සිකුරු උපරිම ශුභපල ලබාදෙන මාලවි යෝගය

3035
මාලවි යෝගය
මාලවි යෝගය

[ratings]

ග්‍රහ ලොව මනාලිය ලෙස හැඳින්වෙන සිකුරු කේන්දරස්‌ථානයක උච්ච බලයෙන් හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් හෝ සිටීමෙන් මෙම යෝගය උදාවේ. මකර සහ කුම්භ ලග්න හිමියන්ගේ යෝග කාරක ග්‍රහයා සිකුරු නිසා එම ලග්න හිමියන්ගේ ජන්ම පත්‍රවල මාලවි යෝගය යෙදීම නිසා විශේෂ ශුභ ඵල ලබාදෙයි.

කඩවසම් සිරුරක්‌ හිමි වේ. යාන වාහනවලින් අඩුවක්‌ නැත. අලංකාර නිවාස හිමිවේ. ස්‌ත්‍රීන්ගේ නොමද ආදරය ලබයි. ධන සම්පත් ලැබේ. ආයු බල විඳියි. තීරණ ගැනීමේ ශක්‌තිය ඇත.

තුලා, වෘෂභ, මීන ලග්න හිමියන්ගේ ලග්නයේ සිකුරු යෙදීමෙන් මාලවි යෝගය උදා කරයි. සිත් ඇද ගන්නා අනුන් වශී කරන සුළු ප්‍රියමනාප මුහුණක්‌ ඇත. චරිතය පිරිසිදුය. සිකුරු මහ දශාවේදී සියලු සැප සම්පත් ලබාදෙයි.

කටක, ධනු, කුම්භ ලග්න හිමියන්ගේ හතරවැන්නේ සිකුරු බලවත් වීමෙන්ද මාලවි යෝග උදාවේ. එවිට මන්දිර වැනි අලංකාර විශාල නිවෙස්‌වලට හිමිකම් දරයි. සුඛෝපභෝගී යාන වාහන ලැබේ. ඉඩකඩම්වලට හිමිකම ඇත.

මේෂ, වෘශ්චික, කන්‍යා ලග්න හිමියන්ට සත්වැන්නේ සිකුරු යෙදීමෙන් මාලවි යෝගය උදාකරයි. විවාහ ජීවිතයේ සැප නොඅඩුව ලබාදෙයි. යහපත් සහකරුවකු හෝ සහකාරියක්‌ ලබයි. කාමාශාව අධික වේ. හවුල් ව්‍යාපාරවලින් ධනය ලබා ගනී.

මිථුන, මකර, සිංහ ලග්න හිමියන්ගේ දසවැන්නේ සිකුරු යෙදීමෙන්ද මාලවි යෝගය උදා කරයි. තමා කරන රැකියාවෙන් උසස්‌ ප්‍රතිඵල අත්කර ගනී. රෙදිපිළි සුවඳ විලවුන් වර්ග, තෑගි භාණ්‌ඩ ආදියට සම්බන්ධ රැකියා කරන්නේ නම් විශාල දියුණුවක්‌ ලැබිය හැකිය.

පංච මහා පුරුෂ යෝග අතුරින් සැප සම්පත් අධිකව ලබාදෙන යෝගයකි මේ.

සතර වැන්නේ මාලවි යෝගය යෙදුන ලෝ පතල හිටපු ක්‍රිකට්‌ නායකයකුගේ ජන්ම පත්‍රයක්‌ පහත දැක්‌වේ.

යෝග කාරක ග්‍රහයා වූ සිකුරු 04 වැන්නේ දික්‌බලව, ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටීම නිසා සුඛෝපභෝගී වාහන විශාල අලංකාර මන්දිර මොහු සතුවී ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here