සිතු මතේට මඟුල් පෝරුවට නගින්න එපා

1333
මඟුල් පෝරුවට
මඟුල් පෝරුවට

[ratings]

විවාහය යනු එක වහලක්‌ යට ජීවත්වීම සඳහා එක්‌තැන්වීම පමණක්‌ නොවේ. එක හැළියේ ඉදෙන ලුණුයි බතුයි කෑම ද නොවේ. ලෞකික ජීවිතයේ දී විඳිය යුතු සකල මධුරස පහස ලබා එක්‌ යහනක සැතපීමද පමණක්‌ නොවේ එය ජීවිත දෙකක්‌ ඒකාත්මක වීම හා ජීවිත සටනට එක්‌වී මුහුණ දීමකි.

භාරතීය සංස්‌කෘතියේ සිරිත් අනුව ජීවිත ප්‍රතිඥවන් මෙසේ පෙන්වා ඇත. විවාහ ජීවිතයේ ලිංගික සබඳතා පූජනීය තත්ත්වයෙන් පැවැත්වීම හා සැළකීම මහා සිවරාත්‍රි දිනහි උත්සවය එයට නිදසුනකි. “දේවදාසි ක්‍රමය” ලිංග ප්‍රජාවත් එහි අතිරේක අංගයන්ය. නමුත් නූතන යුගයේ බටහිර සංස්‌කෘතිය අනුව කාමාශාව හුදු ආවේගයක්‌ ලෙස සලකනු විනා එය මිනිසාගේ පැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක්‌ හෝ උතුම් දෙයක්‌ ලෙස නොසැලකේ. එසේ නොව එය සරණ පාවා ගැනීමක්‌ බව හොඳින් අවබෝධ කරගන්න සරණ පාවා ගැනීමක්‌ සිදුවන්නේ ජීවිතයේ එක්‌ අවස්‌ථාවක බව හිතට ගන්න.

එබැවින් තරුණ තරුණියන් විවාපත්වන මොහොත තරම් සුවිශේෂ වෙනත් අවස්‌ථාවක්‌ ඉපදීමෙන් පසු ලොව කිසිදාක නැති තරම්ය. තරුණියක්‌ මේ අවස්‌ථාව ඉතාම ඉහළ මට්‌ටමින් කර ගැනීමට ආශාව දක්‌වයි. උපන් දිනයේ සිට දෙමාපිය සොයුර සොයුරියන් ඇසුරේ සුකුමාලව ඇතිදැඩිවූ තරුණිය පෙරදිග ශිෂ්ටාචාරය අනුව දෙමාපිය නෑදෑ, යහළු, යෙහෙළියන් ඉදිරියේ නුහුරු, නුපුරුදු තරුණයකු සමඟ මඟුල් පෝරුවට නැගී අතැඟිලි දෙක එකට බැඳ පෙනී සිටින්නේ කුමන සිතුවිල්ලක්‌ පොදු බැඳගෙනද යන්න ඇය පමණයි දන්නේ.

දෙදෙනාගේ කැමැත්ත අනුව සිදුවන අතගැන්ම විවාහයයි. එසේ කැමැත්ත තිබුණද ජ්‍යෙdතිෂය අනුව එම දෙදෙනාගේ ගැලපීම් පිළිබඳ යම් යම් කරුණු නිරීක්‍ෂණය කිරීමේ සිරිතක්‌ අපේ පැරණි සංස්‌කෘතිය හා බැඳි ඇත. එසේ නිරීක්‍ෂණ කර සුදුසු, නුසුදුසු කරුණු වටහා දී ශුභ නම් විවාහ වීමටද නුසුදුසුකම් විවාහ නොවීමට ද ජ්‍යෙdතිෂ විශාරදවරයා උපදෙස්‌ දීමේ සිරිතක්‌ ඇත. සුදුසු නම් විවාහය සිදුකිරීමට ශුභ දිනයක්‌ නැකතක්‌ ඔහු නියම කරයි.

ඉන්පසු විවාහ වන තරුණ යුවළ මඟුල් පෝරුවක නංවාලිය යුතුයි යන්න පාරම්පරිකව එන සම්මතයක්‌ද බෞද්ධ පත පොතේ පවා සඳහන් වන සාධක ඇත. සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නය වන සිද්ධාර්ථ කුමාරයා, යශෝධරා කුමරිය සමග විවාහ වනවිට රන් රුවන් කහවනු රැසක්‌ පිට පෝරුවේ සිටුවා ඇත. මේ නිසා විවාහයදී මංගල පෝරුව විවාහ චාරිත්‍ර විධි අනුව අතිශයින්ම වැදගත් අංගයක්‌ වේ.

මෙම මඟුල් පෝරුව සැකසීමේදී එය පාරුවක්‌ ලෙස එක්‌ එක්‌ අයට සිතන පරිදි සැකසීම ඉතාම නරකයි. වස්‌ දොස්‌ ඇතිවේ. එනිසා පෙරදිග සිට පැවත එන නීති රීති අනුගමනය කර පෝරුව සෑදීමට ගන්නා දැව වර්ග, ගසන ඇණ ගණන, වැද්දුම් උස, දිග, පළල, හා පෝරුව මත අතුරන ද්‍රව්‍යයන් ගැන මනා අවබෝධයක්‌ තිබිය යුතුයි. නැතිනම් එම පෝරුව මත නගින නව යුවළට දිවි ඇති තෙක්‌ නොයෙකුත් හිරිහැර, බාධක, පවුල් අවුල්වී කැඩී බිඳී යැම, දරුඵල නැතිවීම පමණක්‌ද නොව ලිංගික අප්‍රාණිකත්වය ඇතිවී කම් සැප විඳීමේ දුර්වලතාවයන් හා රෝග ඇතිවේ. සමහර විට අතුරු අන්තරා සිදුවී අකල් ආයුෂ තුළින් මරණය පවා සිදුවන බව විශ්වකම_ උපදෙස්‌ තුළින් පෙන්වා ඇත. මේවා නොපිළිගෙන කටයුතු කිරීමෙන් ඒවායේ අශුඵ ඵලයන් අත්කරගත් අය අද අපේ නෙත්වලට යොමුවේ. මහා ඉහළින් අධි මාන්නයෙන් හෝටල්වල, මිනී පෙට්‌ටිකඩවල, මංගල සාප්පු ආදියෙන් ඇති ඉඳුල් කළ මඟුල් පෝරුවේ පයගසා දෑඟිලි එකට එක්‌කරගත් අය ඒ ඇඟිලි, අතපය කඩා ගෙන විවාහයද දෙකට කඩාගෙන දුකේ ගිලුන අය කොතරම් ද දිවි නහගත් අය කොතෙක්‌ද යන්න ගැන කිවයුතු නැත.

මේ කරුණු අනුව නිසි ලෙස සකසාගත් මඟුල් පෝරුවක මනාල යුවළ තබනුයේ ඔවුනට සීහෙන ශුභ නැකැත් හෝරාවක්‌ තුළය. පසුව තැලි පිළි ඇඳගත් තරුණිය තරුණයාට අත පැන් වක්‌කොට භාරදීම එදා පැරණි සංස්‌කෘතියේ පැවත එන සම්මත චාරිත්‍ර විධිවලින් එක්‌ අංගයකි. එසේනම් මඟුල් පෝරුව කෙසේ සැකසිය යුතුද යන්න ගැන සිතීම පළමු කාරණය වේ. පෝරුව කියන්නේ ලෑල්ලකි. එම ලෑල්ල අරටුව සහිත කිරි ගසකින් ලබාගත් ගැට, ඉරිතැලීම්, පළුදු, කබල්, සිදුරු නොමැති කොස්‌ ලෑල්ලක්‌ විය යුතුය. එහි උස අඟලක්‌ විය යුතු අතර සෑහෙන දිග පළල හා මුළු අංශක 90 ක්‌ සිටින සේ සෘජුවට කපා ඔප මට්‌ටම් කරගත යුතුයි. අඟලක්‌ පමණ උසකි. මෙම ලෑල්ල පමණක්‌ බිම තැබීමට නොහැකි නම් වියතක්‌ උසට හෝ එක්‌ පියත් සතරඟුලක්‌ විය යුතුයි එනම් අඟල් 7 හෝ 10 ක්‌ උස දණ්‌ඩාසනයක්‌ ලෙස සකසා ගත යුතුය. ඉන්පසු අප අවධානය යෙදිය යුත්තේ මනාල යුවළට අපහසුවක්‌ නැතිව හිටගෙන සිටීමට යොදා ගන්නා ලෑල්ලකි. අනිකුත් සැරසිලි කලාකරුවාගේ නිර්මාණයන් අනුව අලංකාර කර ගැනීමට වරදක්‌ නොවේ. විශේෂයෙන්ම දුප්පත්, පොහොසත් භේදයෙන් තොරව මෙම ලෑල්ල ගැන අවධානය යෙදිය යුතුය. පෝරුවේ මූලික පරමාර්ථය ගැබ්වී තිබීමෙන් අතිනත ගන්නා නව යුවළගේ ඉදිරි අනාගත දිවි පෙවෙත ස්‌ථිර සාරවන සංකේතයක්‌ බව දත යුතුයි.

කරුණු පරීක්‍ෂාකර බලනවිට කොස්‌ලෑල්ල හා අවට විසුරුවන ද්‍රව්‍යයන්ගේ අපට නොපෙනෙන හා මහා ගුප්ත බලයක්‌ ඇත. එය දිවි ඇති තෙක්‌ රන් රස සේ කිරි පැණි සේ එක්‌වී ආදරයෙන් වෙලෙන ඉනාවක්‌ බඳුය. මෙවන් ද්‍රව්‍ය වලින් දෙනෝ දාහක්‌ දෙනාගේ කටින් පිටවෙන නව යුවළට එරෙහිව එන ඇස්‌වහ, කටවහ හෝ වහා ආදි විදුලියමය තරංගවල විෂ බලවේග මැඬලා ඔවුන්ට රැකවරණය ලැබේ. පැරැණි ගුප්ත විද්‍යාවට අයත් මන්ත්‍ර කියා දෙයක්‌ ඇත. ඒවා ඉතා සූක්‍ෂම ලෙස විද්‍යානුකූලව ශබ්දයේ හා වචනයේ බල ශක්‌තිය මත සකසා ඇත. වේද ග්‍රන්ථයේ මන්ත්‍ර සාධකය ගැන මෙය හොඳින් ඉගැන්වේ. විද්‍යානුකූලව නිශ්චිත වචන වලින් ශබ්ද තරංගයක්‌ නිකුත්වේ. මන්ත්‍රද හොඳට නරකට ඇත. හොඳ මන්ත්‍ර ජප කිරීමෙන් සැප දුක අභිමත පරිදි ලබා ගත හැක. විශේෂයෙන් අපි බෞද්ධ ජයමංගල අෂ්ඨක ගාථා, ශ්ලෝක ගයති. සඡ්ජායන කරති. එයින් කෙරෙන්නේ ශබ්ද තරංග මාර්ගයෙන් බුදුගුණවලින් නව යුවළට ශාන්තියත් ආරක්‌ෂාවත් සලසා පිටතින් පැමිණෙන විරුද්ධ විෂ බලවේග පළවා හැරීමයි. එනිසා සමාජ ධම_තා විසින් මිනිසා වෙත ලබාදී ඇති රැකවරණ හා සහනය මනසින් ඈත්වී වර්තමානයේ බිහිවන දරු පරපුරටත් පොදු සමාජය වෙත පිය එසවීමට බාධාවක්‌ ඇතිවී තම පෞද්ගලික අපේක්‌ෂා ඔස්‌සේ දිවයන ලද මානසික හේතුවෙන් විවාහ දිවිය මිය යන තෙක්‌ම කඳුළැලි සලන අනාගතයක්‌ කරා වර්තමානය පසුබිම් කරගැන්මක්‌ අද සිදුවන බව පෙනේ.

එනිසා “වි” යන්නෙන් විශ්වාසයත් “වා” යන්නෙන් වාසනාවත් “හ” යන්නෙන් හසරැල්ලත් “ය” යන්නෙන් යහමඟත් ඇති කර සිහිකර පෝරුව සැකසීම හා පෝරුවේ චාරිත්‍ර විධි නිසි ලෙස කිරීම ශුභදායක බව කියමි.

We found this article from Divaina on 2011/10/07.
Also Sinhala to English Google word to word translation can be found here