Friday, September 12, 2025
Homesiසීවලී මහ රහතන් වහන්සේ වන්දනය

සීවලී මහ රහතන් වහන්සේ වන්දනය

[ratings]

බුදුරජාණන් වහන්සේ ගේ අසූ මහා ශ්‍රාවකයන් අතර අග්‍රලාභීයා වූ සීවලී මහ රහතන් වහන්සේට පිරිනිවන් පාන තෙක්‌ම සිවු පසයෙන් අඩුවක්‌ නොවුණු බව කියෑවේ. එසේ වූයේ පෙර පින් බලය නිසාය. උන්වහන්සේගේ පිළිම හා පින්තූර නිවසේ තබා පුද පූජා කිරීමෙන් විශිෂ්ටය ප්‍රතිඵල ලැබෙන බව බෞද්ධයා විශ්වාස කරයි.

සීවලී මහ රහතන් වහන්සේගේ උපත පිළිබඳව විශේෂයක්‌ වේ. ඒ උන්වහන්සේ වසර හතයි මාස හතක්‌ම මවගේ කුසයේ සිට බිහි වූ බැවිනි. ඒ පිළිබඳව ඉතිහාසය මඳක්‌ විමසා බලමු.

කෝලිත නුවර මහා ලිච්ඡවී රජු සීවලී කුමරුගේ පියා වන අතර මව සුප්පාවාස නම් වේ. සීවලී කුමරු සත් අවුරුද්දකුත් සත් මාසයක්‌ මව් කුසයේ සිටියේය. මව ඉතා දුකට පත් වීම නිසා ඇය බුදුරජාණන් වහන්සේගෙන් කරුණු විමසා සිටියාය. බුදුරජාණන් වහන්සේ සුප්පාවාස නිරෝගි වේවායිද පුතකු ප්‍රසූත වේවායිද ප්‍රාර්ථනා කළහ. ඉපදුන දරුවා සීවලී නම් විය.

සත් අවුරුද්දකින් මහණ බිමට පත් මේ කුමාරයා හිසකෙස්‌ කපන විටම හිසේ බර ඉවත් වී හිසකෙස්‌ කපා ඉවත් කරන විටම රහත් වූහ. සැරියුත් මුගලන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් මහණ වූහ. සසර පෙර පින නිසා ජීවත්ව සිටින තාක්‌ කිසිදාක උන්වහන්සේට දානයෙන් අඩුවක්‌ නොවීය.

වරක්‌ වේරංජනා නුවර සාගතයක්‌ පැවැති අවස්‌ථාවේදී එහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට පවා ආහාර හිඟ වූ අතර සීවලී රහතන් වහන්සේ සමඟ සිටි පිරිසට ආහාර හිඟ නොවූ බව සඳහන් වේ.

පෙර ආත්මයේදී පියුමතුරා බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී තරුණයකු මොහු ප්‍රත්‍යලාභීන් අතර අගතැන්පත් වීමට එම බුදුරජාණන් කාලයේදී සිටම පෙරුම් පිරුවේ එකල එක්‌ භික්‍ෂුවක්‌ ප්‍රත්‍ය ලාභීන් අතර අගතැන තබනු ඔහු දුටු බැවිනි. තමාට ද අදහස පහළ විය. දිගු කලක්‌ ඇවෑමෙන් විපස්‌සි බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඔහු දැඩි තරුණයෙකි. ඔහු බන්දුවතී නම් නගරය ආසන්නව ජීවත් වූයේය. මෙකල මෙහි වැඩ සිටි විපස්‌සී බුදුරජාණන් වහන්සේ ඇතුළු සඟ පිරිසට දානයට කිරි පැණි හිඟයක්‌ විය. නගරය සෑම තැන සොයා බැලුවත් කිරි පැණි සොයාගත නොහැකි විය. මෙවේලේ වනයෙන් කඩාගත් මී පැණි ද වෙළෙ¹ම සඳහා ගත් කිරි ද මෙම තරුණයා සතු විය. බුදුරජාණන් වහන්සේ පිදීම සඳහා කිරි පැණි අවශ්‍ය බැවින් නොවටිනා ගණනකට මොහුගෙන් දායකයෝ කිරි පැණි ඉල්ලා සිටියහ.

මොහු වැඩි මුදලක්‌ කලින් ඉල්ලුවද මේවා විපස්‌සී බුදුරජාණන් වහන්සේ අබියසට පැමිණි මෙම පිනෙන් උපනුපන් ජාතියෙහි ලාභයෙහි අග්‍රප්‍රාප්ත වේවා යි ප්‍රාර්ථනා කළේය. බුදුරජාණන් වහන්සේ ද ඔබගේ පැතුම මුදුන් පැමිණේවායි ප්‍රාර්ථනා කළහ. ඉන්පසු ඔහු බොහෝ කාලයක්‌ කුසල් රැස්‌ කරමින් දෙව් මිනිස්‌ සැප විඳිමින් කාලය ගෙව්වේය.

පසුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මෙම කරන ලද කුසල් බලයෙන් ප්‍රත්‍යලාභීන් අතර අගතැන්පත් වූහ.

මෙසේ වූවත් පෙර කරන ලද අකුසලයක්‌ බලවත් වීමෙන් වසර 7 කුත් මාස 7 ක්‌ මව්කුසයේ සිටින්නට සිදු විය. එයට ද හේතුවක්‌ ඇත.

වරක්‌ සීවලී කුමරු පෙර ආත්මයක බරණැස්‌ නුවර රාජ්‍යත්වයට පත්වූහ. එයින් සෑහීමකට පත් නොවී වෙනත් රාජ්‍යයන් තමන් සතුකර ගැනීමට උත්සාහ කළේය. මේ සඳහා සේනාව සංවිධානය කොට සත් අවුරුදු සත් මාසයක්‌ සත් දිනක්‌ නුවර සතර වාසල් දොරටු රැකවල්ලා ගෙන සිටියේය. එහෙත් අල්ලා ගත නොහැකි විය.

රජුගේ මව මෙම අසාර්ථක ක්‍රියාව දැනගෙන මෙම නුවරින් පිටවීමට ඇති ලොකු කුඩා සියලු දොරටු වසා දමන ලෙසට පුතුට දන්වා යෑව්වාය. රජතුමා මවගේ වචනය ඉටු කළේය. මෙම ක්‍රියාව නිසා නුවර වැසියන් දැඩි ලෙසට පීඩාවට පත්විය. කළ හැකි දෙයක්‌ නොමැති නිසා තම රජු මරා දැමූ මෙම රටවැසියෝ බරණැස්‌ රජුට රට භාර දුන්හ.

සත් අවුරුදු සත් මාසයක්‌ වැසියන් දුකට පත් කිරීම නිසා කළ පාපයේ විපාකය කෙළවර නොවීය. වැසියන් සිරකර තැබීමේ විපාකය රහත් ආත්මයේදීත් පලදුන්නේ තම මවගේ කුස තුළ එම කාලය සිටීමට සිදු වීමෙනි. තම මවද පුතුට එසේ කිරීමට උපදෙස්‌ දුන් නිසා එම කාලය පුතු කුස දරමින් දැඩි දුක්‌ වින්දාය. පින් පව් දෙකේ විපාකය මැනවින් දක්‌වන ලෙස සීවලී මහ රහතන් වහන්සේ ගේ කතා පුවත කර්ම ඵල විශ්වාසය ඉතා හොඳින් තහවුරු කරන්නකි.

සීවලී මහරහතන් වහන්සේ මිනිස්‌ ලොව උපන් මහා භාග්‍යවන්තයා විය. උන්වහන්සේ මහ මඟ වඩින විට දෙව් බඹුන් පවා බිමට බැස දන් දීම පිණිස දිව බොජුන් රැගෙන විත් දන් පිළිගැන්වීමට සැදී පැහැදී සිටි බව ධර්ම කතාවලින් අසන්නට ලැබේ. එබඳු උදාරතර උත්තමයෙක්‌ වූ සීවලී මහ රහතන් වහන්සේගේ පින්තූරයක්‌ නිවසෙහි තැන්පත් කිරීම තුළින් ඔබට ද වාසනාව හා සෞභාග්‍ය ළඟා කර ගත හැකිය.

බෞද්ධයකුට බුදුන්වහන්සේ තරම් උත්තමයෙක්‌ නැත. එහෙත් ලෞකික ජීවිතයේදී ප්‍රතිලාභීන් අතර මුල් තැනට පත් සීවලී මහ රහතන් වහන්සේගේ පින්තූරයක්‌ නිවසේ ප්‍රධාන දොරටුව අසල බුද්ධරූපයට මඳක්‌ පහළින් සවිකර උදේ සවස වන්දනා කිරීම වරදක්‌ නොවේ. මෙහිදී ප්‍රථම ස්‌ථානය බුදුරජාණන් වහන්සේට හිමිවිය යුතුය.

ප්‍රතිපත්තිගරුකව සීවලී මහරහතන් වහන්සේට ද වන්දනා මාන කිරීම තුළින් ආශිර්වාදයක්‌ ලැබිය හැකිය.

තවද බෞද්ධ ප්‍රතිපත්ති රකිමින් තෙරුවන් වන්දනා කිරීමෙන් පසු සීවලී මහ රහතන් වහන්සේ ද සිහි කිරීම හොඳ දෙයකි.

ඔබ නිවසේ දී බුදුන් වැඳීමෙන් පසු පහත පරිදි කාටවත් නොඇසෙන සේ මෙසේ කියන්න.

බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්‌කාරය වේවායි තෙවරක්‌ කියන්න. ඉන්පසු සීවලී මහ රහතන් වහන්සේට ද මාගේ නමස්‌කාරය වේවායි තෙවරක්‌ කියන්න.

බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ ගුණයෙනුත් සීවලී මහා රහතන් වහන්සේගේ ගුණයෙනුත් මාගේ බලාපොරොත්තු ඉටු වේවා යි ප්‍රාර්ථනා කරන්න. මේ අතර ඔබට ඇති ප්‍රධාන ප්‍රශ්නය සිහිකර එයට විසඳුමක්‌ ලැබේවායි පතන්න.

මෙලෙස වන්දනා කිරීමට පුරුදු වන්න.

පහත කරුණු සඳහා මෙම වන්දනා ක්‍රමය සුදුසු වේ.

1. ඔබ රාත්‍රියේ නින්දට ගිය විට නපුරු ගණයේ සිහිනයක්‌ පෙනුණොත් අවදි වී අලුයම් කාලයේa සීවලී පින්තූරය ළඟට ගොස්‌ පහත පරිදි වන්දනා කරන්න.

මා දුටු නපුරු සිහිනයෙන් මට හෝ මගේ පවුලේ කිසිවකුටත් බියක්‌ නොවේවා. දුකක්‌ නොවේවායි සිහි කරන්න. ඔබ අදහන දෙවියන්ට පින් දෙන්න.

2. ඔබ වාහනයට නැගී ගමනක්‌ යන්නේ නම් ඉහත කරුණු නිසා “මට වත් මගේ වාහනයටවත් කාර්මික දොaෂයක්‌ හෝ අනතුරක්‌ නොවේවා” යි පතන්න.

3. ඔබ හෝ ඔබේ පවුලේ උදවිය දුර ගමනක්‌ යන විට හෝ ඔබ දිනපතා රැකියාවට පිටත්ව යනවිට හෝ ඔබට හෝ පවුලේ කෙනකුට ග්‍රහ දොaෂයක්‌ ඒරාෂ්ඨකයක්‌ හෝ රෝගාබාධයක්‌ ඇති වූ විට හෝ නඩුවකට යනවිට හෝ සම්මුඛ පරීක්‍ෂණයකට යනවිට හෝ විශේෂ සුබ කටයුත්තකට යනවිට හෝ වෙනත් විවිධ කාර්යයක දී ඉහත ආකාරයට ප්‍රකාශය තෙවරක්‌ කියන්න. අදාළ කරුණ සුදුසු ආකාරයට ගළපා කියන්න. තම ප්‍රාර්ථනාව කරන්න. සෑම කරුණක්‌ම එක පිට එක පටලවා නොගෙන එක කරුණක්‌ පැහැදිලිව තෙවරක්‌ ඉදිරිපත් කරන්න. පහත එය නැවත සරලව ඉදිරිපත් කරමි.

බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මගේ නමස්‌කාරය වේවා. තෙවරක්‌

සීවලී මහ රහතන් වහන්සේට මාගේ නමස්‌කාරය වේවා තෙවරක්‌

ත්‍රිවිධ රත්නයේ ගුණයෙනුත් සීවලී මහා රහතන් වහන්සේගේ ගුණයෙනුත්

“මා මේ යන ගමන නිරුපද්‍රිතව ආපසු පැමිණිය හැකි වේවා”

මා මුහුණ දෙන විභාගය සාර්ථක වී මට උසස්‌ ප්‍රතිඵල ලැබේවා බලාපොරොත්තු ඉටු වේවා.

මට ඇති සතුරු කරදර නැති වී සතුරන්ගෙන් ආරක්‍ෂා කෙරේවා

ආදී වශයෙන් තම අවශ්‍යතාව ගළපා කියන්න. එක කලකදී එකක්‌ පමණක්‌ කියන්න.

විෂ්ණු කතරගම දෙවියන් පින් ගනිත්වා ඔබ අදහන වෙනත් දෙවියෙක්‌ සිටී නම් පින් දෙන්න.

ඔබට වෙනත් යම් ගැටලුවක්‌ පැමිණියද මේ ආකාරයට එම ගැටලුවට පිහිට වන ලෙසට ඉල්ලා සිටින්න. ඔබට යම් සහනයක්‌ ලැබෙනු ඇත.

සීවලී මහ රහතන් වහන්සේට වැඳීම

1. පියං දේව මනුස්‌සානං –

බ්‍රහ්මණඤ්ච පියං තථා

පියං නාගසුපණ්‌ණතං – කත කිච්චං අනාසවං

2. ලාභිං ලාභන්තං සබ්බත්ථ –

වනෙගාමෙ ජලෙ ඵලේ

ලාභීන මග්ගතං පත්තං – කත්වාන කුසලං බහු

3. ජලඤ්ඤං මහාතෙරං – නමාමි සිරසාදරං

සුසීලං සීවලී ථෙරං – නමාමි සිරසාදරං

පහන් පිදීම

4. පියං දේව මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසිලං සීවලී ථෙරං – දීපෙන පූජයම” හං

මල් පිදීම

5. පිංයදේව මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසිලං සීවලී ථෙරං – පූඡේමි කුසුමේන” හං

සුවඳ පිදීම

6. පියං දේව මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසිලං සීවලී ථෙරං – ධූපෙන පූජයාම” හං

ගිලන් පස පිදීම

7. පියංදේව මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසිලං සීවලී ථෙරං – ගිලාන පච්චයං ඉමං

ආහාර පූජාව

8. පියංදේව මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසිලං සීවලී ථෙරං – පූඡේමි භෝජනං ඉමං

සීවලී පිරිත

1. පූරෙත්වා පාරමී සබ්බේ, සබ්බේ පච්ෙච්කනායකා, සීවලී ගුණතේජෙන, පරිත්තං තං භණාමහෙ

න ජාලිතීති ජාලිතාවි, ආ ඊ ඌ ආම ඉ සවාහා

බුද්ධසාමි බුද්ධසත්‍යම්

2. නාසාසීමෙචමොසීසං, නානජාලිතී සංජලීථ

සදේවමනුස්‌ස පූජිතං, සබ්බලාභා භවන්තු මෙ

3. සීවලී ච මහාථෙරෝ, සො” රහො පච්චයාදිනං

පියෝ දේව මනුස්‌සානං, පියෝ බ්‍රහ්මාණමුත්තමො

පියෝ නාගසුපණ්‌නානං, පීණින්ද්‍රියං නමාම”හං

4. පදුමුත්තරෝ නාම ජිනෝ, සබ්බධම්මේසු චක්‌ඛුමා,

ඉතො සතසහස්‌සමහි, කප්පෙ උප්පඡ්ජි නායකො

5. සත්තාහං ද්වාරමූළෙහා”හං, මහා දුක්‌ඛ සමප්පිනො,

මාතා මෙ ඡන්දදානෙන. එවමාපි සුදික්‌තා

6. කෙසෙසු ජිඡ්ජමානෙසු, අරහත්තමපාපුණිං,

දේවා නාගා මනුස්‌සා ච, පච්චයානු පන්නෙති මෙ

7. පදුමුත්තරනාමඤ්ච, විපස්‌සීං ච විනායකං,

සමපූජංසිං පමුදිතො, පච්චයෙහි විසෙසතො

8. නතො තෙසං විසෙසෙන, කම්මානං විපුලුත්තමං,

ලාභං ලභාමි සබ්බත්ථ, වනෙ ගාමෙ ජලෙ ථලෙ

9. තදා දෙවොපනීතෙහි, මමත්ථාය මහාමති,

පච්චයෙහි මහාවීරා, සසංඝො ලොකනායකො

10. උපට්‌ඨිතො මයා බුද්ධෝ, ගනත්වා රේවතමද්දස,

නතෝ ඡේතවනං ගනත්වා, ඒතදග්ගේ ඨපෙස මං

11. රේවතං දස්‌සනත්වාය, යදායාති විනායකෝ,

තිංසභික්‌ඛුසහස්‌සේහි, සහ ලෝකග්ගනායකෝ

12. ලාභීනං සීවලී අග්ගෝ, මම සිස්‌සේසු භික්‌ඛවෝ,

සබ්බලෝක හිතෝ සත්ථා, කිත්තයි පරිසායු මං

13. කිලෙසා Cධපිතං මය්හං, භවා සබ්බේ සමුහතො,

නාගො ච බන්ධනං ඡේත්වා, විහරාමි අනාසවො

14. ස්‌වාගතං වත මේ ආසි, බුද්ධසෙට්‌ඨස්‌ස සන්තිකං,

තිස්‌සෝ විඡ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්‌ස සාසනං

15. පටිසම්භිදා වාස්‌සෝ ච, විමොක්‌ඛාපි ච අට්‌ඨ මේ,

ජලභිඤ්Æ සච්äකතා, කතං බුද්ධස්‌ස සාසනං

16. බුද්ධපුත්තො මහාථෙරෝ, සීවලී ජින සාවකො,

උග්ගතේජෝ මහාවීරෝ, තේජසා ජිනසාසනං

17. රක්‌ඛන්තො සීලතේජෙන, ධනවන්තෝ යසස්‌සිනෝ,

ඒවං තේජානුභාවෙන, සදා රක්‌ඛන්තු සීවලී

18. කප්පට්‌ඨායි ති බුද්දස්‌ස, බෝධිමූලේ නිසිදිය,

මාරසේනප්පමද්දන්තො, සදා රක්‌ඛන්තු සීවලී

19. සදපාරමිතං පත්තො, පබ්බජී ජිනසාසනේ,

ගෝතම සාක්‍ය පුත්තෝසී ථෙරේන මම සීවලී

20. මහා සාවකා අසීතිංසු, පුණ්‌ණථෙරෝ යසස්‌සිනො,

භවභොග්ගලාභිසු, උත්තමෝ තේන සීවලී

21. ඒවං අචින්තියා බුද්ධා, බුද්ධම්මා අචින්තියා,

අචින්තියේසු පසන්නානං, විපාකෝ හෝති අචින්තියෝ

22. තේස සච්ෙච්න සීලේන, ඛන්තිමෙත්තබලේන ච,

තෙපි මං ඞ අනුරක්‌ඛන්තු සබ්බභයවිනාසනං

24. තේස සච්ෙච්න සීලේන, ඛන්තිමෙත්තබලේන ච,

තෙපි මං ඞ අනුරක්‌ඛන්තු සබ්බදුරෝගවිනාසනං

(මේ පිරිත භාවිතා කිරීමෙන් වෙළ¹ම ආදියෙන් ලාභයද, අහාරපානාදිය සුලභද වේ. රජ සොර සතුරු භය තුන් දොරින් හටගන්නා අනතුරුද දුරුවෙත්, මෙහි “මෙ” යන තැනට “තෙ” කියාද, ඞ “මං” යන තැනට “ත්වං” කියාද අනුන්ට කියන විට යෙදිය යුතු.)

උදේ හවස දෙකෙහි භාවිත කළ යුතු සීවලී දැහැන

නමො සිද්ධ සීවලීරාජා පඨවියා සබබතොමෙව ආකාසෙ උදකෙන

නෙවිසං සං හසසං තමපිසාරෙමි සබ්බලාභං උපෙනතු මෙ.

නමාමහං මහාලාභිං සීවලීනාම අරහන්තං තසස තේඡේන

සබ්බලාභ උපෙන්තු මෙ.

නමෝ ථෙරසස යතෝ හෝති යසස යනතා පියායති යසස යනති නමො නමඃ

නමෝ ථෙරසසනතියො නාමකිං මෙ සුතං එතං ගබ්භනෙති සීවලී තෙජානං එවං සීවලී නමඃ නවිසසනති නමඃ

නමෝ තෙජං ලොකේන සෙටඨං නරාසභං එතං තෙජෙනෙ සෙටඨං නරාහතිං තේජ නමඃ

නමෝ සොභිස දිසසනති තෙජි පිය දසසති නමඃ

නමො ජාති ජාලා ගාර විසඳන ආකාස අහනතීච ඊවදා හනිති යසස ථෙරස්‌ස තෙ ජයතේ නමඃ

බුද්ධං සිං සං සිද්ධං නමො මුනි මුනි ශ්‍රී මුනි මුනි සවභාඃ

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments