Friday, October 31, 2025
Homesiමිහිකතගෙ පුතා කුජ

මිහිකතගෙ පුතා කුජ

[ratings]

කුජ හෙවත් අඟහරු පොළවේ පුත්‍රයා ලෙස සැලකේ. ග්‍රහලෝකයේ සටන් කාමියා හෙවත් යුද්ධ සේනාධිපතියාද කුජයි. ලෙයට අධිපති කුජ බලවත් වූ විට උසස්‌ ප්‍රතිඵල ගෙනදෙන බවත් කුජ දුබල වූ විට අයහපත් ප්‍රතිඵල ගෙනදෙන බවත් ජ්‍යෙdතිෂ ග්‍රන්ථයෙහි දැක්‌වේ.

රාශි දොළසින් මකර රාශිය කුජට උච්චවන අතර මේෂ සහ වෘශ්චික රාශි දෙක ස්‌වක්‌ක්‍ෂේත්‍ර වේ. අඟහරුට කටක රාශිය නීච වන අතර වෘෂභ, මිථුන, කන්‍යා, තුලා යන රාශි මිත්‍රවේ. සිංහ, ධනු, කුම්භ, මීන යන රාශි සතුරු වේ.

අඟහරු ග්‍රහයාගෙන් මනුෂ්‍යයාට ඇති බලපෑම් රාශියක්‌ දැක්‌වේ. ඒ අතර ධෛර්ය, සටන් කාමිත්ය, දේපළ ඉඩකඩම් කෙරෙහි ඇති දැඩි ආශාව, නිර්භීතකම, සැර පරුෂ හා දරදඬුකම, ශාරීරික ශක්‌තිය, ස්‌ත්‍රී දූෂණය අනුන්ගේ සිත් රිදවා ලබන සතුට, අනුනට විපත් සිදුකොට ලේ දැකීමේදී බලපෑම් රැසක්‌ අඟහරුගෙන් ලැබේ.

කුජගේ නීච බලපෑමෙන් පුද්ගලයා නීච නින්දිත පහත් ක්‍රියාවල යෙදෙන අතර තිරිසනෙකුටත් අන්තව හැසිරෙයි. කුජගේ සතුරු බලපෑමෙන් තමාට තමා සතුරුව සිටී. එමෙන්ම නීච හා සතුරු බලපෑම් එල්ල වීමෙන් පංචානන්තරීය පාපකර්මයට පවා පුද්ගලයා ඇද දැමීමට තරම් කුජ බලවත් බව දැක්‌වේ.

හොර මැරකම් ආදියට, පාතාලයේ ක්‍රියාවනට, දූෂණය, අනාචාරයේ හැසිරීම් මෙන්ම වෛරය, ක්‍රෝධය තරහ මරහ ඇන කොටා ගැනීම් ආදී දැඩි මානසික ආවේගවලදී ද කුජගෙන් ඇතිවන බලපෑම් පුදුම සහගතය. මාපිය ගුරුවර වැඩිහිටියන් මෙන්ම පැවිදි උතුමන්ට පවා අකීකරු සැර පරුෂ සහගතව ක්‍රියා කිරීමට යොමු වනුයේ දුර්වල කුජගේ අයහපත් බලපෑම් නිසා බව ජ්‍යෙdතිෂ ග්‍රන්ථයන්හි දැක්‌වේ. උදේ හා දිවා කාලයේ උපන් අයට මෙම අයහපත් බලපෑම් වැඩිවන අතර රාත්‍රි කාලයේ උපන් අයට මෙම බලපෑම් මඳ වශයෙන් බලපානු ඇත.

සිරුරේ රුධිරය විෂ වීමෙන් ඇතිවන රෝගාබාධ, නහර දුර්වලතා, රක්‌ත වාතය හදිසි ලේ ගැලීම්, ලේ අර්ශස්‌, ලේ පීනස, හදිසි අනතුරු, කැපුම් කෙටුම් සීරීම් වැනි තුවාල, ගබ්සාවීම්, මුත්‍රා දැවිලි, ලේවල සීනි ආදී රෝගාබාධ බොහොමයකට දුබල වූ කුජගේ බලපෑම හේතුවේ.

පංච දුශ්චරිතයෙන් මිදී ආගම දහමට නැඹුරුව, මෙත්තා කරුණා මුදිතා උපේක්‍ෂා යන සතර බඹ විහරණයට අනුව දැහැමිව දිවි ගෙවීමෙන් කුජගේ අයහපත් බලපෑම් රැසකින්ම මිදී සුවසේ ජීවත් විය හැකිය. රතුපාට කුජගේ වර්ණය හෙයින් රතු මැණික්‌, තඹ, කොරල් වැනි දැ පැළඳීම සුදුසු බව දැක්‌වේ.

We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments