සීවලී යන්ත්‍රරාජයා සමඟ මහා සිද්ධ සීවලී ශාන්තිය

1662
සීවලී

කාන්තිමත් ශාන්තිනායක අමාමෑණී වූ බුදුපියාණන් වහන්සේගේ සර්වඥ ශාසනයෙහි අසූමහා ශ්‍රාවක සමූහයා අතරින් සිවලී මහරහතන් වහන්සේ ලැබීම් අතරින් අග්‍රශාවක වන සේක. එදා මෙදාතුර බහුතර ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ද, අතිපූජනීය වූ ද, සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයෙහි ප්‍රමුඛතාව දරන්නාහ. ඇතැම් පදිංචි ස්‌ථාන සහ වෙළෙඳ ව්‍යාපාරිකමය ස්‌ථානයන්හි දැහැත්, ගිලන්පස අහර, මල් පහන් සුවඳ දුම් පූජා කරනු ලබයි.

පුද සත්කාර නොමැතිව අමනුෂ්‍ය බලවේග ඇති, පාළු ස්‌ථානවලින් ධාතු පෙති පිළිම, කරඬු ගෙන්වා ගැනීමට ද රැකියා ආදායම් මාර්ගයන් සාර්ථක වීමට ද සොර සතුරු බලවේග මර්දනයට ද මෙම මහා සිද්ධ සිවලී ශාන්තිය මහෝපකාරී වෙන්නේය. අවිහිංසාව, අවංකබව, පිරිසිදු චරිතය, සත්‍යවාදී බව, යහපත් සංකල්පනාවන්ගෙන් සපිරුණ පුරුෂ පක්‍ෂයට උසස්‌ ඵල නෙළා ගැනීමේ අපූර්ව කුසලතා සිද්ධ සිවලී ශාන්තිය මගින් උදා කර ගත හැකි වෙයි.

ගිලන්පස පූජාව

පූඡේමි අග්ගලානිස්‌ස – සම්මා සම්බුද්ධ සාසනෙ
සීවලී ථෙරං පාදස්‌ස – ගිලාන පච්චයං ඉමං

අහර පූජාව

සදා මනුස්‌ස දේවේහි – උපනෙන්තස්‌ස පාදයේ
සීවලී ථෙරං පාදස්‌ස – පූඡේමි භෝජනං ඉමඃ

සීවලී

දැහැත් පූජාව

පියං දේව මනුස්‌සානං – කුසුමංච මනෝහරං
සුසීලං සීවලී ථෙරං – දීපේන පූජයාමි නං

සුවඳ දුම් පූජාව

පියං දේව මනුස්‌සානං – කුසුමංච මනෝහරං
සුසීලං සීවලී ථෙරං – ධූපේන පූජායාමි නං

මල් පූජාව

පිය දේව මනුස්‌සානං – කුසුමංච මනෝහරං
සුසීලං සීවලී ථෙරං – පූඡේමි කුසුමේන නං

උදය සවස ගිලන්පස පූජාවද, උදය දවල් අහර පූජාව ද හැකි සෑම අවස්‌ථාවක කළ හැක. මෙකී සීවලී පූජාව තුළ ධාතු පෙති පිළිම ගෙන්වීමේදී, තවදුරටත් ගුප්ත විද්‍යා ක්‍රමවේදයන් ද ඇත. සිවලී පූජාදිය කිරීමෙන් පසුව රත්නමාලා බන්ධන ගාථා 3 වර හෝ 7 වර ගායනා කරන්න. ඉන් පසු මහා ජයමංගල ගාථා – ජය පිරිත – මහා සමය සූත්‍රය ගායනා කරලීම ස්‌ථානගත, භූමිගත දෝෂ දුරුවීමට මහෝපකාරී වෙයි.

සීවලී පිරිත සහ දැහැත්

සෑම පිරිත් පොතකම ඇත. හදිසි අවස්‌ථාවකදී නම් වාරයක්‌ ද නැතිනම් වාර 3 ක්‌ ද අවම ලෙස මිහිරි හඬින් ගායනා විය යුතුව ඇත. වාර ගණන සිවලී පිරිත 108 – 1008 ගායනා කරදීම ප්‍රබල සර්වජන වශ්‍යකාරක බව ගෙන දීමකි.

විශේෂ සීවලී දැහැන

නමෝ බුද්ධබල ධම්මබල, සංඝබල සිවලී බල සර්වාර්ථකාරණාසි. තෙසං භගවතෝ ඉති රාජහංසං සතෙනමඃ – නමෝ භව භව සර්ව සිද්ධි කාරණාය සහස්‍ර ප්‍රකෝටි බුද්ධාය නඛවලොහං ඉතිං සාධතේ නමඃ – නමෝ සීවලී සුර්යතාපනී ආ ඊ ඌ ඒ ඕ ඓ නතෙ බුධු භූජංග් ධාරණාය මත බුධු තිවණී යුගලතෙ නමඃ – මහාලාභිං පුඳඳවන්තං තේජං ලෝකේක සෙට්‌ඨං සබ්බලෝකං වසංකරාය නමඃ – නමෝ ශ්‍රී බුද්ධ ජය ජය ඒස්‌වාහඃ

මෙකී සීවලී දැහැන තෙවරක්‌ ද විශේෂ වශයෙන් 324 වාරයක්‌ ද ගායනා කරලීම ඉතා යහපත් වෙයි.

දෙවන විශේෂ සීවලී දැහැන

ඕන්නමෝ සීවලී මංගල මුරපති ලෝකෙස්‌වාහඃ
ඕන්නමෝ සීවලී සිවමුනි කිඩවෙට්‌ටු සීවලී දැහැනේ
නමඃ – ඕන් නමෝ සිSවලි නිලකඩු මන්ත්‍රප්ප්‍රාණ
දැහැනේ ඒ සවාහඃ –
ඕන් නමෝ සීවලී ග්‍රීවානේ කානේ ඒ සවාහඃ
ඕං නමෝ සීවලී සිරි සිරි ඒ සවාහඃ
ඕං නමෝ සීවලී ශ්‍රී බුද්ධ දැපනේ ඒ සවාහඃ
ඕං නමෝ සීවලී කාහං හං හරීං හරීං ඒ සවාහඃ
ඕං නමෝ සීවලී නාගං කුරු කුරු ඒ සවාහඃ

සාමාන්‍ය වශයෙන් වාර තුනක්‌ ද විශේෂ ලෙස 108 වරක්‌ ද ගායනා කරන්න. මීළඟට කළ යුතු වන්නේ දුටුගැමුණු මහරජතුමා යුද්ධ සඳහා යන විට රන් පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රකට මහානුභාව සම්පන්න ගාථා තුන වාර විසි එකක්‌ ගායනා කළ යුතු වෙයි. සාමාන්‍ය ලෙස නම් වාර 3 ක්‌ පමණ ප්‍රමාණවත් වෙයි.

බුද්ධෝ තිලෝක සරණෝ – බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ෙ€මං – බුද්ධෝ මේ සරණං වරං
ගච්චාමි සරණං බුද්ධං – නත්ථි මය්හං භයං සදා

ධම්මෝ තිලෝක සරණෝ – ධම්මෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ෙ€මං – ධම්මෝ මේ සරණං වරං
ගච්චාමි සරණං ධම්මං – නත්ථි මය්හං භයං සදා

සංඝෝ තිලෝක සරණෝ – සංඝෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං මං – සංඝො මේ සරණං වරං
ගච්චාමි සරණං සංඝං – නත්ථි මය්හං භයං සදා

ජයන්තෝ බෝධියා මූලේ – ශක්‍යානං නදි වද්ධනෝ
ඒවං මය්හං ජයෝ හෝතු – ජයස්‌සු ජය මංගලං

21 වර හෝ 108 වර ගායනා කරලීමෙන් විජයග්‍රාහී කාර්යයන් සඳහා අතිශයෙන් ම යහපත් වෙයි.

බුද්ෙච ධම්මේච සංඝේච රාජං
සග්ගේච කාමේච රූපේති රූපං
වාතේච පිත්තේච කප්පේති දොaෂං
යක්‌කේච භූතේච භයං විනාසං

සාමාන්‍ය වාර 21 ක ද විශේෂ වාර 108 ක්‌ ද, ගායනා කරලීමෙන් රෝගාබාධක සමනය ද ගෙන දෙනු ලබයි. මීටම ජය පිරිත 21- 108 වාර ගණනක්‌ ගායනා කරලීම යහපති.

රතන සූත්‍රය – මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, අටවිසි පිරිත වාර 7 බැගින් හෝ වාර 108 – 1008 බැගින් ගායනා කරලීමෙන් කොඩිවිණ, බන්දන ඇස්‌වහ, කටහව, හෝවහ මර්දනයට ද සර්වජන වශියට ද සොර සතුරන් දුරුවීමට ද ඊර්ෂ්‍යාව වෛරය, ක්‍රෝධය, ද්වේෂය මූලික කොට ගත් පිරිස්‌ දූරිභූත වීම් පිණිස ද මෙකී සිද්ධ සිවලී මහා ශාන්තිය අදාළ වෙනු ඇත. ස්‌වකීය මව්පිය ගුරුවර ඥාතීනට පිං දීම ද විශේෂයකි. ගාලු පෙදෙසෙහි අක්‌මීමන සපුමල් පෙදෙසෙහි ගොරකදූව වත්තෙහි මෙයට වසර 133 ට පමණ පෙරාතුව ජීවත්ව සිටි ඡේමිස්‌ අප්පුහාමි ගුප්ත විද්‍යාධර උතමාණන්ගේ අත් පොතකින් උපුටා ගන්නා ලද යන්ත්‍ර සටහනට අනුව ජ්‍යෙdතිෂ ගුප්ත විද්‍යානුකූලව රන් හෝ රිදී තඹ තහඩුවක ප්‍රස්‌ථාර කොට සකස්‌ කර ගැනීම යහපත් වෙයි.

We found this article from Divaina on 2014/03/16.