සෙනසුරු අපලය දුරුකරන්ට නුගමුල මැටි රුවක්‌ තබමු

310
සෙනසුරු

සෙනසුරු කෘශවූ දීර්ඝ ශරීරයක්‌ ඇත්තේද පිඟුවන් ඇස්‌ ඇත්තේද කලු පැහැයෙන් යුක්‌තවූයේද බොරු කේලාම් ආදිය කියන්නේද අලස වන්නේද වාතාධිත ශරීරයක්‌ ඇත්තේද මහත් වූ නිය දත් හා රෝමයන් ඇත්තේද සියුම් නහරයන්ගෙන් පිරුණේද වන්නේය. මේ හෙනහුරාගේ ග්‍රහ ස්‌වරූපයයි. මේ ස්‌වරූපයන් ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයටම හිමියි.

කෘශදීර්ඝ පිඬගක්‍ෂං කෘෂණං පිශුනොලසොනිල

ප්‍රකෘත සඵු ලනකරොමා ශනෛශවර සනායුසෘරශව

ශනි ග්‍රහයා ඉරුගේ පුත්‍රයාය. පෘථුවියට වඩා සැතැපුම් කෝටි ගණනකටත් වඩා ඈතින් පිහිටි ග්‍රහයෙකි. ශරීරය නිල් පාට, රතු ඇස්‌ ඇති බොල්ලෑ දත් ඇති කෙට්‌ටු ශරීරයක්‌ ඇති අයකු වන අතර මොහුගේ වාහනය කපුටෙකි. ග්‍රහ මඬුල්ලේ පාපියා වුවද ලක්‍ෂණම ග්‍රහයාද මොහුය. සූර්යයා වටා ඈතින්ම ගමන් කරන මොහු වටා නයිට්‍රජන් හා මිතේන් නමැති විෂ වායුවකින් යුත් රශ්මි වලල්ලකින් දස දෙස කිරණ විහිදුවයි.

සෙනසුරු ග්‍රහයාගෙන් සිදුවන විපාක

පැරණි ඉසිවරුන් ජ්‍යෙතිශ්‍ය අනුව මේ ශනි ග්‍රහයාගෙන් බලපාන සිදුවන විපාකයන් මේ ලෙස හඳුන්වා ඇත. දුක්‌ විඳින්නා තව තවත් දුකට පත්කොට දුක්‌ වින්දවීම, අවාසනාව, දුප්පත් කිරීම, අලසකම, කම්මැලිකම, කරන හැම දේටම බාධා පැමිණවීම, හිතේ ධෛර්ය නැති කිරීම, සමේ දද කුෂ්ඨ පරංගි, කඩුවේගත් හා දොන්ත වණ හා විශේෂයෙන් වම් කකුලේ ආබාධයන් ලෙස සුව නොවන තුවාල, ඇට කටු කැඩීම්, තැලීම්, පොඩිවීම්, හදිසි අනතුරුවලට පත්කිරීම් වැනි අබල දුබල තාවයන්ට ලක්‌ කිරීමට හා විවාහ බාධාවන් හා විවාහවී නම් ඒවා වෙන් කිරීමට මොහු ගජ හපනෙකි.

සෙනසුරු

එමෙන්ම සමාජයෙන් කොන්කර නින්දා අපහාස ගෙනදීම, තනතුරු හා රැකියා අහිsමිවීම, තමා සතු වස්‌තුව හා දේපළ අහිමිවීම, ධන හානිය, අනුන්ට අත පෑමට සිදුවීම කේන්ද්‍ර පරීක්‌ෂාවෙන් හෙළිවේ. එහෙත් මකර ලග්නය, කුම්භ, තුලා ලග්න හිමි අයකුට සෙනසුරා ශුභපල උදාකරන බවත් තුලා ලග්නය හිමි අයකුගේ කේන්ද්‍රයේ පළමුවැන්නේ ශනි ග්‍රහයා තැන්පත්ව සිටිවිට “සස”යෝගය යෙදීම නිසා ශනිගේ මහදශා අන්තර් දශා ගත කරන කාලවල ධන, වස්‌තු සම්පත් මිල මුදල් යාන වාහන ගේ දොර ඉඩ කඩම් ලබාදී උසස්‌ තලයට ඔසවා තබන බවත් කේන්ද්‍ර පරීක්‌ෂාවේදී පැහැදිලි වේ.

එමෙන්ම හෙනහුරාගේ ඒරාෂ්ඨකය වසරකට දෙවරක්‌ මුළු ජීවිතය කාලය තුළදීම ලැබීමට පුළුවන. නමුත් තුන් වරක්‌ම ලැබෙන්නේ දීර්ඝායුෂ විඳීමට ඇති අයට පමණයි. වසර 30 ත් 35 අතර කාලය තුළ අප සැමටම පොදුවේ ලැබෙයි. යම් අයකු ඉපදෙන විට ශනි 12-1-2 යන භාවයක පිහිටියේ නම් ඔහු සෙනසුරු ඒරාෂ්ඨකයෙන් ඉපදුණු අයෙකි. මේ ආකාරයට දීර්ඝව විස්‌තර පෙන්වාදී ඇත. කෙසේ හෝ ඒරාෂ්ඨකයක්‌ තුළදී දුක්‌ විපත්, දුප්පත් වීම, පීඩිතවීම, අඳින ඇඳුම පවා නැතිවිම, පවුලෙන් වෙන්වීම, ස්‌ථාන භූමියෙන් වෙන්වීම පිටව යාම, දරු දැරියන් ගේ නම් ඉගෙනීමට බාධා පීඩා ඇතිව කැඩී යාම, අංශභාග කොර කුෂ්ඨ පරංටි කඩුවේගන් ආදී ජරා රෝගයන් හැදී අංශභාගයන් ඇතිකර ඔත්පල කරයි. ව්‍යාපාර බංකලොත් වේ. කලකෝලාහල නඩු හබවලට පැටලී හිරේ විලංගුවේ වැටේ. අති භයානක මරණ, මාරක අනතුරුවලට ගොදුරු වේ.

සෙනසුරු ලග්නයට ගිය විට අතපය ඉදිමීමද, මගහැර යාමද, පියාගේ බඩේ ලෙඩක්‌ ඇත කීමද යනුයි. ලග්නයෙහි සිsටි චන්ද්‍රයා දුටිනම් ආණ්‌ඩවාත රෝගද අතිවේ. සෙනසුරා දෙවන රැසට ලෙඩද වස්‌තුද හානිවීම තැනින් තැන පදිංචි වීමද යක්‌ලෙඩ වීමද, සෙනසුරා තුන්වැනි රැසට රන් රිදීද ශාස්‌ත්‍රද ප්‍රසිද්ධවීමද ඇතිවේ, හතර වැනි රැසේදී මව්පියන්ටද නෑයන්ටද දිළිඳු බවද, නඩු පනත්වල පැටලීමද, පස්‌වෙනි රැසේදී පියාට හා මවට අපල ද, සහෝදර ආදී දරුවන්ටද විකල්ප ඇතිවීමද, ප්‍රධාන වස්‌තුව නැතිවිමද, සෙනසුරු හය වැන්නදී සැප සම්පත් ලැබීම, ශාස්‌ත්‍ර වන්තද, ගම් බිම් ගැන ද කඳු රැළි ස්‌ථානද ලැබේ. හතේදී සැප නැතිවී දරුවන්ට අපලද ශාරීරික ලෙඩද ඇතිවේ. අටලැබීමෙන් පිළිකා ලෙඩද අඹුදරු වෙන්වීම් හා සැප නැතිවී විසීමට සිදුවේ. නවය ලැබීමේදී පව්කිරීම රුද්‍ර ගිනියම් ලෙඩ ලෝකයේ ප්‍රසිද්ධියද, දහයේදී කීර්තිය හා ගවයන් බෝවීමද දරුපල අහිමි වීම මෑනියන්ට රදා කුලයක්‌ වැටෙන බව සමහර තැනක කියවේ.

එකොළහදී ප්‍රසිද්ධ වේ. ධන වතෙක්‌ වේ. ශාස්‌ත්‍ර වන්ත වේ. දොළහදි නඩු පනත් වියවුල්, පාද රෝග පියා අඩුකුලයකට හෝ නින්දාවකට හෝ පැමිණේයයි වෙන තැනකද කියවේ. එනිසා සෙනසුරු මානව සංහතියට උපතේ සිට මිය යන තුරුම හොඳත් නරකත් ගෙනදෙන ප්‍රබල ග්‍රහයෙකි.

ශ්ලෝක මන්ත්‍ර

ශනිගේ අපල හා ඒරාෂ්ඨක හැම දෙයින් මිදීමට මේ රුව හදා පුද තබා පහත සඳහන් කාව්‍යයන් ගයා ශ්ලෝක මන්ත්‍ර කියා හිසමත තටුව තබා නුගගහක්‌ යටට ගොස්‌ තමාගේ නමේ අක්‌ෂර ගණන ගණන් කර ඒ ගානට නුග ගස වටා කැරකවී පද තබා අපල දුරුවේවායි පතා ඇඳ සිටින වස්‌ත්‍රය කනපිට හරවා ඇඳ පහත සඳහන් ඖෂධ තැම්බූ ජලයෙන් ස්‌නානය කර බෝධියට ගොස්‌ තෙරුවන් නමැද එලකිරි වලින් පිසූ කිරි ආහාර පූජාවක්‌ තබා හාමුදුරුවනට දන්දී යාචක දානයක්‌ දෙන්න. සෙනසුරා සිනාසී සෙත සලසන්නට වරම් දී ඉගිලී යයි.

වරුණ දිගේ ශනි දෙවිඳුට – කියමි නමස්‌ කාරය කොට

දිවැස්‌ ලමින් ඈ මෙරඟට – දෙවිඳුනි වඩිනුය මෙ පුදට

නීලාංජන සමාහාසං – රවි පුත්‍රං යමාග්‍රජං

ඡායාමාර්තණ්‌ඩ සංභූතං – තා නමාමි නේශ් වරම්

නුගරුක වැසනිල් ගත ඉද එවන් නේ

නිලතුරු නෑවට ත්‍රිශුලවි ගති නේ

නිලතුරු වෙන සොදු කපුටකු පිටි නේ

සෙනසුරු දින බලි ආතුර රකි නේ

සෙනසුරු නයි දෙවි රතුසුගෙ සැටි යේ

මුදුනට ගිය මග ආතුර දුටී යේ

රකුසුගෙ මූනයි කුරුරුගේ සැටි යේ

සියලඟ රළුකා සිත බුහුටී යේ

වුනයි දකුණේ සඳ කෙසරි යේ

වමතෙත අඳනිල් සමව කෙටරි යේ

දකුණු ශරීරය රතුව සිටි යේ

වත් භාගය ගත සුදුව සිටි යේ

අඹා අයා කට නරබිල්ලකි නේ

කපෝල මුඛයෙන් ලේ නික්‌වෙමි නේ

වලාකුලක්‌ පිට සිට එක්‌ පයි නේ

කිඳුරෙකු පිට ඉඳගත වත් පයි නේ

රා මස්‌ ලේ විල් පුද දොල ගන් නේ

තුංමන් සල බටහිරෙන තබන් නේ

මේ හිමි සෙනසුරු කුල්මත් වන් නේ

බලිගෙන සතොසින් මේ දුක්‌ මුදන් නේ

වෙසෙනා වරුනා නුග තුරු විමනා

අතිතා රන්නද වටයෙකි දරනා

නැගුනා කපුටකු වාහන මඩිනා

රකිනා ආතුර සෙනසුරු තොසිනා

මෙම පුද වර්ග තටුවේ තබන්ට නිල් බත්, කුණු මස්‌, කැවුම්, අතිරස, නිල්මල්, ඉන්ද්‍රනීල, කළු වස්‌ත්‍රයක්‌, මීතෙල් පහනක්‌, බුලත්, පඬුරු, කහකොල 9 බැගින් හඳුන්, කස්‌තුරි අබිං, කංසා, රා, සුරුට්‌ටුවක්‌, බුලත්විටක්‌, පිනිදිය ආදිය, කපුqටු තටු මීතෙල් වලින් අඹරා දින 21 ක්‌ තිලකයක්‌ නලලත තබාගන්න. රිදියෙන් කපුටු රුවක්‌ සහිත මුදුවක්‌ හදා කපුටගේ ඇසට කාක නිල් මැණික්‌ ගලක්‌ අල්වා ශනිදින ශනි හෝරාවෙන් පළඳින්න, එමෙන්ම “ශනි භූවනත්‍රය” යංත්‍රය 3024 වරක්‌ ජපකර රිදී සුරයක බහා පළඳින්න. ශනි පැරදී පලා යයි. ඔබට දිවි ඇතිතෙක්‌ ශනිගේ බාධා අපල ඇති නොවී දිනෙන් දිනම දියුණුව උදා කරයි.

We found this article from Divaina on 2014/01/12.