[ratings]
මේ රේඛාව ඇති අයට අන්‍යයන් විස්‌මට පත් කරන දේ කීමට සහජ හැකියාවක් තිබේ. මෙවැනි අය අමාරුකාරයන් ලෙස ද හඳුන්වයි. ඔවුහු ලේසියෙන් රැවටීම්වලට හසු නොවෙති. හස්‌ත රේඛා විද්‍යාවේදී ප්‍රධාන රේඛා වන ජීවන, ශීර්ෂ රේඛා, හෘද රේඛාවලට උප ප්‍රධාන රේඛා අටක් ඇත. එයිනුත් අපට නිතර දකින්න ලැබෙන රේඛා හතරකි. දෛව රේඛාව, සුඛ රේඛාව, කීර්ති රේඛාව හා සම්බන්ධතා රේඛාව ඉහත සඳහන් උප රේඛා හතරට වඩා විශේෂ අත්වලට වැටෙන රේඛා හතරක් ඇත. ඒවා නම් ස්‌ථානෝචිත රේඛාව, ශාස්‌ත්‍රධාරී රේඛාව, සිකුරු වක්‍රය, ධන රේඛාව. මෙම රේඛාවන් සාමාන්‍ය රේඛාවන්ට වඩා ප්‍රබල වේ.
අද මෙහි දැක්‌වෙන ස්‌ථානෝචිත රේඛාව බලවත් රේඛාවකි. ඉතා කලාතුරකින් අල්ලේ පිහිටන මෙම රේඛාව බොහෝ විට සුඛ රේඛාව පිහිටන ස්‌ථානයේ ගමන් කරයි. මෙම රේඛාව බොහෝ දෙනාට හඳුනා ගැනීමට අපහසුය. (රූප සටහන බලන්න 1 – 1) මෙය
සුඛ රේඛාව මෙන් චන්ද්‍ර මණ්‌ඩලයේ සිට බුධ දක්‌වාත්, ජීවන රේඛාව හා සිකුරු මණ්‌ඩලවල සිට විහිදී නොයයි. ස්‌ථානෝචිත රේඛාව චන්ද්‍ර මණ්‌ඩලයේ සිට කුජ මණ්‌ඩලය දක්‌වා විහිදී යන්නේ අර්ධ කවාකාරවයි. මෙයින් අපට වෙන් වශයෙන් මෙම රේඛාව හඳුනා ගැනීමට පුළුවන. සමහර අවස්‌ථාවල මෙම රේඛාව චන්ද්‍ර මණ්‌ඩලය යා කරමින් වැටේ. මෙම රේඛාව කොතනක වැටුනත් සෘජු රේඛාවක් නොවේ.
ස්‌ථානෝචිත රේඛාව අන්තර් දෘෂ්ටි රේඛාවක් වශයෙන් ද හඳුන්වයි. එම රේඛාව බොහෝ විට පිහිටා තිබෙන්නේ සිතුවිලි අධික අත්වලය. කෝණාකාර අත්වලත්, සමහර අවස්‌ථාවල පිහිටීමත් මිශ්‍ර අත්වල කලාතුරකින් මෙම රේඛාව දකින්න ලැබෙයි. ස්‌ථානෝචිත රේඛාව අතක දකින්නට හෝ පිහිටා ඇත්නම් බහුශ්‍රැත බවක් ද තිබේ.
මෙවැනි අයට අන්‍යයන්ගේ චරිත කීමට දක්‍ෂ සියුම් දේවල් පවා ඇසෙන කන් දෙකක් ද තිබේ. ඇස්‌වහ කටවහකාරයන් බොහෝ දෙනකුට මෙම ස්‌ථානෝචිත රේඛාව පිහිටා තිබේ. හස්‌ත රේඛා ජ්‍යෙdතිෂය, ගුප්ත විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල යෙදී සිටින අයගේ අත්වල ද බොහෝ විට මෙම රේඛාව පිහිටා තිබේ. මෙම රේඛාවේ කතිර දූපත්, දැල් එසේ නැතිනම් හරස් රේඛාවලින් කැපී ඇත්නම් 2 – 2 සිතුවිලි විකෘති වීමකි. මානසික රෝග සාදයි. වෙනත් පිළිකා වැනි දේ සාදයි. එහි දූපත් සමගින් කැපී ඇත්නම් අංක 3 – 3 මෙම රේඛාවේ කතිර ලක්‍ෂණ වැටී තිබේ නම් මිනිසුන් බොරුවෙන් මුලාවේ දමන කපටියෝය.
ස්‌ථානෝචිත රේඛාව සමඟ එන ශාඛාවක් ගුරු මණ්‌ඩලය කරා විහිදී යැමෙන් 4 – 4 ගුප්ත බලවේග ශාස්‌ත්‍ර අංශයේ උසස් තත්aaවයන්ට පත්වේ. අංක 5 – 5 මෙම අංශයෙන් කීර්තියට පත්වේ. පලාපල කීමේදී මෙම පලාපල බොහෝ දුරට වෙනස්‌වීම ඇති කරයි. ප්‍රධාන රේඛා ද බලා තීරණයක් ගැනීම වඩා සුදුසුයි. එසේ නැතිනම් හරි පලාපල කීමට මෙහි සඳහන් කරන එක රේඛා ලක්‍ෂණයකින් අපහසුය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here