Friday, September 12, 2025
Homesiසැබෑ ජ්‍යෙතිර්වේදියෙකු හඳුනාගන්නේ කොහොමද?

සැබෑ ජ්‍යෙතිර්වේදියෙකු හඳුනාගන්නේ කොහොමද?

[ratings]

ජ්‍යෙතිෂය වූ කලී ග්‍රහ වස්‌තුන්ගේ චලනය නිසා සත්වයන්ට හා පරිසරයට ඇති කරන බලපෑම පිළිබඳ උගන්වන ශාස්‌ත්‍රයකි. මේ අනුව එමගින් පුද්ගලයකුගේ ජිවිතය සාර්ථක කරගැනීමට හැකි කාලය මෙන්ම විවිධ බාධා කරදර ගෙන දෙන කාලයන් ඒවාට කළ යුතු ප්‍රතිකර්මයන් කිව හැකි වන්නේය. ජ්‍යෙතිෂය හැර එසේ කිව හැකි වෙනත් කිසිදු ශාස්‌ත්‍රයක්‌ නොමැත. මේ නිසා පුරාණ රජවරුන්ගේ රාජ සභාවල සිට අද දක්‌වා ජ්‍යෙතිර්වේදියා ඉතා වැදගත් වෘත්තියක යෙදෙන්නකු ලෙස පිළිගැනේ.

එහෙත් ඔබ කරන රැකියාව කුමක්‌ දැයි කෙනකු ප්‍රශ්න කළ හොත් ජ්‍යෙතිෂය යෑයි කියන්නට නොහැකි තත්ත්වයක්‌ මෙකල ඇති වී තිබේ. නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු, ගුරු ආදී සෑම වෘත්තිකයකුම පැහැදිලිව හඳුනා ගැනීමට හැකිවීමත් සැබෑ ජ්‍යෙතිර්වේදියා එසේ හඳුනා ගැනීමට අපහසු තරමට ජ්‍යෙතිෂය යන වචනය විවිධ පුද්ගලයන් විසින් භාවිත කිරීමත් ඊට හේතු වී තිබේ.

ග්‍රහ වස්‌තුන්ගේ චලනය මත ජ්‍යෙතිෂය පදනම්ව ඇති බව ඉහත සඳහන් කළෙමු. ඒ නිසා රවි, සඳු ආදී ග්‍රහයන් ඒ ඒ දිනවල ගමන් කරන රාශි, භව ආදිය ද එම ස්‌ථාන වලින් මාරු වන දිනයන් ද, සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ ආදිය සිදුවන වේලාවන් ද, ඉතා නිවැරදිව ගණනය කිරීමට දැන සිටිය යුතුය. නවීන තාරකා විද්‍යාව අනුව ග්‍රහ චලිතය පිළිබඳ කරන ගණනය කිරීම් ඒ ලෙසටම ඉතා නිවැරදිව කිරීමට ජ්‍යෙතිර්වේදියකුට හැකි විය යුතුය. පංචාංග ලිත් වල ඇත්තේ එම විස්‌තරයි. ග්‍රහ ගණිතයද එයින් ඇතිවන බලපෑමද හොඳින් දන්නා අයකු මෙන්ම මුදල් සෙවීමේ අරමුණ පෙරදැරි කර නොගත් කරුණාවන්ත ගුණගරුක පුද්ගලයකුට ජ්‍යෙතිර්වේදියා යෑයි කියනු ලැබේ.

මේ අනුව මෙකල දක්‌නට ඇති පැරණිම ජ්‍යෙතිෂ ග්‍රන්ථය යෑයි කිව හැකි “දෛවඥ කම ෙනුව” ලියා ඇත්තේ අනවමදර්ශි නම් සංඝරාජයාණන් විසිනි. ඈපා අප්පුහාමිගේ පරපුර විසින් නිපදවන ලද ඈපා ලිතට එදා සිටි මහා නායක ස්‌වාමින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබී තිබේ. පැරණි ජ්‍යෙතිෂ ග්‍රන්ථ කර්තෘවරුන් පරිනත බුද්ධියකින් හෙබි උගතුන් වූහ. ඒ කිසිවෙක්‌ තමන් මහා ෂිවරුන්, ලෙස හඳුන්වා ගනිමින් පුවත්පත් වල දැන්වීම් පළ කළේ නැත. නම ප්‍රසිද්ධ කරගැනීමට මුදල් වියදම් කළේ නැත.

එහෙත් ජනමාධ්‍යයන් ඉතා දියුණු මට්‌ටමක පවතින මෙකල කූට ජාවාරම්කාර ශාස්‌ත්‍රකරුවන් ජ්‍යෙතිෂය යන වචනය කෙලෙසමින් සිටිති. හැරගිය බිරිඳ හෝ සැමියා ගෙන්වා දීම, වශී ගුරුකම්, විවාහ ප්‍රමාද, රැකියා, පෙම්වතා හෝ පෙම්වතිය සදහටම ආකර්ශනය කරදීම, විභාගවලින් පාඩම්කර ඇතත් නැතත් උසස්‌ ලෙස සමර්ථ කරදීම, ආදී අනේක විධ අවශ්‍යතා අකුරටම කර දෙන බව කියන මෙවැන්නන් ජ්‍යෙතිෂ යන වචනයද ඒ දැන්වීම් වල යොදති. ඒ සමහරුන් ගිහියෝය. සමහරු චීවරධාරීහුය. මෙවැනි ගුරුකම් කිරිම ජ්‍යෙතිෂය නොවේ.

අංජනම් එළි බැල්ම නම් ශාස්‌ත්‍රයක්‌ තිබේ. යම් කිසි අඳුනක්‌ දෙස බලා සිටිමින් දෙවියන් විසින් කියන පණිවිඩයක්‌ (හනුමන්ත) ලෙස ශාස්‌ත්‍ර කීම එහි පදනමයි. එය ද ජ්‍යෙතිෂය නොවේ.

මළවුන් ගෙන්වා යම් යම් දේ අසා දැනගන්නා අයද සිටී. සමහර ස්‌ථානවල මළගිය අය මගින් කියන පණිවුඩ ලියන බවද කියෑවේ. මෙයද ජ්‍යෙතිෂය නොවේ.

තවත් ස්‌ථානවල ආරූඪයෙන් පේන කියන අය සිටී. යම් යම් දෙවිවරුන් තමන්ට ආරූඪ වන බව කියා ආවේෂ වී කතා කරන දේවාල වල කරන්නේද ජ්‍යෙතිෂය නොවේ.

මෙවැනි අය සමාජයේ පිළිගැනීමට ලක්‌ නොවූ තමන් ජීවත් වන ප්‍රදේශවල වංචනිකයන් ලෙස ප්‍රසිද්ධ වූ අය බැවින් යම් උගත්කමක්‌ ඇති සැබෑ ජ්‍යෙතිෂවේදීන් කරන්නේ තමාගේ නමේ මුලට විශ්‍රාමික විදුහල්පති නැතහොත් සාමවිනිසුරු ආදී පට්‌ටමක්‌ ඈ¹ ගැනීමයි. මේ අනුව ජ්‍යෙතිෂයට පළමු අභියෝගය එල්ලවන්නේ මෙම ව්‍යාපාරික කපටින්ගෙන් බව පෙනේ.

“ජ්‍යෙතිෂ” යන වචනයෙන් කියන්නේ දිලිසීම යන්නයි. ග්‍රහ වස්‌තුන්ගේ දිලිසීම මෙයින් අදහස්‌ කෙරේ. ග්‍රහ වස්‌තුන්ගේ චලනය මත මනුෂ්‍ය ජීවිතයට හා පරිසරයට ඇතිවන බලපෑම උගන්වන විද්‍යාව ලෙස ජ්‍යෙතිර් විද්‍යාව හඳුන්වා දිය හැකිය.

මේ අනුව ආරූඪ වීම, අංජනම් බැලීම, ආවේශවී ශාස්‌ත්‍රකීම, ගුරුකම් කිරීම, පේනකීම, වස්‌කිරීම, සතුරන්ට දේව දඬුවම් දීම, හැරගිය බිරිඳ හෝ සැමියා ගෙන්වීම, පෙම්වතා හෝ පෙම්වතිය ආකර්ශනය කර දීම ආදී අනේක විධ දේවල් ජ්‍යෙතිෂය නොවන්නේය. ඉහත කී එකම විෂයයක්‌ වත් කරන පදනම පැහැදිලි නැත. එහෙත් වේලාව හා එවිට උදාවන ග්‍රහ පිහිටීම මතම ජ්‍යෙතිෂ සේවය පදනම්ව පවතී.

සතිපතා නිකුත් කෙරෙන ජනප්‍රිය ජ්‍යෙතිෂ පුවත්පත් හා සඟරා වල ද මෙවැනි ගුප්ත විද්‍යාවන් වලින් කෙරෙන විශ්මයජනක සේවාවන් ගැන දැන්වීම් පළකිරීම නිසා ද එවැනි වශී ගුරුකම් ආදී ව්‍යාපාර ජ්‍යෙතිෂ සේවාවන් ලෙස හඳුනා ගැනීමට ජනතාව පෙළඹේ. පත්‍රයක්‌ ප්‍රකාශයට පත්කිරීමේ දී ඇතිවන ආර්ථික ගැටලු විස¹ ගැනීම සඳහා එවැනි දැන්වීම් පළකරන බව පෙනුනත් එය බොහෝ දුරට ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය පිළිබඳ වැරදි වැටහීම් ඇතිවීමට හේතුවකි.

තවද ජ්‍යෙතිෂ්‍ය බොහෝ ක්‍ෂේත්‍රයන් තුළ පැතිරී ගිය ශාස්‌ත්‍රයක්‌ බව එහි ඉතිහාසය හදාරන විට පෙනී යයි. වාස්‌තු විද්‍යාව, උද්‍යාන අලංකරණය, ගෘහ නිර්මාණ ශිල්පය කෘෂිකර්මය ආදී විවිධ ක්‍ෂේත්‍රවලට එය පැතිරී තිබේ. අංග ලක්‍ෂණ විද්‍යාව ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයට අයත් අනුවිෂයක්‌ ලෙස දැනට වඩා ඉතා දියුණු මට්‌ටමක අතීතයේදී පැවති බව පෙනේ. සිද්ධාර්ථ යන නම තබා ඇත්තේ අද මෙන්ම බුදුන් දවස ද නම් තැබීමට ජ්‍යෙතිෂය යොදාගෙන ඇති බැවිනි. එහෙත් සිදුහත් කුමරුන් බුද්ධත්වයට පත්වීම ඒකාන්ත බව කොණ්‌ඩඤ්ඤ නම් නක්‍ෂත්‍ර විශාරදයා කීවේ අංග ලක්‍ෂණ ශාස්‌ත්‍රය අනුවය.

ශ්‍රී ලංකාවේ ඉතා දක්‍ෂ ජ්‍යෙතිර්වේදීන් සිටි බව මහා වංශය ආදී ග්‍රන්ථවලින් හෙළිවේ. උන්මාද චිත්‍රා කුමරියගේ පුතෙක්‌ මාමාවරුන් මරා රජකමට පත් වන බව බොහෝ ඈත අතීතයේ දී අසන්නට ලැබුණු අනාවැකියකි. මෙවැනි අවස්‌ථා රාශියක්‌ ඉතිහාසයේ සඳහන් වේ. ජ්‍යෙතිෂයේ සඳහන් නැකත් ක්‍රම කෙම් ක්‍රම ආදිය අත්හැර දමා කෘමිනාශක වල් නාශක හා රසායනික පොහොර භාවිතයට ගනිමින් දේශීය කෘෂිකර්මය සංකර කිරීමේ විපාකයක්‌ ලෙස මෙකල ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ තර්ජනයක්‌ ගැන අසන්නට ලැබේ.

දක්‍ෂ ජ්‍යෙතිර්වේදියකු බිහිවන්නේ සැලකිය යුතු කාලයක්‌ ගුරු ආශ්‍රය ඇතිව ඉගෙනීමෙනි. අතීතයේ දී ධර්මය පමණක්‌ නොව වෙදකම, ජ්‍යෙතිෂය, භාෂා ශාස්‌ත්‍ර ආදී බොහෝ විෂයයන් පිළිබඳ දැනුම ලැබුණේ ගමේ පන්සලෙන් නැතිනම් පිරිවෙනෙනි. අධ්‍යාපනය පිරිවෙනින් ඉවතට ගැනීම හා අධිරාජ්‍යවාදීන්ට වුවමනා ගැත්තන් පිරිසක්‌ බිහිකර ගැනීමේ අරමුණින් මිෂනාරි අධ්‍යාපන විද්‍යාල බිහිවීමත් සමගම ජ්‍යෙතිෂය ඇතුළු දේශීය වෙදකම සංස්‌කෘත පාලි ආදී භාෂාවන් පිළිබඳ උගතුන් ද රටට අහිමි වූ බව රහසක්‌ නොවේ.

මේ අතර පිළිගත් විශ්වවිද්‍යාල වල උපාධියක්‌ ලබාගැනීමේ ක්‍රමවේදයක්‌ ද ජ්‍යෙතිෂ විෂයයට නොමැත. මේ කරුණ නිසා ජනතාවට සැබෑ ජ්‍යෙතිර්වේදියා හඳුනාගත හැක්‌කේ කාලයක්‌ තිස්‌සේ තමා ලබාගත් සේවාවන්ගේ සාර්ථක අසාර්ථකභාවය තුළින්ම පමණි.

උත්ත කරුණු සලකා බලා සැබෑ ජ්‍යෙතිර්වේදියා වෙනත් ගුප්ත ශාස්‌ත්‍රකරුවන්ගෙන් වෙන්කර ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුය.

ආධුනික ජ්‍යෙතිර්වේදීන් ද තම සේවාව සාර්ථකව ඉටුකිරීම සඳහා තම දැනුම දියුණුකර ගැනීමට උත්සාහවන්ත විය යුතුය. පරිනත ශාස්‌ත්‍රඥයකුට

තමා කරා එන්නැයි පුවත්පත් හා රූපවාහිනි මාධ්‍ය මගින් දැන්වීම් පලකිරීම අවශ්‍ය වන්නේ නැත. දක්‍ෂයා කරා ජනතාව එක්‌රොක්‌ වන්නේ නිතැතිනි. දවස පුරා අධික කාර්ය බහුල සේවාවක නියෑලෙන ජ්‍යෙතිෂවේදීන් ප්‍රචාරය කරගැනීමට අමුතු වෙහෙසක්‌ ගත යුතු නොවේ.

ජ්‍යෙතිෂය කිසිසේත්ම ව්‍යාපාරයක්‌ නොවේ. එය පුරාණ Rෂිවරුන් විසින් නිපදවන ලද්දකි. Rෂිවරුන් යනු සිත උසස්‌ තත්ත්වයකට දියුණු කළ උතුම් පිරිසකි. එබැවින් ජ්‍යෙතිෂය පිළිබඳ කටයුතු කරන අය ද සිත දියුණු කරගැනීමට වෙහෙසෙන අනුන්ගේ දුකේදී හිත උණුවන කාරුණික ප්‍රඥවන්තයන් වීම අත්‍යවශ්‍යය. එවැන්නන් මා වෙතට එන්නැයි කෑගසන්නේ නැත. අනිත් අය කිසිවක්‌ දන්නේ නැත. මමම සියල්ල දත් පණ්‌ඩිතයා වෙමියි අනුන් හෙලා දකින්නේ ද නැත. දුකට පත් අයට යන්ත්‍ර දැමීමට කියා දහස්‌ ගණනින් සාක්‌කු පුරවා ගැනීමට කපටිකම් කරන්නේ ද නැත. අනවිණ, කොඩිවින කර සසර දික්‌ කරන පව් පුරවා ගන්නේද නැත. සැබෑ ජ්‍යෙතිර්වේදියා ජනතාවගේ වර්තමාන දුක්‌ නිවීමටත් අවසානයේ මෝක්‍ෂ මාර්ගය කරා යොමුකර පරලොව ද සුගතිකම් කරවීමටත් උපදෙස්‌ දෙන කල්‍යාණ මිත්‍රයෙකි.

දක්‍ෂ ජ්‍යෙතිර්වේදියකු බිහිවන්නේ සැලකිය යුතු කාලයක්‌ ගුරු ආශ්‍රය ඇතිව ඉගෙනීමෙනි. අතීතයේ දී ධර්මය පමණක්‌ නොව වෙදකම, ජ්‍යෙතිෂය, භාෂා ශාස්‌ත්‍ර ආදී බොහෝ විෂයයන් පිළිබඳ දැනුම ලැබුණේ ගමේ පන්සලෙන් නැතිනම් පිරිවෙනෙනි. අධ්‍යාපනය පිරිවෙනින් ඉවතට ගැනීම හා අධිරාජ්‍යවාදීන්ට වුවමනා ගැත්තන් පිරිසක්‌ බිහිකර ගැනීමේ අරමුණින් මිෂනාරි අධ්‍යාපන විද්‍යාල බිහිවීමත් සමගම ජ්‍යෙතිෂය ඇතුළු දේශීය වෙදකම සංස්‌කෘත පාලි ආදී භාෂාවන් පිළිබඳ උගතුන් ද රටට අහිමි වූ බව රහසක්‌ නොවේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments