Friday, September 12, 2025
Homesiඋපන් වේලාවක්‌ නැතිව පලාපල කිවහැකි තත්කාල ශාස්‌ත්‍රය

උපන් වේලාවක්‌ නැතිව පලාපල කිවහැකි තත්කාල ශාස්‌ත්‍රය

ජීවිත පලාපල දැනගැනීම සඳහා නැතහොත් සුබ නැකතක්‌ සාදා ගැනීම සඳහා බොහෝ ජ්‍යෙdතිර්වේදීන් පදනම් කරගන්නේ ඡන්ම පත්‍රයයි. ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය යනු යම් කෙනකු උපන් වේලාවට අහසේ උදාවූ සුබ තාරකාවන් ගේ පිහිටීම දක්‌වන සටහනකි. ග්‍රහ තාරකාවන්ගේ “සටහන” යන වචනය බිඳීගොස්‌ සටහන – සඳහන – හෙවත් “හඳහන” යන වචනය සෑදී තිබේ.

හඳහනේ ග්‍රහ පිහිටීමත් එය පරීක්‍ෂා කරන මොහොතේ එම ග්‍රහයන් සිsටින ආකාරයත්, දශාවත් සලකා බලා පලාපල පිළිබඳව සොයා බැලීම මෙහි පදනම වේ. එහෙත් එම පලාපල සත්‍ය වන්නේ උපන් වේලාව නිවැරැදිව ලබාගත හොත් පමණි. තම නිවසේම උපන් සමහරකුට නිවැරැදි උපන් වේලාවක්‌ නැත. තවද සූතිකාගාරයේ සේවය කරන වෛද්‍ය කණ්‌ඩායමට උපන් වේලාව ලිවීම පිළිබඳ ප්‍රමාදයන් සිදුවුවහොත් එමගින් ජන්මියාට සාදන කේන්ද්‍රය නිවැරැදි නොවේ.

ඉතා නිවැරැදි කේන්ද්‍රයක්‌ සාදා ඇතත්, එමගින් අංග සම්පූර්ණ පලාපල කථනයක්‌ කළ නොහැකිය. එනම් සමහර ප්‍රශ්න වලට විසඳුම් දීමට කේන්ද්‍ර සටහන පමණක්‌ ප්‍රමාණවත් නොවන බවයි. මෙරට විසූ කීර්තිමත් දෛවඥයකු වූ හරමානිස්‌ අප්පුහාමි මහතා සඳහන් කර ඇත්තේ කේන්ද්‍රයෙන් පලාපල කිවහැක්‌කේ සියයට හතළිහක්‌ බවත් ඉතිරි සියයට හැට තත්කාල ශාස්‌ත්‍රය අනුව කිවයුතු බවත්ය. මෙය සම්පූර්ණ සත්‍යයකි.

උදාහරණයක්‌ වශයෙන් අසනීපයක්‌ පිළිබඳව සුබාසුබ බලන විට අසනීපය සුවවන බව හෝ නොවන බව කේන්ද්‍රයෙන් කිව හැකි නමුත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සුදුසුද? නියමිත ඖෂධ ලැබී තිබේද? යන්න කිවහැකි නොවේ. එමෙන්ම වාහන මිලට ගත හැකි බව කිව හැකි නමුත් මිලට ගැනීමට බලාපොරොත්තුවන වාහනය කුමන තත්ත්වයක එකක්‌ දැයි කේන්ද්‍රයෙන් කිව නොහැකිය. එමෙන්ම ග්‍රහ අපල ගැන කිව හැකි නමුත් පදිංචි නිවසේ වාස්‌තු දොaෂ, වින දොaෂ, අමනුෂ්‍ය දොaෂ, ළිං කැපීමට සුදුසු ජල උල්පත් පවතින දිශාව ආදී කරුණු ජන්ම පත්‍රයේ අංග සම්පූර්ණව සඳහන් වන්නේ නැත. ඒ සඳහා තත්කාලය අවශ්‍ය වේ.

ජන්ම පත්‍රයක්‌ නැතත් එම කාලයේ සුබාසුබ මෙන්ම ඉහත දැක්‌වූ ආකාරයේ බොහෝ ප්‍රශ්න වලට තත්කාල ශාස්‌ත්‍රය මගින් විස්‌තර සහිතව කරුණු අනාවරණය කළ හැකි වේ.

තත්කාල ජ්‍යෙdතිෂ්‍ය යනු කිසියම් මොහොතක සේවාදායකයකු ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයකු වෙත එළඹෙන විට එම වේලාවට සාදනු ලබන කේන්ද්‍රය පදනම් කර ගනිමින් අනාවැකි කීමයි. චිරාත් කාලයක සිට ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයකු වෙත එළඹෙන සේවාදායකයන් බුලත් හුරුල්ලක්‌ පිරිනැමීම චාරිත්‍රයක්‌ වී ඇත්තේ මේ අනුවය. තම කාරණය සිතේ තබාගෙන බුලත් හුරුල්ල පිළිගන්වන විටම එම වේලාව සටහන් කර ගන්නා ජ්‍යෙdතිර්වේදියා එම වේලාවට (තත්කාලයට) කේන්ද්‍රය සාදා ගනී. ප්‍රශ්නකරුගේ හිතේ පවතින දේත්, තත්කාල කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීමත් අතර පුදුම සබඳතාවක්‌ පවතී. ප්‍රශ්නය, ප්‍රශ්නයට අදාළ කරුණු හා විසඳුමද එමගින් අනාවරණය කෙරේ.

තත්කාල ශාස්‌ත්‍රය සම්බන්ධ පරිච්ජේද පුරාණ ජ්‍යෙdතිෂ ග්‍රන්ථ වලට ඇතුළත් වී තිබේ. වසර දහස්‌ ගණනක පැරැණි මූලික ග්‍රන්ථ වලද, දෛවඥ කාම ෙනු, උත්තර තාලාමෘතය, වරාණ මිහිර, ආදී ග්‍රන්ථවල එය ඇතුළත් වන අතර ෂට්‌පංචශිතාව, භූවන දිපිකාව වැනි ග්‍රන්ථවල තනිකරම තත්කාල ශ්‍රාස්‌ත්‍රය පිළිබඳ වටිනා කරුණු අඩංගුය. මෙම ශාස්‌ත්‍රයේ ගුරුමුෂ්ටි හෙළිකරමින් නවීකරණය කර “ශ්‍රී තත්කාල නිමිත්ත නවීකරණය” නම් ග්‍රන්ථයක්‌ අප ගුරුවරයකු ද වූ අභයරත්න රණවීර මහතා විසින් 1990 වසරේදී පළකර තිබේ.

ජන්ම පල කථනයට මෙන්ම නැකත් සෑදීමටද තත්කාල ශාස්‌ත්‍රීය දැනුම අත්‍යවශ්‍ය බව මේ පිළිබඳ සොයාබලන විට වැටහේ. එබැවින් වෘත්තීය ජ්‍යෙdතිෂ්‍යවේදීන් විසින් මෙම ශාස්‌ත්‍රය ප්‍රගුණකර ගැනීමෙන් තම වෘත්තියේ නිපුනතාවක්‌ ලබාගත හැකි බව බවත්, තම දැවෙන ප්‍රශ්නයට විසඳුම් සොයන සේවා දායකයන් ඒ සඳහා යා යුත්තේ තත්කාල ශාස්‌ත්‍රය ද දන්නා ජ්‍යෙdතිෂවේදියකු වෙතම බවත් කාරුණිකව දන්වමු. මෙම වටිනා ශාස්‌ත්‍රය පිළිබඳ ලිපි පෙළක්‌ ඉදිරි “නැකත” අතිරේක මගින් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරමු.

We found this article from Divaina on 2013/03/22.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments