Saturday, November 1, 2025
Homesiසෙනසුරු ඒරාෂ්ටකයෙන් මිදීමට පිළියම්

සෙනසුරු ඒරාෂ්ටකයෙන් මිදීමට පිළියම්

[ratings]

ග්‍රහ ලොව නපුරුම ග්‍රහයා ලෙස හැඳින්වෙන සෙනසුරු එක්‌ රාශියක්‌ තුළ වසර දෙකහමාරක්‌ පමණ කාලයක්‌ ගමන් කරයි.සෙනසුරු ඒරාෂ්ටකය යනු සෙනසුරු ගෝචර ගමනින් රාශිවලට ගමන් කිරීමේදී ඡන්මියාගේ කේන්ද්‍රයට අනුව ඇතිවන ඒරාෂ්ටක කාලයයි. එනම් උපතේදී සෙනසුරු කොතනක හෝ සඳු සමග සිටීනම් එම ජන්මියා උපත ලබා ඇත්තේ ඡන්ම ඒරාෂ්ටකයෙනි. සඳුට දෙවැන්නේ හෝ දොලොස්‌වැන්නේ ශනි සිටියදී උපනුන්ටද එය එසේමය. සෙනසුරු ඒරාෂ්ටකය යනු තරමක හෝ ඇතැම් විට නපුරුම කාලපරිච්ඡේදයක්‌ වියහැකි වුවත් එයින් එල්ලවන අයහපත් තත්ත්වයන්ගෙන් මිදීමට ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය තුළ විවිධ ප්‍රතිකර්ම තිබේ.

පිළියම්

සෙනසුරු අපලයෙන් පීඩා විඳින පුද්ගලයකුට එම තත්ත්වය මගහරවා ගනිමින් ජීවිතය සුපුරුදු පරිදි ගතකිරීමට අනුගමනය කළහැකි ප්‍රතිකර්ම කිහිපයක්‌ම ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයේ සඳහන් වන අතර එය අපට අහසින් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව වැළැක්‌විය නොහැකි වුවද කුඩයක්‌ ඉහළ ගැනීමෙන් එකී තත්ත්වයෙන් බේරීමට හැකිවනවා වැනිය.

සෙනසුරු අපලය දුරුකරගැනීමට නම් ජ්‍යෙdතිෂ්‍යයේ සඳහන් අන්දමට පළමුව ශනි ග්‍රහයා සතුටු කළ යුතුය. නිතරම පවින් වැළකී කුසල් වඩන ක්‍රියාවන්හි නිරතව සිටීම යහපත්ය. සෙනසුරුගේ වාහනය කපුටාය. කපුටා යනු හැම මොහොතකම සා ගින්නෙන් පෙළෙන සත්වයෙකි. කෙතරම් ආහාර ගත්තද කපුටාගේ කුසගින්න නොනිමෙයි. එහෙයින් හැකි සෑම අවස්‌ථාවකදීම ඒ ගින්න නිවීම සෙනසුරු අපලය සඳහා යෙදිය හැකි ඉතාමත් ප්‍රබල ප්‍රතිකර්මයක්‌ වේ.

පුළුස්‌සාගත් රෙදි පාංකඩවලට (අලුවීමට පෙර) පිරිසිදු එළඟිතෙල් පොඟවා කිරිබත් වැනි ආහාරයක්‌ සමග මුසුකොට ගුලිකර කපුටන්ට කෑමට දීම තුළින් කපුටාගේ කුසේ ඇති ගින්න නිවීම හේතුවෙන් සෙනසුරු අපලය දුරුවන බව ප්‍රකට මතයකි.

මීට අමතරව සෙනසුරුගේ ආහාරය වන තල කලු පැහැති රෙදි කැබැල්ලකට දමා කුඩා පොට්‌ටනි සකස්‌කර එය තලතෙල් පිරවූ පහනකට දමා සෙනසුරු වෙනුවෙන් සෙනසුරාදා දිනවල දැල්වීමද ශනි අපලයට පිළියමකි.

සෙනසුරුට අයිති වෘක්‌ෂය වන නුග ගස (නුග බෝධිය) ඇති විහාරස්‌ථානයක්‌ වෙත ගොස්‌ නුග වෘක්‍ෂය පිරිසිදු පැනින් නහවා මල්, පහන්, සුවඳ දුම් පුදා එයට සත්කාර කිරීමද තවත් ප්‍රතිකර්මයකි.

සෙනසුරු අපලයට යෝග්‍ය යන්ත්‍ර ලෙස විෂ්ණු ආඝෝරය, ශනි මෘත්තුංජය, නීලමණ්‌ඩල වැනි යන්ත්‍ර පැළඳීමෙන්ද ශනිට හිමි මැණික්‌ වර්ගය වන කාකනිල් පැළඳීමද ගුණදායකය. (අභිසම්බිධාන යන්ත්‍රයද මෙම අපල කාලය තුළ පැළඳීමෙන් ගුණ ලද හැකිය)

මේ සියලු ප්‍රතිකර්මවලට යොමුව සෙනසුරු අපලයෙන් මිදීමට උත්සාහ කරන සෑම කෙනෙක්‌ම අනුගමනය කළ යුතු විශේෂ ප්‍රතිකර්මය නම් යහපත් පැවැත්මයි. සිත කය වචනය සංවර කරගනිමින් පංචශීලය ආරක්‌ෂා කරමින්, නිතර නිතර කුසල් වඩන ක්‍රියාවන් වෙත යොමුවීමෙන් බොහෝ අපල උපද්‍රව දුරුකරගෙන සාර්ථකව ජීවිතයට මුහුණ දිය හැකිය. ඒ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරනු ලබන බැවිනි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments