මිනිසත් බවක් ලැබ මේ මිනිස් ලොව උපත ලබන ගැහැනියක හෝ පිරිමියකු හෝ තපසට නොගොස් ගිහි ජීවිතයේ රැඳෙන්නේ නම් ඔහුට හෝ ඇයට විසීමට නිවසක් අවශ්‍ය වේ. එසේ නිවසක වසන කෙනෙකුගේ සියලු ජීවන කටයුතු එම නිවස හේතුකොට ගෙන සිදුවේ.
ඒ නිසා නිවසක් තනන විට එම නිවස වාස්‌තු දෝෂ රහිතව තැනිය යුතු බව ලොවට වදාළ ඉසිවරයන් ඒ සඳහා වාස්‌තු විද්‍යා න්‍යාය පද්ධතියක්‌ද ප්‍රකාශ කර ඇත.
වර්ග ඵලය
නිවසක ප්‍රධානම දෝෂය මතුවන්නේ ගෘහ හිමියාගේ ජන්ම කේන්ද්‍රයේ ලග්නයට හා ජන්ම නැකතට සීහුම් නොවන වර්ග ඵලයෙනි.
ගෘහ හිමියාගේ ජන්ම ලග්නයට නිවසේ ලග්නය සීහුම් නොවුණ විට දිළිඳු බව හා ව්‍යසනයද, ගෘහ හිමියාගේ නැකැත හා ගෘහයේ නැකැත එකම වූ විට මරණය හා සමාන දුක් ද, ඇතිවන බව ඉසිවරු කියති.
ඒ නිසා නිවසක් තැනීමේදී පරෙස්‌සමෙන් කටයුතු කළ යුතුය.
වඩු රියන
ඉසිවරයන් විසින් වඩු රියනින් දක්‌වා ඇති ගණන් මිමි උපයෝගි කරගෙන නිවෙස් ගොඩනැගීම ඉතා ශුභ වුවත් එම රියන් වලින් ඇති කරන වර්ග ඵලයට අදාළව ගොඩනැගෙන නිවසේ ලග්නය හා නැකැත ගෘහ හිමියාගේ ජන්ම කේන්ද්‍රයේ ලග්නයට හා නැකැතට නොගැලපුනහොත් කරදර දුක් කම්කටොළු හා ව්‍යසන ඇතිවේ.
ඒ නිසා නිවසේ වර්ගඵලය ගෘහ හිමියාට, ගෘහනියට හා බාල පුත්‍රයාට ගලපා ගන්නා ලෙසට ඉසිවරු උපදෙස් දෙති.
දිසා අට
එසේ සුදුසු වර්ග ඵලයක් අනුව නිවසේ දිග පළල සකස්‌කර ගත්පසු එම නිවාස සැලැස්‌ම අට දිසා නොබිඳෙන ලෙස ශුභ මොහොතින් භූ ගතකළ යුතුය.
නිවාස සැලසුම් දිසා අට පිහිටන හැටි සටහන් අංක 01 න් බලා ගන්න.
දිසා 08 බිඳෙන හැටි සටහන් අංක 02 න් බලාගත හැකිය.
සටහන් අංක දෙකෙන් දැක්‌වෙන නිවාස සැලසුම භූගත කළ විට නැගෙනහිර හා ඊසාන අතර බිම් කොටසත්, බටහිර නිරත හා දකුණ අතර බිම් කොටසත් නිවසින් කැඩී වෙන්වී පවතියි. එසේම දකුණු හා ගිනිකොණ අතර කොටසද කැඩී පවතියි.
ඒ නිසා මේ සැලසුමට නිවසක් ගොඩනැගූ විට එම නිවස සැලකෙන්නේ අංග විකල වූ අංග හීනවූ නිවසක් ලෙසටයි.
අංග හීන නිවස
අංග හීන නිවසක ඊසාන දිසාවේ කොටසක් අඩුවූ විට බුද්ධියෙන් කටයුතු කරන්නට හැකියාවක් නැතිවේ.
සෞඛ්‍ය තත්ත්වය වරින් වර පිsරිහෙයි. සම්පත් පිරිහෙන්නට පටන් ගනියි. තමා වෙත ගුණධර්මයන්ගේ පිහිටීමක් නැතිවේ.
නැගෙනහිරත් උතුරත් අතර නිවසේ කොටසක් අඩුවීම ඊසාන දිසාවේ අඩුවක් වශයෙන් සැලකේ.
නැගෙනහිරත් දකුණත් අතර කොටසක් අඩුවුවහොත් එය ගිනිකොණ දිසාවේ අඩුවක් වශයෙන් සැලකේ.
ඒ හේතුවෙන් ධනය හානිවෙයි. එම නිවසේ වෙසෙන ස්‌ත්‍රීන් හේතුවෙන් ගෙහිමියාට කරදර මානසික අසහන ඇතිවේ.
බටහිරත් දකුණත් අතරට වැටෙන නිරිත දිසාවේ නිවසේ කොටසක් අඩුවුවහොත් ඒ හේතුවෙන් ධනය වැයවී යයි. සම්පත් විනාශ වෙයි. දරුවන්ට විපත් ඇතිවේ.
ස්‌ත්‍රීන්ට දුක් ඇතිවේ.
බටහිරත් උතුරත් අතර කොටසක් අඩු වුව හොත් ඒ හේතුවෙන් ගෙහිමියාට දුක් ඇතිවේ. ධනය විනාශ වී යයි.
බටහිරත් උතුරත් අතරට වැටෙන කොටස සැලැකෙන්නේ වයඹ කොටස ලෙසය.
වාස්‌තු පුරුෂයා
නිවසක සැලැසුම භූගත කළ පසු එම අත්තිවාරම ඇතුළත වාස්‌තු පුරුෂයාට අයත් අංග පිහිටන්නේ මෙසේය.
1. නැගෙනහිරත් උතුරත් අතර කොටස හිස
2. නැගෙනහිරත් දකුණත් අතර කොටස දකුණු බාහුව
3. බටහිරත් දකුණත් අතර කොටස පාද
4. බටහිරත් උතුරත් අතර කොටස වම් බාහුව
නිවසේ කොටස් නවය
එසේම නිවසක් සඳහා අත්තිවාරම දැමූ පසු එම අත්තිවාරම කොටස් නවයකට බෙදේ. පහත සඳහන් සටහන් අංක තුන බලන්න.
අංක 03 සටහනේ ඇතුළත යම්කිසි කොටසක හීනතාවයක් ඇති වුවහොත් එහි දක්‌වා ඇති කරුණුවල බිඳීමක් ඇතිවේ.
ඒ නිසා නිවසේ සැලසුම සකස් කිරීමේදී මේ ගැන ද සිතිය යුතුය.
කාමර බෙදීම
නිවසේ කාමර බෙදීම දිසාවන්ට අනුව පහත සඳහන් සේ විය යුතු බව වාස්‌තු විද්‍යාවේ සඳහන් වේ.
1. උතුරු දිසාව – නිදන කාමර, ගබඩා කාමර
2. නැගෙනහිර දිසාව – නාන කාමර
3. දකුණු දිසාව – නිදන කාමර
4. බටහිර දිසාව – කෑම කාමර
5. ගිනිකොණ දිසාව – කුස්‌සිය
6. ඊසාන දිසාව – ආගමික වතාවත් කාමරය
7. වයඹ දිසාව – ගබඩා කාමරය
8. නිරිත දිසාව – වැසිකිළි කැසිකිළි කාමර
We found this article from Divaina on 2013/03/22.
Also Sinhala to English Google word to word translation can be found here