සුබ අසුබ දෙන රාහු කේතු

0
2552
රාහු කේතු
රාහු කේතු

[ratings]

රාහු කේතු සෙසු ග්‍රහයන් මෙන් ඇසට පෙනෙන තාරකා නොවේ. රාහු කේතු පෘථිවිය සූර්යයා වටේ යනගමන් වෘත්තයක්‌ චන්ද්‍රයා පෘථිවිය වටේ ගමන් කරන මාර්ග වෘත්තයක්‌ යන දෙක එකිනෙකට කැපී යාමේදී සෑදේයෑයි සැලකෙන මනඃකල්පිත ලCෂ්‍ය දෙකක පමණි. උතුරෙන් පිහිටියේ රාහුය, දකුණින් පිහිටියේ කේතුය.

රාහුගේ ස්‌ථුටය දැනගත්විට කේතුගේ ස්‌ථුටය සෙවීම ඉතා පහසුය. සීමිත කාලයකදී ආපසු ගමන් කරන රාහු කේතු වක්‍ර ග්‍රහයන් ලෙස නොසැලකේ. මේ දෙදෙන ග්‍රහයන් ලෙස නොසැලකේ. මේ දෙදෙන ඡායා ග්‍රහයන් ලෙස හැඳින්වේ.

රාහුට උච්ච නීච රාශි ඇතැයි සලකති. එම රාශි විස්‌තර වගුවෙහි දක්‌වා ඇත. රාහුට සමාන පලාපල ශනිගෙන්ද ලැබේයෑයි මතයක්‌ ඇත. එහෙත් මෙහි ස්‌ථිරත්වයක්‌ නැත. මෙය මතයක්‌ පමණි. එහෙත් රාහු තමා තැන්පත් භාවයේ ප්‍රතිඵල ලබා දිය හැකිය. ඊට අමතරව තමා සමග සංයෝග තමාට දෘෂ්ටි හෙලන තමාතැන්පත් නක්‌ෂත්‍ර අධිපතින් යන ග්‍රහයන්ගේ ප්‍රතිඵලද ගෙන දෙති. රාහු ගුරු සමග සංයෝග නම් ගුරු ජන්මියාට දෙන ප්‍රතිඵල රාහු දශාවලදී ලැබේ. කුජ දෙන ප්‍රතිඵල රාහු දශාවලද ලැබේ.

රාහු සෙසු ග්‍රහයන් මෙන් ඇසට පෙනෙන ග්‍රහයෙක්‌ නොවේ. රාහු පාප ග්‍රහයෙක්‌ වශයෙන් හින්දු ජ්‍යෙdතිෂයේදී හඳුන්වති. බටහිර සායන ක්‍රමයේදී රාහු ශුභ ග්‍රහයෙකි. වාතයට අධිපති වායෝ සහ පෘථිවි ගුණ දරණ පුරුෂ නපුංශක ග්‍රහයෙකි. නයි හිසකින් සහ මිනිස්‌ කඳකින් දක්‌වන රාහු නම් ග්‍රහයා ඇවිද්දවයි. ශරීරය උස මහතය. මෝඩයි, ඈත ප්‍රදේශවල වාසයට විදේශගමන් ඇතිවීමත් හා ගල්පර්වතවල වාසයට ප්‍රියයි. සිත කලබලයි. ස්‌ථිර නැත. රාහු වයාධි කාරක සහ අධිෂ්ඨාන ග්‍රහයෙකි.

ඉගෙන ගන්නා කාලයේ රාහු ලැබුවොත් ඉගෙනීමට බාධා කරයි. රාහු ශුභව පිහිටීම වස්‌තුව රැකීරක්‍ෂා ඉඩම් දෙයි. රාහු ප්‍රකට භාවයට පමුණුවයි. රාහු භේද වූවොත් ඉතා හොඳ ප්‍රතිඵල ලැබේ. අශුභවීමත් ඒ හා සමානයි. රාහු ඒ ඒ භාවයන් වලදී ලබාදෙන ශුභ අශුභ පල

(1) ලග්නයෙන් රාහු සිටියදී ශුභව උපන් ජන්මියා ප්‍රසිද්ධියට පත්වේ. කඩිසර වේ. සිරුර උසය, ඇවිදීමෙහි දක්‍ෂවේ. අශුභ නම් විවාහ ජීවිතයකට සුදුසු නැත. සුවකළ නොහැකි රෝග ඇතිවන සුලුය. අනුන්ගේ උපදෙස්‌ වලට කන් නොදෙයි.

(2) රාහු දෙවැන්නේ වස්‌තුව රැඳීමක්‌ නැත. පවුල් ජීවිතය අසතුටුදායකය. පියාට ගුණ නැත. ඇස්‌ රෝග ඇත්තේය.

(3) තුන්වැන්නේ රාහු ශුභව පිහිටීමෙන් වස්‌තුව දෙයි. වික්‍රමවත්වේ. යහපත් දරුවන් ලබයි. සහෝදර ඵල හීනවේ.

(4) හතරවැන්න රාහු ගේදොර ඉඩ කඩම් නැති කරයි. ඉන්න ස්‌ථානයෙන් පිටකරයි. අනුන් විසින් රවටනු ලබයි. ගනු දෙනු ප්‍රිය නොකරයි.

(5) පස්‌වැන්නේ රාහු දරුවන් නැති කරයි. පපුවේ බඩේ රෝග සාදයි. නිතර කනස්‌සල්ලට පත්වේ.

(6) හයවැන්නේ රාහු යහපති. දීර්ඝායුෂ්කය. පොහොසත්, නිරෝගි වේ. ශුභවීමෙන් පවුල් ජීවිතයද යහපත්වේ.

(7) රාහු හත්වැන්නේ ශුභව යෙදීමෙන් ප්‍රසිද්ධය. සහකාරයා හෝ සහකාරිය රෝගීය. ස්‌ථාන වෙනස්‌ කරයි. අර්ශස්‌ රෝග සාදයි.

(8) රාහු අටේ ශුභව සිටීමෙන් හොඳ ප්‍රතිපල දෙයි. අශුභවීමෙන් ගින්නෙන්, රැකීරක්‍ෂා, ඉගෙනීමෙන්, ධනයෙන් හානි කරයි. රාහු දශාවේදී විශේෂයෙන් මෙම ඵල ලබාදෙයි.

(9) රාහු නවවැන්නේ ශුභව පිහිටීමෙන් වස්‌තුව දේ. එම දශාවේදී වන්දනා වේ යෙදෙයි.

(10) දහවැන්නේ රාහු කටක, කන්‍යා හෝ වෘශ්චික නම් යහපති. එකම වැඩක්‌ බොහෝ කල් යෙදීමට ඉඩ නොදේ. එහෙත් බොහෝ ප්‍රසිද්ධ වෙයි. දේශපාලනයට හොඳය. ඉතා කඩිසර වේ.

(11) රාහුට මෙම ස්‌ථානය ඉතා හොඳය. සියලු සම්පත් ලබාදෙයි.

(12) රාහු දොලහ ශුභ නැත. උන්හිටිතැන් නැති කරයි. පිටපළාත්වල වාසයට පමුණුවයි. වස්‌තුව නැති කරයි. අශුභවීමෙන් නඩුහබ, සිරගත කරයි.

මෙම ඵල උපතින් පිහිටි ශුභ අශුභ ග්‍රහ බලපෑම් අනුව හා ශුභ දෘෂ්ටීන් අනුව වෙනස්‌වේ. මෙම ඵල ලබා දෙන්නේ රාහුගේ මහදශා වලදී හෝ අතුරු දශාවලදීය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here