[ratings]
නිවසකට ජනෙල් තැබීමේදී ද වාස්‌තු විද්‍යාවේ සඳහන් පිළිවෙත් අනුගමනය කළ යුතුය. එසේ නොකර හිතුමතයට කටයුතු කිරීමෙන් නිවසේ වාසය කරන අයට බලාපොරොත්තු රහිත කරදර විපත් වලට මුහුණ දෙන්නට සිදුවේ.
නවීන පන්නයට ගොඩනගනු ලබන බොහෝ නිවාසවල වාස්‌තු දොaෂ බහුලව තිබෙන බවක් පෙනෙන අතර ඒවායේ අශුභතා ක්‍රියාත්මකවීම ඇරඹෙන්නේ නිවසේ වෙසෙන අයගේත් එම නිවසේත් දශාවන් එකවර අශුභ වූ විටය.
නිවසකට ජනේල තබන්නේ නිවසේ පිටත බිත්තිවලය. එසේ පිටත බිත්තිවල ජනේල තැබීමේදී පහත සඳහන් සේ අශුභ තත්ත්වයන්ගෙන් මුදාගෙන ජනේල තැබිය යුතුයි.
පහත සඳහන් සටහන් අංක 01 සඳහන් පරිදි මුදුන් බිත්තියේ මැද ජනේල තැබීම ඉතා අශුභය. ජනේලයක් එසේ තැබීමෙන් මුදුන් යටලීයට ද ජනේලය එල්ල වේ. එය ගෙහිමියාට විපත් ඇති කරන මහා දොaෂයක් වශයෙන් සැළකේ.
සටහන් අංක – 01
2. බිත්ති මුළුවලට හසුවන සේ ජනේල තැබීමද ඉතා අශුභය.
සටහන් අංක 02 බලන්න.
බිත්ති මුළුවලට හසුවී ඇති ජනෙල් ගෙහිමියාව නිතර පීඩාවට පත් කරයි.
ගිණි කතුර
නිවෙස තුළ පිහිටන මර්මස්‌ථානයක් වන ගිණි කතුර සේ සැලකෙන ගිණි කතිරයට හසුවන සේ හෝ එල්ල වනසේ ජනේල තැබීමද අශුභය. පහත සඳහන් සටහන් අංක 03 බලන්න.
නිවසක පිහිටන ගිණි කතිර
නිවසක පිහිටන ගිණි කතිර
සටහන් අංක 03
සටහන් අංක – 04
නිවෙසේ හරි මැදට කෙලින් පිහිටන මධ්‍ය ලාCෂ්‍යයට එල්ල කර තබන ලද ජනේලයකට යටලී බාල්ක පරාල කොන් එල්ල වීම මහා දොaශයකි.
එය සටහන් අංක 04 න් බලාගත හැකිය.
නිවසේ මධ්‍ය ලක්‍ෂය
සටහන් අංක 04
සටහන් අංක – 05
යටලී පරාල වල ඇති පිරිද්දුම් ජනේලයේ මැදට එල්ලවීම අශුභය.
එසේම යට ලී තලාඳ ජනේලය උඩට ඒමද අශුභය.
නිවසේ ප්‍රමාණයට ගැලපෙන සේ ජනෙල් තැබීමද අවශය කරුණකි.
වාස්‌තු විද්‍යාවේ අශුභ දිශාවක් සේ සැලකෙන ගිණිකොණ දිසාවට එල්ල වන සේ ජනෙල් තැබීමද ඉතා අශුභය.
ෆ උතුර ඊසාන නැගෙනහිර ශුභය.
ෆ වයඹ ගිණිකොණ අශුභය.
ෆ බටහිර නිරිත දකුණ ශුභය.
ෆ නිවසේ ගිණිකොන දිසාවට මුහුණ ලා පිහිටා ඇති ජනෙල් ගෙහිමියාට කරදර ඇති කරයි.
පැරණි ජනෙල් – දොරවල්
නව නිවසකට පැරණි නිවසකින් ගැලවූ ජනෙල් හා දොරවල් තැබීමද අශුභය.
සටහන් අංක – 06
ලිඳ – වැසිකිළිය
ජනේලයකට කෙලින් එක එල්ලේ ලිඳ හෝ වැසිකිලිය තිබීමද අශූභය. වැසිකිලි වල තිබීමද අශූභය.
සටහන් අංක 06 බලන්න
සටහන් අංක 06
සටහන් අංක – 07
නිවසේ දිග පලල වෙන වෙනම 15 න් බෙදාගෙන ශුභ පාදයක් ආරම්භ වන තැනින් ජනේලය තැබීමද ශුභ වශයෙන් සැලකේ.
සටහන් අංක – 07 බලන්න
ශුභ අශූභ පාධ
ශුභ නන්දා 1
අශුභ භද්‍රd 2
ශුභ ජයා 3
අශුභ රික්‌තා 4
ශුභ පූර්ණා 5
ශුභ නන්දා 6
අශුභ භද්‍රd 7
ශුභ ජයා 8
අශුභ රික්‌තා 9
ශුභ පූර්ණා 10
ශුභ නන්දා 11
අශූභ භද්‍රd 12
ශුභ ජයා 13
අශුභ රික්‌තා 14
ශුභ පූර්ණා 15
සටහන් අංක – 07
අශුභ ගස්
ජනෙල් සඳහා නා – කොහොඹ – ඇසටු – වැනි ගස්‌වල ලී යොදා ගැනීම අශුභය.
එසේම සොහොන් බිම්වල වැඩුණු ගස් ඇඹරුනු ගස් – අකුණු වැදුන ගස්‌වල ලී යොදා ගැනීමද සුවදායක නොවේ.
ජනේලයක් ඉදිරිපිට සියඹලා – ගොරක වැනි රූස්‌ස ගස් තිබීමද අශුභය.
සියඹලා – ගොරක වැනි ගස්‌වලට යක්‍ෂයන් අරක් ගන්නා බවත් එම ගස් ජනෙල් ඉදිරිපිට තිබීමෙන් ඒවාට අරක්‌ගෙන සිටිණ යක්‍ෂයන්ට ජනේලය තුළින් නිවස පෙනීම නිසා නිවසට අඳුරු කල දශාවක් ක්‍රමයෙන් උදාවී එන බවත් පැරණි අය අතර විශ්වාසයක් තිබුණි.
ශුභ ගස්
ජනෙල් සඳහා කොස් – පොල්- දෙල් ලී යොදා ගැනීම ශුභය.
ජනේලයක් වශයෙන් සැලකෙන්නේ ලී රාමුවක් සහිත කවුළුවක්‌ය. එසේම ලී රාමුවක් සහිත ඕනෑම කවුළුවක් ජනේලයක් වශයෙන් සැළකේ. ලී රාමු සහිත පෑන් ලයිට් (FAභ ඛෂඨ්‍යඔ) කවුළුද ජනේලයක් වශයෙන් ගණන් ගනු ලැබේ.
පියන් සහිත සම්පූර්ණ රාමුව සලකනු ලබන්නේ එක ජනේලයක් වශයෙනි. නිතරම නිවසක ජනෙල් සංඛ්‍යාව දෙකෙන් බෙදෙන ඉරට්‌ටේ සංඛ්‍යාවක් විය යුතුය.
සුදුසු නැකත්
ජනෙල් තැබීමට සුදුසු නැකත් වශයෙන් සැළකෙන්නේ, අස්‌විද – මුවසිරස – පුනාවස – හත – සිත – සා – අනුර – දෙට – රේවතී යන නැකත්ය. බලගතු නැකත් යෝග නැතිනම් සඳුදා දවසද ජනෙල් තැබීමට අශුභ සේ සැලකේ.
ආලෝක කුරුස
ජනේලයකින් ඇතුල බැලූ විට දොරක් හරහා තවත් ජනේලයක් තුළින් නිවසේ පිටත පෙනෙන ලෙස ජනෙල් තැබීමද ඉතා අශුභය.
මේ පිහිටීම අලෝක කුරුසයක් සේ සැලකේ. එය මහා දොaශයකි.
සාලයේ හරි මැදට එල්ල වන සේ ජනේල තැබීමද ඉතා අශුභය.
සාලයේ දිග මැන බිත්තියේ මැද අතහැර දෙපසින් ජනේල දෙකක් තැබීම ශුභය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here