[ratings]
සම්බුදු දහම හා ජ්‍යෙdතිෂය අතර පවතින සබඳතාව පිළිබඳව පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළෙමු. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ අප සියලු දෙනාටම මුහුණදීමට සිදුවන අටලෝදහම හා ජන්ම පත්‍රය අතර පවතින සබඳතාව පිළිබඳවයි.”නැකත” පත්‍රයේ පාඨකයන් වෙනුවෙන් හෙළි කෙරෙන මෙම “ධර්මය හා ජ්‍යෙdතිෂය” අතර සබඳතාව මීට පෙර කියවීමට අවස්‌ථාවක් තිබෙන්නට ඇතැයි නොසිතමු.
එක් කලෙක රජ කරන කෙනෙකු පසු කලෙක හිඟන තත්ත්වයකට ඇද වැටී සිටිනු දක්‌නට ලැබේ. කාලයක් සමාජයේ ගරු නම්බු ලැබූ අය තවත් කලෙක නින්දා ලබයි. කලෙක මහත් දුක් කන්දරාවන් විඳි අය හිටි හැටියේ ධනවත්ව සැපවත් ජීවිතයක් ගත කරනු දැකිය හැකිය.
සියලු සත්වයන්ට පොදු වන ලාභ, අලාභ, කීර්තිය, අපකීර්තිය, නින්දා, ප්‍රශංසා, දුක සැප යන ධර්මතා අටට අටලෝ දහම යෑයි කියනු ලැබේ. අටලෝ දහමේ නොසැලී සිටීම මංගල කාරණයක් බව බුදු දහම අවධාරණය කරයි. ලාභ, සැප, ප්‍රශංසා සහ කීර්තිය ලබන විට උඩඟු නොවීමත්, දුක, නින්දා, අලාභ, අපකීර්ති ලබන විට කම්පා නොවීමත් මෙයින් අදහස් කෙරේ. එසේ වන්නේ මේ කරුණු අට නොවරදවාම වරින් වර සෑම කෙනකු කරාම එන බව මතක තබාගෙන සිටීමෙනි.
හඳහන මගින් කෙනකු උපදින විට රැගෙන ආ කර්ම ශක්‌තිය පෙන්වා දෙන්නේය. මේ අටලෝ දහමට අදාළ කරුණු වරින් වර තමා කරා එන්නේ කුසලා කුසල කර්මයන්ගේ ඉදිරිපත් වීමෙනි. මෙය හඳහනෙන් පෙන්වන්නේ මෙසේය.
ලාභ හෙවත් අයස්‌ථානය
ලාභ යනු ලැබීමයි. සියලු ආදායම් මාර්ග, රැකියාව නිසා ලබන වැටුප් තත්ත්වය කුමන මට්‌ටමක තිබේදැයි හඳහනේ අයස්‌ථානය හෙවත් එකොළොස් වැන්නෙන් පෙන්වයි. ශුභ ග්‍රහයන් යෙදීම, දැකීම ආදිය මගින් බලවත් වන විට ඊට අදාළ ලැබීම් වැඩි බව පෙන්වන 11 සිකුරු, ගුරු ආදී ග්‍රහයන් බලවත් වන විට ජන්මියා ව්‍යාපාරයකින් හෝ අංශ කිහිපයකින් විශාල ආදායම් ලබන කෙනකු වන්නේය. 11 පාප ග්‍රහයන් ගෙන් පීඩාවන විට උත්සාහයේ තරමට ලාභ නැති කෙනෙක් බව පෙන්වයි. උපපඡ්ජවේදනීය කර්මය පිළිබඳව මෙම භාවයෙන් විස්‌තර කෙරේ. එමෙන්ම යම් පුද්ගලයකු ලබන හිතමිතුරන්, යහළුවන් හා වැඩිමහල් සහෝදරයන් ගැනද මෙමගින් කියෑවේ.
අලාභ හෙවත් වැය ස්‌ථානය
අටලෝ දහමේ දෙවැනි අංගය වන අලාභ පිළිබඳව කේන්ද්‍රයේ දොළොස් වන භාවයෙන් කියෑවේ. එයින් ජන්මියාගේ වියදම්, රෝග, දෝෂ, කල්තැබීම්, පරාජය, නාස්‌තිය, රහස් දුක පිළිබඳව සොයා බලනු ලැබේ. 12 අධිපති 11 සිටි විට හෝ 11 අධිපති 12 සිටි විට ජන්මියාගේ සියලු ආදායම් වියදමට සමවනු ඇත. ඉතිරි කරගත නොහැකි වේ. නමුත් 12 ශුභ ග්‍රහ යෙදීම්වලින් බලවත් විට මේ තත්වය වෙනස් වේ. අට අධිපති ග්‍රහයා 12 සිටීම හෝ 12 අධිපති අටවැන්නේ සිටි විට අලාභ අඩුවනු ඇත.
කේන්ද්‍රයේ 11 න් අයද, 12 න් වැයද පිළිබඳව කරුණු සොයන අතර එය අටලෝ දහමේ ලාභ අලාභ යන අංග දෙක පිළිබඳව කරුණු හෙළිකරයි. කේන්ද්‍රයේ මෙම කොටු දෙකින් එකක්‌වත් ඉවත් කළ නොහැකි ලෙසටම ජීවිතයෙන් ලාභ, අලාභ බැගින් එකක්‌වත් ඉවත් කළ නොහැකි වනු ඇත.
යසස හෙවත් ධනස්‌ථානය
ධනස්‌ථානය යනු දෙවැන්නයි. කේන්ද්‍රයක දෙවැන්න මගින් ඔහුගේ හෝ ඇයගේ තැන්පත් ධනය, අටුකොටු, බැංකු තැන්පත් හා මුහුණේ අංග පිළිබඳව විස්‌තර කෙරේ¾ පුද්ගලයකුගේ කීර්තිය ඇති වන්නේ මේ කරුණුවලිනි. අටලෝ දහමේ තුන්වන අංගය වන කීර්තිය ද නොයෙක් අවස්‌ථාවල සෑම කෙනකු කරාම එන ධර්මතාවකි. දෙවැන්නේ ගුරු හෝ වෙනත් ග්‍රහයකු ශුභව බලවත් වන විට ජන්මියා සම්පතින් පිරුණු ධනවතෙකි. එමෙන්ම රැස්‌කරන පුණ්‍යකර්ම පිළිබඳවද කියෑවෙන්නේ දෙවැන්නයි. සමහරු ධනය රැස්‌කරන අතර තවත් අය පින් රැස් කරයි. මේ කුමන හෝ පුද්ගලයාට කීර්තිය ලබාදෙනු ඇත. ආචිර්ණ කර්ම ගැන කියන තැනයි.
අයස හෙවත් තුන්වන භාවය
හඳහනක තුන්වන භාවය වික්‍රමස්‌ථානය, සහෝදර ස්‌ථානය නමින්ද හැඳින්වේ. අසල්වාසීන් හා බාල සහෝදරයන් ගැන විස්‌තර කරන තැනයි. මෙම භාවය දුර්වල ග්‍රහයන්ගේ යෙදීම් හා දැකීම් ඇති විට ජන්මියාට හොඳ අසල්වාසීන් නොලැබේ. සහෝදර හා අසල්වාසීන්ගෙන් චෝදනා එල්ල වේ. අපකීර්තියට කරුණු යෙදේ. ධෛර්ය නැති වේ. අලස වේ. වීර්යය නැති කෙනෙක් වේ. ආසත්ත කර්ම ගැන කියන තැනයි. අටලෝ දහමේ අපකීර්තිය ලබන ආකාරය ගැන කියන්නේ තුන්වැන්නෙනි.
හඳහනක 3 වැනි කොටුවක් ඇති අතර එය ඉවත් කළ නොහැකිවාක් මෙන්ම ජීවිතයක අපකීර්තියද ඉවත් කළ හැකි නොවන්නේය. ඕනෑම කෙනකුට එවැනි අවස්‌ථාවක් උදාවනු ඇත. එයින් මිදුනු කෙනෙක් නැත.
නින්දා හෙවත් හයවන භාවය
හඳහනක හයවන භාවයට සතුරු ස්‌ථානය යෑයි කියනු ලැබේ. ඊට හේතුව සතුරු පීඩා හෙවත් නින්දා ගැන කියන බැවිනි. ජන්මියා විසින් කරන ලද “උප පීඩක කර්ම” ගැන මෙමගින් විස්‌තර කෙරේ. බුදු පසේ බුදු මහ රහත් ආදී උතුමන්ට පවා නින්දාව පොදු දෙයක් විය. සතුරු උපද්‍රව ලබන ආකාරය, ලබන කාලය, ණයවීම, ණයගැතිවීම නිසා ලබන නින්දා සතුරුකම් නිසා ලබන අපහාස ආදිය මෙම භාවයෙන් කියෑවේ. අටලෝදහමේ පස්‌වන අංගය නින්දාවයි. ජීවිතයේ කුමන අවස්‌ථාවක හෝ ලැබීමට ඉඩ ඇති නින්දාවද සියලු දෙනාටම පොදු ධර්මතාවකි. හේතුව පෙර ආත්මවල අන් අය පීඩාවට පත්කර තිබීමයි.
ප්‍රශංසා හෙවත් පස්‌වන භාවය
අටලෝ දහමේ මීළඟ අංගය ප්‍රශංසාවයි. සෑම කෙනකුම ප්‍රශංසාවට කැමැතිය. ජීවිතයේ බොහෝ අවස්‌ථාවල නින්දාව මෙන්ම ප්‍රශංසාවද සෑම කෙනකු කරාම පැමිණේ. ක්‍රීඩාවක යෙදී ජයග්‍රහණය ලැබීම ආදී බොහෝ දුර දිග නොබලා තමුන් තරන කටයුතුවලින් ජය ලබන විට ප්‍රශංසා හිමිවේ. ආයෝජනය කරන මුදලට බොහෝ ලාභ ලබා සාර්ථක වීම ආදී මෙවැනි කරුණු ගැන කියන්නේ කේන්ද්‍රයේ 5 වැනි භාවයෙනි. දරුවන් හා ඉගෙනීම ගැන කියන්නේද එතැනිනි. විභාගවලින් ජය ලැබීම, යහපත් දරුවන් ලැබීම, ආයෝජනවලින් ලාභ ලැබීම ආදී ප්‍රශංසා හිමිවන හඳහනේ පස්‌වැන්නෙන් විස්‌තර කෙරේ.
හඳහනක 5, 6 යන කොටු දෙක ඉවත් කළ නොහැකිය. එමෙන්ම ජීවිතයකින් ප්‍රශංසාව මෙන්ම නින්දාවද ඉවත් කළ හැකි නොවනු ඇත. ඒවා සැමටම පොදුවනු ඇත.
සැප හෙවත් නවවැනි භාවය
කේන්ද්‍රයේ නවවැන්නට භාග්‍ය ස්‌ථානය යෑයි කියනු ලැබේ. පෙර පින, වාසනාව, දෙවි පිහිට, භාග්‍යය, උසස් අධ්‍යාපනය, ශීලය ආදී කරුණු රාශියක් එමගින් කියෑවේ. මේ සියල්ල එක වචනයකින් හඳුන්වන විට “සැප” යෑයි කිව හැකිය. අටලෝ දහමේ එන මෙම අංගය ඒ ඒ පුද්ගලයාට බලපාන ආකාරය හෙවත් දිට්‌ඨධම්ම වේදනීය කර්ම බලය හඳහනේ 9 වැන්නෙන් විස්‌තර කෙරේ.
දුක හෙවත් අටවැනි භාවය
අටලෝ දහමේ අටවන අංගය වන දුක ගැන කියන්නේද කේන්ද්‍රයේ අටවැනි කොටුවෙනි. පුද්ගලයාගේ පෙර පින් යටපත් කර උපඝාතක අකුශල කර්ම ශක්‌තිය උපදින ආකාරය එම භාවයෙන් පෙන්වයි. දුක, කනගාටු, මරණ, හානි විපත් එයින් විස්‌තර කළ හැක. අටවැන්නේ සිටින හා දකින ග්‍රහයන් අනුව හා එම ග්‍රහයන්ගේ දශා ලබන විට ජන්මියා අටලෝදහම අනුව දුකට පත්වේ.
ඉහත 8 හා 9 යන කොටු දෙකද හඳහනේ ඇති කොටු 12 ට ඇතුළත්ය. ඒවා ඉවත් කළ නොහැකිවාක් මෙන්ම ජීවිතයක සැටි මෙන්ම දුකද අනිවාර්ය සිදුවීම් වශයෙන් වරින් වර මුහුණදීමට සිදුවන අංග දෙකක් වන්නේය.
ලාභ, අලාභ, අයස, යසස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන අංග අට කේන්ද්‍රයේ භාව 8 මගින් විස්‌තර කරන ආකාරය විශ්මයජනකය. බුද්ධ ධර්මය සහ ජ්‍යෙdතිෂය අතර සබඳතාව පිළිබඳ සාකච්ඡා කළ මෙම ලිපිය මෙතැනින් සමාප්ත කරමු. මඟහැරිය නොහැකි ලෙස අටලෝදහම අප සියලු දෙනාටම බලපාන බැවින් එයින් කම්පා නොවීමට අදිටන් කරගනිමු.
We found this article from Divaina on 2011/09/23.
Also Sinhala to English Google word to word translation can be found here