Friday, September 12, 2025
HomesiOminousග්‍රහ අපල නැති කර ගැනීමට ඉන්දියාවේ ශාන්තිකර්ම

ග්‍රහ අපල නැති කර ගැනීමට ඉන්දියාවේ ශාන්තිකර්ම

[ratings[

බුදුදහමට ත්‍රිපිටකය මෙන් හින්දු දහමට චාතුර්වේදය නම් වූ අති පූජනීය ග්‍රන්ථ එකතුවක්‌ ඇත. හින්දු දහමේ නිජබිම වූ වර්තමාන ඉන්දියාවේ කෝටි ගණනක්‌ වූ ජනතාව පමණක්‌ නොව ලොව පුරා විසුරුන අති විශාල ජනතාවකගේ ආගම වූ හින්දු දහම ලෝකයේ තුන්වැනි ස්‌ථානයට පැමිණ ඇත. මේ සා ගෞරවණීය වූ හින්දු දහමට අයත් වේදාංගයක්‌ වූ ජ්‍යෙdතිෂය එම දහමේ කොටසක්‌ ලෙසටම හින්දු ජනයා අදහති. ඒ නිසා හැම අවස්‌ථාවකම ජ්‍යෙdaතිෂ උපදෙස්‌ පිළිපදින අතර, ග්‍රහයන් දෙවියන් ලෙසට අදහති. ඔවුන්ගෙන් පැමිණෙන අපල උවදුරු වළකා ගැනීමට ජ්‍යෙdතිෂවේදීන්ගේ උපදෙස්‌ අනුව කටයුතු කරති.

ලංකාවේ ද ජ්‍යෙdතිෂයට ප්‍රධාන තැනක්‌ හිමිවන අතර, ග්‍රහ අපල නැතිකර ගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් පවතී. ඉන්දියාවේ භාවිත වන ජ්‍යෙdතිෂයම මෙහිදී භාවිත වුවත් ග්‍රහ අපල නැති කරන ක්‍රමවේදයන් අතර වෙනස්‌කම් තිබේ. මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනනේ ඉන්දීය ජ්‍යෙdතිෂවේදීන් ග්‍රහ අපල සඳහා නියම කරන ශාන්ති කර්ම පමණක්‌ වන අතර, ඒවා හින්දු දහමට අනුව සකස්‌ වී තිබේ. මේවායේ ඇතුළත් සියලු යන්ත්‍ර මන්ත්‍ර හා පුජාවිධි වේදයට අනුකූලව තැබිය යුතුවන බැවින් වේදය නොදන්නා අයට මේවා භාවිත කිරීමට අපහසු වේ.

ජ්‍යෙdතිෂය හින්දු මුනිවරුන් කිහිපදෙනකුගේ සාමූහික නිර්මාණයක්‌ වුවද වර්තමානයේ භාවිත වනුයේ පරාශර මුනිවරයාගේ සිද්ධාන්ත මූලිකව ගුරුකොට ගත් ජ්‍යෙdතිෂයකි. මෙහිදී පරාශර මුනිවරයා විසින් ග්‍රහ අපල නැතිකර ගැනීම සඳහා ජප, හෝම, හා දාන වශයෙන් ප්‍රතිකර්ම තුනක්‌ දක්‌වා ඇත. මෙහි දක්‌වන ශාන්තිකර්ම විධි ඒ අනුව සකස්‌ව ඇති අතර මේ පිළිබඳ වැඩිවිස්‌තර ‘ශ්‍රී තත්ව නිධි’ නම් වූ ග්‍රන්ථයෙන් ලබාගත හැක.

රවි, චJද්‍ර, කුජ, බුද ආදී ග්‍රහයන් විසින් මිනිසාට හා ලෝකයට ශුභ මෙන්ම අශුභ ඵල ද උදාකරති. යම් ග්‍රහයකු යමකුට කුමන ප්‍රතිඵලයක්‌ ලබා දෙනවාද යන්න තීරණය කරනුයේ උගත් ජ්‍යෙdතිෂවේදියකු විසිනි. විශේෂයෙන් මෙකී ග්‍රහයන් විසින් රෝගාබාධ විපත් ආපදා කරදර මාරක බාධක අපල ගෙන එන කල ඒවායින් ආරක්‍ෂා වීමට ඔහු විසින් ශාන්තිකර්ම නියම කරනු ලැබේ. ඉන්දියාවේ ජ්‍යෙdතිෂවේදීන් එසේ නියම කරන ශාන්තිකර්ම විධි කිහිපයක්‌ මෙහි දක්‌වා ඇත. මෙයට අමතර වූ ශාන්ති කර්ම විධි තවත් රාශියක්‌ම තිබෙන බව ද සඳහන් කළ යුතුය.

හින්දු ජ්‍යෙdතිර්වේදීන්ට අනුව සඳු ග්‍රහයාගෙන් වන අපල දුරුකර ගැනීමට උපවාසයේ යෙදෙමින් චන්ද්‍ර මන්ත්‍ර ජප කිරීම, ශිව දෙවියන්ට මන්ත්‍ර හා ස්‌ත්‍රොaත්‍ර ජප කිරීම, ගුරු දේවියට හා පරම ලලිතා දේවියට වන්දනා කිරීම. දුර්ගා දෙවඟනට කාලි දෙවඟනට හෝ චාමුන්ඩි දේවියට වන්දනා කිරීම, මහා මුර්තුංජය යන්ත්‍රය පැළඳීම, භගවතී දේවියට සුවඳැති සුදු මල් පූජා කිරීම. සඳු, කේතු අපලයට ගණපති නමස්‌කාරය. දුර්ගා සප්තසති ස්‌තෝත්‍ර ගායනය, චන්ද්‍ර යන්ත්‍රය හා මුතු පැළඳීම, අම්රිත් ගුහාවට ගොස්‌ ශිව දෙවියන් වැඳීම. ජ්‍යෙdතිර්ලිංග දොළහා ඇති ස්‌ථාන වන්දනා කිරීම, සහල් රිදී කිරි දන්දීම, බැස යන ජලය ස්‌නානය, පස්‌ලෝවලින් ශිව ලිංගයක්‌ තනා වන්දනා කිරීම, දක්‍ෂිණාවෘත සංඛයට පූජා තැබීම, මුතු මාලයකට ඕං නමඃ ශිවාය මන්ත්‍රය ජපකර පැළඳීම, රිදී බඳුනක දිය බීම, සප්ත ලෝහ තහඩුවක ශ්‍රී යන්ත්‍රය ඇඳ ජපකර පැළඳීම, ඔසු මිශ්‍ර ජලය ස්‌නානය යනාදී ප්‍රතිකර්ම රැසක්‌ නිර්දේශ කර ඇත.

රවි ග්‍රහයාගෙන් වන අපල දුරකර ගැනීම සඳහා ආදිත්‍ය සිද්ධි ස්‌තෝත්‍ර හෝ සූර්ය මන්ත්‍ර ජපකිරීම, රුද්‍රාභිෂේක පූජා පැවැත්වීම, දිනපතා සූර්ය නමස්‌කාරය කිරීම, නවග්‍රහ කවච සූර්ය කවච ශතනාම ස්‌තෝත්‍ර ජප කිරීම, මුර්තුංජය මන්ත්‍ර ජප කිරීම, ශිව දෙවිඳුගේ පිහිට ලබාගැනීම, සූර්ය සංක්‍රාන්ති වලදී ධාන්‍ය වර්ග දනදීම, ගායත්‍රි මන්ත්‍ර ජප කරමින් රත්සඳුන් හා කහ හිරුට පිදීම, සූර්ය යන්ත්‍රය සහිත රන් සුරයක්‌ හෝ පද්මරාග පැළඳීම, ඉරුදින උපවාසය, බැසයන දියේ හකුරු පා කිරීම, වඳුරන්ට බදින ලද ධාන්‍ය පිදීම, ඉර බසින විට කූඹින්ට සහල් දීම, උගත් බමුණකු ලවා සූර්ය ස්‌තෝත්‍ර ගායනා කරවීම. ගණ දෙවියන්ට රතු නෙළුම් පිදීම, රන් භාජනයේ දියබීම, ඔසු මිශ්‍ර ජලය ස්‌නානය, ශ්‍රී යන්ත්‍රය 15000 වරක්‌ ජප කර පැළඳීම වැනි ප්‍රතිකර්ම නියම කෙරේ.

කුජ හෙවත් අඟහරුගේ අපල නැතිකර ගැනීමට කුජ දිනවල උපවාසයේ යෙදෙමින් මංගල මන්ත්‍ර ජප කිරීම, පූජකවරයකු ලවා බාහිරව මන්ත්‍ර ගායනය, කඳ කුමරුට හා ඩාමුන්ඩිට පූජා තැබීම, හනුමා නමස්‌කාරය, රුද්‍රාභිෂේක පූජා කරමින් කාර්තිකේය ස්‌තෝත්‍ර ගායනය, ගෞරි දේවියට හා කුජ ග්‍රහයාට රතුමල් පිදීම, මංගල යන්ත්‍රය හෝ රතු මැණික්‌ පැළඳීම, තඹ බඳුනක දිය බීම. දිනපතා ගණ දෙවියන් පිදීම, භගවතී දේවියට ස්‌තෝත්‍ර ගායනය, රතුමල් හා හකුරු බැසයන ජලයේ පා කිරීම, මහා ගායත්‍රී මන්ත්‍ර ජපය හා හනුමාන් වන්දනාව, රතු ඇඳුම් ඇඳිම. වේද මන්ත්‍ර දසදහස්‌වර ගායනය කිරීම හා කාන්තාවන්ට යෙදෙන කුජ දෝෂ භංග කිරීමට විශේෂයෙන් භගවත් ගීතාවේ 18 පරිච්ඡේදයේ 9 ශ්ලෝකය නිතර ගායනා කිරීම ද වෙනත් විවිධ ප්‍රතිකර්ම ද ඔසු මිශ්‍ර ජලය ස්‌නානය ද නිර්දේශ කරති.

බුධ ග්‍රහයාගෙන් එන අපල නැති කිරීමට විෂ්ණු සහශ්‍රනාම ස්‌තෝත්‍ර හා බුධ මන්ත්‍ර ජපය, විෂ්ණු පූජා තැබීම, ක්‍රිෂ්ණ දෙවිඳුට ගෝපාල් සහශ්‍රනාම ස්‌තෝත්‍ර ගායනය, ශ්‍රීමත් භගවාන් ගඡේJද්‍ර මෝක්‍ෂ රාම් රක්‍ෂා ස්‌තෝත්‍ර ගායනය, මහා ධන්වන්තරී මංත්‍රය හෝ මුර්තුංජය මන්ත්‍ර ජපය, වේදයේ සඳහන් සරස්‌වතී මන්ත්‍රය හෝ තන්ත්‍රවල සඳහන් නීල සරස්‌වතී මන්ත්‍ර හා ස්‌තෝත්‍ර ජපය බුද්ධ යන්ත්‍රය හා පච්ච මැණික්‌ පැළඳීම, බදාදා උපවාසය හා බමුණන්ට කිරි පූජා කිරීම, දුර්ගා දේවිය වන්දනා කිරීම, එළුවන්ට ගිරවුන්ට ආහාර දීම, ඔසු මිශ්‍ර ජලය ස්‌නානය හා මහා විෂ්ණු පූජාව තැබීම ආදී ප්‍රතිකර්ම නියම කෙරේ.

ගුරු හෙවත් බ්‍රහස්‌පතීගේ අපල නැති කිරීම සඳහා රුද්‍රා ෂටාධ්‍යාය හා ශිව සහශ්‍ර නාම ස්‌තෝත්‍ර ගයමින් රුද්‍රාභිෂේක පූජා තැබීම, ගුරුගේ මන්ත්‍ර කවච ස්‌තෝත්‍ර ගායනය, විෂ්ණු පූජා තැබීම, බමුණන්ට පලතුරු පිදීම, ගුරු යන්ත්‍රය හා පුෂ්පරාග පැළඳීම, ගුරුට කහමල් පිදීම, ගුරු දින උපවාසය ගුරු ලීලාමෘත ස්‌තෝත්‍ර ගායනය, රන් කැබලි දමා ජලය පානය කිරීම, විවාහක කතකට කහරෙදි දීම, රන් පැළඳීම හා රන් මිශ්‍ර ජලය ස්‌නානය, බමුණන්ට සාන්තුවරුන්ට පූජකයන්ට සැලකීම, ඔසු මිශ්‍ර ජලය ස්‌නානය, ගුරුගේ වේද මන්ත්‍ර දහනවදහස්‌ වරක්‌ ජප කිරීම වැනි ප්‍රතිකර්ම නියම කෙරේ.

We found this article from Divaina on 2011/11/11.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments