Friday, September 12, 2025
Homesiරාහු හතරේ සිටින වෘශ්චික ලග්න හිමියන් ද්වේෂයෙන් ගිණි ගනී

රාහු හතරේ සිටින වෘශ්චික ලග්න හිමියන් ද්වේෂයෙන් ගිණි ගනී

වෘෂ්චික ලග්නය කුජට අයත් වෙයි. කුජ වඩාත් ඇලුම් කරන්නේ ඔහුගේ මූල ත්‍රිකෝණ රාශීය වන මේෂ රාශියටය. විශේෂයෙන් ම විශ්ව කේන්ද්‍රයට අනුව වෘශ්චික ලග්නය විනාශයේ ප්‍රතිමූර්තිය වෙයි. එනම් අටවන භාවය වීමය. රාහු ග්‍රහයෙක්‌ නොවුණත් ඔහුගේ බලය අද්විතීය වෙයි. විශ්වයේ ප්‍රබලම චුම්බක බලයක්‌ රාහුට හිමිවන අතර, විශේෂයෙන් ආත්ම සම්බන්ධීකාරකයෙකි. මළවුන්ගේ සම්බන්ධතා ද රැගෙන එන අතර රාහු සියයට 90 ක්‌ සියල්ල කඩා බිඳ විසුරුවන ඈත් කරන ග්‍රහයෙකි.

ඔහු කේන්ද්‍රයක තැම්පත් වී සිටින ස්‌වභාවයට අනුව මෙම ගතිගුණ වෙනස්‌ වන බව සැබෑය. එසේ වෙනස්‌ වන්නේ කවර හෝ සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ඨ§යක්‌ හෝ සංයෝගයක්‌ ලද හොත් පමණි. තනිවම රාහු එවැනි සම්බන්ධතාවකින් තොරව සිටින්නේ නම් රාහුගේ ඇත්තේ කිසිවෙකුටත් නොපෙනෙන ක්‍ෂණිකව පැන නගින බියකරු මෝඩ ස්‌වභාවයකි. රාහුට ඇත්තේ නයි හිසක්‌ මිස මිනිස්‌ හිසක්‌ නොවේ. එම මෝඩ ස්‌වභාවයේ තරම වටහා ගත් සෘෂිවරුන් ඔහුට නයි හිසක්‌ ප්‍රදානය කළේ එය එතරම් ම විෂ සහිත බැවිනි.

විශේෂයෙන් වෘෂ්චික ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ 4 වන භාවස්‌ථානයේ රාහු තැම්පත්ව කිසිම සුබ ග්‍රහයෙකුගේ දෘෂ්ඨියක්‌ නොලබා සිටින්නේ ද එය බැලූ බැල්මට වරදක්‌ සේ නොපෙනේ. නමුත් 04 වැන්න මනස වේ.එසේම එය සෙනසුරුට අයත් ඔහුගේ මූල ත්‍රිකෝණ රාශිය වූ කුම්භ රාශිය වෙයි. එනිසා රාහු සෙනසුරු ගේ ගති උතුරා ගනී. රාහු හා ශනි යන රික්‌තා කාරකයන්ගේ ගති මුළුමනි න්ම මනස තුළ ඇතිරෙයි. වෘශ්චික රාශිය යනු ගුප්ත බව හෙවත් සැඟවුණ බව සහිත රාශියකි. කුජ රණකාමී සෙබළෙකුගේa ස්‌වභාවය ගනී. දක්‍ෂ සටන්කාමියෙකුගේ විමසිලිමත් උකුසු ඇස යනු රහස්‌ අනාවරණය කර ගැනීමේ ශක්‌තියයි. එය කුජට ආවේණික ලක්‍ෂණයකි.

වෘෂ්චිකය ජල රාශියක්‌ වන අතර එය ගංගා මුහුදු ආදී ජලය නොව රසායන දියරය නිවේදනය කරයි. පිරිසිදු වතුර මෙන් නිශ්චලව ඇසිඩ් පෙනී සිටී. නමුත් ස්‌පර්ශය අනතුරකි. වෘශ්චිකය ලග්නය වී එහි 4 වැන්නේ රාහු සිටීම ද එයට සමාන වේ. එසේම සෙනසුරු 06 වැන්නේ යෝග වීම ද විශේෂ වෙයි. වෘශ්චිකයේ 04 වැන්න තුළ රාහු සිටීමත්, හතර වැන්න අධිපති සෙනසුරු කුජගේ මූල ත්‍රිකෝණය වන මේෂ රාශිගත වීමත් (06 වැන්න) සඳු ග්‍රහයා සෙනසුරුට අයත් රාශියක සිටීමත් යන කරුණු සම්පූර්ණ වූ වෘශ්චික ලග්න හිමියන් නිරන්තර ද්වේෂයෙන් ගිණි ගන්නා අය වෙයි. ක්‍ෂණික කෝපය. වැරදි දැකීම බහුල කරයි.

කුජ උෂ්ණ රාශියක නිවේදනය වීම ද එයට අවශ්‍ය වේ. මෙම ද්වේෂ ගින්න හැම විටකම එක සමාන නොවේ. රාහුගේ තනි බලයට හතරවැන්න නතු වී තිබිය යුතු අතර, මහ දශාව අතුරු දශාව, විදශාව හෝ රාහුගේ විශේෂ බලපෑමක්‌ ලග්නයට ලැබෙන ග්‍රහචාරය පවතින කාලවල් විය යුතුය. එවිට රාහු ජන්මියා දැඩි මානසික රැවටීම්වලට ලක්‌කර දුක්‌ විඳීමට සලස්‌වයි. එම

රැවටීම් ඔස්‌සේ ජන්මියා මිත්‍යාදෘෂ්ඨ§ගතව ක්‍රියා කරයි. එය තමන්ගේම දුක පිණිස වර්ධනය කරයි.

විශේෂයෙන් රාහු රවටනු ලබන්නේ තමන්ගේ ආත්ම විශ්වාසයයි. එය තරම් ජන්මියා දවාලන තවත් ගින්නක්‌ නැත. යම් යම් දේවල් කෙරෙහි සැක මතු කරමින් වෘශ්චික රාශියේ ගුණ කැටි කරන රාහු සෙනසුරු හා කුජගේ ගති සංකලනය කර ජන්මියාගේ ආත්ම විශ්වාසය තුළට ද්වේෂ ගින්න අවුලුවා තබයි. එහෙත් එම ජන්මියා ඒ තුළම ජීවත් වීමට උත්සාහ ගනී. එයින් මුහුණපෑමට සිදුවන අපමණ දුක්‌ විඳ දරා ගනිමින් ඉදිරියට යනවා මිස එය තේරුම් ගැනීමට රාහු ඉඩ නොතබයි. විඳින්නට ලැබෙන හැම දුකක්‌ ම විඳීමට අධෛර්ය වන්නේ ද නැත.

ලෝභ, ද්වේශ, මෝහ යන චරිත ස්‌වභාවයන් තුනක්‌ මනුෂ්‍යයා අතර පවතී. ඉහත කී ග්‍රහ තත්ත්වයට අනුව ද්වේෂ හා මෝහ යන තත්ත්වයන් ඇතිවන අන්දම ප්‍රකාශිත වෙයි. රාශි 12 න් වෘශ්චිකය රහස්‌ රාශියකි. එසේම විනාශයේ ප්‍රතිමූර්ථි රාශිය වේ. එම රාශිය ලග්නය වූ අයගේ 4 වැන්නට අරක්‌ ගත් රාහු සෙනසුරුගේත්, කුජගෙත් ගති නිරුපද්‍රිතව ලබාගන්නේ කිසිම සුබ ග්‍රහයෙකුගේ දැක්‌මට හෝ සංයෝගයට හසු නොවීමෙනි.

රාහු ග්‍රහයා මුලා කිරීමේ ගජ හපනෙකි. එනිසා එවැනි ජන්මීන් ඇසුරු කරන අන් අයට ඔහු හා වැඩි කාලයක්‌ මිත්‍රත්වය පවත්වා ගෙන නොහැක. ඔහුගේ නොමනා සැක කිරීම්වලට භාජන වී මෛත්‍රිය ද්වේෂයක්‌ බවට හරවා ගනී. කුජ ග්‍රහයා 2 වැන්නේ යෝග වී සිටී නම් නිතැතින් ම කුජගේ අහංකාර – කලහකාරී ගතියත් රාහුගේ ද්වේෂ ගතියත් නිරන්තරව මුහුණින් අන් අයට ප්‍රදර්ශනය වේ.

එවැනි ග්‍රහ පිහිටීම සහිත විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන් දුක උරුම කර ගනී. ඔවුන්ගේ සිත්වල පවතින ස්‌වභාවය නුවනින් තේරුම් නොගෙන සමාජය තුළ කටයුතු කරන්නට යැමෙන් සතුරන් ඇතිකර ගනී. ඒ තුළින් විවිධ ලෙස බොහෝ දේ අහිමි කර ගන්නවා පමණක්‌ නොව දුක තුළම ජීවත් වේ. දුක දැනෙන්නේ සිතටය. එය තරම් අපාදුකක්‌ මේ මිහිපිට තවත් නැත.

We found this article from Divaina on 2013/04/05.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments