Monday, June 15, 2026
HomesiMarriageදරුවන් පිළිසිඳ ගැනීමේ ජ්‍යෙතිෂ්‍යමය පිළිවෙත හා මතය

දරුවන් පිළිසිඳ ගැනීමේ ජ්‍යෙතිෂ්‍යමය පිළිවෙත හා මතය

මාස්‌ ශුද්ධියෙන් පසු රාත්‍රි පිළිසිඳන දරුවාගේ ස්‌වරූපය

04 වන දින රාත්‍රිය අල්ප ආයුෂ පිරිමි දරුවකු

05 වන දින රාත්‍රිය ස්‌ත්‍රී දරුවකු

06 වන දින රාත්‍රිය පරපුර ගෙනයන දරුවකු

07 වන දින රාත්‍රිය වඳ ස්‌ත්‍රී දරුවකු

08 වන දින රාත්‍රිය පුරුෂ දරුවකු

09 වන දින රාත්‍රිය රූ සම්පත් ස්‌ත්‍රී දරුවකු

10 වන දින රාත්‍රිය දේශාධිපතියෙකු

11 වන දින රාත්‍රිය ආබාධිත ස්‌ත්‍රී දරුවකු

12 වන දින රාත්‍රිය වාසනාවන්ත පුරුෂ දරුවකු

13 වන දින රාත්‍රිය පරපුර නසන ස්‌ත්‍රී දරුවකු

14 වන දින රාත්‍රිය ධාර්මික ගුණ යහපත් පුරුෂ දරුවකු

15 වන දින රාත්‍රිය වාසනාවන්ත ස්‌ත්‍රී දරුවකු

16 වන දින රාත්‍රිය ප්‍රඥවන්ත පුරුෂ දරුවකු

නව යොවුන් ස්‌ත්‍රියකගේ මාස්‌ ශුද්ධි රුධිරය නොඑසේනම් සෘතු ලෙස උද්ගම (නැති) වූ දින සිට දහසය වන දින රාත්‍රිය දක්‌වා ඇති කාලය සෘතු ඵල කාලය ලෙස හැඳින්වේ. එයින් පළමු දින හතර සම්භෝගයට අයහපත් බව මෙයින් පැහැදිලි වේ.

ස්‌ත්‍රියගේ සෘතුඵල කාලය තුළදී පුරුෂයකු සමග සංභෝගයේ යෙදීමෙන් පිළිසිඳ ගන්නා දරුවා බුධ, ගුරු, ශුක්‍ර, ආධාන ලග්න කුඩෙලියේ හෝ සඳු සමග හෝ 2, 4, 5, 7, 9, 10 චන්ද්‍රයාගෙන් රාශියක සිටීනම් දරු උපත සිදුවන්නේ දින 292 කට පසුවයි. ප්‍රමුඛ ලග්නයක නම් දින 287 ක දීද උභය රාශියක නම් දින 281 කදී හෝ 276 කදී දරුවා බිහිවීම සිදුවන බව ජ්‍යෙතිෂ්‍ය මතයයි. මේ අනුව අඩු මාසවලින් දරුවන් බිහිවීම සිදු නොවෙයි.

සෘෂි මතයට අනුව සහ අපගේ අත්දැකීමට අනුව ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ ත්‍රි ජන්ම නැකැත් සංසර්ගය සඳහා යෙදීම ඉතාමත් අයහපත් බව පෙනී යයි. එසේම 9, 14, 4, 8 යන දින ද අයෝග්‍ය වේ.

එසේම රේවතී, රෙහෙන, හත සිත, උත්‍රසල, අනුර, සුවන සියාවස, උත්‍රපුටුප යන නැකත් උදාවී තිබෙන දිනයන්ද මීන, වෘෂභ, මිථුන, සිංහ, කටක, තුලා සහ කන්‍යා යන ලග්න උදාවී තිබෙන අවස්‌ථාද ස්‌ත්‍රී පුරුෂ සම්භෝගයට සුබ බව අපගේ අත්දැකීමයි. එමෙන්ම සිකුරාදා, බදාදා, බ්‍රහස්‌පතින්දා, සඳුදා දවස්‌ ද සුබ වේ. මෙයින් ඔත්තේ දිනවල දියණියන් සඳහා ද ඉරට්‌ටේ දිනවල පුතෙකු සඳහාද එක්‌වීම සිදුකළ යුතුයි.

ඉහත ලග්න කුංඩලිවල සම්භෝග අවස්‌ථාවේදී අටවන භාවයේ කිසිම ග්‍රහයෙකු නොසිටිය යුතු වෙයි.

මේ අනුව විවාහ වී දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයද විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයද මේ පිළිබඳව විමසා බලා ජ්‍යෙතිෂ උපදෙස්‌ මත සුබ වේලාවක විමසීමෙන් ඉවසීමෙන් යුතුව හැසිරුණොත් ඔබට හොඳ නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න වාසනාවන්ත, ඥනවන්ත දරුවකු සමාජයට දායාද කළ හැකිය.

එසේ නොවුව හොත් රටටත් ජාතියටත් සමාජයටත් බරක්‌ වන පිළිලයක්‌ වන අංග විකල මන්දබුද්ධික දරුවන් හෝ අපරාධකාර දරුවන් හෝ බිහිවිය හැකිය.

යම් රටක නිෂ්පාදනය කරන භාණ්‌ඩයකට වගකිව යුතු වන්නේද එම භාණ්‌ඩය නිෂ්පාදනය කළ සමාගම සේම යම් දරුවෙක්‌ සමාජයට බිහිකළ හොත් එම දරුවා පිළිබඳ සියලු වගකීම ඇත්තේ ද දෙමාපියන්ටය.

මේ අනුව රටට සමාජයට යහපත් ගුණගරුක දරුවන් බිහිකරනවාද නැතිනම් අංග විකල මන්ද බුද්ධික සහ අපරාධකාරයන් බිහි කරනවාද යන්න තීරණය ඇත්තේ ඔබ අතේය. මෙවන් ගැඹුරු ශාස්‌ත්‍රයක්‌ අංග සම්පූර්ණ මෙවැනි ලිපියකින් ඉදිරිපත් කිරීමට අපහසු බවත් ඒ පිළිබඳ දැන උගත් අයගෙන් උපදෙස්‌ ලබාගන්නා ලෙසත් කාරුණිකව දැනුවත් කරමින් දරු පිළිසිඳ ගැනීමේ ජ්‍යෙතිෂ චක්‍රය නිමා කරමි.

We found this article from Divaina on 2014/05/11.

RELATED ARTICLES

Most Popular

Recent Comments