වර්තමාන සමාජයේ ජීවත්වන සියල්ලෝම අත්විඳි අත්දුටු සත්‍යතාවක් ඇත. ඒ සත්‍යතාව වන්නේ කවර හෝ කරදර දුක්‌ගැහැට නිසා ඇතිවන කායික මානසික පීඩාවන්ය. මේ තත්ත්වයෙන් මගහැරුණු කිසිවෙක් හමුවන්නේ නැත. ඊට හේතුව ජන්ම වේලාවට අනුව උරුම කර ගන්නා සසර පුරුදු කළ ක්‍රියාවන් ඉස්‌මතු වීමයි. කර්ම වේගය සහ වෙනත් හේතු අනුව ක්‍රියාත්මක වන මෙම බලය අප හඳුනාගන්නේ ග්‍රහ බල දුබලතා අනුවය. ඒ අනුව එක් එක් ග්‍රහයන්ට හිමිවන පීඩාකාරී තත්ත්වයන් විවිධ වෙයි.
රවි ග්‍රහයා අශුභ වීමෙන් නිරර්ථක අදහස් ඇති, අහංකාර වූ ඉස්‌පාසු නැති, ලෝභ වූ අනුන්ගේ උදව් බලාපොරොත්තු නැති, වාචාල ගති ඇති, කල්පනාව නැති, ලෝභකමින් වියදම් කරන, කෲර වූ, පියාගේ දේපළ විනාශ කරන, අනුන් යටත් කිරීමට හා කෙළෙසීමට කැමති, නුසුදුසු ගරුබුහුමන් ලැබීමේ කැමැත්තද සඳු ග්‍රහයා අශුභ වූ විට බේබදු, අලස මෝඩ කිසිවකුට ආශාවක් ඇති නොවන මන්දෝත්සාහ අනුන්ගෙන් යෑපෙන පහත් ගතිද උරුම වෙයි. අඟහරු ග්‍රහයා අශුභ වූ විට කළහකාරී, කෲර, අහංකාර, කෙළෙහි ගුණ නොසලකන දාමරික ගුණයද බුධ ග්‍රහයා අශුභ වූ විට නිෂ්ඵල කථා ඇති, වටහා ගැනීමේ ශක්‌තිය අඩු, ඊර්ෂ්‍යා කරන, පාපකාරී, අවලක්‍ෂණ ශරීරයක් උරුම වන ප්‍රයෝගකාරී විකල මානසික තත්ත්වයද ගුරු ග්‍රහයා අශුභ වූ විට නිකරුණේ ධන සම්පත් විනාශ කරන, අහංකාර කෙළෙහි ගුණ නොදන්න කුහක තේරුමක් නැති වැඩ කරන වංචාකාරී දුර්වල මානසික තත්ත්වයද බුද්ධිමත් නොවන ගතියද උරුම වෙයි. ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා අශුභ වූ විට කාම අපරාධ වල නිරත වන, අශීලාචාර, දස අකුසලයෙහිම නිරත වන ගතියද සෙනසුරු ග්‍රහයා අශුභ වූ විට ඊර්ෂ්‍යාකාර වූ තණ්‌හාධික පහත් ගතිද උරුම වෙයි.
ග්‍රහයන්ට හිමිවන ගති ස්‌වභාවයන් අවස්‌ථා නුකූලව ක්‍රියාත්මක වීමෙන් මුළු ජීවිත කාලයම දුක් ගොඩක් ලෙස පෙණුනද ඒ තත්ත්වය මගහරවාගත හැකි වන්නේත් එයම අධිෂ්ඨාන බලයක් කරගැනීමෙනි. ග්‍රහයන්ගේ දුෂ්ඨ ඵල මගහරවාලීම සඳහා ආගමානුකූල පිළිවෙත්වල යෙදීම සුදුසු බව ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රානුකූලව ප්‍රකාශ වන්නේ ඒ අනුවය. බොහෝ අවස්‌ථාවල ආගමානුකූල පිළිවෙත් අතපසු වීම් සිදුවේ. එවැනි අවස්‌ථාවල තමා මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය හෝ ඥාති මිත්‍ර, අසල්වැසි හෝ ඇසුරු කරන අය මුහුණ දී ඇති තමා හොඳින් දන්නා කරුණු මෙනෙහි කිරීමද අපල සමනය වීම සඳහා සුදුසු ප්‍රතිකර්මයක් වනු ඇත. කළ නොහැකි භාවනා ක්‍රම හමුවේ අතරමං වනවාට වඩා තමන් දන්නා සත්‍යය භාවනාවක් ලෙස මෙනෙහි කළ හැකි අගනා කමටහනක් වන්නේය. එය අපල දුරුවීම සඳහා හේතු වන යහපත් දැකීමක් සේම කල්පනාවක්‌ද වෙයි. හැකියාව ඇති හැම විටම ඒ පිළිබඳව මෙනෙහි කිරීම යහපත් සිහිය එළැඹීමටද සිත සමාධිගත වීමෙන් පැහැදිලි කල්පනා ශක්‌තියක් උදාකර ගැනීමටද හේතුවන්නේය. ග්‍රහ අපල නිසා ඇතිවන මානසික දුබලතා, අහංකාර අප්‍රසන්න ගති සහ කෙළෙහි ගුණ නොදන්නා අයථා මානයද එමගින් දුරු වී යනු ඇත. ඒ අනුව නිරායාසයෙන්ම ඒ තැනැත්තා සාර්ථක ජීවිතයක හිමිකරුවෙක් වන්නේය. ජීවිතයේ දුක් කම්කටොළු මගහරවා ගැනීමේ ශක්‌තියද හැකියාවද ඒ අනුව නොඅඩුව හිමිවන බව සියළු දෙනාට තම අත්දැකීමෙන් අවබෝධ කරගත හැකි සත්‍යයක් වන්නේය. එබැවින් යහපත් වූ සතුටුදායක දිවිමග අපේක්‍ෂා කරන සියලු ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රානුකූලව සහ ආගමානුකූලව පිළිගත් සත්‍යය වන පසුතැවිල්ලට පත්වන දේ කළොත් එයින් සැප් නොලැබේ. යන මතයෙහි පිහිටා හැසිරිය යුතුය. එය තම අත්දැකීමෙන්ම සනාථ වන සත්‍යයක් බැවින් මතු සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සත්‍යයේ බලයත් නවග්‍රහ අපලයත්, අපලය මෙනෙහි කිරීමෙන්ම සමනය කළ හැකි බවත් තහවුරු වනු ඇත.
තරුණ කාලයේදී තමන්ට හැකියාව ඇති රැකී රක්‍ෂාවල නොයෙදී, තිබෙන ධනය කා බී විනාශ කිරීමෙන් මහළු වයසේදී ප්‍රයෝජන ගැනීම සඳහා කිසිවක් ඉතිරි වන්නේ නැත. ඒ අයට මහළු වයසේදී සැප විඳින අය දෙස බලා ” අනේ මට මොකුත් ඉතිරි කරගන්න බැරි වුණා.” යයි පසුතැවිලි වීමට සිදුවෙයි.
කුඩා කාලයේ කවර හේතුවක් නිසා හෝ ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙන නොගත්තේ නම් උගත් අය උගත මනා ශිල්පයෙන් ඵල ලබනවා දකින විට අනේ මටත් ඉගෙන ගත්තා නම් සැප විඳින්න තිබුණා” යයි පසුතැවිලි වන්නට සිදුවෙයි. බොරු කීමෙන්, අල්ලස් ගැනීමෙන්, කේළාම් කීමෙන් අනුන්ට නින්දා අපහාස කරමින් ජීවත් වන අය මරණාසන්න කාලයේදී කරන ලද වැරදි සිහි කරමින් පසුතැවිල්ලට පැමිණෙයි.
සතන්ට වධහිංසා කිරීමෙන් මංකොල්ල කෑමෙන් සහ හොරකම් කිරීමෙන් ජීවත් වූ අයද ඒවා සිහි වී මරණාසන්න මොහොතේ පසුතැවිලි වෙයි.
කුලයට නිගා දෙන ක්‍රියාවල නිරත වී අශීලාචාරව ජීවත්වන මිල මුදල් ආදී වස්‌තුව තිබියදී දන් පින් නොකළ අය, මව් පියන්ගේ අත්පා මෙහෙවර කිරීමක් හෝ කෑම් – බීම්, ගමන් – බිමන්. ඉඳුම් – හිටුම්, රෙදි පිළියෙන් සංග්‍රහ නොකළ අය මරණාසන්න වූ විට ඒවා සිහි වී පසුතැවිල්ලට පත්වෙයි.
කුඩා කල පටන් හොඳ නරක කියා දෙමින් කටයුතු කළ හදා වඩා ගත් මව්පියන්ට ගරු සැළකිලි නොදක්‌වා දන්දීම් ආදිය නොකොට අපහාස කළ අය, සිල්වත් ගුණවත් මහණ බමුණන්, ශ්‍රමණයන් වෙත පැමිණ හොඳ නොහොඳ විචාරා කුසල් කිරීම් ආදියෙන් වැළකී සිටි අය මරණාසන්න කාලයේදී ඒවා සිහි වී පසුතැවිලි වෙයි.
නවගහ අපලයෙන් අපලය දුරුවන්න
දුස්‌පල බලය කමටහනක් කර ගන්න
දන් සිල් බවුන් බලයෙන් දිරිමත් වන්න
නැණ බල වඩා සත් බලයෙන් සැනසෙන්න
We found this article from Divaina on 2012/08/31.
Also Sinhala to English Google word to word translation can be found here