[ratings]
මෙම නවාංශක කේන්දරයේදී පෙර දී සාදන ලද ලග්න කේන්දරයේ මෙන් පළමු භාවය තුලා රාශියටත් දෙවැනි භාවය වෘශ්චික රාශියටත් ආදී වශයෙන් මෙම දොළොස්‌වැනි භාවය කන්‍යා රාශියට හිමි වේ.
මීළඟට ඉහත නවාංශක කේන්දරයේ ග්‍රහයින් පිහිට විය යුතුය. මේ සඳහා ලංකා පංචාග ග්‍රහස්‌පුඪ ලිතේ 94 නි පිටුවේ සිට 99 නි

පිටුව දක්‌වා ඇති “ග්‍රහ රාශි නවාංශක නැකත් හා නැකත් පාද වාරය” නමැති වගුව උපයෝගී කර ගත යුතු වේ. පළමුවෙන් මෙම වගුව පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය. පළමුවෙන් 94 නි පිටුව පෙරළා ගන්න. මෙම පිටුව හරිමැදින් ඉරකින් කොටස් දෙකකට වෙන් කර ඇත. එසේ බෙදන ලද එක් පිටු කොටසක් නැවත සිරස් තීරු තුනකට බෙදා ඇත.
එම තීරු තුනෙන් පළමු තීරුවේ දික් අතට “ඉංග්‍රීසි මාසය – දින – ඉංග්‍රීසි පැය – ඉංග්‍රීසි මිනිත්තු” යනුවෙන් සඳහන් වී තිබේ. ඉංග්‍රීසි මාසය යන තීරුව දිගේ පහළට ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි ආදී වශයෙන් සඳහන් වී ඇති අතර, දිනය තීරුව ඔස්‌සේ මාසයට අයත් දින සඳහන්ව ඇති අතර ඉංග්‍රීසි පැය තීරුව ඔස්‌සේ පැය ගණන් සටහන් වී ඇත. එම පැය ගණන් සටහන් වී ඇත්තේ නාවික පැය ක්‍රමයටය. එනම් ඔරලෝසුවේ සඳහන් වන ආකාරයට පැ 1, 2, 3 ආදී වශයෙන් දවල් 12 දක්‌වා ගැන එතැන් සිට ඇති 1, 2 වෙනුවට 13, 14. 15 ආදී වශයෙන් රාත්‍රි 12 දක්‌වා පැය 24 ට ගණින ක්‍රමයටය. ඉංග්‍රීසි මිනිත්තු යනුවෙන් සඳහන් තීරුවේ ඇත්තේ මිනිත්තු ගණන්ය.
දෙවැනි තීරුවේ සූර්ය මාසය, භාගය, සිංහල පැය, සිංහල විනාඩි කියා තීරු 4 ක් සඳහන්ව ඇත. මෙම කරුණු අවශ්‍ය වන්නේ 60 පැයේ කේන්දරයක් සෑදීමේදී ය. මෙම අවස්‌ථාවේදී මෙම තීරු අමතක කර ඊළඟට තුන්වැනි තීරුව වෙත එළඹෙමු. එම තීරුවේ රාශිය, නවාංශකය, නැකත හා පාදය යනුවෙන් තීරු 4 ක් ඇත. මෙම අවස්‌ථාවේදී අපට වැදගත් වන්නේ නවාංශකය යන තීරුවයි. මෙම තීරු වලින් අදාළ ළමයා උපන් මාසය හා වේලාව වනවිට අදාළ ග්‍රහයා සිටි නවාංශක රාශිය සොයා ගෙන එම රාශිය තුළ නවාංශක කේන්දරෙයේ අදාළ ග්‍රහයා පිහිටුවා ගත යුතුය.
ඔබ විසින් අභ්‍යාෂ කේන්දර හත අටක් සාදන විට මෙම කරුණු පහසුවෙන් අවබෝධ වනවා ඇත. ඉහත සඳහන් කරුණු කියවන විට සැහැල්ලු සිතින් යුක්‌තව උදාහරණ කේන්දරයත් සමඟ සන්සන්දන කරමින් දෙතුන් වතාවක් කියවන්න. එක් වතාවක් දෙවතාවක් කියවන විට අවබෝධ නොවූවාට පසුබට වන්නට එපා.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

