Friday, October 31, 2025
Homesiජ්‍යෝතිර්වේදියකු බිහි කරන ග්‍රහපිහිටීම්

ජ්‍යෝතිර්වේදියකු බිහි කරන ග්‍රහපිහිටීම්

ඕනෑම පුද්ගලයකුගේ කේන්ද්‍රයේ භාව හෙවත් කොටු 12 ක්‌ ඇත. ඉන් 10 වැනි භාවය රැකියාවට මූලික වන අතර අනෙකුත් භාවයන් ද රැකියාව පිළිබඳ අනාවැකි සඳහා උපකාරී වන අතර කෙනෙකුගේ ජන්ම පත්‍රයක්‌ පරීක්‍ෂා කර බලා අදාළ ජන්මියා කිනම් වෘත්තියකට නැඹුරු දැයි දැන ගත හැකිය. එක්‌ එක්‌ පුද්ගලයන් විවිධ අංශ වලට කැමතිය. නැඹුරුය. එහෙත් සහජ හැකියාවන් කල්තියා අවබෝධ කරගෙන සිටීමෙන් එම අංශයෙන් ඉදිරියට යැමට මඟ සාදා ගත හැකිය. එය ජන්ම ග්‍රහ බලයෙන් දැන ගත හැකිය. පෙර කළ කුසල් අකුසල් මත අපගේ රැකියාවද තීරණය වන අතර ඉතා පැහැදිලිව අතීතය, වර්තමානය හා අනාගතය විවරණය කරන ජ්‍යෝතිෂ්‍ය ශාස්‌ත්‍රය නියෝජනය කරන බුද්ධිමත් ජ්‍යෝතිර්වේදියකු බිහිකරන ග්‍රහ පිහිටීම් කිහිපයක්‌ මෙසේ දැක්‌විය හැකිය.

* පුර සඳු – බුධ – ගුරු – සිකුරු යන ග්‍රහයන් දෙවැන්නේ හෝ තුන්වැන්නේ උච්ච බලයෙන් යුතුව තැන්පත් වීම.

* ශනි හිමි මකර හෝ කුම්භ යන ලග්නයකින් ඉපිද අටවැන්නේ රවි – බුධ – ගුරු සයෝගය පිහිටීම.

* බුධ ග්‍රහයා කේන්ද්‍රස්‌ථානයක සිටියදී දෙවැන්නාධිපති

බලවත් වීම.

* සිකුරු හිමි වෘෂභ හෝ තුලා යන ලග්නයකින් ඉපිද අටවැන්නේ රවි – බුධ – ගුරු සංයෝගය වීම.

* බුධ – ගුරු – සිකුරු යන ග්‍රහයන්ගේ ශූභ දෘෂ්ටි ලත් සඳු – කුජ දෙදෙනා දෙවැන්නේ වීම.

* බුධ හිමි මිථුන – කන්‍යා යන ලග්නයකින් ඉපිද අටවැන්නේ රවි – බුධ ගුරු සංයෝග වීම.

* සඳු හෝ බුධ බලවත්ව කේන්ද්‍රස්‌ථානගත වීම

* සඳු සිටි රාශියෙන් දහවැන්නාධිපති මිථුන හෝ කටක යන රාශියක තැන්පත් වීම.

* සඳු සිටි රාශියෙන් දහවැන්නාධිපති බුධ ග්‍රහයා වීම.

* දෙවැන්නාධිපති බුධ ග්‍රහයාට ශුභ දෘෂ්ටි දීම.

* ලග්නාධිපතියා නවාංශකයේදී බුධගෙන් ශුභ දෘෂ්ටි ලැබීම.

* බුධ ග්‍රහයා කන්‍යා රාශිගත වීම. මෙය කේන්ද්‍රස්‌ථානයක යෙදුණේ නම් වඩාත් බලවත්ය.

* දහවැන්නාධිපති දෙක හෝ අට අධිපති සමඟ සම්බන්ධ වීම.

* ලග්නයේ ගුරු සිටියදී අටවැන්නේ ශනි ග්‍රහයාවීම.

* බුධ හෝ ගුරු ශනි සමඟ සම්බන්ධ වීම.

* රවි මිථුන රාශියේද සඳු කටක රාශියේද සිටියදී දහවැන්නාධිපති බුධ හිමි රාශියක වීම.

* දෙවැන්නට පහ – අට – දහය අධිපතීන්ගේ සම්බන්ධයක්‌ වීම.

* බුධ සිකුරු කේන්ද්‍රස්‌ථානයක සංයෝග වීම.

* පස්‌වැන්නේ බුධ ශනි සංයෝගය.

* දෙවැන්නාධිපති උච්ච රාශිගතව සිටියදී තුන්වැන්නේ ශුභ ග්‍රහයන් තැන්පත් වීම.

* දහවැන්න බුධ හිමි රාශියක්‌ වී එහි රවි බුධ සංයෝග වීම.

* සඳු – සිකුරු ශනි සංයෝගය පස්‌වැන්නේ වීම.

* රවි – බුධ – ගුරු සංයෝගය අටවැන්නේ වීම.

* ලග්නාධිපති පස්‌වැන්නේ බලවත් වීම.

* අටවැන්නේ ලග්නාධිපති හා රවි – බුධ සංයෝගය පිහිටීම.

* පස්‌වැන්නාධිපති ග්‍රහයා බුධ වී දෙවැන්නේ බලවත් වීම.

* බුධ – ගුරු – ශනි සංයෝගය ත්‍රිකෝණස්‌ථානයක වීම.

* දෙවැන්නාධිපති හා බුධ ගුරු සංයෝගය.

* දහවැන්නාධිපති ත්‍රිකෝණස්‌ථානයක තැන්පත් වීම.

* හතර වැන්නාධිපති එක – පහ – නවය යන ස්‌ථානයක වීම.

* කේතු ග්‍රහයා කටක රාශියේ තැන්පත් වීම.

* කේන්ද්‍රස්‌ථානයක හෝ ත්‍රිකෝණස්‌ථානයක ගුරු ග්‍රහයා තැන්පත් වීම.

* සඳු විසා නැකතේ පළමු පාදයේ වීම.

* සඳු රෙහෙන නැකතේ තෙවන පාදයේ වීම.

* සඳු අස්‌විද නැකතේ තුන්වන හෝ හතරවන පාදයේ වීම.

* පස්‌වැන්නාධිපති උච්චව සිටියදී දෙවැන්නාධිපති හා බුධ සමඟ සංයෝග වීම.

* රවි – සඳු – කුජ- බුධ දෙවැන්නේ වීම.

* කටක ලග්නයෙන් ඉපිද රවි ග්‍රහයාට ගුරු සිකුරු දෙදෙනාගේ දෘෂ්ටි වැටීම.

* බලවත් සඳු – කුජ – බුධ කේන්ද්‍රස්‌ථානයක සංයෝග වීම.

* මීන හෝ තුලා ලග්නයෙන් ඉපිද කුජ ග්‍රහයාට ගුරු සිකුරු දෙදෙනාගේ දෘෂ්ටි වැටීම.

* බලවත් ගුරු වර්ගෝත්තම බලයෙන්ද යුක්‌ත වීම.

* තුන්වැන්නේ ශුභ ග්‍රහයක්‌ ද බුධ කේන්ද්‍රගතවද සිටියදී දෙවැන්නාධිපති හා සිකුරු උච්චව සිටීම.

* සිකුරු දෙවැන්නේද බුධ කේන්ද්‍රගතව ද සිටියදී සඳු හා ගුරු සංයෝගය තුන්වැන්නේ වීම.

* බලවත් දෙවැන්නාධිපතිට බුධ හා ගුරුගේ සම්බන්ධයක්‌ වීම.

* ලග්නයේ කුජ – බුධ – ගුරු ශනි වීම සඳු ද වෙතොත් තවත් යහපත් ය.

සාර්ථක ජ්‍යෝතිර්වේදියෙකුවීමට නම් මෙම පිහිටීම්වලින් කිහිපයක්‌වත් තිබිය යුතුය.

We found this article from Divaina on 2012/10/12.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments