සිංහ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

3043
සිංහ
සිංහ

ග්‍රහ මඩුල්ලේ රජ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතිත්වය දරණ එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක්‌ වෙයි. කෲර රාශියක්‌ මෙන්ම ස්‌ථිර රාශියක්‌ වශයෙන්ද මෙය හැඳින්වේ. මෙම රාශියට අයත් නැකත් තරුපෙළ සිංහයකුගේ ස්‌වරූපයෙන් දිස්‌ වෙන බැවින් මෙම රාශිය සිංහයෙකුගේ ස්‌වරූපයෙන් සංකේතවත් කර ඇත.

මෙම ලග්නයෙන් උපන් අය සිංහයකුට සමාන එඩිතර ගතියක්‌ පෙන්නුම්කරයි. ශක්‌තිමත් ශරීරයකට හිමිකම් කියන ඔවුන්හට පළල්වූ උරහිස්‌වලින් යුත් වැඩුන ශරීරයක්‌ හිමිය. ස්‌වයං තීරණ මතම කටයුතු කරන හා දැඩි ආඩම්බරකාර ගතියකින් යුත් අභීත ගතියකින් යුත් අයකු ද වෙයි. ඉතා ශබ්ද නගා කතා කරයි. අහංකාර ගතිය හා සෘජු ගතියද උතුම් ගුණවත් බවින්ද යුක්‌තය. අන් අය තමා වෙත යටත්කර ගැනීමේ අපූර්ව ගතියක්‌ද උපතින්ම පිහිටා ඇත. අවංකභාවයද ඇති අතර බාහිර කරුණුවලට විරුද්ධ වන ගතිය නිතර දක්‌නට ඇත. සිංහ රාශියෙන් උපන් අය සටනට ලැදිය. එහෙත් ආත්ම ගෞරවය දිවි දෙවැනිකොට සලකන හෙයින් තමන්ගේ චරිතයට කැළැල්වන කිසිම දෙයකට ඉඩ නොදෙයි. ඔවුන් සටනට බසින්නේ බැරිම අවස්‌ථාවක්‌ වූ විටය. එය ජයග්‍රහණය කොට කරන සටනකි. ආත්ම ශක්‌තියෙන් හා චිත්ත ධෛර්යයෙන් යුත් අය නිසා ඕනෑම බරපතළ අමාරු කාර්යක්‌ කිරීමට වුවද නොපැකිළිව බාර ගනී. ස්‌ථාවර බව නිසා නිතර නිතර අදහස්‌ වෙනස්‌ නොකරයි. සමාජ සේවා හා ආගමික කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියාකරයි. මොවුන් මස්‌ මාංශ ආහාරයට වඩා ප්‍රියතාවයක්‌ දක්‌වයි. බොහෝ කර්මාන්තවලින් තම පවුල ජීවත්කරවයි. ඥාතීන්ට පීඩා කරයි. නොයෙකුත් උපාය මාර්ග යොදා අධර්මිෂ්ඨ ක්‍රියාවන් කරන අවස්‌ථාද ඇත. බොහෝ භාර්යාවන් ලබන්නෝද වෙති. තම යුතුකම් හරිහැටි ඉටුකරන ඔවුන් ගෞරවය, ප්‍රසිද්ධිය බොහෝ ප්‍රිය කරයි. රවි සමඟ ගුරු සිකුරු වැනි ශුභ ග්‍රහ තරුවන් සම්බන්ධවීම හෝ ශුභ දෘෂ්ටියට ලක්‌වූ විට මෙම ගති පැවතුම් වඩාත් ප්‍රචලිතව ගෙන දෙයි. ශනි, කුජ, කේතු වැනි පාප ග්‍රහයෙකු සමඟ සංයෝගවූවිට හෝ දෘෂ්ටි ලැබූවිට මෝඩ අහංකාර ගතියෙන් යුත් මුරණ්‌ඩු අය වෙති. සමාජයේ යහපතට නොව විනාශකාරිත්වයට වැඩිදුර පෙළඹෙයි. දිවි ඇති තෙක්‌ තවත් අයෙකුට යටත්ව කටයුතු කිරීමට කැමැති නොවේ.

සිංහ ලග්නයෙන් උපන් අය බොහෝවිට බුද්ධිමත්ය. තියුණු නුවණක්‌ උපතින්ම පිහිටා ඇත. හැම දෙයක්‌ම කියවීම ඔවුන්ගේ සිරිතය. ඉංජිනේරු ශිල්පය, පරිගණක තාක්‌ෂණය, නාවික ඉංජිනේරු ශිල්පය, විදුලි ඉංජිනේරු අධිකරණ, වෛද්‍ය විද්‍යාව, නීතිය ගණිතය, කළමණාකරණය, අලෙවිකරණය, චිත්‍ර, සංගීතය, නැටුම් කලාව ආදී විෂයයන් කෙරෙහි විශේෂ දක්‌ෂතා දක්‌වති. විදේශ අධ්‍යාපනයක්‌ ලබා ගැනීමේ වාසනාවද ඔවුන්ට හිමිවෙයි. ඉහළ තත්ත්වයේ රැකියා අවස්‌ථා ලබා ගැනීමේ වාසනාවද ලැබෙනු ඇත. රාජ්‍ය ලේකම්, මහ කොමසාරිස්‌, තානාපති වැනි උසස්‌ රැකියා කිරීමටද වාසනාව උපතින්ම ලැබි ඇත. ලග්නය සිංහවී එහි රවි සිටිවිට උපදින අය රාජ්‍ය සේවයේ යෙදෙන ශක්‌තිමත් සිරුරක්‌ ඇති තේජසින් යුත් අයෙකු කරවයි. නිර්භීත වේ, අහංකාර වේ. මිනිසුන් තැතිගන්වන සුලු ස්‌වභාවයක්‌ ඇතිකරයි. ශරීර සෞඛ්‍ය හොඳවන නමුත් පීනස්‌ රෝග, ඇස්‌වල ආබාධ, ශරීරයේ උෂ්ණාධික භාවයද, අධික වේ. ජනතා නායකයකුවීමේ භාග්‍යයද හිමිවේ. සිංහ ලග්නයේ සඳු සිටින අයට පලල්වූ මුහුණක්‌ ඇතිවේ. ඇස්‌ දුඹුරු පැහැ ගැන්වීමට හැකිය. සුළු කරුණකට වුවද කෝපයට පත්වෙයි. දත් රෝගවලින්, පිපාසයෙන් යන දේවලින් රෝග ඇති කරයි. එසේම තියුණු දැනීම් ඇති බැවින් සඳු සිංහයේ සිටින අයට හොරෙන් කිසියම් කටයුත්තක්‌ කිරීම අපහසුය. සිංහ ලග්නය වී හතර වැන්නේ කුජ සිssටීමෙන් රුවක නම් යෝගයද, හතේ ශනි සිටීමෙන් සසයෝගයද දහයේ සිකුරා සිටීමෙන් මාලවී යෝගය ද උදා කෙරෙන අතර, සිංහ ලග්න කාරයන්ට බොහෝකොටම බලපෑම් ඇතිවන ශාරීරික ස්‌ථාන සහ අංගයන් පිළිබඳව සොයා බැලීමේදී හෘදය හා කොදු ඇටපෙළ ආශ්‍රය හා ස්‌ථාන පීඩාවට පත් කරවන බව සැලකේ. නිරතුරුවම සිංහ ලග්නයෙන් උපන් අය අසාධ්‍ය ලෙස රෝගයකින් පෙළෙන්නේ නම් එය හෘදය පිළිබඳ අසනීපයක්‌ විය හැක. හදිසි හෘදයාබාධවලින් පීඩාවට පත්ව නොසිතූ මොහොතක ජීවිතය අහිමි වීමට තරම් ක්‍ෂණික හෘද අකරණයට සිංහ ලග්න හිමියෝ පත්වෙති. ස්‌නායුගත ආබාධවලට සිංහ ලග්න හිමියෝ පහසුවෙන්ම ගොදුරු වෙති. එමෙන්ම උණ, වලිප්පුව, වසංගත රෝග, ඇස්‌ රුදාව, සෙංගමාලය , පිත කිපීමෙන් ඇතිවන රෝග, බඩේ, පිටේ හටගන්නා රෝගද සිංහ ලග්න හිමියන්ට පීඩා කරති. බොහෝ කාලයක්‌ නිසි පරිදි ආහාර නොලැබීමෙන් වන ශරීර දුර්වලතා, ජලචර සත්වයන්ගෙන් සිදුවන පීඩා, ආමරෝග, විෂ ශරීරගතවීම සහ ආයුධ පීඩා, සිංහ ලග්න හිමියාගේ මරණයට බොහෝ දුරට හේතුවිය හැක. කුජ, ගුරු මහ දශා අන්තර් දශා කාලවලදී සිංහ ලග්න හිමියන්හට ධන ධාන්‍ය වස්‌තු සම්පත්, යස ඉසුරු, කීර්ති ප්‍රසංසා ආදිය ලැබීම පමණක්‌ නොව ජනප්‍රධානියකු වීමේ භාග්‍යයද උදා කරයි. එපමණක්‌ නොව සිංහ ලග්නයේ හය වැන්නේත්, අටවැන්නේත්, දොළොස්‌ වැන්නේත් ශනි ගුරු චන්ද්‍රයෝගය තිබේනම් එය විපරීත රාජ යෝග උදාවීමකි. එවැනි පිහිටීම් ඇති සිංහ ලග්න හිමියෝද නිරෝගී ශක්‌තිසම්පන්න ධනයෙන් හා යස ඉසුරින් පිරුණු ප්‍රීතිමත් ජීවිත ගතකරන්නෝ වෙති. පාලකයෙකු වීමේ භාග්‍යයද උදා කරයි.

සිංහ ලග්නයෙන් උපන් කාන්තාවන්ගේ හිසකෙස්‌ මඳක්‌ රැලි සහිතය. තරමක්‌ ඝන රෝමවලින් යුක්‌තය. නාසය විශාලය. වටකුරු නෙත් යුවල බබලන ගතියෙන් යුක්‌තය. ඔවුන් ඉතා බුද්ධිමත්ය. තියුණු නුවණක්‌ උපතින්ම පිහිටා ඇත. හැම දෙයක්‌ම කියවීම ඔවුන්ගේ සිරිතය. ඕනෑම විෂයක්‌ ඉගෙනීමට දක්‌ෂය. පොත පත කෙරෙහිම දැඩි අවධානය යොමුකිරීම විශේෂ ලක්‌ෂණයකි. විදේශ අධ්‍යාපනය ලබා ගැනීමේ වාසනාවද ඔවුන්ට හිමිය. ලේඛන කලාවට ඔවුන් පුදුම හැකියාවක්‌ පෙන්වයි. සිංහ ලග්නකාරියන් බුද්ධිමත් නිසා බොලඳ පෙම්වතුන්ට නොරැවටෙයි. කෙනෙකුට ආදරය කරන්නේ ප්‍රවේශමෙනි. රූපය ගැන නොසලකයි. ආදායම් තත්ත්වය, රැකියාව ගැන විශේෂයෙන් සලකා බලයි. දෙමාපියන්ගේ ආශිර්වාද මැද විවාහවීම ඔවුන්ගේ පැතුමයි. සිංහ ලග්නයෙන් උපන් අයට විවාහය සඳහා වඩාත් සුදුසු වනුයේ සිංහ හා ධනු ලග්න හිමියන්ය. එම අය හා විවාහවීම සාර්ථක විවාහ ජීවිතයකට හේතුවනු ඇත. විවාහයෙන් පසු ඔවුන් අතර ගැටුම් ඇති නොවෙන අතර ජීවිත කාලයම සතුටින් ගතකිරීමේ හැකියාව ලැබෙයි. සිංහ ලග්නයෙන් ජනිතවූවන්ගේ අපල සඳහා තද රතු මැණික්‌ ගල්, දියමන්ති හෝ බෙරලියන්තු අල්ලන ලද ආභරණයක්‌ පැළඳීම ඉතාමත් ශුභය. මැණික්‌ ගල් ශරීරයේ ස්‌පර්ශ වනසේ ආභරණය සෑදිය යුතුයි.

We found this article from Divaina on 2012/12/14.
Also Sinhala to English Google word to word translation can be found here