කෙනෙකුගේ ගමන බිමන දේහ විලාශය අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පැවසිය හැකි අතිදක්ෂයින් ඉපැරණි රජ දවසේ සිටි බව අපේ පැරණි පතපොතෙහි සඳහන් වේ. මේ අයුරින් ඔවුන්ගේ හිසකෙස්වල වර්ණය හා හැඩරුව අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් පැවසීමට එම සෘෂිවරු සමත් වූහ. කෙසේ වුවද දෙදෙනෙකුගේ හිසකෙස් එක සමානව නොපිහිටයි. සමහරවිට එය වර්ණයෙන් හා හැඩ රුවින් එකිනෙකට වෙනස්ව පිහිටයි. ඒ අනුව ඔවුන්ගේ චරිත ලක්ෂණ ද වෙනස් ආකාරවේ.
මධ්‍යම ප්‍රමාණයේ ඝනව දිගටිව පිහිටා ඇති කොණ්ඩය කාන්තාවකට මහඟු ආභරණයකි. මේ අයුරින් කෙස් කලඹ පිහිටි ස්ත්‍රීන් බොහෝ සැපසම්පත් ලබන වාසනාවන්තියන් වේ. තම උත්සාහය හා කැපවීම තුළින් ජීවන ගමන ගෙනයන ඔවුන් ලේඛන කලාවට හා මාධ්‍ය අංශවලට ද සම්බන්ධ වේ. හොඳ සංකල්පනාවල් බිහි කිරීමට හැකියාවක් මොවුන් සතුය. ශාස්ත්‍රීය අංශයට නැඹුරු ස්ත්‍රීන්ගේද කෙස් කළඹ මෙලෙස පිහිටා ඇත. ස්ත්‍රියකට තවත් සුභ ඵලදෙන හිසකෙස්වල පිහිටීමක් වනුයේ මීමැස්සෙකුගේ පියාපත්මෙන් ඉතා යහපත් වර්ණයෙන් යුත් හිසකෙස්වල අග කොටස් වක්‍රාකාරව මදක් නැමුනු ආකරයෙන් පිහිටා තිබීම වේ. මෙසේ වූ විට බොහෝ සැප සම්පත් ලබමින් ඉතා වාසනාවන්ත යුග දිවියක් ගත කිරීමට වාසනාව ලැබෙයි. ඝනව වැඩුන හිසකෙස් කලඹ බෙල්ල තෙක් වැටී ඇති කාන්තාව අන් අය ගැන නොසිතන කුල සිරිත් විරිත් චාරිත්‍ර අනුගමනය නොකරන නවීන විලාසිතාවන්ට ප්‍රිය කරන ආත්මාර්ථකාමී ගති ඇති කෙනෙකු වේ. එකට පැටලුන අවුල් සහගත අගට යැමේදී මහත් වූ හිසකේ ඇති ස්ත්‍රිය අවාසනාවන්ත වේ. ප්‍රීතිමත් යුග ජීවිතයක් ගත කිරීමට වාසනාව නැති ඔවුන්ට දුක්බර ජීවිතයක් උරුම වේ.
තමනට හැසිරවිය නොහැකි කේෂ කලාපයක් හිමි කතද වාසනාවන්ත නොවේ. හැම මොහොතකම ඉතා සුළු දෙයකින් පවා කෝපයට පත්වන ඇය ලද දෙයින් සතුටු විය නොහැකි අසතුටෙන් කල්ගෙවයි. යුග දිවියට පත් වූ පසු මෙවන් අය තම ස්වාමියා හා සණ්ඩු දබර කර ගනී. අනුන් සතු දේ ගැන සොයන කෙනෙකි. අන් අයව විවේචනය කරන අමාරුවට පත් වූ පසු සතුටු වන්නියකි. ඉතා දික් වූ මහත කෙස් ඇති කාන්තාවගේ ස්වාමි පුරුෂයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වේ. පිරුනු බවෙන් යුතු හිසකෙස් පිහිටා ඇති කාන්තාව මානයෙන් යුතු වන අතර ඇය කාම සල්ලාලයන් හා දිවි ගෙවයි.
සෘජු හිසකෙස් ඇති ස්ත්‍රීය හෝ පුරුෂයා දුක් කම්කටොලු විද දරා ගැනීමට සමත් වේ. දැඩි අධිෂ්ඨාන ශක්තියක් හා චිත්ත ධෛර්යයක් ඇති මොවුන් තමාගේ කටයුතු වලින් උපන් තත්ත්වයට වඩා කීපගුණයකින් දියුණුවට පත්වේ. දැඩි ප්රතිපත්තිවල පිහිටා කටයුතු කරන මොවුන් අන් අය අතර වඩා ජනප්‍රිය නොවේ. හිස කෙස් අඩු ස්ත්‍රිය වාසනාවන්ත නොවේ. ජීවිතයේ සැනසීමක් ලැබීමට නොහැකි සමාජයේ මුළු ගැන්වී සිටින අයෙකු වේ. දූ දරුවන්ගෙන්ද සැනසීමක් ලැබිය නොහැක.
පිරිමියෙක් දෙස බැලීමේදී ඔහුගේ කෙස් කලඹ කළු පැහැති, ඝනව, මට සිලිටුව තිබේ නම් ශාන්ත වූ ගති ගුණ ඇති කෙනෙක් යයි දත යුතුය. ඉක්මනින් කෝප නොවන, යෞවන ගතිගුණ වලින් පිරුන මොහු ඉතාමත් ධෛර්යවන්තය. අන්‍යයනට කරදරයක් නොවන ලෙස ජීවත් වෙන මොහු මිතු දහමක් වුවද ස්ථිරව පවත්වාගන යයි. මිතුරන් අතර ජනප්‍රිය කෙනෙක් වේ. නමුත් මොවුන් තුළ ඇති දුර්වලකමක් වනුයේ පටන්ගත් කාර්යය අවසානය වනතෙක් කිරීමට අසමත් වීමය. ධාර්මිකව කාලය ගත කිරීමට මොවුන් වැඩි කැමැත්තක් දක්වයි. එබඳුම කෙස් කලඹක් හිමි කාන්තාව ආශාවන් කෙරෙහි වැඩිපුර සිත නොයවයි. හැම දෙයක් කෙරෙහිම විමසුම් සහගත සිටින ඇය කාම සේවනයට කැමැත්තක් නොදැක්කුවද තම සැමියාට දැඩි ලෙස ආදරය කරයි. ශක්තිමත් ශරීරයකට හිමිකමක් නැති වුවද මැය දුර්වල තැනැත්තියක්ද නොවේ. හැම විටම සතුටින් කල් ගෙවයි.
තරමක් කෙටි වූ පිරුනු බවකින් යුක්ත කෙස් කලඹක් පිහිටීමද ස්ත්‍රියකට සුභදායක නොවේ. මෙවන් ස්ත්‍රීන් මහත් ආඩම්බර කමින් යුක්තව ජිවත්වන අය වන අතර දාමරිකයන් හා දරුණු පුද්ගලයන් සමග හිතවත්කම්. සමාගම් ඇති කරගන්නා අයවේ. බොහෝ අවස්ථාවලදී වේගවත් ගමන් ඇති මෙවන් ස්ත්‍රීන් පුරුෂයින් මෙන් ක්‍රියා කරන අය වෙති. කණවැන්දුම්භාවය ඇති වන ස්ත්රීන්ගේ හිසකෙස් පිඟුවන් වර්ණයෙන් මෙන්ම රළු වූ ලෙසද පිහිටයි. මෙවන් සලකුණු පිහිටි ස්ත්රින් හට යුග දිවි සම්පත් ලැබීමට අපහසුය. විවාහ කීපයක් කර ගත්තත් සාර්ථක නොවෙනු ඇත.
ඉතා කාලවර්ණ වූ, කොටවූ, වකුටුවූද හිසකෙස් පිරිමියෙක් තුළ පිහිටියේ නම් ඔහු මත්පැන්වලට ඇබ්බැහි වූ අයෙකු වෙන අතර කලකෝලාහලවටල ද ඇලුම් කරයි. රෞද්‍ර ගති පැවතුම් ඇති ඔවුහු අශීලාචාර වූද, ප්‍රවේශම් කරන මුදලින් තම දියුණුවට කටයුතු නොකර නිශ්ප්රයෝජන වියදම් කරන්නා වූද අය වෙති. දුඹුරුවන් හිසකෙස් පිහිටියේ නම් මුරණ්ඩු සිත් ඇත්තෝ ද වෙති. මධ්‍ය පානයෙන් ජීවිතය විනාශ නොවුන හොත් දිගු කාලයක් ජීවත් වන්නෝද වෙති.
පිරිමින් දෙස බලන විට ඔබට වැඩිපුරම පෙනෙන්නේ මැදිවියට ආසන්න වූ පුද්ගලයන්ගේ හිසෙහි ඉදිරිපසින් හෝ පිටුපසින් කෙස්වැටී තට්ටය පෑදී ඇති බවයි. හිසෙහි ඉදිරිපස කෙස් වැටෙන අය අන්‍යයන්ගේ ප්රයෝගයනට පහසුවෙන් රැවටෙති. එහෙත් හිසෙහි පිටු පස කොටසෙහි කෙස් වැටෙන අය කපටි, මුරණ්ඩු සහගත, ඉක්මණින් කිපෙන, බොරු කියන උඩගු පුද්ගලයෝ වෙති. නමුත් ඔවුන් උත්සාහයෙන් ධනය රැස් කරති. රැලි සහිත මෘදු හිසකෙස්වලින් සමන් විත පුද්ගලයා බුද්ධිමත් අයෙකු වෙයි. මෙම අය ඉතා ජනප්‍රිය පුද්ගලයන් වේ. කලාවට, විනෝදයට, පිරිසිදු කමට අලංකාරයට, විශේෂ තැනකදී කටයුතු කරන අතර දේපල වස්තුව, සැප සම්පත් නොමදව ලබන්නකුද වේ. විවාහයෙන් පසුව ඔවුන්ගේ ජීවිතය වඩාත් යහපත් වේ. බොහෝ ඇසූ පිරූ තැන් ඇති එතරම් වෙහෙසක් නොමැතිව ජීවිතය ගත කරන්නෝ ද වෙති. ඉතා සිහින්ව දණ හිස දක්වා දිගු වරලස හිමි ස්ත්රීන්ගේ යුග ජීවිත ගැටලු සගගත වේ. නිතර දුක් කරදරවලට පත්වෙන මොවුන්ගේ පළමු විවාහය බොහෝ විට බිඳ වැටීමට පුළුවන ජීවිතයේ කීප වතාවක් බාධක කරදර රැසකට මුහුණ පෑමට සිදුවේ. ඉතාම ඝනව හා පිරුණු බවින් යුතු ඉගටියෙන් පහළ දක්වා දික් වූ කොණ්ඩය ස්ත්‍රියකට ඉතා වාසනාවන්තය. මෙලෙස පිහිටි ස්ත්‍රිය සියලු සැප සම්පත් හා යස ඉසුරු ලබමින් වාසනාවන්ත දිවියක් ගත කරන අයෙකු වේ. යාන වාහන, ගේ, දොර, ඉඩ කඩම්වලටද හිමිකම් ලබන්නීය.
We found this article from Divaina on 2012/10/12.
Also Sinhala to English Google word to word translation can be found here