Friday, September 12, 2025
HomesiOminousඅපල නොවන්නට මංගල උලුවස්‌ස වෙනස්‌ කරන්නේ මෙහෙමයි

අපල නොවන්නට මංගල උලුවස්‌ස වෙනස්‌ කරන්නේ මෙහෙමයි

[ratings]

ඊයේ තිබුණ දේ අද වෙනස්‌ වී අද පවතින දේ හෙට වෙනස්‌ වන කිසිවක්‌ ස්‌ථිරව නොපවතින ලෝකයක ජීවත් වන අපට අප විසින් ඉතා ආසාවෙන් හා අපහසුවෙන් ගොඩනගාගත් නිවස වාස්‌තු දෝෂ නිසා හෝ වෙන යම් අලුත් කිරීමක්‌ සඳහා හෝ වෙනස්‌ කිරීමක්‌ කිරීමට සිදුවිය හැකියි.

එබඳු වෙනස්‌ කිරීමකදී යම් හේතුවක්‌ නිසා මංගල උළුවස්‌ස වෙනස්‌ කිරීමට සිදුවුවහොත් ඒ පිළිබඳ වාස්‌තු විද්‍යානුකූලව කටයුතු කළ යුතු ආකාරය අනාවරණය කිරීම මෙම ලිපියේ අරමුණය.

ආශ්චර්යය

මංගල උළුවස්‌ස නිවසක ආශ්චර්යයට හා අලංකාරයට දෙන රුකුල අති මහත් බව පැරැණි අය කීහ. එසේම ගෙට වස්‌තුව ගෙන එන්aනේ මංගල දොරටුවෙනි. අමුත්තන් ගෙට එන්නේ ද මංගල දොරටුවෙනි.

ද්වාර වේධය

මහා මාර්ගයට කෙලින් වේධ වූ ද්වාරය (දොරටුව) ගෙහිමියාට විනාශය පිණිස වේ.

වෘක්‍ෂයන්ගෙන් වේධ වූ ද්වාරය පුත්‍රයන්ට දෝෂ ඇති කරයි.

ද්වාරය ඉදිරිපස මඩ වළක්‌ වූ කළ ශෝක දෙයි.

ද්වාරය ඉදිරිපස ළිඳක්‌ ඇතිවිට අපස්‌මාර රෝග ඇති කරයි.

මංගල දොර

මංගල ද්වාරය ඉදිරිපස දේවාලයක්‌ ඇති විට විනාශය ළඟා වෙයි.

ද්වාරය ඉදිරිපස ස්‌තම්භයක්‌ ඇති විට ස්‌ත්‍රීන්ට දෝෂ ඇතිවේ.

ද්වාරය ඉදිරිපස බ්‍රාහ්මණ ගෘහයක්‌ ඇති විට කුලය විනාශ වෙයි.

එසේම බ්‍රහ්ම ස්‌ථානය (බ්‍රහ්ම පාදය) අභිමුඛ කොට ගෘහයාගේ ද්වාරය නොකට යුතුය. (වාස්‌තු රත්නාවලිය)

ඒ කියන්නේ නිවසේ හරි මැදට කෙලින් මංගල දොරටුව (ප්‍රධාන දොර) පිහිටුවීම අශුභ බවය.

මංගල උළුවස්‌ස පිළිබඳව වාස්‌තු විද්‍යා ග්‍රන්ථවල සඳහන් වන කරුණුවලින් බිඳකි ඒ.

මංගල උළුවස්‌ස

සෞභාග්‍ය නිවසට කැඳවන මංගල උළුවස්‌ස වෙනස්‌ කරන්නට අවශ්‍ය වුවහොත් එය කළ යුත්තේ සුදුසු නැකතකටයි.

අශුභ ග්‍රහ කිරණ වැටී වායු ගෝලය දූෂිත වූ මොහොතක මංගල උළුවස්‌ස ගැලවීමද ඉතා අශුභය.

එසේ කළ හොත් එම ක්‍රියාව ගෙහිමියාට පමණක්‌ නොව එම ගෙයි වසන අනෙක්‌ අය වෙතද විපත් ළඟා කර ගැනීමක්‌ වශයෙන් වාස්‌තු විද්‍යාවේ සඳහන් වේ.

විශේෂ –

කිසිවකුගේ කේන්ද්‍රයට සෑහෙන පරිදි ලග්නයට නැකැතට හා සඳුට ගලපා ස්‌ථාපිත කරනු ලබන මංගල උළුවස්‌ස ගැලවීමේදී ද එම කරුණුවලට ගැලපෙන සේ නැකත් සකසා ගත යුතුය.

ජන්ම නැකත් පාදය

නැකැත් ගැලපීමේ දී ජන්ම නැකැත් පාදයට තත්කාල නැකැත් පාදය ගැලපුනහොත් එයින් විශිෂ්ට ඵල උදාවේ.

වායුගෝලය

එසේම වායු ගෝලය පිරිසිදු වන ශුභ මොහොතක මංගල උළුවස්‌ස ගැලවිය යුතුය.

මංගල උළුවස්‌ස ගලවන විට ස්‌වාමින් වහන්සේ නමක්‌ ලවා පිරිත් සඡ්ජායනය කර “කරණීය මෙත්ත සූත්‍රය” කියා පිං කැමැති සියලු දෙවියන්ට, සතරවරම් දෙවියන්ට. මහී කාන්තාවට, භූතයන්ට අධිපති ඊශ්වර දෙවියන්ට හා ඉඩමට නිවසට අරක්‌ ගත් භහිරව දේවතාවන්ට පිං අනුමෝදන් කරවා ආරක්‍ෂාව ඉල්ලීමෙන් මහත් යහපතක්‌ සිදුවේ.

මල්පැල

මංගල උළුවස්‌ස ගලවා ඉවත් කරන ශුභ මොහොතකට කලින් මංගල උළුවස්‌ස ඉදිරිපිට මල් පැලක්‌ තනා බුද්ධ පිළිම වහන්සේ නමක්‌ වඩා හිඳුවා මල් පහන් සුවඳ දුම් හා ගිලන්පස සහිත බුද්ධ පූජාවක්‌ තබා තෙරුවන් වැඳීමද, නිවසේ සතර කොනේ මල් පැල සතරක්‌ පිහිටුවා මල්පහන් සුවඳ දුම් කහ දියර බඳුනක්‌, විළඳ, මීපැණි, කිරිබත්, කෙසෙල් ගෙඩි, කැවිලි තබා ඉඩමට අරක්‌ගත් භහිරව දේවතාවන්ට පුද කැප කිරීමද ගෘහ හිමියාගේ ශුභ සිද්ධියට හේතු වේ.

පිළිවෙත්

මංගල උළුවස්‌ස ගලවා ඉවත් කරන විට කිසිවකු නිවස තුළ නොසිටිය යුතුය.

මංගල උළුවස්‌ස ගැලවීමේ කටයුත්ත කළ යුත්තේ වඩු හෝ මේසන් බාස්‌ උන්නෑහේය. විශේෂයෙන් ගෙහිමියා පිටතට වී සිටීම ශුභය.

මංගල උළුවස්‌ස ගලවා ඉවත් කරන්නට සෑදූ තත්කාල ශුභ මොහොතේ ලග්නය හා නැකත ගෘහ හිමියාගේ, ගෘහණියගේ ජන්ම ලග්න, ජන්ම නැකත් හා 06, 08, 12 වන රාශි නොවිය යුතුය. එසේම පවුලේ බාලයා පුතෙකු නම් තත්aකාල ශුභ මොහොත ඔහුගේ කේන්ද්‍රයට ගලපා ගැනීම ඔහුගේත් යහපතට හේතුවෙයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments