විය යුතු අතර, සම්පූර්ණයෙන් නිර්මාංශ, නිත්‍ය සීලය රකින්නෙකු විය යුතුය. අනුන් හට කරුණාව දයාව හා සතුරාටද මෛත්‍රී කරන්නෙකු විය යුතුය. යන්ත්‍රය සකස්‌ කිරීමේදී නිවැරදිව ප්‍රස්‌ථාරගත කළ යුතු අතර යන්ත්‍රයේ ඉරි නොකැපෙන අන්දමට ප්‍රස්‌ථාර ගත කිරීමට වගබලා ගත යුතුය.

මෙම බලගතු යන්ත්‍ර රත්නයෙන් නිවාස ආරක්‌ෂා කිරීමේදී සතර කොණ ආරක්‌ෂක යන්ත්‍රය හැටියට යොදා ගෙන තිබේ. බුදු ගුණ යන්ත්‍ර කිසි විටෙක පොළොවේ යට තැන්පත් කිරීම සුදුසු නැති අතර නිවසක මුලු සතරේ බඳුන්වල දමා එල්ලීම සුදුසු වේ. නමුත් එම කටයුතු වලදී දක්‌ෂ ඇදුරෙකුගේ උපදෙස්‌ ලබා ගත යුතුය.

බෝමළුවක්‌ අසලට නිර්මාංශව ගොස්‌ පංච ශීලයෙහි පිහිටා සියලු වත් පිළිවෙත් ඉටු කර 1000 වරක්‌ සබ්බපාපස්‌ස ගථාවෙන් පිරිත් කොට සබ්බපාපස්‌ස යන්ත්‍රය පැළඳීමෙන් සියලුම ආකාරයේ සෙනසුරු ඒරාෂ්ඨක අපල දුරුවී දියුණුව, රැකී රක්‌ෂා ලැබීම, සතුරු කරදර මඟහැරී කේන්ද්‍රයේ තිබෙන කුජ, ශනි, රවි,කුජ, රාහු, චන්ද්‍ර, දෝසද අඟහරු 7 පවතින විවාහ දෝසවල බලපෑම අඩුවී විශ්මිත සුභ ඵල ලැබිය හැකි අතර මෙය කිලි දොaස නැති යන්ත්‍රයකි.

යන්ත්‍රය පළඳින අයද පංච ශීලය ආරක්‌ෂාකරමින් දැහැමිව කල් ගෙවන්නේ නම් ඉක්‌මන් ප්‍රතිඵල ලැබිය හැකිය.

සබ්බපාපස්‌ස ගාථාව

සබ්බපාපස්‌ස අකරණං

කුසලස්‌ස උපසම්පදා

සචිත්ත පරියොදපනං

ඒතං බුද්ධානසාසනං

ගාථාවේ තේරුම

සියලු පාපකම_වලින් වළකින්න. කුසල්හි දහමෙහි නිරත වන්න. සිත දමනය කරගන්න. මෙය සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.

ප්‍රවීණ ජ්‍යෙdතිෂ්‍යවේදී – රංජන්

සිසිර කුමාර

දෙනුවන් ජ්‍යෙdතිෂ සේවය,

බටකැත්තර, පිළියන්දල.

සටහන – ධම්මික හේවාවසම්

ශාස්‌ත්‍රානුකූලව තැනූ නිවස සුබ ඵල ගෙන දෙයි

වනචාරී මිනිසා රුක්‌ බිල තුළ හා ගිරි ලෙන් තුළ ජීවත් වූයේ ද ඔවුනගේ පරම්පරා ගතියට අනුව ලද ශාස්‌ත්‍රාණුකූලවය. ගිරි ලෙනක වුවද එක්‌වරටම ගොස්‌ පදිංචි වූයේ නැත. පළමුව පරීක්‍ෂා කර බලා අනතුරු තත්ත්වය මගහරවාලයි. ගල් පතුරු ගැලවීම කටාරම් තැනීම ආදී ගිරිලෙන් ශාස්‌ත්‍රීය කටයුතුද රැසක්‌ විය.

මෙකල තනන විලාසිතා ගෘහයට ශාස්‌ත්‍ර නියමයන් අනවශ්‍ය යයි කියතොත් එය වැරදිය. පක්‌ෂීන් පවා කූඩු තනන්නේ ආරක්‍ෂිත තැනක්‌ බලාගෙනයි. නිවාසයක්‌ තැනිය යුත්තේ පාරම්පරික ශාස්‌ත්‍රයට අනුකූලවයි. එයට අත්දැකීම් ද උපයෝගී කරගත යුතුය. ගෙබිම් පිහිටීම වැදගත්ය. පර්වත හුඹස්‌ ආශ්‍රිත තැන් අසුබය. පැරණි පන්සල්, දේවාල, කෝවිල් බිම් සොහොන් බිම් යහපත් නොවේ. තුංමං සතර මං හංදි සුබ නොවේ. පාතාල ගිරි ශිඛර දියඇලි ඇති තැන්ද අසුබය. නිවසක්‌ තැනීමට සුබ දායක තැනක්‌ තෝරාගැනීම අසීරු කාරණයකි.

නව නිවස සඳහා ගෙපලක්‌ කපනවානම් ඉතා සුබය. ගෙපල තැනීමේදී පිළිකන්න සඳහා කොටසක්‌ද ඉතිරි වෙයි. ඉවුරක්‌ද ඇති වෙයි. මේ ඉවුර උස හෝ කෙටි විය හැකිය. ඉවුර ඉතා උස වූයේ නම් එයද කරදරකාරී වෙයි. ඉදිරිපස පස්‌ දැමුව ප්‍රපාතය පසුව කසළ ගොඩ ලෙසට භාවිත කළ හැකිය. එහි වගාකරන්නේ කෙසෙල් පොල් වැනි දේය. තැනිතලා බිමක ගෙයක්‌ තැනීමේදී ඉවුරක්‌ හෝ ප්‍රපාතයක්‌ ඇති නොවෙයි.

නැගෙනහිරට මුහුණලා පාද බෙදා හතර හංදිය, තුංමං හංදිය නොඑන ලෙස කාමර බිත්ති බැඳ සුදුසු නියම තැන්වලින් උළුවසු තැබිය යුතුයි. ප්‍රධාන උළුවස්‌සවත් සුබ නැකතින් තැබිය යුතුය. උළුවසු දෙකක්‌ එකට කෙළින් වන සේ තබන්නේ නැත. රික්‌තා පාද නොගත යුතුය. උළුවසු ඔත්තේද ජනෙල් ඉරට්‌ටේද ගණන් සුබදායකය. කඳන් හතේ ජනෙල් නොගැලපේ. බාල්ක ඔත්තේය. උතුර නැගෙනහිරට යෙදිය යුතුය. උළුවහු මුදුනට බාල්ක එල්ල නොවිය යුතුයි. මුදුන් උළුවස්‌ස මුදුන් බිත්තියට අසුබයි.

යටලී පිරිද්දීම පැරණි ක්‍රමයට යහපත්ය. යකඩ ඇණ නොගසා ලී කූඤ්ඤය ගැසිය යුතුයි. යටලී මූට්‌ටුවට පරාල ගැසීම වරදකි. එය මගහරවා ඔත්තේ ගණනක පරාල යෙදීම සුදුසුය. ගෙයකට මුදුන් බිත්ති තුනක්‌ අසුබය. මුදුන් සඳහා කුරුපා ගැසිය යුතුවෙයි. කුරුපා තුනද හොඳ නැත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of