Friday, September 12, 2025
Homesiවිකෘති කාමය ට යොමු වන ග්‍රහ රටා

විකෘති කාමය ට යොමු වන ග්‍රහ රටා

[ratings]

ස්‌ත්‍රී පුරුෂ බේදයකින් තොරව කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්‌වා විවිධ අන්දමේ කාම අපරාධ ක්‍රියාවන්ට ලක්‌ වූ අය පිළිබඳව විවිධ අවස්‌ථාවන්හි අසන්නට දකින්නට ලැබෙනු ඇත.

විකෘති ලිංගික ආස්‌වාදයන්ට යොමුවූ පිරිමි හා කාන්තාවන්ද සමාජය තුළ නැතුවම නොවේ. මෙම විකෘති ලිංගික ආස්‌වාදයන් සඳහා බලපාන ග්‍රහබලය ජෝතිෂ්‍ය සිද්ධාන්ත අනුවගත් කල සෞරග්‍රහ මණ්‌ඩලයේ නපුංශක ග්‍රහයන් වශයෙන් හඳුන්වනු ලබන කේතු – ශනි- බුධ යන ග්‍රහයන් ඊට මුල් වන බව පැවසේ. ශනි පුරුෂ සංඛ්‍යාවට වැටෙන අතර බුධ ස්‌ත්‍රී සංඛ්‍යාවට වැටෙන නපුංශක ග්‍රහයන් වශයෙන් හඳුන්වයි.

මුව සිරස මුල සියාවස යන නැකත් නපුංශක ගනයට වැටෙන බැවින් ඉහත ග්‍රහයන් හා නපුංශක නැකත් සංකලනය වී යමෙකුගේ කේන්ද්‍රයේ 01, 03, 07, 08, 11 යන ස්‌ථානවල යෝගකාරකව හෝ වෙන් වෙන් වශයෙන් තැන්පත්ව සිටීමෙන් හෝ අසුබ ග්‍රහ දෘෂ්ඨි වලට ලක්‌වීමෙන්ද නවාංශකයේ එම ස්‌ථාන තුළ ඉහත ග්‍රහයන්ගේ බලය විදහා දැක්‌වීමෙන්ද විකෘති ලිංගික ක්‍රියාවන්ට ඔහු හෝ ඇය නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවක්‌ පෙන්නුම් කෙරේ.

මෙහිදී කාම උත්තේජනය උපදවනු ලබන කුජ සිකුරු සඳු යන ග්‍රහයන් දුර්වල වී මුව සිරස මුල සියාවස යන නැකත්වල තැන්පත්ව සිටීමෙන් හෝ නපුංශක ග්‍රහයන්ගේ අසුබ ග්‍රහණයට ලක්‌වී විශේෂයෙන් කේන්ද්‍රස්‌ථානයේ 07, 08 වැන්න එම ග්‍රහයන්ගෙන් පාප පීඩිත වීමෙන් විවිධ විකෘති ලිංගික ක්‍රියාවන්ට මෙම අය යොමු කෙරේ.

බාල අවධියේ සිට ඉහත ලිංගික ක්‍රියාවන්ට යොමු කිරිමේ ග්‍රහ බලපැමක්‌ වශයෙන් කේන්ද්‍ර තුළ 04, 06, 07, 08 යන භාව තුළ බුධ හා සඳු දුර්වල වී කේතු – ශනි- හෝ රාහු කුජ යන ග්‍රහයන්ගේ අසුබවාදී දෘෂ්ටි වැටීමෙන් හෝ යෝග කාරක වීමෙන් මෙම අහිතකර බලපෑම් වලට ඔහු හෝ ඇය යොමු වීමට ඉඩ ඇත.

We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation

can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments