මේෂ, වෘෂභ මිථුන, කටක ආදී නම්වලින් හැඳින්වෙන රාශි දොළස, අහස් කුසේ යම් යම් ස්‌ථානවල පවතින තරුවැල් දොළසකි.අදාළ තරුවැල්වල පිහිටීමට අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී නම්වලින් ඒවා හැඳින්වීමට ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රඥයන් පුරුදුව ඇත.
අදාළ රාශීන්ට අයත් තරුවැල් පිහිටා තිබෙන්නේ, පිළිවෙළින් එළුවකුගේද වෘෂභයකුගේද නිවුන්නුන් දෙදෙනකුගේද කකුළුවකුගේද සිංහයකුගේද යාත්‍රාවක සිටින කාන්තාවකගේද, තුලාවක් රැගත් පුද්ගලයකුගේද, ගෝනුස්‌සකුගේද මිනිස් හා සිව්පා රුව සහිත ධනුර්ධරයකුගේද මකරකුගේද ජල බඳුනක් රැගත් කාන්තාවකගේද හා මත්ස්‍යයන් දෙදෙනකුගේද ආකාරයටය.
මේෂ වෘෂභ, මිථුන, කටක ආදී රාශි දොළස ග්‍රීක භාෂාවෙන් හැඳින්වෙන්නේ ක්‍රිය, තහවුරු, ජිතුම, කුලීර, ලෙය, පාථොන, ජුනි, කෞර්පි, නෞක්‌ෂික, ආකොකෙර, හෘෙද්‍රdන හා අනිත්‍ය යන නම්වලිනි. ලතින් භාෂාවෙන්, ඒරියස්, ටෝර්ස්, ජෙමිනි, කැන්සර්, ලියෝ, බර්ගෝ, ලිබ්රා, ස්‌කෝපියෝ, සැගිටේරියස්, කැප්‍රිකෝස්, අක්‌ටේරියස් හා පිස්‌කෙස් යන නම්ය.
අහස් කුසේ උතුරු දිග් භාගයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, හා මීන රාශිවලට අයත් තරුවැල් පිහිටා ඇති අතර ධනු රාශියට අයත් තරුවැල අහස් කුසේ දකුණු දිග් භාගයේය. මකර රාශියට අයත් තරුවැල දකුණු දිග් භාගයේ පෘථිවි නිරක්‌ෂයට සම්බන්ධ කලාපයේය. උතුරු දිග අහස් කුසේ පෘථිවි නිරක්‌ෂය පැත්තේ, මීන රාශියට අයත් තරුවැල පිහිටා ඇත.
ප්‍රාණයක් සහිත හා ප්‍රාණයක් රහිත සකලවිධ වස්‌තූන්ට, ග්‍රහ තාරකාවන්ගෙන් ආකර්ශන බලපාන ආකාරය පෙන්නුම් කෙරෙන විද්‍යාව ජ්‍යෙdතිර් විද්‍යාවය. රවි සඳු, කුජ, බුධ, ගුරු සිකුරු ආදී ග්‍රහයන් අහස් කුසේ භ්‍රමණය වන්නේ, පෘථිවි ග්‍රහලෝකය වටාය.
රාශි චක්‍රයට අංශක 360 ක් ඇතුළත් වන අතර මේෂ වෘෂභ, මිථුන, කටක, ආදී රාශි දොළසට අනුව, රාශි චක්‍රයද කොටස් දොළසකට බෙදී ඇත. එක් කොටසක් අංශක 30 කි. රාශි යන නමින් හඳුන්වනු ලබන්නේ, එම කොටස්‌ය. අංශක 360 කින් සමන්විත රාශි චක්‍රයද කොටස් 27 කට බෙදා ඇත. නැකැත් යන නමින් එම කොටස් හැඳින්වෙන අතර අංශක 13 කුත් කලා 20 ක් එක් නැකතකට ඇතුළත්ය.
අංශක තුනකුත් කලා 20 කින් සමන්විත පාද වශයෙන්ද ඒ ඒ නැකත් කොටස් හතරකට බෙදා ඇත.
රාශි චක්‍රයට මෙවැනි පාද 108 ක් ඇතුළත්ය.
මේෂ, වෘෂභ, මිථුන, කටක, ආදී වශයෙන් රාශි 12 ක් පවතින හෙයින්, එක් එක් රාශියට ඇතුළත් පාද ගණන නවයකි.
රවි, සඳු, කුජ, බුධ, ගුරු ආදී සෙසු ග්‍රහයන් පරිදි රාහු හා කේතු ග්‍රහයන් දෙදෙනා පියවි ඇසින් දැකගත නොහැකිය.
රාශි චක්‍රයේ සම්පූර්ණ වටයක් ගමන් කිරීම සඳහා රවි, සඳු, කුජ බුධ ආදි ග්‍රහයන්ට ගතවන කාලය පහත සඳහන්ය. රවි, බුධ හා ශුක්‍ර ග්‍රහයන්ට මාසයක කාලයකි.
කුජ ග්‍රහයාට මාස එකහමාරකි. වසරක කාලයක් ගත වන්නේ, ගුරු ග්‍රහයාටය. ශනි ග්‍රහයාට ගතවන කාලය අවුරුදු දෙක හමාරකි. රාහු හා කේතු ග්‍රහයන් දෙදෙනාට, වසර එකහමාර බැගිනි.
අප ජීවත් වන පෘථිවියද නව ග්‍රහයන්ද ඇතුළු සියලුම ග්‍රහ වස්‌තූන් රඳා පවතින්නේ පරතෙරක් නොමැති ආකාශය තුළය. ආකාශය කෙතරම් විශාල දැයි කිවහොත් තත්පරයකට සැතපුම් ප්‍රකෝටියක වේගයකින්, අවුරුදු ප්‍රකෝටියක කාලයක් අහස් කුසේ එක් දිශාවකට ගමන් කළත්, කෙළවරක් සොයා ගත නොහැකිය. අභ්‍යවකාශයේ ග්‍රහ වස්‌තූන් තව අපමණ සංඛ්‍යාවක් තිබිය හැකිය. අපේ සෞරග්‍රහ මණ්‌ඩලය වැනි හෝ ඊට වඩා විශාල වූ හෝ සෞරග්‍රහ මණ්‌ඩල තව ඕනෑතරම් තිබිය හැකිය.
අප දැන සිටි නව ග්‍රහයන්ට අමතරව ප්ලූටෝ, යුරේනස් හා නැප්චූන් ග්‍රහ ලෝකයන් සොයා ගන්නා ලද්දේ මෑතකදීය.
ග්‍රහ තරු පොකුරකට එක්‌ව ලබන දෙසැම්බර් අගදී ලෝක විනාශය සිදු විය හැකි යෑයි මීට වසර දහස් ගණනකට පෙර පළ කොට තිබුණු අනාවැකිය, වත්මන් මිනිසාගේ ක්‍රියාකාරකම් අනුව සැබෑ වන්නටත් බැරිකමක් නැත.
We found this article from Divaina on 2012/11/16.
Also Sinhala to English Google word to word translation can be found here