[ratings]
ජ්‍යෙතිෂය සමග ඈ¹ගත් වචනයකි. “වාසනාව” සැප සම්පත් යෑයි පැවසෙන මෙලොව සුඛ විහරණ ලැබීම යාන වාහන දේපළ දැසි දසුන් හා කීර්තිය ලැබීම වාසනාව යෑයි පිළිගනු ලැබේ. මෙම ගුණය උපන් පුද්ගලයාගේ හඳහනෙහි පිහිටි ග්‍රහයන් දෙස බලා එක්‌වරම පැවැසිය හැක්‌කක් නොවේ. තනි පුද්ගලයකුට ලොවේ වාසනාව ලබාගත නොහැකිය. එයට තවත් රැසකගේ උදව් උපකාරය අවශ්‍ය වන්නේය.
මහා වීර්ය මහා බලයෙන් යුක්‌ත වූ සුබ ග්‍රහයෝ හඳහනක පිහිටි කල රාජ්‍ය සැප සම්පත්ති ලැබේ යෑයි එකහෙළා පැවසිය නොහැක. ඒ සඳහා සාධක රැසක් අවශ්‍ය වෙයි. දිය පහරක් හරහා එතෙරවීමට ලී දණ්‌ඩක් ලද පමණින් එය ඒ දණ්‌ඩක් වන්නේ නැත. එම ලීය ශක්‌තිමත් ලීයක් විය යුතුය. නොලිස්‌සා යන මහත් කඳක් විය යුතුය. එපමණක් මදිය. එයට ශක්‌තිමත් අත්වැලක්‌ද අවශ්‍යය. මේ පා දණ්‌ඩ ගංවතුරට ගසාගෙන නොයන ලෙස කම්බියෙන් බඳිනා ලද්දක් විය යුතුය. එවිට පාදණ්‌ඩෙන් ලැබෙන නියම ප්‍රයෝජනය ලැබෙන්නේය. එසේම මිල මුදල ඇතත් ශරීරය දුබල නොවිය යුතුය. ලෙඩෙක් නම් රජකමින්ද ප්‍රයෝජනය අඩුවෙයි. ධනය නිරෝගී බව ඥනය කීර්තිය දක්‍ෂතාවය රූප ශෝභාව මේවායින් ටික ටිකවත් සාර්ථක ජීවිතයකට අවශ්‍යවෙයි. ප්‍රත්‍ය ශතකයේ එන මෙම ශ්ලෝකය ඊට ඉතා වැදගත්ය.
“නරසපා භරණං රූපං
රූපසපා භරණං ගුනං
ගුනසපා භරණං ඥනං
ඥානසපා භරණං ක්‍ෂමා”
“මිනිසාට රූපය ආභරණයකි. රූපයට ගුණය ආභරණයකි. ගුණයට ආභරණයකි ඥනය. ඥනයට ආභරණයකි සමාව දීම.”
මෙබඳු ගුණයන් ඇති පුද්ගලයන් සමාජයේ සුලභ නැත. ධනවතාට ධනය ඇතිකළා. නිර්භීතද වෙයි. රූපය ගැන ගුණය ගැන ඥනය ගැන සමාවදීම ගැන හෙතෙම සිතන්නේ නැත. ඒ සියල්ලම මිල මුදලෙන් වැසෙන බැවිනි.
මේ පවසන ගුණාංගයන් ගැන සිතන්නේ නැණවතා පමණි. එබැවින් නැණවතාම ලෝකයේ ශ්‍රේෂ්ඨ වෙයි. ධනය හිඟ වුවද නැණවතාගේ ජීවිතයම සාර්ථක වෙයි. දැහැමි සුදනන් ළඟ ධනය නැත. මසුරු සිටාණන්ට ධනය තිබුණේ මසුරුකම නිසාය. වෙස්‌සන්තර කුමාරයා නැණවතකු නිසා ධනයට ආශා කළේ නැත.
තම තමන්ගේ දශාව ශුභ වූ කල වස්‌තුවද කීර්තියද ඇත් අස් යාන වාහන සම්පත් ස්‌ත්‍රී සම්පත් භූමිලාභද ලැබෙයි. නිර්මල රශ්මි සමූහයක් බබළවන ග්‍රහයෝ හඳහනක ඇතොත් රාජ්‍යයද මනෝරථ පූර්ණයද හිමිකරවයි. මිල මුදල ළඟ ඇති කල විවිධ කර්මාන්ත කර මුදල් ලබා ගනියි. දුබලයාට ග්‍රහබලය ඇතත් කටයුතු ව්‍යාපාර ආකර කර්මාන්ත කිරීමට මුදල් ශක්‌තියක් නැත. එබැවින් ජීවිතය එක තැනම ගතවෙයි.
ප්‍රබලයාට ජන ප්‍රසාදයද ලැබේ. ඒ හේතුවෙන් රාජ්‍ය බලයද ලබාගනියි. ඉන් පසුව සාර්ථක ජීවිතයකැයි සිතයි. සාර්ථකත්වය ලද යුත්තේ එක්‌වරම නොව ක්‍රම ක්‍රමයෙන්ය. ඒ සඳහා නිවැරැදි උත්සාහයක් අත්‍යවශ්‍ය වෙයි.
සාර්ථක ජීවිතයට උත්පත්තියෙන් ලද වාසනා බලය ඔපමට්‌ටම් වීමට සමාජ පරිසරයද සුදුසු විය යුතුය. දුගී පවුල්වල දූ දරුවන්ට මනාරූප ශෝභාව හිමිවෙයි. ඒ නිසාම ඔවුනට සමාජයේ ඉහළ තැනක් ලැ
බෙයි.
බලයෙන් යුක්‌ත වූ සෞම්‍ය ග්‍රහයෝ හේතුවෙන් උපන්නාහුට මනා වූ රූපය ඇත. තේජස ඇත. කෙළෙහි ගුණය දනියි. පුරුෂ ස්‌ත්‍රී රාශි දෙකින්ම බලවත් වූ ග්‍රහතෙම ජනපූජිත කරවයි. කලාවෙහි දක්‍ෂ වේ. ප්‍රසන්න වූ සිත් ඇත්තෙකි. නිරෝගීය. පරලොව කෙරෙහි බිය නැත. දිග් බල
යෙන් යුක්‌ත වූ ග්‍රහතෙම තමාම නීති පනවයි. රටට නායක කරයි. සැපත ලබයි. මෙම ජ්‍යෙdතිෂ කරුණු අනුව බලන විට ජීවිතයක සාර්ථකත්වයට උත්පත්ති ග්‍රහබලයද තිබිය යුතු බව පෙනී යයි.
හැම දෙනාටම ලොවේ ඉහළම ඳසැප උදාකර ගත නොහැකිය. සැප යනු ධනයයි. මිල මුදලයි. එහෙත්
හැම දෙනාටම තමා ඉතා ආශාකරන බලවත් අපේක්‌ෂාවක් ඇත. එය මුදුන්පත් වේ නම් එයද ජීවිතය සාර්ථක වීමකි. මැදුම් පිළිවෙත දිවිමග සරු කරයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here	

