[ratings]
අවසාන කොටස
කොයිකාගේත් හැම කේන්ද්‍රයකම ශුභ ඵල ලබාදෙන ග්‍රහයෝ සිටිති. ඔවුන් හොඳ ප්‍රතිඵල ලබා දෙන්නේ යෝග කාරක අවස්‌ථා වලදීය. විශේෂ බලයකින් යුත් ග්‍රහයින් ශුභ තත්ත්වයන් උදා කරන්නේ මහදශා, අතුරු දශා සහ විදශා වලදීය. ග්‍රහයින් සෞම්‍ය, පාප, වන අවස්‌ථාවලදී සෞම්‍ය ග්‍රහයින්ගෙන් ශුභ ඵල අපේක්‍ෂා කළ හැකිය. පාප ග්‍රහයින්ගෙන් ලැබෙන්නේ අශුභ ඵලයි.
රවි ග්‍රහයා ආත්ම පීතෘ, කර්ම (01-09-10) වශයෙන් වූ භාව කාරක ග්‍රහයෙකි. සඳු 04 වැන්නට මාතෘ කාරක වෙයි. මේ ආදී වශයෙන් පරාශර ක්‍රමයට සෙසු ග්‍රහයින්ටද කේන්ද්‍රයේ අදාළ ස්‌ථාන හිමිවේ. යම් අයකු උපත ලද අවස්‌ථාවේ රවි ග්‍රහයා ඒ පුද්ගලයාට දුබල ආකර්ෂණයක් දෙන විට ඔහු හැම අතින්ම අඩුපාඩුවලින් යුත් හීන අයකු වේ. බලයෙන් රවි සිටියේ නම් කිත් පැසසුම් ලබමින් වික්‍රමාන්විත ක්‍රියාවල යෙදෙන්නේය. 10 වැන්න රවිට ඉතාම සුදුසු ස්‌ථානය වන්නේය.
ග්‍රහයින්ගේ බල දුබලකම් ගැන පසුගිය ලිපිවලින් අනාවරණය කරන ලද කරුණුවලට අමතරව කේන්ද්‍රයේ 10 වැනි ස්‌ථානයේ සිට ග්‍රහයින්ගේ ශුභ අශුභ තත්ත්වයන් සුළුවෙන් මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.
කේන්ද්‍රයේ 10 වැන්න ජීවන ගමනේ ඉතාමත් ප්‍රබල සන්ධිස්‌ථානයකි. ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ හැකියාවන්, ක්‍රියා ශූරත්වය, ලෞකික සේම ලෝකෝත්තර වශයෙන් ඇතිවන ශුභ අශුභ තත්ත්වයන් 10 වැන්නෙන් සොයා බැලිය හැකිය. අදාළ ග්‍රහයාගේ බල දුබල කම් මත රැකියා කටයුතු, ව්‍යාපාරික කටයුතු, පිය පස සම්බන්ධතා, මව සහ ඥති හිතවත්කම්, විවාහයට අදාළ දේපළ, රජයට ඇති සම්බන්ධතා ගැන 10 වැන්නෙන් සොයා බැලිය හැකිය.
හිරු අහස් මුදුන් වේලාවේ උපන් අයකුට රවි ග්‍රහයාගෙන් විශේෂ බලයක් හිමිවෙයි. එසේ වන්නේ රවි ස්‌වක්‍ෂේත්‍රව හෝ උච්චව හෝ සිටියහොත්ය. උසස් නිලතල, නම්බුනාම, ලෞකික වාසනා ගුණයකින් පැසසුම් ලැබීමේ භාග්‍ය තිබේ. 10 වැන්නේ රවි සතුරුවීම යටකී ඵල හීන කරනු ඇත. රවි-සිකුරු 10 සිටීමද හොඳයි. ලග්නය සිංහ වී 10 වැන්න වෘෂභ ගත සිකුරුට ස්‌වක්‍ෂේත්‍ර බලයකි. 10 වැන්න මේෂ රාශිය වී රවි, කුජ ග්‍රහයින් දෙදෙනා සිටීමද වාසනාවන්ත පිහිටීමකි. තමාගේ නම ඉතිහාස ගත වන අයුරින් හොඳින් හෝ නරකින් හෝ ප්‍රසිද්ධියට පත්වේ. ඒකාධිපතියෙකු වන තරමට මෙය බලවත් පිහිටීමකි. 10 අධිපතියා ලග්නයේ (01) නම් හොඳට සිතා මතා කටයුතු කරයි. වැඩිහිටියන්ට ගරු කරයි. ඇති හැකි අයකු වන්නේය. 10 අධිපති ග්‍රහයා 2 වූ විට (උදා( වෘශ්චික ලග්න හිමියන්ගේ 10 අධිපතියා රවිය) රවි නම් (ධනු) කතාවට දක්‍ෂවේ. දේශපාලන කටයුතු වලට ශුභයි. විවාහ දිවියද සාර්ථක වේ. රැකියාවේ වෙනස් කම් ඇති කරයි. 10 වැන්නට සඳුද හොඳයි. දෙමාපියන්ට වැඩියෙන් ආදරය කරයි. රැකියාවෙන් දියුණුව සැලසේ. බුධ ග්‍රහයාටද 10 ශුභයි. කතාවට දක්‍ෂවේ. ගුරු මහ දසාවකදී ගුරුගෙන් හොඳ ප්‍රතිඵල ගුරු 10 සිටීමද ඉතා හොඳයි. රාජ්‍ය අංශයේ රැකියා ලැබීමේ භාග්‍ය උදාකරයි. ශනි 10 ට යහපත් නැත. ශනි දශාවකදී හෝ අතුරු දශාවකදී රැකියා කරදර ඇති කරයි. රැකියාවෙන් පහ වීමට තරම් කරුණු යෙදේ. ලග්නය වෘෂභ නම් 10 වැන්න ශනිට (කුම්භ) අයත් නිසා ශුභදායකයි. රාහු 10 සිටීමද තරමක් යහපත් නොවේ. එහෙත් මහජන සම්බන්ධතාවලට හොඳයි. කේතුට නම් 10 වැන්න නරකම ස්‌ථානයකි. රෝග පීඩා අත් කකුල්වල ආබාධ ඇතිකරයි. රැකියා කටයුතුවලටද ශුභ නැත. 10 අධිපතියා 11 සිටීම නිසා විවාහ සහකරු හෝ සහකාරිය උගත් බුද්ධිමත් වේ. ජීවිතය සැපසේ ගත කළ හැකිය. 10 අධිපතියා 08 වැන්නේ සිටීමද ගුණදායක නැත. රහස් සතුරන් සිටී. පියාට යහපත් නොවූවත් ඔහුගෙන් දේපළ ලබයි.
කේන්ද්‍රයේ 11 වැන්නෙන් කියෑවෙන්නේ ලැබීම්, ආදායම්, සමාජ සේවා කටයුතු සහෝදරාදීන් හා මිත්‍රයින් ගැන සේම ලේඛන කාර්යයන් ගැනයි. අයස්‌ථානය වූ 11 වැන්නේ ශුභ හෝ බලවත් ග්‍රහයෙකු සිටි විට ආදායම් ලැබෙන ස්‌ථිර තත්ත්වයක් උදාවේ. සෞම්‍ය ග්‍රහයෙකු වූ විට ධනය උපයන්නේ ඉතාමත් සාධාරණවයි. නරක පාප ග්‍රහයෙකු නම් විවිධ උපක්‍රමවලින් ධනය උපයයි. ආගමික කටයුතුවලටද සිත් ඇදේ. 11 අධිපති ග්‍රහයා ලග්න ගතව සිටීමද යහපත් පිහිටීමකි. යහපත් මිත්‍රයින් ආශ්‍රයට ලැබේ. තමාට ලැබෙන ආදායම් ප්‍රමාණය වැඩිකර ගැනීමට උත්සාහ දරයි. රවි 11 සිටීම නිසා සමාජයේ උසස් තත්ත්වයක් හිමිවේ. රාජ්‍ය කටයුතු, රාජ්‍ය නිලධාරීන් සමග සබඳතා ගොඩ නංවා ගනී. දේශපාලනයටද රවි 11 සිටීම හොඳයි. සඳු 11 සිටීමද මහජන ආශ්‍රය වැඩි කරයි. විවාහය සැපවත්වේ. කුජ 11 වීමෙන් පොළවෙන් ආදායම් මාර්ග ලැබීමේ භාග්‍ය උදාකරයි. පතල් කර්මාන්තයක යෙදී ඇත්නම් රාජ දශාවලදී ප්‍රතිඵල යහපත්වේ. බුධ ග්‍රහයා 11 සිටීම නිසා බුද්ධිය, ඥනය මෙහෙයවා කරන කටයුතුවලින් ආදායම් ලබයි. ලේඛන කලාව, පොත් ලිවීම ආදියට ශුභයි. ගුරු 11 සිටි විට විවාහය සැපවත්වේ. සිකුරු 11 ට ශුභයි. පිරිමි නම් ස්‌ත්‍රීන්ද ස්‌ත්‍රීන් නම් පිරිමින්ද වැඩියෙන් ආශ්‍රය කරයි. ශනි 11 සිටීමෙන් ආදායම් තත්ත්වය යහපත් වන්නේ වයසට ගිය විටයි. ආදායම් අතින් උසස් දියුණුවක් ලබන්නේ රාහු 11 සිටීමෙනි. කේන්ද්‍රයේ 12 වැනි ස්‌ථානයෙන් හඳුන්වන්නේ වැය පක්‍ෂය ගැනයි. වියදම්වලට අමතරව අධිකරණ කටයුතු කෙරෙහිද (නඩු හබ) කරුණු බැලේ. දන් පිං වැඩවලට සිත් යොමු වීමද 12 වැන්නේදී කියෑවේ.
12 අධිපති ග්‍රහයා 12 වැන්නේම සිටීම නිසා කුසල් රැස්‌කර ගැනීමට කටයුතු කරයි. දුර බැහැර ගමන් බිමන් යෙදේ. 12 අධිපතියා 11 සිටීම නිසා අනවශ්‍ය කරුණු සඳහා වියදම් කරයි. තැන්පත් මුදලක් තබා ගැනීම අසීරුයි. 12 අධිපතියා 09 සිටීම නිසාද දුර බැහැර ගමන් බිමන් යෙදේ. රවි 12 සිටීමෙන් පිටරට ඇවිදිලි ඇති කරයි. සඳු 12 නම් රහස් ගුප්ත දේ කෙරෙහි සිත් යොමුවේ. කුජ 12 සිටීමේදී පියාට ගුණ නැත. පිට ප්‍රදේශවල පදිංචිය සිදුවේ. බුධ 12 නම් කොහේ හිටියත් ගියත් මිත්‍ර ආශ්‍රය වැඩිවේ. පොත්පත් ලේඛන කලාවෙන් උසස් තත්ත්වයක් ලබයි. ගුරු 12 වී නම් දූ දරුවන්ගේ දියුණුව සිදුවන්නේ හෙමිහිටය. පිට අයට උදව් උපකාර කරයි. සිකුරු 12 වූ විට සහෝදර ඵල, දරු ඵල අඩුයි. ආලය ප්‍රේමය කෙරෙහි සිත් ඇදේ. ශනි 12 වීමෙන් ඥති මිත්‍රයින්ගෙන් දුරස්‌වෙයි. රාහු 12 සිටීම ඉතාමත් අශුභයි. සතුරන් නිසා කරදර ඇතිවේ. පිට ප්‍රදේශවල වාසය කිරීමට සිදුවේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here