සිතුදේ නොමවේ නොසිතුදේම වේ

0
550
සිතුදේ
සිතුදේ

[ratings]

ඉහත පාඨය මගින් ගම්‍ය වන්නේ අප හැමටම පොදුවේ මුහුණ පාන්නට සිදුවන යම් අපහසුතාවයන් මගින් ඇතිකරන සිතිවිල්ලයි. නමුත් මනුෂ්‍ය වර්ගයා ඉහත කාරණයට මුහුණදීමට බොහෝ විට මැලිවන බවත් බිය උපදවන බවත් සනාථ වී ඇත. ඊට හොඳම සාක්‍ෂිය වශයෙන් අප වෙත එන සේවාදායකයන්ගේ අරමුණුවලින් පැහැදිලිවේ. බොහෝ විට වේලා පත්කඩය රැගෙන එන අයගේ සිතිවිලිවල ගැබ්ව ඇති කාරණා හොඳින් අවබෝධ කරගත හොත් පැහැදිවනුයේ ඔවුන්ට ජීවිත ගැන ඇත්තේ අවිශ්වාසයක්‌ බවයි. තම ජීවිතය යනුවෙන් අප අදහස්‌ කරනුයේ උපන්දා සිට මරණය දක්‌වා ඇති කාල පරිච්ඡේදය තුළ සිදුවන සහ සිදුනොවන කර්ම විපර්යාසයන්ය. මෙය කාලානුරූපව දිනෙන් දින මුහුණ පාන අරමුණු සඳහා පෙර සූදානමක්‌ තිබේ නම් යම් පුද්ගලයකු කිසිම අයුරකින් පසුබෑමක්‌ ඇති නොකර ගැනීම නියතයි.

අප හැමෝම සැපවිඳීමට කැමතියි. සියලුම සත්වයෝ සැපයට ලොල්ය. මෙම කාරණය සකලවිධ සත්වයා වෙත නෙත් හෙළීමෙන් පැහැදිලි වනු ඇත්තේ සැපය පොදු ධර්මතාවයක්‌ බවයි.

ජ්‍යෙdතිෂයේදී හඳහනක ඇති ග්‍රහචාරයන් දෙස බැලීමෙන් සැප විඳීද, දුක විඳිද, පසු තැවිල්ලෙන් පසුවේද යන්නත් මානුෂික අවුල්ව විකාර අයුරින් ජීවිතය ගත කරයිද අසුභවාදී ගැටලුවලට මුහුණ පාන්න සිදුවේද යන්නද පැහැදිලි වේ.

එම විග්‍රහයන් නියෑදි වශයෙන් ගතහොත් කේන්ද්‍රයක හයවැන්න අටවැන්න දොළොස්‌ වැන්න හා තුන් වැන්න ආදියෙන් පැහැදිලි කරගත හැකිය. හඳහන ඇති රාශි දොළහට අයිති කෙනෙකුගේ ශරීරාංග පිළිබඳව කරුණු ඇතුලත්ව ඇත. එම රාශිවල සිටින ග්‍රහයන්ගේ ස්‌වභාවය අනුව කෙනෙකුගේ ජීවිත කාලයේදී සිදුවිය හැකි අනර්ථයන් පිළිබඳව පැහැදිලි විග්‍රහයක්‌ ලබා දිය හැකිවේ. ඊට බොහෝ සෙයින් හයවැන්න සහ අටවැන්න ඉවහල්වේ. නමුත් අන් හැම රාශියකම සිටින ග්‍රහයන්ගේ ස්‌වභාවය අනුව ශරීරාංගවල ඇතිවන විපර්යාසයන් පිළිබඳව යම් අවබෝධයක්‌ මෙම ශ්‍රාස්‌ත්‍රයට ඇලුම්කරන අයහට ලබා ගත හැකි වන බව සඳහන් කිරීම වැදගත්වේ. පෙර සසරේදී අප විසින් කළ කී දැ මෙම භවයට රැගෙන එනව බව විශ්වාසයෙන් යුතුව පිළිගැනීම බුදු දහමේ අන්තර්ගතයයි.

කේන්ද්‍රයක රාශි දෙලොස ජල – ගිනි – වාත – පෘඨවි යන සතර වර්ගයට බෙදෙන අතර එහි ජල රාශියට කටක, වෘශ්චික, මීන රාශි ඇතුලත් වන අතර සෙම නිසා හටගන්නා රෝග බොහෝ විට හටගැනීම සිදුවේ. මේෂ – සිංහ – ධනු – ගිනිරාශි වන අතර උෂ්ණයෙන් හා පිත එක්‌වීමෙන් රෝග කාරක හටගනී. මිථුන, තුලා, කුම්භ වාතයෙන් හට ගන්නා රෝගද වෘෂභ, කන්‍යා මකර පඪවිරාශි සෙම හා උෂ්ණ එකතුවීමෙන් සෑදෙන රෝගද හේතුවෙයි.

රවි ග්‍රහයාට හෘදය – ප්‍රාණ – මොළය – පුරුෂ වම් ඇස ස්‌ත්‍රි දකුණු ඇස ශක්‌තිය උත්පාද කරන ඕජාව උදරය ආදී තැන්වල උෂ්ණය ඇතිවීම නිසා ඉහත ස්‌ථානවල රවිගේ දශාවලත් රවි හය වැන්නේ නව වන්නේ දොලොස්‌වැන්නේ ආදී තැන්වල මිථුන – කන්‍යා – ධනු, මීන රාශිවලදී රෝගවලට භාජන කරයි. විශේෂ ස්‌නායු ගත රෝග රවිගේ දුර්වලකම් මත සිදුවේ. රවි දුර්වල වී සිටි විට ලේ නහර වියළී යැම හෘදයේ ලේ නහර පිපිරීම සිදුවේ. තවද ඊට කුජ ග්‍රහයා එකතු වීමද යහපත් නොවේ. රවි කුජගෙන් දුර්වලවීම සහ කුජ රවි සමඟ දුර්වල වීමෙන් රවිගේ පවතින රෝග බොහෝ විට ලේවලට අධිපති ග්‍රහයා වන කුජගෙන් දැක හැකිය. මෙම නිසා කුජ හෝ රවි හය වැන්නේ දුර්වල වීම එතරම් සුබවාදී නොවේ. රවි කුජ එකට සිටින විට රවිගේ තිබෙන ගතිය කුජට ආරෝපණය වීමද සිදුවේ. මෙම නිසා ජීවිතයේ අප තබා ඇති බලාපාරොත්තු ඉටුකර ගැනීමට පවතින අවස්‌ථාවද මගහැරී යනු ඇත. මෙම ස්‌වභාවය අප විසින් පෙර භවයන් හිදී ඇති කරගත් කර්මඵලවල සම්භවය අනුව සිදුවේ. එම නිසා ජීවිතයේ නියම අර්ථය වටහා ගැන්මට ඇති එකම මඟ අවබෝධ කරගැනීම උදෙසා කුසල් පෝෂණය කිරීමට උත්සුක වීම ඉතාම අගනේය. එමගින් ජීවිතයට අනර්ථයක්‌ කිරීමේ අදහසින් අකුසල් මේරීමෙන් වන විපාක පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබා ගැනීමට පිළිවන. ඒ පිළිබඳව බුදු දහමේ පැහැදිලිව දේශනාවනු ඇත. ග්‍රහලොව සිටින සියලු ග්‍රහයින් නරක මෙන්ම හොඳ දේ ජීවිතයට ළඟා කරනු ඇත. ඒ සියලුම දේ පිළිබඳ මනා වැටහීමක්‌ හඳහනක ඇති ග්‍රහ තාරකාවන් දෙස බැලීමෙන් යහපත් ජ්‍යෙdතිෂ්‍යවේදීන් විසින් විග්‍රහ කරනු ඇත. බුදු දහමේ සඳහන් ”අචින්ති තම්පි” භවකි.

”චින්ති තම්පි චිනස්‌සති” යන දහම් පාඨයෙන් උගත හැකිය. රාග දේශ මෝහ ආදී අකුසල් සිත්වලින් ඇලීගැලී ගෙවෙන ජීවිතය අමෝහ විරාග සිත් උපදවා ගැනීමට සෑම අද්වේෂ දෙනා වෙත මෙත් සිතිවිලි පතිත වෙත්වා

We found this article from Divaina on 2012/02/24.
Also Sinhala to English Google word to word translation can be found here