සුබ නිමිති බලා ගමන් අරඹන්න

2199
සුබ නිමිති
සුබ නිමිති

[ratings]

සෑම ජාතියකටම චිරානුගතව අයිති සංස්‌කෘතියක්‌ පැවැත එන්නේය. එය නානා විධ අංගයන්ගෙන් යුක්‌තය. ජීවිතය පිළිබඳ හැම අංශයකටම එය බලපාන්නේ නම් ඒවා මිථ්‍යාවන් ලෙස බැහැරකිරීම නොවටනේය.

ජෝතීර්වේදය ඉහළින් ප්‍රගුණ කළ කීර්තිමත් ආචාර් යවරයකු වූ තොටගොමුවේ සිරි රාහුල හිමිපාණෝ සැළලිහිණි සංදේශ කාව්‍ය මගින් සැළලිහිනියා ලවා විභීෂණ දෙවියන්ට යෑව් හස්‌නෙන්ද පෙරමඟ සුබ නිමිති ගැන අනාවරණය වෙයි.

එහි සිව්පද කාව්‍යයක අවසන් දෙපදය මෙසේ දැක්‌වෙයි.

සල සුදු සෙමෙර සේසත් ගිජිඳු ඔද වැඩී
බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩී

ගමන් බිමන් යැමේදී මාර්ගයට පිවිසෙන විට සුබ නිමිති සොයා බලා ගමන පිටත් වුවහොත් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. එදා පැරැන්නන් අතර පැවැති මෙම විශ්වාසය අදද පවතී. නිවසින් ගමන ආරම්භයට දොරකඩින් පිටත්වන විටම හූනෙකු ඇŽම ගමන පිටත්වීමට නුසුදුසු බව දනවයි. මේ සඳහා අදාළ දිනය සහ හූනු හඬ නැගුණ දිසාව කෙරෙහිද සැලකිලිමත්වීම වටී. හූණා ඇඬූ පලියටම එය අසුබදායකැයි නිගමනය කිරීම වැරදිය. මේ පිළිබඳව පංචාංග ලිත් මගින්ද සනාථ කර තිබේ. පහත වගුවෙන් ඒ බව අනාවරණය කරගත හැකිය.

සූනන් ඇගෙ පතිත වූ විට ඵලාපල

හිස – කලහ

මුහුණ – බන්ධු දර්ශන

නළල – තානාන්තර

බැම මැද – බන්ධු නාෂ

බැම – රජුගෙන් ගෞරව

ඇස – සිර බිය

නාසය – ව්‍යාධි

උඩුතොල – වස්‌තු හානි

මුඛය – භය

යටිතොල – වස්‌තු ලැබීම

නිකට – රාජ දඬුවම්

දකුණු කන – දීර්ඝා යුෂ

වම් කන – වෙළෙඳ ලාබ

හිසකෙස්‌ – මරණ භය

බෙල්ල – සතුරන් හානි

දකුණු උර – නිරෝගී බව

වම් උර – ස්‌ත්‍රී සැප

දකුණු වලලුකර – පීඩා

වම් වලලුකර – කීර්ති

දකුණු අත – භයානක මරණ

වම් අත – ශෝක මරණ

දකුණු අත ඇඟිලි – රාජ සම්මාන

වම් අත ඇඟිලි – මිත්‍ර කලහ

පපුව – ධන ලාභ

තනය – උතුම් ගෞරවයන්

බඩ – ධාන්‍ය ලාබ

නැබ – රත්න ලාබ

දකුණු ඇල – දියුණුවීම

වම් ඇල – මරණය

පිටකොන්ද – ද්‍රව්‍යයන් ලාබ

පිට – සුබ සම්පත්

ලිඟුව – දරිද්‍ර

යෝනිය – පුරුෂයාට මරණ

ගුදය – වස්‌තුලාභ

කලව – පියාට විපත්

දකුණු කෙණ්‌ඩ – පාඩු

වම් කෙණ්‌ඩ – කලහ

ඇස්‌වට – සැප

දකුණු පාදය – රෝග

වම්පාදය – දුක්‌

දකුණු පාදයේ ඇඟිලි – රුදා සහිත රෝග

නියපොතු – ධන හානි

ශරීරයේ දිව්වේ නම් – දීර්ඝා යුෂ

ගමනක්‌ සඳහා පිටත්ව යැමේදී සුබ නිමිති ලෙස මේ අය දැකීම, හමුවීම, නිසා වාසනාව උදාකරයි. පුන්කලස්‌, ප්‍රිය ලඳුන්, කන්‍යාවියන්, සුරතල් හුරුබුහුටි කිරිදරුවකු වඩාගත් කාන්තාවක්‌, එළදෙනක සමඟ වසු පැටියෙක්‌, වසු පැටව් රංචුවක්‌, මී මැස්‌සෝ

බිහිරි අය, අන්ධවූවන්, ගොළුවන්, වැරහැලි ඇඳගත් අය, හිඟන්නන්, රෝගීන්, හිස්‌ භාජන සමඟ පැමිණෙන්නන්, පාර අයිනේ හෝ පාර මැද සුනඛයන් සර්පයන් බලලුන්ගේ හැඩීම්, පොරකෑම් ආදී දසුන් හෝ හමුවීම් ගමනක්‌ පිටත් වීමේදී ඇතිවුවහොත් අසුබ තත්ත්වයක්‌ උදාවෙයි. අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායයන් විමර්ශනයකර සුදුසු පරිදි ක්‍රියා කිරීම මැනවි.

We found this article from Divaina on 2011/11/25.
Also Sinhala to English Google word to word translation can be found here